Monday, September 14, 2015

ඒ හින්දම මම ඕකව මරනවා...

උද්‍යානය පෙර තරම් සුන්දර නැති බවක් විටක මට සිතේ...
එදා අප හුන් ඒ ගස් යට අප නැති අඩුව පුරවන්නට වෙනත් අය ඕනෑ තරම් එන යන වග මා දුර සිට බලා හුන්නෙමි...
ඔවුන්ද අත් පටලා පෙම් බස් තෙපලමින් අප හුන් තැනම වාඩි වී අපි බලා හුන් ලෙසම ඈතින් ඈතින් පෙනෙන අහස දෙස බලා සිටින අයුරු මට පෙනේ...
අත් පටලා ගන්නට නුබ ලග නොමැති වුවත් නුබ නොමැති අතැගිලිවල හිඩැස පුරවන්නට දුම් වැටියක් වෙර දරමින් සිටී....

බොහො තැන් පිරවීමට ඔහුට නොහැකි උවත් ඇතම් තැන් යන්තමට පුරවාලන්නට ඔහු සමර්තයෙකි...
"කවදාවත් දාලා යන්නේ නෑ......
ආදරෙයි මහ ගොඩක්..."
නුබ කී හැටිත්...
උබේ සුදු මහත්තය ඊට වග උත්තර බැදි හැටිත් විටින් විට මගේ හිතට එබිකම් කර පැන යයි....
නමුත් යලි කිසි දිනක එය සැබෑ නොවන බව මම දනිමි...
මා දැන සිටියත් සුදු මහත්තයා තවත් එය නොදන්නා බව මම දනිමි...
මගේ ඇතුලෙම හැංගි හැන්ගි ඉන්න උබේ සුදු මහත්තය එය තවත් නොදනී....
දවසක මම උබේ සුදු මහත්තය අල්ල ගන්නව...
ඌට මම කියල දෙනවා තෝ දකින්නේ දවල් හීනයක් විතරයි කියලා...
ඒත් ඌ ඒක පිලි ගන්නේ නෑ කියලා මම දන්නවා...
ඒ හින්දම මම ඕකව මරනවා...
එක පාර නෙමෙයි....
හෙමින්....
රිදෙන්න...
දැනෙන්න...

සටහන
-වාසනාවන්ත


8 comments:

  1. සුපිරියි..

    ReplyDelete
    Replies
    1. හෙමින් සැරේ මරලම දාමු ඕකව....

      Delete
  2. කෙටියි රහයි
    ජයවේ ව‍ා.කා!

    ReplyDelete
    Replies
    1. පුන්චි තුවාල රිදෙනවා වැඩී....

      Delete
  3. මෙන්න මිනී මරණවෝ........................ එල ඈ............

    ReplyDelete
  4. වාකා ඔබේ මේ නිර්මාණෙ තරුණයා පුවත්පතේ පළවෙලා තිබුණා!
    ජයවේ වාකා

    ReplyDelete
    Replies
    1. මම දන්නෙත් නෑ බන්....මේ සතියෙ එකේ ද....

      Delete