Wednesday, December 30, 2015

"ෆේල් වෙනවා කියන්නේ පාස් වෙන හැටි ඉගන ගන්න පටන් ගන්න එකට...."

උසස් පෙල ෆේල් වූවන් ද මනුශ්‍යයෝය
----------------------------------------------------

තාම ප්‍රතිඵල ඇවිත් නම් නැහැ....
ආවට පස්සේ ආයේ අමුතුවෙන් සුබ පතන්න ඕනෑ නැති නිසා
මුලින්ම සුබ පතනවා ඉහලින් සමත් උන හැමෝටම....මේ පෝස්ටුව ඒ අයට නම් නෙමෙයි...
ඊලගට ඉන්නේ විබාගය ඇන ගත්තු සෙට් එක ෆේල් උනා කියලා උබලා මැරිලා නෑ නේ...
මේ කතාවට උබලත් අදාලයි.......ඒ කට්ටියට කියන්න තියෙන්නේ...ආයෙ පාරක් කරන්න පටන් ගන්න...හැබැයි හරියට...කලින් කරපු මස්ත බාල්දු වැඩ නවත්තලා..
.
.
ඒ කන්ඩායම් දෙකම අතහැරියම යන්තම් ගොඩ ගිය සෙට් එකක් ඉන්නවා...
ඒ පිරිස තමයි වැඩි......
අන්න උන්ට තමා මේ කතාව විශේශයෙන්ම...
මොකද මමත් තොපේ බෝට්ටුවෙන්ම එගොඩට ආපු එකෙක්....
උබලා වපුරපු දේ වල අස්වැන්න දැන් උබලා අතේ තියනවා...
A තුනක්ම නොඋනත් F තුනකට වැඩි දෙයක් තියනවා...
උබලගෙ ජීවිත පටන් ගන්නෙ මෙතනින්...මීට සැහෙන කාලෙකට කලින් නම් කැම්පස් සිලෙක්ට් උනේ නෑ කියන්නේ වෙන යන්න තැනක් නෑ...කරන්නම දෙයක් නෑ...
ඒත් දැන් යන්න ඕනෙ තරම් පාරවල් තියනවා...
දැන් මගෙන් අහයි කෝ ඉතින් ප්‍රයිවට් යන්න සල්ලි කියලා...

Monday, December 28, 2015

බ්රා එකෙන් ඇදී කෑලී කැපෙන මේ රාත්රියේ....//

නත්තල් දවස් හින්දාම පිට කොටුව පුරාම අම්බානක සේල් කාරයෝය...
ටවුමේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැතිය...ඉඩ තියන තැන්වලට ඇගිලි ගහන්නට හිතෙන්නෙත් නැතිය...
අම්මාගේ බර බරේ හින්දාම අම්මා සහා අක්කා එක්ක අවුරුද්දට බඩු ගන්නට යන්නට වෙලාය...
ඔක්කොමත් හරිය...අම්මලත් එක්ක බඩු ගන්න තරම් මල කරුමයක් නැතිය...
ඒ උනත් නොගිහින් උන්නොත් අම්මාගෙ ඊලග නත්තල වෙනකම් කනක් ඇහිලා ඉන්නට වෙන්නේ නැතිය..
පැමිනි දුක් කද පැනි රසක් කියලා බෝසතුනුත් හිතුවාලුනේ...ඒ හන්දාම මාත් වෙන හැම අට මන්ගල්ලේම සිරාවටම ඉවසන්නට පුරුදු වෙනවාය...
කවදා උනත් කසාදයක් කාරිය කොර ගත්ත දාට මට කොහොමත් මේ සන්තෑසිය ඩේලී විදින්නට වෙනවා කියලා මම සුවර් ඇන් සොට් දන්නවාය...
වෙනදට නම් පිට කොටුව යන බස් එකේ බලු බල්ලෙක් නැතිය...අද නම් මුලු ගමම බස් එකේ නැගලාද කොහේදය....
විරුව පට්ටන් ගහන් ඩබල් ඩෙකර් සයිස් පස්ස පැත්තවල් වලට හැප්පිලා පොඩි පට්ටන් වෙලා කොහොමෙන් කොහොම හරි  කොටුව ආවෙමු...

Saturday, December 19, 2015

ඊලග සතියේ අපි එක්කම යමු සීයේ


පලවෙනි කොටසට පාර....


අද එතන ඉදන්.....
.
.
.
අනුරයාගේ ඉතාලී පැනීමේ පැලෑනත් එක්ක මේ දවස්වල රෑට හීනෙන් පෙනෙන්නේත් මෝරුන්වය...ඒ ඉතරක් නම් කමක් නැතිය...
ඉද හිට සෝමාලියන් මුහුදු මන්කොල්ල කාරයෝත් පෙනවාය....
පහු ගිය දවස් දෙක තුනේම රෑ ඔයාකාර හින දැකලා හීනෙන් බෙරිහන් දීලා පැදුරෙනුත් වැටිලා ඔලුව ගෙඩි ගැහිලාය..
අද නිවාඩු දවස හින්දාම උදේ පානදරම එලි බැස්සේ කම්මැලි කම නැති කර ගන්නටත් එක්ක පහල වෙල දිහාට යන්න හිතානය.වරිග සබාවේ අනිත් උනුත් තව ටිකකින් ඒ පැත්තට එන්න ඉඩ ඇත...ඒ හන්දා අත්තමාගේ විසච්චන සීලී දෑසට වැලි ගසා මම සේප් එකේ වෙල දිහාට සෙන්ටි මෙන්ටල් උනෙමි.
යන හර මගදීම කොහේදෝ මල උලව්වක රින්ගන්න යන වර්නපාලයත් සැට් විය...
කොහෙද බන් යන්නේ...
මම මේ යනවා බන් ටවුමට....

Friday, December 18, 2015

ඔව් සින්හලේ තමයි....

ඔව් සින්හලේ තමයි....
මේ රට අස්සේ ඉන්න හැම එකාටම තියෙන්නේ ඒක තමයි....
තොපේ අම්මලා කැලෑ වලට පැනලා සින්හයෝ එක්ක නිදි වැදිලා තොපිව වදපු නිසා නෙමෙයි...
තොපි ඔක්කොම මේ රටේ උන් වෙච්ච නිසයි සින්හලේ වෙන්නේ....
මේ රට ඉස්සරහට ගෙනියන්න හිතන..
මේ රටට වැඩක් කරන්න හිතන..
හැම එකාටම තියෙන්නේ සිංහ ලේ...

Thursday, December 17, 2015

අපි ඉතාලි ගිහින් මිනිහට සල්ලි එවමු මෝටර් බෝට්ටුවක් ගන්න...

හිගා කන්නට ගොහින් අම්බානකට තව පොඩ්ඩක් වැඩි වෙන්න බෙදා ගත්තායින් පහු ආයෙත් වතාවක් හිගන්නෙක් දිහා ඇහැක් ඇරලා බලන්නටවත් හිතෙන්නෙ නැති ගානය.බෙලෙක්කයා යන්තන් ඉනේ ගහ ගත්ත සල්ලි ටික ඇරෙන්නට මෙලෝ අල බෝලයක් ඉතුරු වෙන්නේද නැතිය.හිගන කෝස් එක ඉවර උනායින් පස්සේ අපේ බෝක්කුව උඩ සැට් එක මංගල සබාවාරය අදය.
අතම්මාගෙ රීඩාර් එකෙන් බේරිලා බොහොම අමාරුවෙන් බෝක්කුව දිහාට සැන්ටි මෙන්ටල් උනෙමි....
මම එනකොටත් බෝක්කුව උඩ සබා තොමෝ රැස් වෙලාය...
කස්ටියගීම අතපය වල පුන්චි පුන්චී සීරීම පාරවල් තාමත් තියනවාය...දෙයන්ගේ පිහිටෙන් මගී නම් වැඩි අලාභහානිය නැතිය.මගේ නම් කකුලක් ඇමැට්ටි උනා ඉතරමය..
අම්මා හැන්දෑවට කන්න කියලා ඥානකතා වගයක් ගෙදර මේසේ උඩ තියලා තියනවා මම එන්න කලින් දැක්කෙමි..ඒකෙනුත් දෙකක් පත්තර කෑල්ලක ඔතාන ආවේ මොනා උනත් මගේ බොක්කෙ මිත්රයෝ ටික හින්දාමය..ඥානකතා කන ගමන් අපේ සැට් එක ඊලගට කොරන්නට යන දේ ගැන ඩිස්කස් එකක් මෙව්වා කොරන්නට පටන් ගත්තෙමු..
මචන් මේ පාර නම් හිගා කන්න බෑ....කවි කියන්නත් බෑ...
වර්නයා තැලුම් පාරවල් අත ගගා කියනවාය...

Tuesday, December 15, 2015

අනේ මහතුනේ මගේ මේ දුක බලලා 01

මේ දවස් වල "බෝක්කුව උඩ අපි" දරුණු ගනයේ ආර්ථික මෙව්වා එකකට පත් වෙලාය...
අතේ සතේ නැතිය...පුල් අන්දොස්ය.....
වර්ණයා.....
බෙලෙක්කයා...
අනුරයා....
සහ කොකා වන මම මේ වනවිට ආර්තික තත්වය ගොඩ දා ගන්නට පොටක් කල්පනා කොරන ගමන්ය.....
අඩෝ අපි පංසල් වත්තේ පොල් බාමු ද....?
වර්ණ්පාලයා එලකිරි සජෙසොන් එකක් සෙන්ටි මෙන්ටල් කොරා.....
හා...පෝ...පව්කාර වැඩ කොරන්න බෑ...
බෙලෙක්කයා එකෙන්ම ඔබ්ජෙක්සන් එක ලෝඩ් කොරාපු නිසා වර්ණපාලයා සේප් එකේ පැත්තට විය.
ඔහොම කිව්වට ගිය පාර කඨිනෙට පංසලට ගිහින් ගස් වල තිබ්බ තැඹිලි තප තප ගාලා උගුඩුවා වගේ කඩ කඩ බිව්ව හැටි මට නං අද වගේ මතකය....
එහෙනම් උබ කියපන් බලන්න වැඩක් මොකක් හරි....
වර්නයා බෙලෙක්කයාට බෝලයක් පාස් කොරා....
මේ...මේ.....මට තාම කල්පනා උනේ නෑ....ඒ උනාට පව් වැඩ කරන්න බෑ බං....
අනුරයා කියපන්කො බන් මූට......බෙලෙක්කයා අනුරයාගෙන් විදේශ ආධාරද ඉල්ලයි.....
හරි....මට තීනවා අයිඩියා එකක්.....

Monday, December 14, 2015

අනේ මහතුනේ මගේ මේ දුක බලලා -02


අම්බානකට පොඩ්ඩක් වැඩෙයෙන් පුහුනුවීම් කටයුතු කිරීමෙන් අනතුරුව අපි හිගා කෑමේ ජොබ් එකට යන්නට සැට් උනෙමු....
අනුරයා අපේ හිගන කෲ එකේ මැනේජර්ය...එතකොට බෙලෙක්කයා සිගර්ය...මම කනවැල අල්ලන් යන එකාය....
අපි සැට් එකම පෝය දවසේ උදේ පාන්දරම අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් දුර පන්සලක් ගාවට සෙට් උනෙමු....
අම්මට උඩු...
පිස්සු හැදිලා ආයේ හැදෙනවාය...
සුරංගනාවියන් වගේ සස්සනම සස්සන දැරිවියෝ පන්සල වටේමය....
අඩෝ අපි අද හිගා නොකා ඉම්මු බන්...
මොකක් ද බන්...ලැජ්ජයි වගේ...
බෙලෙක්කයා ආයේ චුරු චුරු ගානවාය...
අපේ මැනේජරයා නොහොත් අනුරයා ඒවාට සැලෙඩර් නැති....
අඩො මේ මගෙන් ගුටි නොකා කවි කියන්න පටන් ගනින්....
කෝ ගනින් මේකප් බඩු සෙට් එක....
මම මෙච්චර වෙලා කරේ එල්ලන් උන්නු පෙරිය සයිස් මල්ල ලිහලා බඩු සැට් එක එලියට ගත්තා...

Friday, November 20, 2015

අයියේ මේ මොකක්ද ඇවිල්ලා

මේ දවස් වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වරුසාව හින්දා අපි පුල් මාවලැස් ඉරිදා හැන්දෑවට සැට් වෙන්නේ වර්නපාලයාගේ කඩේය...
කඩයක් කිව්වට ඒක කොමිනිකේසන් එකක්ය....
කොමිනිකේසන් එකක් කිව්වට ඒකේ නැති මගුලක් නැතිය...
සිනී බොල ටොපි චොකැලට් විතරක් නෙමෙයි හාඩ්වෙයාර් වල තියා සිමෙන්ටි කොට්ට හිටන් තියනවාය...
කොයි වෙලෙත් වැටෙන චුරු චුරු වැස්ස නිසා මේ ඉරිදා හැන්දෑවත් අපි වර්නපාලයාගේ කොමිනිකේසන් හාඩ්වෙයාර් එකටම සෙන්ටිමෙන්ටල් උනෙමු....
කඩේට වෙලා පුල් ආතල් එකේ සීනි බෝලයක් සූප්පන ගමන් අපි ආ ගිය විස්තර කතා කොර කොර සිටියෙමු...
මේ වර්නයා...
උබ දැක්කට එළු පීටරයාගෙ සිල්ලර කඩේට එහා පැත්තේ තියන කුලී ගෙදරට අලුතෙන් පවුලක් ඇවිල්ලා ඉන්නවා...
අනුරයා අපේ ගමේ මේ දවස් වල කතා වෙන හොට්ම නිව්ස් එක කරලියට ගෙනාවේය...
ඔය කියන පවුලේ ලස්සන ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් ඉන්නවා මමත් එහෙන් මෙහෙන් එළු පීටරයාගේ කඩේට යන ගමන් මීටර් කොර ඇත...
මට පේන්නේ අනුරයත් ඒකට රබර් ඇහැ පෝකස් කොරනවා වගේ.....
මම මුකුත් නොකියා දන්නේ නැති ගානට උන්නෙමි...
ඔව් ඔව්....
මම දැක්කා.....
හම්මේ....සූකිරි බෝලයක් වගේ නෙහ්....
මම දැක්කා දවස් දෙක තුනක් මේ පාරෙන් ගියා.....
වර්නයා නොදන්න ගානට කිව්වට මම හිතන්නේ ඕකා ඇස් දෙක කටේ දාගෙන බලන් ඉන්න ඇත්තේ කෙල්ල දිහා...
මම කෙල්ලෙක් දිහා බැලුවොත් ඉතින් හෙනහුරෝ අම්බානකුයි තවත් තුන් හතර දෙනකුයි නම් අනිවාර්යයෙන් ඉන්නවාය...
මක් කොරන්නද...ලබා උපන් හැටි වෙන්ට ඇති මම...
නොදන්න ගානට හිටියෙමි.....
හතර පස් දෙනාම කච බච ගගා බෙරිහන් දෙන සද්දේ එක පාරම මීයට පිම්බාක් වගේ නැති විය...
මොකද උනේ...එකෙක් මලාවත් ද...
මම සේප් එකේ අනිත් උන් දිහා බැලුවෙමි....
උනුත් කටවල් වහන් බලන් ඉන්නවාය...
මම කඩේ දොර දිහා බැලුවෙමි.....
කිරි අප්පට කොටදෙනියාවේ පොලීසියෙන් පැනපි.....කිව්වලු...
මෙන්න අර කෙලි පොඩ්ඩ කොමිනියට ඇවිල්ලා...
මෙච්චර වෙලා අර මොකුන්ද වගේ බෑගිරි තියපු අපි හෙනම ජෙන්ටල්මන්ස්ලා වගේ ඉන්නවාය...
කෙල්ල අපි සැට් එකම දවා අලු කරලන බැල්මට් එකක් පෝකස් කරේය....
මගේ පපුව මෙව්වා වෙලා මෙව්වා උනා වගේය.....
ඒ දැරිවි සේප් එකේ වර්නයාට කතා කොරේය...
අයියේ...
මේ පෝන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ...හදලා දෙන්න පුලුවන් ද.....???
වර්නයාගෙන් හාවක් හූවක් නැතිය...
මම ඇග පුරාම ඉතුරු වෙලා තිබ්බ පුරුශ දයිරිය එක තැනකට මෙව්වා කොරන් සිංහ සෙයියාවෙන් වර්නයා කට අරින්න කලින් ගේමට එන්ටර් උනෙමි....
කෝ දෙන්න නංගි මම හදලා දෙන්නම්...
වර්නයා කන්න වගේ මන් දිහා බලනවාය...අනුරයා ගේ මූන නිකන් එකදාස් නමසිය හැට හතරේ නිදහස ගන්න යුද්දෙට ගොහින් වෙඩි කාපු ඌරෙක් වගේය...
මම උන් එකෙක්වත් නොදැක්ක ගානට සේප් එකේ වැඩේ කොරගෙන ගියෙමි....
දැරිවිට පෝන් එක දෙන්න කලින් මගේ පෝන් එකට සේප් එකේ මිස් කෝල් පාරකුත් කොටා ගත්තෙමි....
අම්මේ ඉහේ මලක් පිපුනා වගේය...දෙන්නම් ජම්බු....
අරුන් දෙන්නාගේ මූනවල් අල පොප් කෝන් හදන්න පුලුවන් ගානට රත් වෙලාය...
කොරන්නට දෙයක් නැත...
මෙයා මගේ පරම පවිත්ර පූජනීය පස්ට් ලව් එකය.....
මේක නම් බොලාලට කොටාගෙන යන්නට නම් දෙන්නේම නැතිය....
දැරිවිගේ පෝන් එක හදලා දීලා ආයේ මොනා හරි ප්රශ්නයක් තියනවා නම් කියන්ටත් කියලා පිටත් කෙරුවෙමි....
පපුව පිච්චෙන තරමට හිනාවක් මෙව්වා කොරාපු කෙල්ල යන්නට ගියේය....
අරුන් දෙන්නා පුල්ම අන්දොස් මූඩ් එකේ මන් දිහා බලන් ඉන්නවාය...
ඔන්න බලපන් මම කෙල්ලව සැට් කොර ගන්න හැටි.....
මම මගේ පෝං එකෙන් මැසේජ් එකක් කෙටුවෙමි....
නංගි ඔයාගේ නම මොකක් ද....???
සල්ලි සල්ලි කියලා නොබලා සෙන්ඩ් කොරෙමි.....
අරුන් දෙන්නා ඉරිසියාවෙන් පුපුරනවාය...
මම උන්ට කින්ඩි හිනාව දාගෙන රිප්ලයි එකක් එනකන් උන්නෙමි....
විනාඩි පහක් ගියේ නැතිය...
කෙල්ල මල් මල් හිනාවක් එක්ක ආයෙත් කඩේ දොර ගාවය...
අම්මට හුඩු...එක මැසේජ් එකෙන් වැඩේ ගොඩද....
අරුන් දෙන්නත් පුල්ම අන්දොස්ය....
නංගි කියන්න....
මේ අයියේ මේ මොකක් ද එකක් ආවා පෝන් එකට....
කෝ බලන්න...
මම පෝන් එක ඉල්ල ගෙන සේප් එකේ බැලුවෙමි....
මගේ මැසේජ් එක දිලිසි ඩිලිසි පෝන් එකේ තියනවාය...ඕපන් කොරලාවත් නැතිය.....
මේ මේ....මැසේජ් එකක් නන්ගි...
අහ් එහෙමද....
මම ඒවා කියවන්න දන්නේ නෑ අයියේ...
මට ඒවා මකන හැටි කියලා දෙන්නකො....
නොදෝකින්...
ඉදලා ඉදලා කෙල්ලෙක හිත ගියොත් මොකාක් හරි කරුමයක් තියනවාමය...
අරුන් දෙන්නා දැන් දෙකොනෙන් හිනා වෙනවා ඇති...
මම යවපු මැස්සේජ් එක මම ම මකලා පෝන් එක කෙල්ලට දුන්නෙමි...
අරුන් දෙන්න කටවල් තද කොරන් ඉන්නවාය...
කෙල්ල ගිය ගමන් මට ඇති වන හතර විලි ලැජ්ජාවේ තරම මට හිතා ගන්නට බැරි තරමට ම ලොකුය...
අනේ මම පව් ය...


Thursday, November 12, 2015

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

අපේ ගමේ ඉන්නේ පුල් මාවලස් සිටිසන්ලාය...
අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පොස් කට්ටිය ය...
මම ඒක දැන ගත්තෙත් ඊයේ පෙරේදාය...
ඒක දැන ගත්තෙත් පේස් බුක් එකෙන්ය....
උඩහා ගෙදර මැගිලින් අත්තම්මාගේ මිනිබිරී එහෙම හෙනම පොස් පාටය...ඇස් වහක් කට වහක් නැතිය ආයේ ජැකොලින් පර්නැන්ඩස් ගේ පුන්චි අම්මාගේ දෝනියන්දා වගේය.....ඒ ඉතරක් නෙමේය...
මැගිලින් අත්තම්මාගේ මිනිබිරීගේ නම මම දන්නා හැටියට නදීශානීය...
ඒ උනාට පේස් බුක් එකේ දි "ප්රින්සස් නැන්ඩී" ය
මතක් වෙනකොටත් හද මල ටොයින් ගානවාය...

Friday, October 30, 2015

මාතලී ලංකාවේ ආයේ කේස් එකක්

මාතලී....මාතලී....
උදේ පාන්දරම සක්කර දෙයියන්ගේ ගෝරනාඩුවක්.....
මේ එනවා දේවයන් වහන්ස....
බාගෙට බි බී උන්නු අමුර්තේ කෝප්පෙත් පැත්තකින් දාලා අඩිය යාරෙට තියලා දුවන් ආවේ මේ පාර මොකටද කෑ ගහන්නේ බලන්න...
දේවන්වහන්ස.....
මේ ඕයි මාතලී...
මම උබට කිව්වා නේද මගේ මේ පඩුපුල් ආසනේ සර්විස් එකට දාන්න කියලා....
උබ දැම්මද....
සක්කරයා මුන දෙක කොරගෙන මට දෝස් මුරයක් දැම්මා....
ඊයේ උදේම මම කොල්ලෙක් යවලා එකෙක් ගෙන්නලා සර්විස් කොරා දේවයන් වහන්ස.....

Wednesday, October 28, 2015

#ඩැන්බු_කවි_වෝල්_පේපර්

හිතුනු දැනුනු පද ලියපු තව විදිහක්...
මේ ඉන්නෙ ඩැන්බු...
මට වෙලාවකට හිතෙනවා මාත් ඩැන්බු වගේ කියලා.....
කවිම නොවුනත් කවි වගේම ඒවා ටිකක් ලියවුනා...
ඒවා එක්ක ගැලපුන එකම කෙනා ඩැන්බු...
ඉතින් මේ තියෙන්නේ #ඩැන්බු කවි....

Thursday, October 22, 2015

මූ හදන්නේ ආයෙත් බෙදා ගන්නද කොහෙද....

බෝක්කුව උඩ අපේ සැට් එක වාර්ශිකව සංවිදානය කොරනු ලබන අපේ මහා ට්රිප් එකට ඔක්කොම රෙඩීය....
මේ පාර අපි යන්න ඕනේ පොලොන්නරුවට...
ඔන්න නෑ කියන්න බෑ....
බෑ කියන්න බෑ....
හූ කියන්න බෑ කෑ ගහන්න බෑ හරිද....
රික්වෙස්ට් එක බෙලෙක්ක ජෝතියාගෙන්ය
ඈනුමක් ඇරියට කමක් නැද්ද වර්නපාලයා අයිනෙන් කොක්කක් දැම්මා....

Tuesday, October 20, 2015

සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....

වස්සානය තවමත් අවසන් නැත....
ගොම්මන් අදුර ටිකෙන් ටික හාත්පස වෙලා ගනිමින් සිටි...
වැහි බීරම නිසාමදෝ වෙනදා තනි නොතනියට ඔබ මොබ පියාසලන කදෝ පැනියෙක්වත් අද නැත.
අදුරත් වැහි බීරමත් වෙනදා නිවෙස බලා යන වෙලාවට වඩා වේලාවක් මා කාර් ‍යාලයේ රදවා ඇත...
වැඩ කරන අතරතුර හිත කලබලයෙන් තියන තාක් ඔබේ මතකයන් යටපත් වී තිබුනත් මේ වැහි බීරමත් අදුරත් ඒ මතකයන් වෙත මා යලි යලිත් රැගෙන ගොස් අතරමන් කරන බව මම දනිමි....
නමුදු එයින් මිදීමට මා කිසි විටක උත්සාහ නොකරමි...
මා විටක එයට තරම් වෙනත් කිසිවකට ආලය නොකරමි...

Thursday, October 15, 2015

ගොක් කොල තොරන් පේන අය ඉන්නවද..???

නිවාඩු පාඩුවේ ඉන්න නම් ගෙදර තරම් පුල් මාවලස් තැනක් වෙන කොහේවත් නැතිය....
දෙයියනේ කියලා බඩේ හතර කොන් දිගෑරෙන්න කාලා....
සපාන් එකේ ගේ ඉස්සරහා තියන හාන්සි පුටුවේ දපලා ඉන්න තරම් සැපක ආයේ තව්තිසාවට ගියත් ගන්නට බැරිය.....
ඒත් ඉතිං කොහේ හරි යන මූකලං බස්සෙක් නිවාඩු දවසකට ගෙදරට එන්න වරදන්නේම නැත...
අදත් හාන්සි පුටුවේ පුල් ආතල් ඇලට් එකක් මෙව්වා කොරන් ඉන්නකොට කොහේදෝ යන හීනප්පාලී කෑ දැත්තෙක් අපේ ගේල් පැත්තට ලයින් කොරනවා දුටුවෙමි....
ටයි පොල්ලකුත් බැදන් ලොකු බීප් කේස් එකක් උස්සන් ජැන්ඩියට ඇද ගත්ත නොන්ඩි කබරයෙක් වගේ එකෙක්ය....

Sunday, October 11, 2015

දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද.....

කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය....
මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය....
බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල සමාලෝචනයක් කරන්න...ගමේ අපි නැති දවස් වල වෙච්ච "කුනු" කේස් රහ කරන්න ඉරිදා හැන්දෑව තරන් මාවල හැන්දෑවක් තවත් තියනවද මං අහන්නේ....
මේ ඉරිදත් අත්තම්මගෙ දෑස් පියන් වලට කොලේ වහලා සේප් එකේ බෝක්කුව දිහාට ජම්ප් එකක් දැම්මේ මේ සතියේ මම නොදන්න මොනාද මේ හතර මායිමේ වෙලා තීන්නේ කීලා බලන්න...

Thursday, October 08, 2015

...ටිටී ගර්ල් උස්සලා...

අපේ "බෝක්කුව උඩ සැට් එක" හැන්දෑවේ හතර වෙනකොට බෝක්කුව උඩට වාර්තා කොරන වග මම ඉන්තේරුවෙන්ම දන්නා සීන් කෝන් එකකි.මමත් හැමදාම හැන්දෑවේ තුනයි හතලිස් එකේ ඉදන් හොර ගල් අහුලන්නේ බෝක්කුව උඩට සෙන්ටි මෙන්ටල් වෙන්නටය...
කොහොමෙන් කොහොම හරි මා පිය දෑස් වලට වැලි පාරක් මෙව්වා වෙලා කේලමා වගේ ගේ වටේම මීටර් කරන අත්තම්මගෙනුත් මෙව්වා වෙලා බෝක්කුව උඩට පනින එක හෙනම ජිල් ටෝන් මෙහෙයුමක්ය.අති සාර්ථක මෙහෙයුමක් මෙව්වා කරන් බෝක්කුව ගාවට සෙන්ටි මෙන්ටල් වෙනකොට කස්ටියම අහස පොලොව එකට කොරලා රිවට් ගහන තමටම කල්පනා කොරනවාය....
අඩෝ...මොකක්ද සීන් එක.......
මම බෙලෙක්කයාට ඩයල් පාරක් දැම්මෙමි....

Tuesday, October 06, 2015

ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය....

අද ගෙදර එකම යුද්ධයකි....
මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය....
හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ ගසයි.....
"කවද්ද මෙහෙ ලුනු බෝතල් වල තිබ්බෙ....දර ලිප ගාව පොල් කට්ටෙ ඇති" කියමින් අම්මා අනිත් අතට බෝම්බ ප්‍රහාරයක් රිටන් කරයි..
අස්සෙන් අස්සෙන් කුස්සියට රබර් ඇහැ දාන අත්තම්මත් මොකක්ද මේ වෙන විනැහ්හිය කියමින් කාටදෝ මන්දා තනියම කුටු කුටු ගාමින් බැන වදිනවාය....
මේ කිසි දෙයක් තඹයකට මායිම් නොකරන ලොකු අක්කා කුකරි පොත බලමින් මොකක්දෝ කෑමක් හදන්න ට්‍රයි කරනවාය.....
මම ගෙදර වැඩිමල්ම බාලයා වශයෙන් ලොකු අක්කාගේ ඉටි කිරිස් කුකරි පංතියේ ජිරි බිරිස් කෑම වේල හදන්නට උදව්වක් දෙන එක මගේ යුතුකමය....
පවුලේ බාලයා වශයෙන් ඒ උතුම් සිතුවිල්ලෙන් මම කුස්සියට රිංගා ගතිමි....

Saturday, October 03, 2015

මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ....

මාතලී මාතලී.....
මෙහාට එනවා...කෝ මේ මාතලී....
උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...

මාතලී...
ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....
කොහාටද....
ලංකාවට.....

ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස.....

Thursday, October 01, 2015

බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත (...ලෝක ළමා දිනයට පවුලේ බාලයන්ට.....)

පවුලේ බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත...
අක්කගෙන් බැනුම් අහන්නට ඕනෑය....
අයියාගෙන් ටොකු කන්නට ඕනෑය...අම්මට කඩේ යන්නට ඕනෑය...අත්තම්මාට බුලත් කොටන්නට ඕනෑය....
සීයාට පත්තර ගේන්නට ඕනෑය....
සෝට් ඇන්ඩ් සුවිට් කියනවා නම් ගෙදර අප්පු ජොබ් එක කොරන්නට ඕනෑය....
අනිත් බොකම සින් එක අක්කා සහ අයියා කොරන දේවල් වලට මම බැනුම් අහන්නට ඕනෑ එකය......
ගිය මාසේ අක්කාට ප්රොමොසන් එකක් සෙන්ටි මෙන්ටල් වෙලාය....
ඒකට බැනුම් ඇහුවේ මම ය.....
අක්කාට නම් අහවල් පෝස්ට් එකක් තියනවාය...තොට තාමත් විභාගේ පාස් වෙන්නට බැරිය...
තෝ නම් මැට්ටෙක්ය ආදී ලෙස මගේ චරිතාපදානයම අම්මා කුස්සියේ ඉදන් ගායනා කරයි.....

Friday, September 25, 2015

මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්...

මම ආතුරුප්පු වීදියේ අපේ නවාතැනට එනවිට හවස දෙත් පසු වී තිබුනා...මම එන විටත් හෝම්ස් තුම්මුලෙන් පොරෝගෙන බූරු ඇදේ හොදට දපලයි හිටියේ...
ඊයේ මධ්යම රාති වෙනකනුත් පරීකශන කටයුතු වල නියැලීම නිසා හෝම්ස් ඉතා තෙසෙට්ටුවට පත් වී ඇතැයි මා සිතුවා....
හෝම්ස්....නැගිටින්න.....
දැන් හොදටම දවල් වෙලා....
කට කන් දෙක ගාවට ඇදලා ඈනුම යවපු හෝම්ස් සරමේ ගැටේ අතින් තද කරන් බූරු ඇද උඩ ඉද ගත්තා.....
නිදි මරගාතෙන් බූරු ඇදේ බල්ටි ගහන පුරුද්දක් තියෙන නිසා උදේට හෝම්ස්ගේ කොන්ඩේ කොහොමත් වන්නියේ හේනක ගිනි නොතියපු බූටෑවක් ගානට පේන එක සාමාන් දෙයක්.....

Thursday, September 24, 2015

කොකාගේ කොලම....

අද ආවේ රස කතාවක් අරන් නම් නෙමෙයි...
රස ආරංචියක් උබලට කියලා යන්න...අපේ බෝක්කුව උඩ සැට් එකේ වීර ක්‍රියා දිනමිණ පත්තරේ දි-වයි අතිරේකයෙ හැම බ්‍රහස්පතිදම පලවෙනවා ඕන්....
එතකොට මේ කොකාගේ කේස් එක මොකක්ද....දැන් බොලා ලට ඊලගට තියන සෙන්ටිමෙන්ටල් කේස් එක ඕකනේ.....
කොලමේ නම තමා කොකාගේ කොලම....ඉතින් මේ තකහනියක් ආවේ මුදල් නොගෙවා ප්‍රචාරනයක් දිලා යන්ට....
බොලාලත් ගන්ට ඕනේ ඕන් හරිය....
මතකනේ...බ්‍රහස්පතින්දා දිනමිණ පත්තරේ....ලග පාතක පත්තර කඩයක් තියනවා අද එකත් අරන් බැලුවට මුකුත් කියන්නේ නෑ ඕන්.....

Wednesday, September 23, 2015

වස්සානය නැවත පැමින ඇත.....

හීන වලට හැඩයක් ඇති බව මට කීවේ ඔබමය....
ජීවිතයට තාලයක් ඇති බව මට කීවේ ඔබමය....
හැඩයක් තාලයක් රාමුවක් නැති ඔහේ පා උන මේ ජීවිතේ එක තැනකට ඇන ගැසුවේද ඔබමය...
ලගින් වාඩි වී හිද හීන පාට කරන්නට ජීවිතයට තාලයක් දමන්නට ද උත්සහා කරේ ඔබමය...
මා එයට දැඩි ලෙස ආලය කලෙමි....
සැහැල්ලුවෙන් පා වීම මහා බරක් ලෙස දැනෙනා තරමට ම මම එයට ආලය කලෙමි....
වැසි දිනයට ජනෙල් කවුලුවට මෙපිටින් නුබේ උරතලය මත හිස තබාන හීන ගනින්නට......

Sunday, September 20, 2015

ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....

ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....වරිග සබාවටම එදාට නිවාඩුය....
බදු වත්තේ වෙල අයිනේ බෝක්කු කට උඩ සැට් වෙලා කතා බහ කොරන්නට අම්බානකට තව සුට්ටක් වැඩියෙන් දේවල් තියනවාය...පුල් මාවලස් එකේ කස්ටියත් එක්ක පොඩි චැට් එකක් මන්ද කොරන්න හිතාන මමත් බෝක්කුව දිහාට මංගැච්චුවෙමි...

Thursday, September 17, 2015

කසාද මන්ඩපේ සීන් කෝන් එක

උදේ පාන්දරිම රෝන්දයක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත....
මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි....
පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා හපන්න බැරි සයිස් එකට ගල් ටික් වෙච්ච මඩ පුවක් ගෙඩි ටිකක් ආත්තම්මාට සෙන්ටි මෙන්ටල් කරලා ඇති.....

Wednesday, September 16, 2015

බොක වීමත් එක විදිහක් ආර්ට් එකක්ය....

හැම දාම හැම තැනම බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුතුය.මතක හිටින විදිහට මම ඉස් ඉස්සල්ලාම බොක උනේ සිප් එක කැඩු කලිසමක් ඇදන් බස් එකේ කොළඹටම ගිහින් ය...එදා ඉදන් අද වෙනක්ම් ම ගෙයින් එලියට බහින්න කලින් කලිසමේ සිප් එක දහ දොලොස් වතාවක්ම චෙක් කොරනවාය...පස්සෙන් පහු කලිසම් වලට සිප් නැතුව බොත්තන් ආවයින් ඒ බොක වීම එහෙම්මම අමතක වෙලා ගිය අතර තවමත් ඉද හිට අයියා ඒ බොක සීන් එක මතක් කරමින් පවුලේ සමාජිකයන් අතර මාව බොක කරයි...
අප්පච්චි කියන විදිහට නම් අපේ අම්මා වෙලාවකට හදන කෑම ජාති බොක වේ....ඒ උනත් අප්පච්චිගේ පිගානේ කරපිංචා නැට්ටක්වත් හොයා ගන්නට ඉතිරි නැත්තේ ඇයි කියන එක මට අදටහ් හෙනම මාන්දමික ගැටලුවකි....

Tuesday, September 15, 2015

අමතක නොවන "වැල"

පලවෙනි වැල වීඩියෝව බලපු දිනය නම් මට හරියටම මතක නැත....ඒත් ඒ හත වසර වගේ ඉන්න කාලෙදි වග නම් යන්තමට මතක ඇත...
ඒ කාලයේ දැන් වගේ වීඩියෝ ප්ලේ වෙන ජංගමයක් ඇත්තේ එහෙමත් එකෙක්ටය....අපේ පන්තියේ සිටි එකෙක් ට පමනක් එවන් දුරකතනය්ක් තිබුනු වග මතකය....
දුරකතයකට වඩා ජංගම වැලක් කීවොත් මම නිවැරදිය...

Monday, September 14, 2015

ඒ හින්දම මම ඕකව මරනවා...

උද්‍යානය පෙර තරම් සුන්දර නැති බවක් විටක මට සිතේ...
එදා අප හුන් ඒ ගස් යට අප නැති අඩුව පුරවන්නට වෙනත් අය ඕනෑ තරම් එන යන වග මා දුර සිට බලා හුන්නෙමි...
ඔවුන්ද අත් පටලා පෙම් බස් තෙපලමින් අප හුන් තැනම වාඩි වී අපි බලා හුන් ලෙසම ඈතින් ඈතින් පෙනෙන අහස දෙස බලා සිටින අයුරු මට පෙනේ...
අත් පටලා ගන්නට නුබ ලග නොමැති වුවත් නුබ නොමැති අතැගිලිවල හිඩැස පුරවන්නට දුම් වැටියක් වෙර දරමින් සිටී....

Sunday, September 13, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -03

එන යන ගමන් යන එන ගමන් ඇහුන දැකපු ඒව එකතු කරලා හදා ගත්තු තවත් වෝල් පේපර් කෑලි ටිකක් ඔන්න ආයෙත් අරන් ආවා.....
නිතර දෙවේලේම නැත්තත් ඉදලා හිටලා කතා කරලා බනින තාත්තා ගේ කටින් කියවුන බොක්ක පතුලේ පදිංචි වෙච්ච වචන මතක වෝල් පේපර් කෑලි වලට අමුතු ගතියක් තියනවා බොලන්......

Thursday, September 10, 2015

පදිරි

පදිරි වීම මුලිකවම දෙයාකාරයකට වෙන බව මගේ මිතුරන් බොහෝවිට පවසයි...
එනම අපි පදිරි වීම සහ අපිට පදිරි වීමයි....
අපේ පෙර පින් වල ආනුභාවයෙන් හැම විටකම පාහේ අපි පදිරි වෙන අතර ඉද හිට එහෙමත් දිනක කොහේ හරි නන්නත්තාරේ ගිය අප්පුහාමි කෙනෙක් වගේ එකක් අපිට පදිරි වෙනවාය...
ගිය සතියේ දිනක ඉන්ටව් එකක්කට ගිය අපේ අල්ලපු ගෙදර අයියා කඩ්ඩ වනා ගන්න බැරුව අම්බානට පදිරි උන බව හවස ගෙදර ඇවිත් ඌ කොල්ලන් සමග කී හැටි මට යන්තමට මතකය...රිසෙප්ශන් එකේ හිටංම අම්බානට කඩු පාරවල් කා ලේ ගලමින් මැනේජරයා අසලට ගිය හැටිත් ඌත් කිසිම හිතක් පපුවක් තැතුව තව තව දරුණු කඩු පාරවල් එල්ල කල හැටිත් අයියා පැවසුවේ හැඩූ කදුලිනි....

Tuesday, September 08, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -02

ගෙදර ඉන්න හැම වෙලේම කතා නොකරත් ඉද හිට කතා කරන හැම වෙලේකම හිතට වදින දෙයක් කියන එකම කෙනා අප්පච්චි....
ඒකියන දේ ඒ වෙලාවට මහා වද කාරි හැගීමක් ගෙනාවත් තනියම හිතලා බලද්දි අප්පච්චි කියලා තියෙන්නේ ඇත්ත....
අප්පච්චි කියපු...

Saturday, September 05, 2015

මචන් උබටත් වැඩිය බැරිද...

ශිෂ්‍යත්වයෙ ප්‍රතිඵල ඇවිත් සති තුන හතරක් ගෙවිලා ගියා....
මමත් රටක් රාජ්ජය්ක් තනියම ගිහින් අල්ල ගත්ත සෙම්පතියෙක් ගානට ගෙදර උන්නේ.ගමේ ඉස්කොලෙන් මම විතරක්ම නිස පාස් වෙලා උන්නේ තවත් ගැම්මක් හිතට ඇවිල්ල තිබ්බෙ...
කොහොමෙන් කොහොම හරි කාලය ගෙවිලා ගමේ ඉස්කෝලෙ අතෑරලා අලුත් ඉස්කෝලෙට යන්න දවස් ලං උනා....
අලුත් කලිසම් කමිස සපත්තු ඔක්කොම සුදානම් කරලා....
අලුත් පොත් අරන් කවර දාලා....
ඒ අස්සේ තාත්තා අලුත් ඉස්කෝලේ විස්තර කියනවා...
ඒක හරි විසාල ඉස්කෝලයක්...
ලමයි ගොඩක් ඉන්නවා....
ඉංග්‍රීසි එහෙම හොදට පුලුවන් එයාලට....
හුටා....
ඉංග්‍රීසි පුලුවන්....

Friday, September 04, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු...

ජංජාලේ සැරි සරනකොට ඇහැ ගැටිච්ච...
සිංදු අහනකොට කන වැටිච්ච.....
තුන් සක රියේ.....
බස් එකේ...
කඩ පලේ මුන ගැහිච්ච.....
මට පෙනිච්ච දේවල් එක්ක....
මට හිතිච්ච විදිහට මම හදා ගන්න වෝල් පේපර්.....
සින්දු කෑලී....
ත්‍රීවිල් අයිලාගේ වචන කෑලී...

ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....

මතකයේ හැටියට ඒ 2004 වසරේ අවසන් කොටසය.
ශිෂ්‍යත්ව විභාගය අවසන් කර හිතේ හැටියට දුව පැන නටපු ඒ අපූරු දවස් අතර එක් වරම අසුබ ආරන්චියක් රැගෙන ආවේ ඉස්සරහ ගෙදර නැන්දා...
ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....
හිතේ තිබ්බ ආතල් ඔක්කොම කුඩු සූදුරු කොට දාමා මල්ටි බැරල් එකසිය පනහක් එකපාර මාව ටාගට් කරා වගේ බයක් ආවා...
ප්‍රතිඵල....
මොනවයි මොනා වෙලාද දන්නේ නෑ.....
තාත්තගෙන් හොද්ට අහ ගන්න පුලුවන් මොනා හරි වෙලා තිබ්බොත්...
දවස පුරාම කාටුන් බැලුවට කන්න වෙයි නැති වෙන්න....

Thursday, September 03, 2015

උබ ආස කරපු අර තරුව කොහෙ ඇත් ද...

තරු පිරි අහස අතීත මතකයක් අවුස්සන චිත්‍රයක් වගේ.....
සීතල සුලග...
තරු වට කොට ගත් ලා සද එලිය...
මේ සියල්ල හරිම අපූරු සිත්තමක්....
අතේ බාගයක් ඉවර උන සිගරැට්ටුවේ දුම මැදින් වැටෙන හද එලිය ඒ පරන මතක අස්සට ඇදන් යන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට.....

ආදරනීය අලුගෝසුවා වෙත ලියමි....

නුබෙන් ලද සොදුරු මරනයට තවමත් මා පෙම් කරමි....මැරුනාද ජීවත් වෙනවාද නොදැනෙන තරමටම ඒ මරනය රසවත්ය...
ආදරනීයය....
සියතින්ම ගෙල වැල ලා ගෙන නුබට අගුල් හරින්නට එපෑ යැයි මොර දුන්නත් පලක් නැති බව නුබ මා අවසන් හුස්ම හෙල්ලන්නට දගලන මොහොතේ යන්තම් කනට කර කී හැටි තවමත් දෝන්කාර දෙයි...
සැබවින්ම වරද නුබ අත නැත....
ම විසින්ම දෑස් වසා ගෙන....

අලුතින් සුරගනක් අසුනේ ඉද ගත්තේ......

සායේ කෙලවර උස්සා......
තාලෙට නලවා පස්සා.....
ඒ ලස්සන වසලිස්සා....
යනවා උස් අඩි ගස්සා....

කිටි කිටියේ තද උන කදු දෙක

අතරේ........
අයිෆල් කුලුන කැරකෙනවා මගෙ
මිතුරේ......
නෙතග කොනින් ඈ බැල්මන් දෙන
අතරේ......
දෙකනේ තෝඩු සමගයි මගෙ
කතන්දරේ......

රෝස පාට ගෑ නිය පෙල දිස්නෙ

දිදී....
රිදී පාට මුදුවක් ඇගේ  අතක

මේ විදින ලක්ශරි දුකට වඩා ඒ ජීවිතේ රහයි බං..

උදේ පාන්දරින්ම හොදට මැදපු අත් දිග කමිසයයි කලිසමයි එක්ක මූන පේන තරමටම දිස්නෙ දෙන්න පොලිශ් කරපු සපත්තු කුට්ටමත් ඇදගෙන පාරට එනකොට දැනෙන්නේ අමුතුම ගැම්මක්.ඉස්සරහ හම්බෙන හැම මනුස්සයාම කට පුරා හිනා වෙනවා....
ගෙවල් අහල පහල ඉන්න මිනිස්සුත් නොකියා බැරි කමට වගේ ගුඩ් මෝර්නින් කියලා කියනවා...
බස් හෝල්ට් එකට ආවම යන්තමට ඇහෙනවා ගැටිස්සියෝ කතා වෙන හඩ...
ඔය අර අහවල් පාරේ ඉන්න කෙනා නේ...
අර කොම්පැනියේ වැඩ කරන්නේ.....
ඇහුනත් නෑහුනා වගේ ඉන්නවා....
අදත් මේ  සිද්දි ඔක්කොම ඔය විදිහටම උනා....
තවත් පුංචි සිද්දියකුත් එක්ක....

Saturday, August 22, 2015

ඒ හීන බර වැඩි නිසා.....

රාස්සිගේ අව් කාස්ටකෙන් හෙම්බත් වෙච්ච කොලඹ අහස....
ඒ කිසි දෙයක් වගක් වත් නැති පෙම්වතුන්ගෙන් පිරිච්ච විහාර මහා දේවිය.....
උබත් එක්ක හැමදාම වාඩි වෙන්න පුරුදු වෙලා උන්නු ගහ යට අද මම විතරක් තනියම උන්නට තාමත් හිතට දැනෙන්නේ උබ මගේ උරහිසේ නිදාගෙන ඉන්නවා වගේ......
--------------------------------------------------------------------------------

Saturday, March 28, 2015

කට්ට

මාර කට්ටක් කාලා වෙලාවක් හොයා ගත්තේ කාපු කටු ගැන කන්න තියන කටු ගැන දැන් කන කටු ගැන උබලා එක්ක බෙදා ගන්න....
ජීවිතේ මුලින්ම මම පට්ට කට්ටක් කෑවේ ශිෂ්‍යත්ව විභාගේ ලියන්න...මට අද වගේ මතකයි අම්ම මාව ඇදගෙන පන්ති ගෙනිහින් දානවා...පැය දෙකක් පන්තියේ ඉදන් ඉන්න කන කට්ට දන්නේ මම විතරයි...
ශිෂ්‍යත්වෙන් පස්සේ කට්ට ඉවරයි කියලා හිතුවට පට්ට පට පට කට්ට කන්න උනේ ඊට පස්සේ...
සාමාන්‍ය පෙල
උසස් පෙල

ඉස්සල්ලම මාලිගාවට යන්න ඕනෙ සුදු මහත්තයෝ...

අතේ සල්ලි තිබුනත් බස් එකට ගොඩ නොවුනේ දෙල්කද ඉදන් විජේරාමෙට සෑහෙන කාලෙකින් පයින් යන්න හම්බුනේ නැති නිසා...
ඒත් මීට සෑහෙන කාලෙකට කලින් දෙල්කද විජේරාම අතර උබෙයි මගෙයි කකුලට නොපෑගුන වැලි ඇටයක් නොතිබුන තරම්...
හවස 5 වෙනකොට පන්ති ඉවර වෙලා උබත් එක්ක විජෙරාම දිහාට හෙමින් හෙමින් එන්න පටන් ගන්නව...
සුදු මහත්තයෝ...
ඔයා රතු පාට කාර් එකක් ගන්න ඕනි....

Sunday, March 22, 2015

ඇම්ඩාගේ චීන සවාරිය

චීන රටේ සවාරියට....
ගිය ඇම්ඩට මෙය සිදුවිය....
කීවේ මගේ මිතුරෙකි මට....
තුන් වධයේ කතාව මෙය...

චීන රටට ගිය ඇම්ඩා
හතර වටේ සිරි නරබා
රැය ගෙවුමට තැනක් සොයා
ගියාලු ගම් දොරක් බලා

ගම්පතිගේ ගේ සොයාලා
සිදුවූ දේවල් කියලා
රැය ගෙවුමට විමසලා
මුදලුත් දෙන්නම් කියලා

Friday, March 20, 2015

...දුන්නා ලෙලි යන්න...

පෙර එක කලෙක අපේ ගම සිදු උන පුවතක්
මේ ලෙස කියමි හැකි ලෙස කරලා කවියක්
බේබදු කමට ලොල් උනු තක්කඩි ගොයියෙක්
කෙරුවලු මෙලෙස මට කීවෙත් අපේ අයියෙක්

නම උගේ සීටින්ය රැකියාවක් නැතිය
දවසම බීගෙනය ගෑනුන් හට ලොල්ය
බැදලා නම් නැතිය අබිසරු ලියන්මය
ඔහු ඇදෙනා තැන පිහිටියේ ටවුමේ කෙරවලය

දවසක් දෙකක් දාගෙන පමනට වැඩියෙන්
සීටින් ගියා ස්ත්‍රී සැපතක් සොයමින්
සුපුරුදු ලෙස්ම බ්‍රොකර තැන දෙස බලමින්
දෙන්නට කිව්ව පැයකට මට එකක් හෙමින්...

Monday, March 16, 2015

එලිවෙන ජාමෙට... 02

යන්තම් ලුනු රසෙනි විල් දිය හැඩ                 වූයේ
දිව අග රැදි කලට මුලු සිරුරම මත්                වූයේ
යලි යලි දියේ රස බැලුමට ලොල්                  වූයේ
නොදැනිම බොහෝ හෝරාවන් ගත              වූයේ

ඈතින් සද හෙමින් අහසේ රජ                   වෙනවා
කදු තුඩු මතට සද කෙමි බිදු                   වෑහෙනවා
විල්තෙර රසය දැන් ටික ඇති                    වෙනවා
හෙමිහිට හොරෙන් කදු නැගුමට            සැරසෙනවා


Saturday, March 14, 2015

සීතල වැඩී මගේ මැනිකේ මෙහෙ එන්න

සීතල වැඩී මගේ මැනිකේ මෙහෙ             එන්න
තනි කම දැනෙන සයනේ නම් බැහැ        ඉන්න
සලු පිලි උනා මහ ගින්නක               පිච්චෙන්න
සුදු සද එලියේ මගෙ යහනේ           වැතිරෙන්න

කෙහෙ රැල් මැදින් මුදු අතැගිලි තුඩු           යවලා
කන් පෙති මතින් රතු තොල් පෙති දග        කරලා
කම්මුල් මතට උනුසුම් සුසුමන්                හෙලලා
හෙමිහිට ඇදෙමි ඔබේ ආලයේ රස        සොයලා

Wednesday, March 11, 2015

කුජීතයි

කුජීත සතියකින් පස්සේ ආවේ යන්තන් සද්දෙට අධෝ වාතයක් ගියත් නිතර කියවෙන කූජීතේ ගැන කියන්න.....
මට නම් මතක හැටියට ඉස් ඉස්සල්ලාම මන් කුජීත උනේ මොන්ටිසෝරියේ දි....
ඔන්චිලාවෙන් බිමට බල්ටියක් ගහලා නලල කුජීත විදිහට පලා ගත්තා...එදා ඉදන් අද දක්වාම කුජීත් විදිහට හතර හන්දි තලා ගන්න මම නං ඉතාම දස්සයි....
යන්තන් කටේ කිරි සුවද ගිහින් ආල හැගුම් මොරන්න ගත්ත දවස් වල කෙල්ලෙක් පස්සෙ ගිහින් අන්ත විදිහට කුජීත උනායින් පස්සේ අම්මා කියන කෙල්ලෙක් බදිනවා කියලා කියපු අපේ අයියා අම්මා ගෙනාපු පලවෙනි යෝජ්නාවටම අකමැති උනේ ඒ කෙල්ලගේ මුනත්තහඩුව කුජීතයි කියල.....

Tuesday, March 03, 2015

- විල්ගේ ලෝක සවාරිය දෙවන දිගහැරුම -

අද එතන් සිට....

අපි යන්නේ අන්න අරකෙන් ....
බර්ඩි අත දික් කරලා වොල්ට්නට් ගහ පිටි පස්ස පෙන්නුවා.
විල් සහ හැරී එක පාරටම පැත්ත බැලුවා. ලොකුම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
විල් ගෙ ගෙදර තරම්ම ලොකු වොල්ට්නට් ගෙඩියක්....
මේක කොහෙන්ද හොයා ගත්තේ....

Saturday, February 28, 2015

- විල්ගේ ලෝක සවාරිය පලමු දිගහැරුම -

ඇනස්ටීන් මිස් පංතියේ කට කැඩෙනකම් කිව්වත් විල් හිතන්නේ අපි ඉන්නේ රොටියක් වගේ ලෝකෙක කියල...
ඇනස්ටීන් මිස් ඕව දන්නෙ කොහෙද මං තරම්...
බෝලයක් උඩ අපිට හිටන් ඉන්න බෑ නේ...
අපි ඉන්නේ රොටියක් උන....ඔව් තැටියක් වගේ රොටියක් උඩ...
විල් තනියම කල්පනා කර ගමන් ඉරුන කැන්වස් සපත්තුව කොනින් එලියට පැනපු මාපට ඇගිල්ලෙන් පොලොවේ ඉරි අදින්න ගත්තා....ගෙදර දුම් කවුලුව පිරිසිදු කරන්නත් තියනවා.විල් ට හදිස්සියේම මතක් උනා....නැත්තම් අද හවසට පුංචි අම්ම ජේන් ගෙන බැනුම් අහලා සෑම් බාප්පගෙන් ටොක්කකුත් කන්න වෙයි...

පහුගිය සීත කාලේ තිබුනු දරුණු හිම කුනාටුවකට විල් අම්මා තාත්තා එක්ක අස්සකරත්තේ යද්දි අහු වෙලා අම්මයි තාත්තයි දේවදූතයෝ එක්කන් ගියාට පස්සේ විල් හැදුනේ වැඩුනේ පුංචි අම්මා ජේන් ලග....
පුංචි අම්මටත් විල් ගේ වයසෙම පුතෙක් හිටියත් විල් ඒ බතලයාට වැඩි කැමත්තක් තිබ්බේ නෑ...
කටුස්සෙක්වත් අල්ලන්න දන්නේ නැති මහ බයගුලු බතලයෙක්....
විල් බෙනි ගැන හිතුවේ එහෙමයි...
විල් ට බෙනි පේන්න බෑ වගේම බෙනීත් විල්ට වෛර කරා...
මහ දගකාර වදකාර කොල්ලෙක් විදිහටයි විල් ව බෙනී දැක්කේ....
හිටිය තැනින් ඉක්මනට නැගිට්ට විල් ඉක් ඉක්මන ගේ දිහාවට ඇවිදගෙන ගියා....
ගබඩා කාමරෙන් පරන කොහු බුරුසු දෙක තුනක් හොයා ගත්ත විල් දුම් කවුලුව දිගේ උඩට බඩගෑවා....
ඇග පුරාම දැලි ගා ගන්න ගමන් විල් කොහු බුරුසු වලින් මුලු කවුලුවම පිරිසිදු කරා...
වැඩේ ඉවර කරලා පහලට ආපු විල්ව පිලි ගන්න දුම් කවුලුව ගාව හිටියේ බෙනී...
පුරුදු විදිහටම අර මහ අමුතු හිනාව දා ගත්ත මහත අප්‍රසන්න මූන....

අහ්....දැලි කුමාරයා...උඩ කටුස්සො හිටියේ නැද්ද...

Friday, February 27, 2015

පොඩි නම මොකද දුක් වෙන්නේ ........නිස්සද්දේ

වෙල් එලි බඩ වැටි වල දුව................. පැනපූ
ගඩා ගෙඩි කකා කොල්ලන් හා............. ඉදපු
වැවේ දෙකොන යා කර දිය බුං............ ගහපු
මගේ කේන්දරයට හෙනහුරු................ ආපු

කොල්ලට ගිහිගෙයින් යන්නට ...........වෙනවාමයි
නොගියොත් උබේ පවුලම දුක් ...........වෙනවාමයි
හෙනහුරු ලේසි නෑ දුක් ගිනි ...............දෙනවාමයි
කට උල් කරන් කිවේ ගමේ ..................කපුවාමයි

Thursday, February 26, 2015

සියලුම දෑ සැමවිටම සර්ව සාධාරන වන්නේ නැත...

සියලුම දෑ සැමවිටම සර්ව සාධාරන වන්නේ නැත...
නමුදු අපි ආදරය තුලදී සියල්ල සාධාරනව බලාපොරොත්තු වන්නෙමු....

Monday, February 23, 2015

අලුතෙන් ආව ඉකෝන් මිස් මන ...........බදින

සිසිවන් උවන ඉග සුග ගත හැකි ...........මිටින
අලුතෙන් ආව ඉකෝන් මිස් මන ...........බදින
ලාවට වැහුන හැට්ටේ පිටු පස ..........කොනින
බොඩි පටි දුටුව මුලු පන්තිය ගල් .........ගැසින

Saturday, February 07, 2015

.....පේමදාස රුපියල.....

මාටින් මාමේ...ඉතුරු සල්ලි වලට බුල්ටෝ දෙන්න...
අතින් කටින් බඩු මුට්ටු එල්ලන් උන්නු පුංචි ඇටයා කඩේ මුදලාලියාට කියනවා මට යාන්තමට ඇහුනා..මෙච්චර බඩු තොගයක් ගන්න මම කොච්චර වටිනවා ඇත්ද....
මට හීනි ආඩම්බරේකුත් ආවා...
කොල්ලගෙ කිලුටු නාවර පිරිච්ච අල්ල උඩින් මාටින් මුදලාලිගෙ ලාච්චුවට මං ආවේ එහෙමයි...

Tuesday, February 03, 2015

මටත් මලක් පුදපන් ………..සමාවෙලා

පෝයට පායනා හඳ යායට මුදුන් ………..වෙලා
කුරහන් යායේ කිරි කුරහන් හිනා …….....වෙලා
ගෙදරට යන්න බෑ හේනෙම හවස් ……....වෙලා
මැණිකේ යන්න ඇති පන්සල් මලුත් .......නෙලා

එන්නම් කියා කිව්වම යන්නට ……………..පන්සල්
මැණිකේ හිනහුනා මදහස පා ………….…..මල් මල්
අද රෑ රැකිය යුතු වේ මැණිකේ හේනේ ….….......පැල්
තනිවම අදට විතරක් පලයන් …………….…පන්සල්

Monday, February 02, 2015

වදින්න යන මේ නඩේට.....

ඒ සිරි පා වන්දනා සමයයි...
වාසනාවන්තගේ උපන් ගෙයි ගජය වන වර්ණපාලයා හැම වසරකම පාහේ සිරි පා කරුනා කරන්නට යන සුපිරිසිදු බැතිමතෙකි....
යන එන තැනකට වත් පිනක් දහමක් කර ගැනිමේ අරමුන ඇතිව වාසනාවන්තත් මෙවර සිරි පා කරුනා කරන්න වර්ණපාලයා හා එක් වී යෑමට තීරනය කලෙමි....

අපායට ගියත් තනියම යන්න නොදෙන ලැන්ටියත් අනුරයාත් මගේ දෑත් ශක්තිමත් කරන්නට මෙවරත් සුපුරුදු ලෙසම එක් විය...ඉදින් අදාල දිනයේ උදේ රැයින්ම අපි වර්ණයා ගේ ගෙදරට සෙට් වුනෙමු....

"තොපි හතර දෙනාට කියන්නේ...විසේසෙන් බොට කියන්නේ...." කියමින් වර්ණයාගේ මෑනියන් අපි හිටි ස්ථානයට එක වරම ස්ථාන ගත උනා...
"අපි යන්න හදන්නේ සුමන සමන් දෙයියන්ගේ අඩවියට...කටවල් පරිස්සම් කර ගන්නවා හොදයි...
තොපේ වරත්තු කටවල් ඇර ගත්තොත් තොපිට දෙන්නේ සෙරෙප්පුවෙන්...."

Sunday, February 01, 2015

චාටර්....

ඕනැම වැඩක් පටන් ගන්න කලින් මම නම් හිතන්නේ සිරාවටම වැඩේ කරන්න ඕනේ කියලා. උනාට මම පටන් ගන්න ඕනෑම වැඩක් අන්තිමට චාටර් කරන් නවතිනවා කියලා අපේ අම්මා නම් කාලේ ඉදන් දන්නවා...
පුංචිම පුංචි සන්දියේ පරම්පරා පාත්තරේ කලිසමේ සිප් එකට අහු කරන් මුලු මොන්ටිසෝරියටම චාටර් උනා කියලා අම්මා මට පොඩි කාලේ කියලා තිබ්බට මම නම් ඒක විස්වාස කරේ නෑ.... උනාට මේ ලගදි දවසක් අපේ ඈතින් නෑ වෙන අක්ක කෙනෙකුත් පවුලේ ඔක්කොම මැද සිද්දිය මතක් කරලා අයේ චාටර් කරා....
මම නම් හිතන් නේ චාටර් වීම මම උපතින්ම දෝතින් ගෙනාපු දායාදයක් කියලයි....

සෑහෙන කාලයක් නිකන් ඉදලා නේ

වාසනාවන්තගේ පාසල් අවදියයි.
යන්තමින් සාමාන් පෙල ගොඩ දමා ගැනීමෙන් අනතුරුව අපි ඊලගට මුහුන දුන් ලොකුම ගැටලුව මැත්ස් කරනවා කොමස් කරනවාද සයන්ස් කොරනවාද යන්නය...
පසුව ඒකමතික දැඩි තීරනයකින් අනතුරුව මම වානිජ අංශයත්....ලැන්ටියා වර්නයා සහ අනුරයා ගණිත අංශයත් තොරා ගන්නා ලදී.
පාසල පටන් ගත් පලමු දිනයේම අපි හතර දෙනාම සූරයෝ විදිහට සැට් වෙලා තිස් තුන් කෝටියක් දෙවියන් සිහි කරන් විද්යාල ගත උනෙමු....
වර්ණයා ඇතුලු පිරිවර ගණිත අංශයට රිංගද්දී මම හෙමින් සීරුවේ වාණිජ අංශය දිහාවට බඩ ගෑවෙමි...සාමාන් පෙලත් මෙම පාසලෙම කල නිසා මිතුරන්ගෙන් නම් අඩුවක් තිබුනේ නැහැ....

Saturday, January 31, 2015

එනවිට දන්නේ නුබ දුරු රට ගිහින්............. කියා

ගස් වැල් අතර පිය මැන ආ මා ...............සොදුර
මතයිකයි නුබ පැවසුවා යායුතු දුර ...........කතර
හිමි මට නුබයි මා නුබේ ලගයි මේ ..........සසර
කිව් ඇය නොමැත අද තනිවෙමි මා .........නිතර

මම තාමත් උබේ....

මුලු රෑ පුරාම වැඩ කරලා මහන්සිය නිසාත් නිදි මත නිසාත් දෙකම මග ඇරෙන්න තේ එකක් බොන්න හිතාන උනුවතුර බොතලේ අතට ගත්තේ...කෝප්පේට තේ එක වක් කරන් ඉදගෙන උන්නු පුටුවෙන් නැගිට්ටේ කකුල් දෙක ඉදන් ඉදලම හිරි වැටිලා තිබුනු හින්දා.හෙට උදේ වැඩට යන්න හොදට මැදලා
තිබුන ශර්ට් එක කාමරේ එල්ලලා තිබ්බා..
මම හැම උදේම ශර්ට් එකක් අදින වාරයක් ගානේ උබ මගේ හිත පහුරු ගානවා දැනෙනවා...
උබේ කට හඩ එදා වගේම ඇහෙනවා..
................................................................................
සුදු මහත්තයෝ.....
ඔයා ලොකු මහත්තයෙක් වෙලා අත් දිග ශර්ට් එකක් ඇදලා වැඩට යන්න ඕනේ..

සුදු මහත්තයාගේ හුස්ම ඉවර වෙන්න කලින් වරෙන්...

මට ආයේ කරදර කරන්න එපා...
අයේ මට මැසේජ් එකක් වත් එවන්න එපා.මට ඔයාව ඕනේ නෑ....

ආයේ ආයේ ෆෝන් එක දිහා බලාන කියෙව්වේ මේක නම් මගේ සුදු මැණිකේ නෙමෙයි එව්වේ කියල හිත කියන නිසා..

බෝතලය ඉකි බිදී....

හැර දමා ගිය නිසා....
ආලයක් යලි හමු වෙලා...
හතර මායිමෙන් එපිට...
බෝතලය ඉකි බිදි.....

මම උබේ ෆිල් හියුස්

උබේ ආදරය හිසේ වැදී...
මාස ගනනක් කෝමා හැදී...
ඇදේ වැටී හිදි....

මම හැමදාම මෙහෙම ඉන්නම්

ඔයා මාව හුරතල් කරනවා වැඩීලු සුදු මහත්තයෝ....
මේ ඉරිසියාවට කියන කතා ඔයා ගනන් ගන්න එපා...එයාලට මගෙ සුදු මහත්තයා වගේ කෙනෙක් නෑ නේ...
උබ හිනා වෙවි අතේ එල්ලිගෙන කියනවා....
කට උල් කර කර කියද්දි මටත් හරිම ලෝබයි සුදු මැනිකේ...

ආදරෙන් යුද වැදුනෙමි....

ආදරෙන් යුද වැදුනෙමි....
කදු පන්ති තලා දමමින්...
තොල් පෙති උරා බොමින්....

ආදරේ පිලුනු රහයි

දැනුනෙ නැද්ද....
හැම වෙලේම කෝල් කරද්දි මැසෙජ් එවද්දි යවද්දි දැනුනෙ නැද්ද....
ආදරේ අමුතු රහ නෙමෙයි...නිතර දකින කුකුලගෙ කරමලේ සුදුයි වගේ දෙයක් ගැ
න මම කියන්නේ....අලුත් පරපුරේ,ඒ කියන්නේ අපේ පරපුරේ ආදරේ ඉක්මන්ට පිලුනු වෙන්නෙ ඇයි...

මරා සිරා සහ ස්ටැන්ලියා..

පසු ගිය කාල වකවානුවම මුලු ලංකාවේම දැවෙන ගැටලුව උනේ මරා ද නැතම් සිරා ද කියන එකයි...කොහොමෙන් කොහොම හරි ජනවාරි 8 වෙනිදා දෙන්නාගෙ චන්ද සටනින් සිරිසේන මහත්තයා ජය ගත්තා...මහින්දා මහත්තයා පරාද උනා.
මේ කතාව මහින්ද මහත්තය ගැනවත් සිරිසේන මහත්තයා ගැනවත් නෙමෙයි...
මේ කතාව උදේට මරාට කඩේ යන හවසට සිරාට කඩේ යන ස්ටැන්ලියා ගැන...

Friday, January 30, 2015

ඊට වඩා අඩුවට ගල කපා ගන්න බැරිද....

තොයිල කෙලියෙන් පසු වරිග සභාව නැවත කැදවූ පලමු දිනය අදයි...වැඩ රාජකාරි වලින් මිදී යට ගිය දවස ගැන රසවත් කතාබහ අපි අතරේ සුපුරුදු ලෙසින් කෙරී යන්නට විය...
අනුරයා පමනක් නිදි බර මුහුනින් සිටි....

මොකද බොල මේ දාහට අරන් නිකන් දීලා වගේ...

මහන්සි බන්...ඉයේ මුලු රෑම ප්ලෑන් එකක් ඇන්දා බන්.
මහේලයි සංගයි හොටෙල් එකක් දාන්න යනවනේ බන්.ඒකේ ප්ලෑන් එක අදින්නේ අපේ කම්පැනි එක බන්.අපේ ලොක්කා ඒක මගේ කරේ ගැහුවා බන්..මම ඊයේ රෑ වෙනකම් ඒක එක්ක ඔට්ටු උනා බන්...

Thursday, January 29, 2015

පරිප්පු

අපි එදත් කෑවේ පරිප්පු...
අදත් කන්නේ පරිප්පු...

වෙරි පහ

විඩාබර සතියකින් පසු මිතුරන් සමග සති අන්තයේ වරිග සබාව රැස් විය.කතා බහ දිගින් දිගට ඇදී යන අතරතුර වර්ණපාල අලුත් මාතෘකාවක් ඇරබීය.
මචන් උබල දන්නවද වෙරි පහ කියන්නේ මොනවද කියලා....
වෙරි පහ....???අහවල් අලබෝලයක් ද බං ඒ...

අපිට කොහෙන්ද බං.....

නිවාඩු දිනයේ මිතුරන් කිහිපදෙනා සමග වරිග සබාව වර්ණපාලගේ ගෙදර රැස් කරන්නට සියලු කටයුතු සුදානම් කර හමාරය...හවස් යාමය උදාවත්ම ලැපත් බෑග් එකේ දමාගෙනම බයික් එකට ගොඩ උනේ ටිකක් කලින් ගිහින් වර්ණපාලගෙන් අලුත් සින්දු ටිකක් ලැපට පුරවා ගන්නටය....
බයික් එක ගෙයින් එලියට දානකොටම වර්ණපාලගෙන් ඇමතුමක් ලැබිනි....
මචං...

අවසානයේ අපි යකෙක්ට ද නෝන්ඩි විය...

පසු ගිය සතිය අපේ වරිගසබාවට ඉතාම කාර්‍යබහුල සතියකි.මන්ද අපෙ මිත්‍රයෙකුගේ ගෙදර තොයිලයකි...ඉදින් අපිත් සියලු වැඩ රාජකාරි අතහැර රැකියාවලට නිවාඩු දමා තොයිල කෙලියට එකතු පහදු වූයෙමු...සතියක කාලයක් ඉද පේ වීමට ඔවුන්ට සිදු විය...
ගේ දොර අස් පස් කර සියලු දෙනාම තොයිලයට බඩු මුට්ටු සොයන්නට පටන් ගත්තා...හැමදාම වගේ අනුර අදත් ලිස්ට් එක අතට අරන් හඩ නගා කියවන්න පටන් ගත්තා.

තාත්තාට කින්ඩි වීම

තත්තේ...

හ්ම්ම්...

මට කාර් එකක් ගන්න ඕනේ...