Tuesday, May 23, 2017

....පෝටබල් කක්කුස්සි....

ලංකාව රටක් විදිහට හැඩයෙන් නම් සිරාවටම ලස්සනය... ඇරෙන්න ඒකේ ඇතුලේ ඉන්න උන්ගෙන් සෑහෙන ප්රමානයක් වස කැතය... වස කැත පෙනුමෙන් නොව හිතෙන්ය...කෙටියෙන්ම කියනවා නම් උන්ට තියෙන්නේ පෝටබල් කක්කුස්සි ඔලුය.බැතියෙන්,ප්රතිපත්ති පූජාවෙන් සිහිකලයුතු තෙමගුල නලා පිබලා බයිලා ගහලා කාවඩි නටලා මල මගුලක් කරපු එහෙව් උන්ගේ ඔලු කක්කුස්සි කියන එක කක්කුස්සියටත් රොම්බ අපාහසයක් විතරමය.තිලෝගුරු අමා මෑනි බුදු පියානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර දින කීපයකට වඩා ගත වී නැත...තාමත් දන්සැල් දීපු දීපු තැන් වල බත් කොල කැන්ද කොල හතර අතේ පිරිලාය...නගරසභාවටත් අරන් අය්න්න පුලුවන් සිමාවක් නැතුවාම නොව.ඉදින් පිනක් කර ගන්න හැම වෙලේම කොහෙන් හෝ පවක් පුරව ගන්නේ නැති වන්නට නම් පිනක් උවත් පිලිවලට කල යුතුය....