Monday, May 23, 2016

මැයි ඩේ එක සෙලිබ්‍රේට් කොරන්නට සැට් උනෙමු...

මේ දවස් වල නම් හැමතැනම කම්කරුවන් වෙනුවෙන් කෑ මොර දෙන මගෝඩිස් තුමන්ලාය....
අපි අයිතීන් වෙනුවෙන් නැගී හිටින්නට ඕනෑය කියා බෙරිහන් තලන මගෝඩිස් උන්දැලා මැයි පලවෙනිදාට අපි වගේ වැඩ කොරන ජනතාවගේම කරෙන් ඉස්ටේජ් වලට නැග අපිටම අම්බානක් පච ටොම් පච කෙබර දෙසා බාලා අපිටම කොකා පෙන්නලා මැයි දෙවෙනිදා ඉදන් අපිව පඩේකටවත් මායිම් නොකර ඉන්නවාය....
අපේ උන්දලාත් අනේ ඉතින් ලැජ්ජා නැතුව ඊලග අවුරුද්දෙත් ඔය කෙරුවාව ම ආයෙත් කොරනවාය...
ඒකෙන් මේකෙන් කමන්නේ නැතිය...
මේ පාර මැයි පලවෙනිදාට අපිටත් කීයක් හරි ගතමන්ට් එකක් හොයා ගන්න හිතාන අපිත් මැයි රැලියකට සෙන්ටිමෙන්ටල් වෙන්නට හිතුවෙමු...
අයිඩියා එක නම් සභාගත කොරේ වර්ණපාලයාය....

අපි එල කිරි ලෙස අදත් අනා ගත්තෙමු...

මේ පුල් මාවලස් අලුත් අවුරුදු සීසොන් එකය...අපේ ගම පුරාමත් අලුත් අවුරුදු ජිගිරි බිරිස් වැඩ කිඩ පිරිලාය...
අලුත් අවුරුදු උත්සව....එතනින් ගියාම මියුසිකල් ශෝ එහෙම වැහි වැහැලාය...
අපේ ගෙවල් ලග තිබ්බ අවුරුදු උත්සවේ දෙහි ගෙඩියට පොල්ලෙන් ගහලා මම පස්ට් ප්ලේස්ය...
එතකොට කනාමුට්ටිය හැන්දේ තියාන ගොහින් අපේ අයියා පස්ට් ප්ලේස්ය...
ඒ ඉතරක්ද මේ දවස් වල අපේ අක්කා අවුරුදු කුමාරිය වෙන්න ෆුල්ම ට්රයි එකය...
තුන් කාලේ වැලි කඩදාසියෙන් අල්ලලා ලාවට පොටි පාරක් ඇරලා පොඩි  කට් ඇන්ඩ් පොලිශ් පාරක් හන්දියේ සර්විස් එකේ ගුනේ අයියට කියලා දා ගත්තා නම් අක්කට ගහන්න අහල ගම් හතක එකෙක් නැතිය...
ඒ උනාට අපේ අක්කා නම් හිතන් ඉන්නේ උන්දෑ එංගලන්තේ අර හැරීද කවුද කියන තට්ට සිමයියගේ මායියා කේට් කියලාය....

"මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....."

"මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....."
.
.
උබ ඒක අහපු වගට සාක්කියට ඉන්නේ විහාරමහා දේවියේ ගස් කොලන් පමනි.ඇත්තටම උබව දමා කොහේ යන්නදැයි මා අදටත් නොදනිමි.
උබව දාලා මම කොහේ යන්නද සුදු හාමිනේ....ඒ හැමදාමත් මම බදින වග උත්තරයි....
අප්පච්චි අම්මට හරි ආදරෙන් හාමිනේ කියනවා..
කවදාහරි මගේ කෙල්ලත් මට හාමිනේ....
මම දන්න කාලෙක ඉදන් මම හිතන් උන්නේ එහෙමය...
ඉදින් මගේ හාමිනේ දාලා මම කොහෙ යන්නද...?
මට එච්චරට දිගට උත්තර බදින්නට ඉස්පාසුවක් නැතිය..
උබේ හිස මගේ පපුව මත තබා ඇගිලි අතර හිස් තැන් මගේ අතැගිලිවලින් පුරවන් අනිත් අතින් නුබේ හිස පිරිමදිමින් සිටියෙමි.