Monday, May 23, 2016

මැයි ඩේ එක සෙලිබ්‍රේට් කොරන්නට සැට් උනෙමු...

මේ දවස් වල නම් හැමතැනම කම්කරුවන් වෙනුවෙන් කෑ මොර දෙන මගෝඩිස් තුමන්ලාය....
අපි අයිතීන් වෙනුවෙන් නැගී හිටින්නට ඕනෑය කියා බෙරිහන් තලන මගෝඩිස් උන්දැලා මැයි පලවෙනිදාට අපි වගේ වැඩ කොරන ජනතාවගේම කරෙන් ඉස්ටේජ් වලට නැග අපිටම අම්බානක් පච ටොම් පච කෙබර දෙසා බාලා අපිටම කොකා පෙන්නලා මැයි දෙවෙනිදා ඉදන් අපිව පඩේකටවත් මායිම් නොකර ඉන්නවාය....
අපේ උන්දලාත් අනේ ඉතින් ලැජ්ජා නැතුව ඊලග අවුරුද්දෙත් ඔය කෙරුවාව ම ආයෙත් කොරනවාය...
ඒකෙන් මේකෙන් කමන්නේ නැතිය...
මේ පාර මැයි පලවෙනිදාට අපිටත් කීයක් හරි ගතමන්ට් එකක් හොයා ගන්න හිතාන අපිත් මැයි රැලියකට සෙන්ටිමෙන්ටල් වෙන්නට හිතුවෙමු...
අයිඩියා එක නම් සභාගත කොරේ වර්ණපාලයාය....

වර්ණ්පාලයා කියන හැටියට නම් මැයි ඩේ එක හෙන මාවලස් සාගරය්ක්ය.....
ඊටත් වඩා පුල් හැපනින් ය....
ඉතින් වර්ණයා කියන හැටියට අපි මැයි ඩේ එක සෙලිබ්‍රේට් කොරන්නට සැට් උනෙමු...
උදේ පාන්දරම් ගමේ මැම්බරයාගේ ගෙදරට සෙන්ටි මෙන්ටල් උන ඇපි සැට් එක මැම්බරයා අපිට සප්ලයි කොරාපු ටී සෑට් ඇදන් බුවාම අපිට දුන්න බැනර් කටවුට් රැඩි කොරාන බුවාම සැට් කොරපු අශෝක් ලේලන්ඩ් ටකරන් බස් එකේ සීට් එකක හරි බරි ගැහුනෙමු...
දැන් අපි කෙලින්ම යන්නේ මැයි රැලිය තියන පොට් එකටය...
වර්නපාලයා නම් යන අතර මග දී එහෙට මෙහෙට හැරි හැරි සෙල්පි ගහනවාය....
මමත් ඌ එක්කම සැට් වෙලා සැල්පියක් ගහා ගත්තෙමි...
සෙල්පි ගහන් අස්සෙන් එහෙන් මෙහෙන් නැටුම් තෙල් බෝතල් දෙක තුනකුත් නැමෙනවා දුටුවෙමි...
එහෙන් මෙහෙන් යන බයිට් කෑල්ලකුත් හපන් ගමන් බස් එකේ සීට් එහෙකට තට්ටු කොරන ගමන් සා දුකින් පෙලෙන් උන් දැන් ඉතින් නැගිටියව් කියමින් අපේ අනිත් ගැන්සිය තාලෙට අප්පුඩි තලනවාය...
අම්මේ මැයි රැලියේ ෆන් එක ක්ලයි මැක්ස් එකට එනවාය...
පුල්ම මාවලස්ය.....
මේ වර්ණයා...
කියහන්....මොකෝ...
වර්නයා මන් දිහා නොබලාම අහනවාය...
මේ සිරාවටම මැයි දිනේ කියන්නේ මොකක්ද බන්...
මේ...මේ ......හරියටම දන්නේ නෑ නිවාඩු දවසක් නේ....
වර්නයා කටේ දිවේ නොගෑවී කියා දැම්මේය....
අහ්...එහෙමද.....
එල එල...
මම උගෙන් ඊට වඩා මැයි දිනේ ගැන අහන්න නොගියෙමි...
මැයි රැලි බස් එක කෙලගෙන යනවාය...
ඩ්‍රයිවරයටත් පිස්සට හැතැම්මේ නෑ වගේඇක්සිලේටරේ උඩ වාඩී වෙලාය....
ටික වෙලාවකින් බරාස් ගාලා බස් එක බ්‍රේක් ගහනවා ඇහුනි...
අම්මට හුඩු බල්ලෙක් වත් පැන්නද....???
මම ජනේලෙන් ඔලුව දාන්න හදනාවා එක්කම කවුදෝ බෙරිහන් දෙනවා ඇහුනි....
අනිත් පක්ශේ මැයි රැලියට යන බස් එකේ උන් මෙන්න අපිට ගහනෝ......//
අම්මට හුඩු මල කෙලියයි...
දුවන්න පාරවල්වත් දන්නේ නැතිය...
අදහන දෙයියන් සිහි කොරගෙන මම අත් දෙකෙන්ම මූන වහ ගත්තෙමි...
අනේ බුදු අයියේ ඕන තැනකට ගහපන්...
මූන ගහන්නේ නැතුව...
මට කියා ගන්න හම්බුනේ එච්චරය...
සිහිය එනකොට ඇක්සිඩන්ට් වෝඩ් එකේය....
අපේ මැයි රැලි ගමන පුල් මාවලස් ය....


2 comments:

  1. මට පොස්ට් තුනක් මග ඇරිලා, අර කථාවේ දෙක ලියන්නේ නැද්ද බන්...
    සිංහල බ්ලොග්ගල..

    ReplyDelete
    Replies
    1. දෙවනි කොටස දාලා ගොඩක් කල් නෙව බොලන්

      Delete