Sunday, January 31, 2016

අහසේ දෙවියෝ නෑ....අපි තමයි රියල් කැරි#....

අපේ විලේජ් එක පුල් මාවලස් සිටිසන්ස්ලා ජීවත් වෙන අරුම පුදුම පොට් එකක්ය.අපේ ගමේ ඉන්නේ මල්ටි ටැලන්ටඩ් පොරවල්ය...
කිසිම දේකින් නම් අඩුවක් පාඩුවක් තියන උන් අපේ ගමේ නැතිය.මම දැන ගත්තෙත් බුකියෙන්ය..
අපේ ගමේ ඉස්කෝලේ අයිති වෙන්නෙත් ඇමරිකාවේ "වර්ජිනියා ස්ටේට්" එකට කියලත් මම දැන ගත්තේ බුකියෙන්මය...
ඉස්සරහා ගෙදර කෙල්ල බුකියේ දාලා තිබ්බේ ඒකී ඉස්කෝලේ යන්නේ වර්ජිනියා ස්ටේට් එකට කියලාය.ඒ උනාට ඒ කෙල්ල යන්නෙ ගමේ ඉක්කොලෙටය..ඒක ඉතින් ඇමරිකන් කොලීජියක් කියලා දන්නවා නම් මමත් ඒකටම යනවා...අපරාදේ....
ඒවා මෙව්වා පරක කතාය...
මේ ඊයේ පෙරේදා ඉදන් අපේ ගමේ අලුත්ම සෙනාරියෝ එක "තග් ලයිෆ්" එකය...
තග් ලයිෆ් කියන්නේ තග් එකෙත් හොදම එකය.
අපේ ගමේ ඉස්සරම හිටිය පෙරිය රව්ඩි ඩයල් එකේ නම ගුනේ මාමාය.ගමේ උන් නම් කිව්වේ කිරිච්චි ගුනේ කියලාය..

Tuesday, January 26, 2016

ඌට දැන් පොඩ්ඩක් ඔල්මොරොන්දන්..

නිදානය ගොඩ දාන්න ගොහින් අම්බානක හෝතපාලු වෙච්ච බහිරවයාව නලවලා ආවයින් පස්සේ ඊලගට අපි කොරන්නේ මොකක්ද කියන එක ගැන අපේ එකෙක්ටවත් මෙලෝ අයිඩියාවක් නැතිය....
අනුරයාගේ රට යන ප්ලෑන් ඔක්කොම අල ගෝනි වීම හන්දාම අපි ඒ වැඩේ ටික දවසකට පෝස්පෝන්ඩ් කොරන්නට අපි සභාව ඒකමතිකව තීරනය කොලෙමු...
මේ වතාවේ "මක්ක කොරලාද ගොඩ යන්නේ" කියන එකට පැලෑන ගෙනාවේ වර්නපාලයාය...
මේ පාර අපි දෙන්නේ සිරාම වැඩක්....
බලන් ඉද්දි සල්ලි උනන වැඩක් කොරන්න යන්නේ බලපන්කො...වර්නයාගෙන් ලොරි ටෝක්ය....
දැන් මොකක්ද මේ පාර අපි කොරන්නේ....???

Monday, January 25, 2016

අරක්කු බෝතලයක් වත් නෑ ඉල්ලුවොත් දෙන්න... නිධානය-02

අනුරයාගේ නිධානය ගොඩ දැමිමේ මිසන් එකට සබ්බ සකල මනාවම රෙඩී කොරාන අපි සැට් එක ඉරිදා හැන්දෑවේ කැලෑවට රින්ගුවෙමු...
තුත්තිරි රාත්තල් ගනන් සරම් වල පටලාගෙන නිදි කුම්බා කටු වලට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වෙන්නට හිල් කරගෙන අපි කැලේ මැදින් අනුරයාගේ නිදන් වදුලේ තියන ඕෆ් ලයින් මැප් එක බලාන යනවාය...
අනුරයා මේ...
ලැන්ටියා උගේ විචක්ශන බුද්ධියෙන් ආයෙත් මැටි ප්‍රශ්නයක් ලෝඩ් කරගෙනය...
කියපන්....
මේ දැන් ඔය නිදානේ ඔක්කොම සල්ලි තිබ්බොත් හොදයි නේ බන්....
ඇයි...
නෑ ඉතින් චෙක් එකක් වගේ තිබ්බොත් ආයෙත් බැංකුවල රස්තියාදු වෙන්න එපැයි බන් ඕක මාරු කර ගන්න...ඒකයි...
නොදකින් මී හරක් මූකලන් බස්සා...
පඩත්තලයො.....
රජ කාලේ කොහෙද බොල චෙක් තිබ්බේ...නොදකින් උන හපුලුවා..
වැස්සකටවත් ඉස්කෝලේ ගිය එකක් ද......
ලැන්ටියා මූන හපුටු කොරාන මං දිහා බලනවාය...

මම බැලුවේ බුරියානියක් වගේ දෙන්න... නිධානය -01


මේ දවස් වල නම් අම්බානකට පොඩ්ඩක් වැඩි වෙන්න ගිරීස්මේ තද කොරලාය.අතේ තිවුන අන්තිම පිච්චියත් වියදම් කොරන් ඉතාලී යන්න දැගලුවට අන්තිමට යන්තන් පන කෙන්ද ඉතරක් බේරන් ආවෙත් අමාරුවෙන්ය...ඒ හින්දා කොරන අට මගලයක් මෙහෙ ඉදන් කොරන්නට තීරනය කොරෙමු...
මෙ වන්ගියේ ඔක්කොටම එහා ගිය පට්ට පට පට සුපිරි ගේමකට සැට් වෙන්න යන්නෙ කියා අනුරයා බෝක්කුව ගාව සභාව ආරම්බ කොරමින් කියා සිටියේය...
අම්මට හුඩු මේ පාර මොකක්ද සීන් එක....
මමයි වර්නයයි ලැන්ටියයි කට ඇරන් වැඩේ දිහා බලන් උන්නෙමු....
අපි ආයෙ රට යන්න ඕනේ....
හැබැයි ඊට කලින් සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ....
හපොයි මෙච්ච්cඅර දෙයක් වෙලත් මුගේ ලැජ්ජා නැති කම ගිහින් නෑ නෙව...මම තනියම හිතුවෙමි....
දැන් මේ වතාවේ මක්කද කරන්න යන්නේ...

Friday, January 01, 2016

මම මොකටත් පෝස් කාර්ඩ් ටිකකුත් දා ගත්තා....

අලුත් අවුරුදු නත්තල් නිවාඩුවෙන් පහු බෝක්කුවේ උඩ අපේ සැට් එක ප්ලෑන් කොරන් උන්නු හැටියටම ඉතාලි ගමනට ලක ලෑස්ති උනා...
අපි සැට් එක ඉතරක් නම් කමක් නැතිය...කොහේදෝ ඉදන් ආතක් පාත්ක් නැතුව මේට්ට පත බෑ උන නත්තල් සීයාවත් උස්සාගෙන යන්නට වෙලාය...
කොහොමෙන් කොහොම හරි කතා කොර ගත්ත විදිහටම අපි පාස්පෝට් කන්තෝරුවට ගොහින් පාස් පොර්ට් හදා ගෙන වර්නපාලයාගේ අක්කාගේ මහත්තයාගේ මල්ලිගේ ලොකු පුතාගේ යාලුවෙක් අදුරන තව යාලුවෙක් ගාවට ගොහින් හොර වීසා පාරකුත් පාස් පෝර්ට් එකට කොටා ගත්තෙමු...
මට නම් අම්ම්බානකට පොඩ්ඩක් වැඩියෙන් මරන බය දැන් දැනෙනවාය..
මම සේප් එකේ වර්නයාට කතා කෙරුවෙමි...
මේ මතන්...මේ මතන්...
අපිට යන්න පුලුවන් නේද මතන්...
ඔව් ඔව්...බය වෙන්නේ නැතුව හිටපන්....මේවා මගේ මාස්ටර් ප්ලෑන් වල ට කරන වැඩ....
මම නොදන්න මුගේ මාස්ටර් ප්ලෑන්...
මම නඉත් උන දිහා බැලුවෙමි...
අනුරයාට නම් වගේ වගක් නැතිය...බෙලෙක්කයත් ඔහේ ඉන්නවාය...
නත්තල් සීයා නම් රැවුල අත ගගා කල්පනා කොරන්වාය....