මාතලී මාතලී.....
මෙහාට එනවා...කෝ මේ මාතලී....
උදේ පාන්දරම සක්කර දෙවියන්ගේ පස්ස රත් වී මෙරිහන් දෙන හඩ ඇසුනු මම කෙලගෙන් අවුත් දේව සබාවට ගොඩ බැස්සා...
මාතලී...
ඉක්මනට යන්න ලෑස්ති වෙනවා....
කොහාටද....
ලංකාවට.....
ඒ අර අහවල් එකකට ද දේවයන් වහන්ස.....
අහවල් එකකට ද…????
මේ මගුල කරන්න බෑ ඕයි....
මුන් ගෑනුන්ට ගහනවා....
පොලිස් කාරයන්ගේ හෙල්මට් උස්සනවා.....
පොඩි උන් දූශනය කරනවා....
ආච්චිලාට අතවර කරනවා...
නැන්දලාට බලහත්කාරකම් කොරනවා....
ලැජ්ජා නැතුව හතර පෝයටම සිල් ගන්නවා....
ඒ අස්සේ මුන් ලැජ්ජ නැතුව ඒවා වීඩියෝ කොරලා පේස් බුක් දානවා...
යූ ටියුබ් දානවා.....
ඒක කමක් නෑ කියහන්කො...මුන්ට කොහොමත් පිස්සු නේ.....
මට තියන ප්‍රශ්ණේ මගේ මේ අන්තප්පුරේ ඉන්න කෙල්ලො ටිකත් ඒවටම ලයික් කර කර මගේ වෝල් එකේ සෙයා කොරනවා නේ....
ඔව් ඉදින් දැන් දිව්‍යාංගනාවෝ උනාට ඔතනත් ගොඩක් ඉන්නේ ලංකාවෙන් ආව හතර පෝයටම පංසල් ගෑටුව කල්ල කපටි වෙට්ට පිත්තල අම්මන්ඩිලා නෙහ්...
මම කටේ දිවේ නොගෑවෙන්න සක්කරයට කියන්න ඕනෙ එක කියලා ඇරියා...
සක්කරයට කට උත්තර නැති උනාට ඒ වගක් නොපෙන්නා ආයෙත් අඩෝ වැඩියාව පටන් ගත්තා....
සිකුරාදා හවස පල්ලි යනවා...
අනිත් උන් කෝවිල් යනවා....
අඩියෙන් අඩිය බුදු පිලිම බෝ ගස් දේවාල වැහි වැහැලා....
ඉතින් මුන් මට බයිනවා මේ උඩ ඉන්න දෙයියන්ටවත් පේන්නේ නැත්ද කියලා....
බලනවා මේ මගේ තට්ටන් දෙක....
මුන් කෑ ගහන කෑ ගහන සැරේට මේ පඩුපුල් ආසනේ උනු වෙලා.......
දිය පට්ට දාලා...
අද වරෙන් යන්න ලංකාවට මේකේ දෙකෙන් එකක් විසදලා එන්න....
ඒක නෙමෙයි මාතලී....
මාතලී උබ මොකද හිතන්නේ....
මුන්ට මොන වගේ විසදුමක් දුන්නොත් හොදද.....
දේවයන් වහන්ස...
අපි මොකටත් අධ්‍යන චාරිකාවක් ගිහිල්ලම බලමු....
මම ඩිෆෙන්ඩර් එක ලෑස්ති කරන්නම්.....
නෑ නෑ ඕනේ නෑ මාතලී...
බස් එකේම යමු.....
මට උබේ ඩ්‍රයිවින් සුවර් නෑ.....
ඊටත් උබ ඕක ලේලන්ඩ් බස් එකට ඇනලා ඒ බස් කාරයාවත් හිරේ දාලා පව් පුරෝ ගන්න මට බෑ
ඩිෆෙන්ඩර් ඕනේ නෑ....
උබ මගෙ තනියට වරෙන්කො.....
සක්කර දේවයන් වහන්සේ සමග මුලින්ම බැස්සේ කොටුව ස්ටේශන් එක එහා පැත්තට....
මේ ඔයි මාතලී...
තාම තමුසේ දේව සබාවේ එන්ට්‍රන්ස් පාස් එක බෙල්ලෙ එල්ලන් නේ...ඔන්න ඕක ගලවනවා.....
හරි වරෙන් මේ බස් එකෙන් යමු අපි....
සක්කර දෙයියො 138 කට නැග්ගා.....
ටික දුර යනකොට බස් එකට බබෙක් හම්බෙන්න ඉන්න අම්ම කෙනෙක් ගොඩ උනා....
ඉස්සරහම සීට් එකේ උන්නු ගෑනි ජනේලෙන් එලිය බලා ගත්තා ගත්තමයි වගේ වගක් නෑ....
පිටි පස්සේ සීට් එකක් හිටිය කොන්ඩේ වවා ගත්ත අප්සැට් ජොකියෙක් වගේ කොල්ලෙක් සීට් එක දුන්නා....
ඈ බන් මාතලි......
ඔය ඉස්සරහා සීට් එකේ ඉන්න ගෑනි මහිලා සමිතියක සබාපති කෙනෙක් ඕයි.....
හෑහ්....ඔබ වහන්සෙ කොහොමද දන්නේ....
මම සක්කරය ඕයි....මම දන්නේ නැති දෙයක් තියනවද මේ කරිජ්ජ වලල්ල අස්සේ.....
ඔය නැගිට්ට අප්සැට් ජොකියා ගංජා පාරක් එහෙම ගහලා ඉන්න එකෙක්....
යකෝ මහිලා සමිතියේ සබාපති අහක බලන් යන රටක්නේ යකඩෝ මේක.....
ඒකට මොකද ගිය සතියෙත් හෙන පිකටින් පාරක් දැම්මා ගැහැනියට සම තැන ඉල්ලලා.....
ඕවාට තමා බන් මාතලි කියන්නේ කටේ නරි වාදම රෙද්ද පල්ලේ බේරෙනවා කියලා....
බස් එක තව ටික දුරක් ගියා......
හුරු බුහුටි කෙල්ලෙක් නැග්ගා කැම්පස් එක ලගින්....
බස් එක මැදින් ඉන්න කෙල්ලගෙ ඇගට කොහේදෝ යන හීනප්පාලි කෑදැත්තෙක් හේත්තු වෙනවා...
මූට ඔස්ටියෝ පොරෝසීස් ද...
හන්දි පන නැද්ද....????
මම සක්කර දෙයියන්ට ඇගිල්ලෙන් ඇනලා බුවාව පෙන්නුවා.....
දේවියන් වහන්ස....
අර අරූ...අර නංගිගේ කරේ යන්න හදනවා....
කෝ බලන්න....
අම්මට සිරි.....යකෝ මාතලී....
හැහ්....
මේ මේකා පහුගිය දවස් ටිකේම කාන්තා හිංසනයට බුකියේ කෑ ගහපු බුවෙක් නේ.....
ඔබ වහන්සේ කොහොමද දන්නේ....
මූ මගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්නවා ඕයි....
මූ මාර ඒවා සෙයා කොරන්නේ....
සැහ් ලංකාවේ හෙන අප්සැට් ජොකියෝනේ බන් ඉන්නේ මාතලී....
හිටපන් මම මූ බස් එකෙන් එලියට දාන්න...
එහේ කියපු සක්කර දෙයියෝ දේව බලෙන් සුටුස් ගාලා බුවාව එලියට දැම්මා......
තව චුට්ටක් දුර යද්දි හොදට ඇද පැලද ගත්ත මහත්තයෙක් වගේ එකෙක් නැග්ගා......
අපිට ඉස්සරහා සීට් එකේ ඉදගෙන ඔලුව නමාගෙන පෝන් එකේ මොනවද බලනවා.....
දේවයන වහන්ස....
මේ නැග්ග එකා මොනාද මේ ඔලුව නමාගෙන කොරන්නේ.....
කෝ මොකාද....
මේ අපිට ඉස්සරහින් ඉන්න එකා.....
යකඩෝ......
මේ අර අහවල් පොලීසියේ ඕ.අයි.සී මහත්තයා නේ......
කෝ බලන්න මොනාද මේකා මේ බලන්නේ...
එහෙට මෙහෙට ඇබරිලා සක්කර දෙයියොයි මමයි ඔලුව දාලා බැලුවා.....
හුටා....
මේකා හෙන වැලක් බානවා නෙව....
ඈ බන් මාතලී....
මුන් පහු ග්ය දවස් වල අර පොඩි එකෙක් මරන්න හැදුවා නෙව....
දැන් මේ මේකා කොරන වැඩේ බලාපන්කෝ.......
මේ මාතලී මේ වැඩේ හරියන්නේ නෑ....
බැහැපන් බස් එකෙන්....
හොදටෝම අප්සැට් වෙච්ච සක්කර දෙයියෝ බස් එකෙන් මාවත් ඇදන් බැස්සා.....
දේවයන් වහන්ස....
අපි මොකද මේ නරයන් ගේ ප්‍රශ්නෙට කොරන්නේ....
අනේ මන්දා ඕයි...
මට මුන්ව තේරෙනේ නෑ ඕයි මාතලී......
එච්චරට එපා වෙලා ඉන්නේ......
මට වෙලාවකට හිතෙනවා ඕයි මුන්ගේ මේ ප්‍රශ්න හින්දා මේ පඩුපුල් ආසනෙත් ළමයෙක්ට ම දීලා දාන්න...
ඒත් දේවයන් වහන්ස පොඩි පරහක් තියනවා.....
හෑ...
අර මක්කයි මාතලී ඒ......
චාමරට සිරාවටම තරහා යයිද දන්නේ නෑ ඕක ළමයෙක්ට දුන්නොත්.......
මේ මගෙන් කුණුහරප අහ ගන්න එපා මාතලී ඈ....
සටහන
-වාසනාවන්ත-

පට්ට කතාවනේ මචං..
ReplyDeleteඋඹ හැමදාම මේ වගේ ඒවා ලියපං මචං.මේවා උඹ පත්තරේට දානවද?..ප්‍රින්ට් අවුට් අරගෙන බෙදුවත් පාඩු නැ මේ පෝස්ට් එකනම්.උඹ ඉතා සියුම්ව සමාජයේ පැතිකඩ කිහිපයක්ම උපහාසයට ලක් වෙලා තියනවා මේකේ...
ඇත්තම කිව්වොත් අපිට මේවා ගැන ලිපි විදියට ලියන්න පුලුවන් උනාට මේ විදියට නමි ලියන්න බැ.ලිපියකට වඩා මේක හිතට වදිනවා.
එහෙනම් ඔන්න අපි ගියා...
බොහොම ස්තූතී මනෝ.....
Deleteමේ දවස් වල නම් අපේ නලීන් අයියලාගේ බේරේ ගෙදර දිනමිණේ දී-වයි පත්තරේට ලියනවා.....කොකාගේ කොලමට...
කලින් මම පෝස්ටුවක්ම දැම්මා ඒ විස්තර කියලා.....
කොහොම වෙත්ත ලියන ලියන අකුරක් ගානේ බොලාලට දැනෙනවා කියල කියන එකම මට හයියක්....
දෙයියන්ට අරින එකමනේ මූ කරන්නේ... බට් අයි ලයික් දිස් ඉස්ටයිල්.... කීප් ඉට් අප්.
ReplyDeleteවෙලාවක් බලලා අරිනවා ඇරිල්ලක් රම්පෙට පොරි පොකුරු පොකුරු වැටෙන්ට බන්ඩො......
Deleteදැන් ඕකට පිකටින් කරන්න හෙම ලෑස්ති වෙන්න එපා ඕං. අගතියට පත් පාර්ශවය මොනව කියයිද දන්නේ නෑ.
ReplyDeleteමේ මම නම් ඕවට නෑ...
Deleteනියමයි හතර වටේ ගහල. අර ජැක් ගහපු එකා බස් එකෙන් එලියට දැම්මට අර දැරිවි විරුද්ධත්වය ප්‍රශා කොලේ නැද්ද මාතලී?
ReplyDeleteබැන්නා කියහන්කො....
Deleteමට හොද නම් බොට මොකෑ කියලා ඇහුවා කියහන්කෝ...
ඒ කෑල්ලත් ඇඩ් කොරන්න තිබ්බෙ
Deleteහැක්
මල් හතයි.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
බ්ලොග් ගලේ අර අකුරු වල පාට බැලුවැයි සහෝ....
Deleteජැක් ගැහුවට කෙල්ලට ගානක් නැත්නම් සක්‍රයට තියන අමාරුව මොකක්ද?...ඔන්න සක්‍රයත් චාමරගෙ සිද්දියේදි වගේ ඕනෑ නැති එව්වට හොට දාල ඉලලන් ටින්කිරි ගාගන්න යන්නෙ
ReplyDeleteසක්කරයත් හොට දාන්නේ ගෑනු කේස් වලට නේ.....
Deleteපුළුවන්නම් කියහං බලන්න දැන් පඬුපුල් ආසනෙ තියෙන්නෙ කොහෙද කියලා....?
ReplyDeleteමේ දවස් වල ශක්‍ර භවනෙ කුස්සියෙලු තියෙන්නෙ හොට් ප්ලේට් එක වෙනුවට අරගෙන. ඒ තරමට රත් වෙනවලු බං මේ ලංකාවෙ උන් හින්දා...
හැක හැක....යශ් දන්න දේවල් ඈ.....
Deleteසක්කරයා දන්නවා නම් ඉවරයි....
කාටවත් කියන්න එපා...ලැජ්ජයි නේ බන් අපිට
කට කොනකට හිනාවක් ඇවිත් තිබුනා කියවනකොට.. ඒත් එහෙම්මම හිතුනා මේ අපිටම නේද හිනාවෙන්නෙ කියලා.. නියමයි මචං..
ReplyDeleteජයවේවා..!!
අපි අපිටම තමා බන් හිනා වෙන්නේ....
Deleteමචං මේවට හිනාවෙන්න නෙවී අඩන්නයි ඕන
ReplyDeleteඋඹ නං සුපිරි හොදේ
ඇනල තියෙනව රිදෙන්නම
ජයවේවා
බොහොම තැන්කූ මහේශයෝ....
Deleteඑල ද බ්‍රා
ReplyDeleteසක්කරයත් මුනු පොතේ ඉන්නවද?
PK බැලුවද?
සක්කරයා කොහොමද දන්නේ නෑ බ්‍රා....මාතලී නම් ඉන්නවා....ඔය මූනු පොතේ බැජ් එක ඇති එහා පැත්තේ...
Deleteදාහං වාකා මේක පත්තරේ... නැත්තං පත්තරේ දීහං ළමේක්ට.
ReplyDeleteකොහොම හරි දෙකෙන් එකක් කොරන්න බලන්නම් ඩ්රැකියෝ....
Deleteකියන්න වදං නෑහ් ඉතිං..මේ මං අද දැක්කනේ "තරුණයා" පත්තරේ වාසනාවන්තයා නමින් බ්ලොග් පෝස්ට් දෙක තුනක් උපුටලා දාලා තියෙනවා..ඔයාගේ ඒවා නේද ඒ???
ReplyDeleteඑවාඅන්කො බලන්න තරුනයා පත්ත්‍ර තිබ්බ බ්ලොග් සටහන් වල පින්තූර ටිකක්...මම දැක්කේ නෑ බන්....
Deleteලග තියනවා නම් එවාපන්
මං පුස්තකාලෙන් කියෙව්වේ..මේ සෙනසුරාද පත්තරෙ 03/10/2015
Deleteමේකනං පට්ට මචං......
ReplyDeleteහැහ්....හැහ්..බොහොම ඉත්තූතී කීවා ඕන්...
Deleteමේකට නම් ඇඩෙනවා!!!
ReplyDeleteඉතා වටනා අදහස් ගොනුවක්! මේ වගේ පොස්ට් දාන්න පට්ට site එකක් තියෙනවා! http://liyamu.lk/
බොහොම ස්තූතී....මේ පැත්තට ගොඩ වැදුනු මුල් වතාව මයෙ හිතේ...වෙල්කං කීවා බොගට...
Deleteෂහ් මට මෙච්චර කල් මේ බ්ලොග් එක මගෑරිලනෙ තිබ්බෙ. ලිපිය නම් නියමයි.
ReplyDeleteමග අරුනා නම් දැන් ඉදන් එකතු වෙමු....
Deleteනියමයී
ReplyDelete