Saturday, August 22, 2015

ඒ හීන බර වැඩි නිසා.....

රාස්සිගේ අව් කාස්ටකෙන් හෙම්බත් වෙච්ච කොලඹ අහස....
ඒ කිසි දෙයක් වගක් වත් නැති පෙම්වතුන්ගෙන් පිරිච්ච විහාර මහා දේවිය.....
උබත් එක්ක හැමදාම වාඩි වෙන්න පුරුදු වෙලා උන්නු ගහ යට අද මම විතරක් තනියම උන්නට තාමත් හිතට දැනෙන්නේ උබ මගේ උරහිසේ නිදාගෙන ඉන්නවා වගේ......
--------------------------------------------------------------------------------

අයියේ......
තව කොච්චර වෙලා තියනව ද 5.00 වෙන්න......
තව ටිකක් වෙලා තියනව......
ඇයි....
නෑ....
නැත්තේ නෑ.....මොකද එක පාරට ම වෙලාව ඇහුවේ....
නෑ ඉතින් අපි පහට යන්න ඕනෙ නේ....
හරි යන්න බැරි නම් අපි මෙතනටම වෙලා ඉම්මූ.....
එහෙම ඉන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද.....
ඉතින් අපි රෑ වෙනකම්ම මෙතනම ඉම්මු....
ඉදලා.....???
අපි අහස දිහා බලා ගෙන ඉම්මු....
ලස්සනට තරු පායයි.....
හද එලිය තියෙයි...ඉතින් ශෝක් නේද සුදු නෝනේ....
මැට්ටා.....
අද නෙමෙයි....
ඒ උනාට එහෙම දවසක් ඒ ඉක්මනටම....
එදාටම මම මෙහෙම ම ඔයගෙ උරහිසේ ඔලුව තියගෙන ඉන්නව මුලු දවසම......
------------------------------------------------------------------------------
ඒත් ජීවිතේ ට කාල රාමු දාලා බලාපොර්ත්තු දින වකවානු වලට හිර කරන්න බෑ....
 සුදු නෝනා මට ඒක කියලා දුන්නේ මහ අමුතු විදිහකට සුදු නෝනේ....
මම තාමත් සුදු නෝනා කියපු දවස එනකම් බලන් ඉන්නවා.....
එහෙම දිනයක් එන්නෙ නැති වග සුදු නෝනා මට කිවටත් පස්සෙ....
මොකද...
මේ හිතෙන් ගහන් යන්න ඒ හීන බර වැඩි නිසා.....

සටහන
-වාසනාවන්ත-

3 comments:

  1. පට්ට ලියැවිල්ල.... සුන්දරයි.....

    සින්ඩියටත් දා ගත්තා.....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. bohoma sthuthi....sahena kalekin blogayata pana dunne.....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete