Friday, March 25, 2016

හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 01

උදේ පාන්දරම ඇහැරුනේ වර්ණපාලයාගේ ගෝරනාඩුවටය....
උදේ පාන්දර නමයට විතර වර්ණපාලයා මොකක්දෝ පත්තර කොලයක් කිහිල්ලේ ගහාන අපේ ගෙදරට ගොඩ වෙලාය.
අඩෝ කොකා බලපන් නිව්ස් එක...පස්ට් ජොබ් එකක් තියනවා...
අම්මට හුඩු ජොබක්....
කට දෙපැත්තෙ තිබ්බ පැනි පාරවල් අතින් පිහ දදා ඇද උඩ ඉද ගත්තේ මේ දවස් වල තියන ජිල්  ටෝන් ආර්ථිකයට පුල්ස් ටොප් එකක් තියන්න පොටක්ද බලන්නය....
මොකක්ද බන් සීන් කෝන් එක...

Tuesday, March 15, 2016

අලුත් නැගලා යන එකක් කියපන්කො....

මේ දවස් වල යකා කට ඇරලා වගේ..අම්බානකට පොඩ්ඩ්ක වැඩි වෙන්න රස්නෙය...ඒ හින්දාම මේ දවස් වල උදේ හිටං හැන්දෑ වෙනකම් ඉහින් කනින් ගලනවාය.මේ රස්නේ අස්සේ අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පිස්සු බප්ම් වෙන ජාතියේ වැඩකට අපි සෙට් වෙන්නට යනවාය...
අපි සැට් එක බෝක්කුව උඩටම වෙලා ඉන්නට බැරි හන්දා අපි සැට් එක අලුත් වැඩකට සෙන්ටි මෙන්ටල් වෙන්න හිතුවෙමු...
අපි සැට් එක එක්තු වෙලා බෑන්ඩ් එකක් දාන්නයි යන්නේ...
අයිඩියා එක වර්ණ්පාලයාගෙනි.ඒ ඉතරක් නෙමේය...
බෑන්ඩ් එකේ ප්‍රධාන ගායකයාත් ඌමය.එතකොට බෙලෙක්ක ජෝතියා ඩ්‍රම් ගහනවාය...

Friday, March 11, 2016

පොඩි උන් මාර විදිහට දියුනුයි නෙව

මේ දවස් ටික නම් මහ පතෝල දවස් ටිකක්ය..මෙලෝ රහක් නැතිය.ඔහේ ගෙවෙනවාය.කිසිම හැපනින් ගතියක් එන්නට කිසි වැඩක් පලක් සැට් උනේ නැතිය..උදේ හිටං ගෙදරටම වෙලා ඉන්නා හන්දා අපේ ලොකු අක්කගේ පොඩි පුතාව ඉක්කොලේ ගෙනියන්නේ ජොබ් එක පන්ගරාත්තු උනේ මටය..
පොඩි එකා තාම යන්තන් එක වසරේය...
ඒ උනට උගේ වැඩ කිඩ නම් රොකට් සයන්ස් ඉගනගන්න උන්ටත් එහාය.
බුවාට දරුණුවටම බෙන් ටෙන් රෝගය තියනවාය...
මේ ඊයේ පෙරේදා දවසක ගස් ලබු බටයක් කඩාගෙන ඌ තන්ඩර් කැට් සෙල්ලං කොරලාය...
අපේ අප්පච්චි ඌට දගලන්න එපා කියල සද්දයක් දාලාය.
බුවාට මල පැනලා දෑත බදලා ගස් ලබු බටෙන් පිට හරහට වයිරං වැටෙන්නම අප්පච්චිට දීලා ඇදලා...
දැන් හැදෙන උන් අපි වගේ නෙමේය...අසාධාරනයට් එරෙහිව ගස් ලබු බටේකින් හරි පහරදෙන පරම්පරාවක් අපිට ඉන්නේ...

Saturday, March 05, 2016

අනේ අයියේ කියපන්කො අහන හැටි...

පහුගිය දවස් වල අම්බානක කර කුට්ටං ගැහිලා මේ ඊයේ පෙරේදා ඉදන් ලවක් දෙවක් නැතුව වැස්ස පටන් අරන්...
වහිනකොටත් අපෙ බුවාලට අවුල්ය...
පායනකොට ඊටත් වඩා අවුල්ය....මෙ පුල් මාවලස් රටේ අපෙ බුවාලගේ හැටි ඔහොමය.පොඩ්ඩ බැරි වෙද්දි අප්සෙට් වෙනවාය...
මෙ දවස් වල අම්බානකට වැස්ස නිසා වැඩියෙන් එලි පහලියට බහින්නේ නැතිය.
ගෙදරටම වෙලා ඔය ටෙලිවිසොන් එකේ යන හින්දි හරි කොරියන් හරි කතාවක් බලන් ඉන්නවාය.වැඩියෙන්ම බලන්නේ හින්දි කතාය.මොකද අර අලුත් ග්විසුමක් ද මොකක්ද්ද කේස් එකෙන් පස්සේ මෙහාට සිටි සිටි ගාලා ඉන්දියන් බුවාලා එන්න යනවලුය..ඉතින් උන් එක්ක කතා කොරන්න අපිත් ඉංගිරිස් ටිකක් ඉගැනගෙන ඉන්නත් ඕනෙනේ...
හින්දි වගේම ඉන්ගිරිසුත් ඕනේ..
මොකද සුද්දොත් එතකොට මෙහෙ එනවා යනවා නේ....
අපේ ගෙදරට ගේවල් දෙකට එහා පැත්තේ ඉන්න මාලී නැන්දගේ පුතා පාලිතයා මේ ලගදි ඉංගිරිස් පන්තියකට දාලාය...