වස්සානය තවමත් අවසන් නැත....
ගොම්මන් අදුර ටිකෙන් ටික හාත්පස වෙලා ගනිමින් සිටි...
වැහි බීරම නිසාමදෝ වෙනදා තනි නොතනියට ඔබ මොබ පියාසලන කදෝ පැනියෙක්වත් අද නැත.
අදුරත් වැහි බීරමත් වෙනදා නිවෙස බලා යන වෙලාවට වඩා වේලාවක් මා කාර් යාලයේ රදවා ඇත...
වැඩ කරන අතරතුර හිත කලබලයෙන් තියන තාක් ඔබේ මතකයන් යටපත් වී තිබුනත් මේ වැහි බීරමත් අදුරත් ඒ මතකයන් වෙත මා යලි යලිත් රැගෙන ගොස් අතරමන් කරන බව මම දනිමි....
නමුදු එයින් මිදීමට මා කිසි විටක උත්සාහ නොකරමි...
මා විටක එයට තරම් වෙනත් කිසිවකට ආලය නොකරමි...
නුබ කෙරෙන් , නුබේ මතකය කෙරෙන් ඈත් වී පෙම් කල හැකි එකම දෙයකට ඉතිරිව ඇත්තේ දුමක් පමනි...
නමුත් මේ මුරන්ඩු වැහි කළුව මා මෙතනට කොටු කර ඇත....
මා පමනක් නොව තවත් කිහිපදෙනෙකු මගේ මේසය අසල ඇත....
ඔවුන් සියලු දෙනාම ඔවුනොවුන් ගේ ලෝක වල මා ලෙසටම තනි වී ඇත...
ඔවුන්ගේ ජංගම දුරකතන මේසය මත තැන තැනය....
එක් දුරකතනකය තිරය දැල්වී ඇත...
තිරයේ වචන කිහිපයක කෙටි පනිවිඩයකි...
"සුදු මහත්තයෝ...පරිස්සමින් ගෙදර එන්න. "
සිත නැවතත් මා හැර බොහෝ දුරකට යන්නට තැත් කරන වග මට නැවත දැනුනි...
මේ ලෙසම කාලයක් පෙර ගත උන බව කියන්නට මොර ගාන බවත් දැනිනි....
ඒ තෙපුල එතරම්ම මට සමීපය....
ලෙංගතුය.....
සමීප නැති එකම දෙය නුබම පමනකි....
එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
සටහන
#වාසනාවන්ත

ReplyDeleteලස්සනයි
ලස්සන අතීතයක් කියන්නේ දුකක් එක්ක එන වර්ථමානයකයට කියන ව්ව්න නමක් ද කොහෙද බන්...
Deleteසුදු මහත්තයෝ... කව්ද ඒ?
ReplyDeleteඌ මැරෙන්න ඕනේ එකක්.....
Deleteඌ මැරෙන්න ඕනේ....
මම ඌව මරනවා...
...//එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි//....
ReplyDeleteවිවාහා වෙලා දූ කෙනෙකුත් ඉන්නවා මට.ඒත් මගේ හිත යන්නේම එදා මතකයට.ඒ මතකයට තවම මම පෙම් කරනවා.මට හිතෙන්නේ මේ පද පේලි බොහෝ දෙනෙකුට සමීපයි කියලයි.
මම හිතන්නේ මනෝ එක් එක් කෙනා අපේ හිතේ අල්ලන තැන් වෙන වෙන තැන්...එක් කෙනෙක් අල්ලන තැනක් ආයේ කාට්වත් අල්ලන්න බෑ....
Deleteඑතනට වෙන කෙනෙක්ට පය ගහන්න බෑ....
මනෝටත් මටත් ඒක එහෙමයි...
එදා එයා පය ගහපු තැනට කවදාවත් ඔයාගේ බිරිදට එන්න බැරි වෙයි...ඒත් ඔයාගේ බිරිද අල්ලපු ඉසව්වට ලං වෙන්න එයාටත් කවදාවත් බැරි වෙයි.....
හරියටම හරි මචං,මමත් කෙටියෙන් කීවේ ඒකම තමයි...
Deleteමගේ බිරිදගෙන් ලැබෙන ආදරය,සෙනෙහස කවදාවත් එයාගෙන් ලැබිලා නැ.මමත් මගේ බිරිදට තරම් එයාට ආදරේ කරලත් නැ කියලා මම දන්නවා...ඒත් අර උඹ කියන දේත් එතන තියනවා...මමත් තවම ඒයාගේ මොනවහරි දේකට ආදරේ කරනවා...මම හිතින් පතන දෙයක් තමයි ආයේ කවදාවත් එයාව මගේ ඉදිරියට මුනගැහෙන්න එපා කියන එක..එහෙම මුනගැහුනොත් මට එයා නැතිවුන ඒ පරණ අතීතය ආයෙත් අලුත් වෙලා ඒක මට දරාගන්න අමාරුවෙයි කියලා මගේ හිත කියනවා.අනික මගේ හුස්ම මොහොතකට නවතීවී...
හුස්ම නොනැවතුනොත් තමා පුදුමේ....
Deleteඑහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
ReplyDeleteමතකයට විතරමද??? අනේ මන්ද...
මකයටම විතරයි....
Deleteඑහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....
ReplyDeleteමතකයට විතරමද??? අනේ මන්ද...
මකයටම විතරයි....
Deleteලස්සනයි..............
ReplyDelete//එහෙත් සිත තවමත් ඒ මතකයට පෙම් කරයි....//
හැමෝටම මෙහෙමයි......... ඒක නවත්තන්න බෑ..........
හැමෝටම එහෙමයි....හැමෝටම....
ReplyDeleteමේක අදයි බං කියෙව්වේ. ඒ වාක්‍යයම ඇති. හිත ඒ මතකයට පෙම් කරයි.
ReplyDeleteඊයේ රාත්තිරියේ හිත මුරන්ඩු කම වැඩි වෙලා ලියාපු එකක්....
ReplyDeleteතාමත් ඒ මතකෙට ආදරෙයි...
මමත් මතකයට පෙම් කරනවා
ReplyDeleteජයවේ මලියා!
ඔක්කොම එක බෝට්ටුවේ...
Delete