Tuesday, October 20, 2015

සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....

වස්සානය තවමත් අවසන් නැත....
ගොම්මන් අදුර ටිකෙන් ටික හාත්පස වෙලා ගනිමින් සිටි...
වැහි බීරම නිසාමදෝ වෙනදා තනි නොතනියට ඔබ මොබ පියාසලන කදෝ පැනියෙක්වත් අද නැත.
අදුරත් වැහි බීරමත් වෙනදා නිවෙස බලා යන වෙලාවට වඩා වේලාවක් මා කාර් ‍යාලයේ රදවා ඇත...
වැඩ කරන අතරතුර හිත කලබලයෙන් තියන තාක් ඔබේ මතකයන් යටපත් වී තිබුනත් මේ වැහි බීරමත් අදුරත් ඒ මතකයන් වෙත මා යලි යලිත් රැගෙන ගොස් අතරමන් කරන බව මම දනිමි....
නමුදු එයින් මිදීමට මා කිසි විටක උත්සාහ නොකරමි...
මා විටක එයට තරම් වෙනත් කිසිවකට ආලය නොකරමි...

නුබ කෙරෙන් , නුබේ මතකය කෙරෙන් ඈත් වී පෙම් කල හැකි එකම දෙයකට ඉතිරිව ඇත්තේ දුමක් පමනි...
නමුත් මේ මුරන්ඩු වැහි කළුව මා මෙතනට කොටු කර ඇත....
මා පමනක් නොව තවත් කිහිපදෙනෙකු මගේ මේසය අසල ඇත....
ඔවුන් සියලු දෙනාම ඔවුනොවුන් ගේ ලෝක වල මා ලෙසටම තනි වී ඇත...
ඔවුන්ගේ ජංගම දුරකතන මේසය මත තැන තැනය....
එක් දුරකතනකය තිරය දැල්වී ඇත...
තිරයේ වචන කිහිපයක කෙටි පනිවිඩයකි...
"සුදු මහත්තයෝ...පරිස්සමින් ගෙදර එන්න. "
සිත නැවතත් මා හැර බොහෝ දුරකට යන්නට තැත් කරන වග මට නැවත දැනුනි...
මේ ලෙසම කාලයක් පෙර ගත උන බව කියන්නට මොර ගාන බවත් දැනිනි....
ඒ තෙපුල එතරම්ම මට සමීපය....
ලෙංගතුය.....
සමීප නැති  එකම දෙය නුබම පමනකි....
එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....


සටහන
#වාසනාවන්ත

18 comments:

  1. එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ලස්සන අතීතයක් කියන්නේ දුකක් එක්ක එන වර්ථමානයකයට කියන ව්ව්න නමක් ද කොහෙද බන්...

      Delete
  2. සුදු මහත්තයෝ... කව්ද ඒ?

    ReplyDelete
    Replies
    1. ඌ මැරෙන්න ඕනේ එකක්.....
      ඌ මැරෙන්න ඕනේ....
      මම ඌව මරනවා...

      Delete
  3. ...//එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි//....

    විවාහා වෙලා දූ කෙනෙකුත් ඉන්නවා මට.ඒත් මගේ හිත යන්නේම එදා මතකයට.ඒ මතකයට තවම මම පෙම් කරනවා.මට හිතෙන්නේ මේ පද පේලි බොහෝ දෙනෙකුට සමීපයි කියලයි.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මනෝ එක් එක් කෙනා අපේ හිතේ අල්ලන තැන් වෙන වෙන තැන්...එක් කෙනෙක් අල්ලන තැනක් ආයේ කාට්වත් අල්ලන්න බෑ....
      එතනට වෙන කෙනෙක්ට පය ගහන්න බෑ....
      මනෝටත් මටත් ඒක එහෙමයි...
      එදා එයා පය ගහපු තැනට කවදාවත් ඔයාගේ බිරිදට එන්න බැරි වෙයි...ඒත් ඔයාගේ බිරිද අල්ලපු ඉසව්වට ලං වෙන්න එයාටත් කවදාවත් බැරි වෙයි.....

      Delete
    2. හරියටම හරි මචං,මමත් කෙටියෙන් කීවේ ඒකම තමයි...
      මගේ බිරිදගෙන් ලැබෙන ආදරය,සෙනෙහස කවදාවත් එයාගෙන් ලැබිලා නැ.මමත් මගේ බිරිදට තරම් එයාට ආදරේ කරලත් නැ කියලා මම දන්නවා...ඒත් අර උඹ කියන දේත් එතන තියනවා...මමත් තවම ඒයාගේ මොනවහරි දේකට ආදරේ කරනවා...මම හිතින් පතන දෙයක් තමයි ආයේ කවදාවත් එයාව මගේ ඉදිරියට මුනගැහෙන්න එපා කියන එක..එහෙම මුනගැහුනොත් මට එයා නැතිවුන ඒ පරණ අතීතය ආයෙත් අලුත් වෙලා ඒක මට දරාගන්න අමාරුවෙයි කියලා මගේ හිත කියනවා.අනික මගේ හුස්ම මොහොතකට නවතීවී...

      Delete
    3. හුස්ම නොනැවතුනොත් තමා පුදුමේ....

      Delete
  4. එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
    මතකයට විතරමද??? අනේ මන්ද...

    ReplyDelete
  5. එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
    මතකයට විතරමද??? අනේ මන්ද...

    ReplyDelete
  6. ලස්සනයි..............

    //එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....//

    හැමෝටම මෙහෙමයි......... ඒක නවත්තන්න බෑ..........

    ReplyDelete
  7. හැමෝටම එහෙමයි....හැමෝටම....

    ReplyDelete
  8. මේක අදයි බං කියෙව්වේ. ඒ වාක්‍යයම ඇති. හිත ඒ මතකයට පෙම් කරයි.

    ReplyDelete
  9. ඊයේ රාත්තිරියේ හිත මුරන්ඩු කම වැඩි වෙලා ලියාපු එකක්....
    තාමත් ඒ මතකෙට ආදරෙයි...

    ReplyDelete
  10. මමත් මතකයට පෙම් කරනවා
    ජයවේ මලියා!

    ReplyDelete
    Replies
    1. ඔක්කොම එක බෝට්ටුවේ...

      Delete