Saturday, March 05, 2016

අනේ අයියේ කියපන්කො අහන හැටි...

පහුගිය දවස් වල අම්බානක කර කුට්ටං ගැහිලා මේ ඊයේ පෙරේදා ඉදන් ලවක් දෙවක් නැතුව වැස්ස පටන් අරන්...
වහිනකොටත් අපෙ බුවාලට අවුල්ය...
පායනකොට ඊටත් වඩා අවුල්ය....මෙ පුල් මාවලස් රටේ අපෙ බුවාලගේ හැටි ඔහොමය.පොඩ්ඩ බැරි වෙද්දි අප්සෙට් වෙනවාය...
මෙ දවස් වල අම්බානකට වැස්ස නිසා වැඩියෙන් එලි පහලියට බහින්නේ නැතිය.
ගෙදරටම වෙලා ඔය ටෙලිවිසොන් එකේ යන හින්දි හරි කොරියන් හරි කතාවක් බලන් ඉන්නවාය.වැඩියෙන්ම බලන්නේ හින්දි කතාය.මොකද අර අලුත් ග්විසුමක් ද මොකක්ද්ද කේස් එකෙන් පස්සේ මෙහාට සිටි සිටි ගාලා ඉන්දියන් බුවාලා එන්න යනවලුය..ඉතින් උන් එක්ක කතා කොරන්න අපිත් ඉංගිරිස් ටිකක් ඉගැනගෙන ඉන්නත් ඕනෙනේ...
හින්දි වගේම ඉන්ගිරිසුත් ඕනේ..
මොකද සුද්දොත් එතකොට මෙහෙ එනවා යනවා නේ....
අපේ ගෙදරට ගේවල් දෙකට එහා පැත්තේ ඉන්න මාලී නැන්දගේ පුතා පාලිතයා මේ ලගදි ඉංගිරිස් පන්තියකට දාලාය...

අපේ අම්මා එක්ක මාලි ඇන්ටි කියනවා මම අහන් උන්නෙමි..
පංතියක් කිව්වට ඒක කදවුරක්ලු...ඉන්ගිරීසි පුල්වන් වෙච්ච දාටලු ආයේ ගෙදර එවන්නේ...එතකම් තියාගෙන් උගන්නනවලු...
ඒ කියන්නේ පාලිතයා ආයේ ගමේ එන්නේ නෑ කියන එකද මන්දා...
මට තනියම හිතුනි...
ඒ අස්සේ මාලි ඇන්ටි පුල් විස්තරේ අපේ අම්මාට දෙනවාය
දවසම කතාව ඉන්ගිරිස් වලින්ලු...
කන්න බොන්න දීලා ඊට පස්සේ දවසම උගන්නනවලු....
පාලිතයා උනත් දැන් ගෙදරට කතා කරන්නේ පුල්ම ඉන්ගිරිස් වලින්ලු...
ආයේ සට සට ගාලා ගතා කරනවලු..
මේ ලගදි ඌ සුද්දෙක්ට බැන්නලු බැනිල්ලා මාලි ඇන්ටි ඉස්සරහා සුද්දා ඇඩුවලු....
අපේ අම්මත් ඔක්කොම අහන් මාවත් එකට අරින්නයි සූදානම...
මම ඕකට ගියොත් මේ සම්මජාතියට එලියට එන්න වෙන්නේ නෑ....
ඒක නම් මට ඉර හද වගේ සුවර්ය...
ඒ හන්දාම මම බලවත් විරෝදයක් මෙව්වා කොට සේප් එකේ ඒ මරාලයෙන් ගැලවුනෙමි....
මරාලයෙන් සේප් එකේ බේරිච්ච සන්තෝසෙටත් එක්ක මම වත්ත පහල තියන පැල තැඹිලි ගහෙන් ගෙඩියක් කඩාන බොන ගමන් සාලේ තියන හාන්සි පුටුවෙ ලාව්ට ඇලට් එකක් මෙව්වා කොරා හිටියෙමි...
ටික වෙලාවකින් මගේ ජංගමයා ටොයින් ටොයින් ගානවා ඇසුනි...
සුවර එකටම වර්ණපාලයා මොකක් හරි මරාල වැඩක් සැට් කොරලා ඇති.මම පොන් එක ගන්න ගමන් හිතුවෙමි...
හෑහ්....
දන්නේ නැති නොම්බරේකින් කෝල් එක...
මම සේප් එකේ ආන්සර් කෙරුවෙමි...
හලෝ...
මේ මේ..අයියේ මම කතා කරන්නේ...
කවුද එකෙක් එහා පැත්තෙන් කෙදිරි ගාන සද්දයක් එනවාය....
මම කිව්වේ...
මේ මම ...පාලිත
පාලිත කිව්වේ...???
පාලිත් අයියේ...මාලි නැන්දගේ පුතා පාලිත.......
අහ් මේ උබද...මොකෝ මේ හොරෙන් හොරෙන් කෙදිරි ගගා කතා කොරන්නේ...???
මම අර අම්මා යවපු ඉන්ගිරිස් කදවුරේ ඉන්නේ අයියේ...
ඉතින් මොකෑ තෝ හොරෙන් කතා කරන්නේ...
මෙහෙ සිංහලෙන් කතා කොරන්න දෙන්නේ නෑ බුදු අයියේ...මුන් ගහනවා...
අනේ අයියේ පිං අයිති වෙයි උදව්වක් කරන්න...
පාලිතයා අඩ අඩ දිගටෝම හොරෙන් කොදුරනවාය....
කියපන් මොකක්ද.....???
බුදු අයියේ මම හිත හදාගෙන ඉන්නේ...මම දන්නවා මට එන්න වෙන්නේ නෑ ආයේ ගමට...
මට පොඩි උදව්වක් කොර්න්න පින් අයිති වෙයි...
මට පොඩ්ඩක් කියාපන් "මගේ චාජරේ දෙන්න" කියලා ඉන්ගිරිස් වලින් කියන හැටි...
හෑහ්...ඒ මොකටද...
මෙහෙ ඉන්න සුද්දෙක් මගේ චාජරේ ඉල්ල ගත්තා බුදු අයියේ..
මට දැන් උගෙන් ඒක ඉල්ල ගන්න තේරෙන්නේ නෑ අයියේ....
පින් අයිති වෙයි අයියේ මට ඒක ඉල්ලන හැටි කියලා දීපන් බුදු අයියේ.....
අන්තිම බැටරි චුට්ට අයියේ...
කෙල්ලට කතා කර ගන්න විදිහක් නැතුව අයියේ ඉන්නේ....ඉහි ඉහි....
ඈ යකෝ...
මුගේ අම්ම දැන් ටිකකට කලින් කියලා ගියා නේද යකෝ මූ සිටි සිටි ගාලා ඉන්ගිරිස් වලින්ම කියොනවා කියලා....
මම තනියම පුල් අන්දොස්ය.....
අනේ අයියේ කියපන්කො අහන හැටි...///
අරූ අනිත් පැත්තෙන් වැලහින්න වගේ අඩනවාය....
පව්...
කොල්ලට ආයේ එන්නම බැරි වෙයි වගේ

24 comments:

  1. Mama nam harima kamathiyi me kathawata!Harima hasyajanakayi!11

    ReplyDelete
  2. කොහෙද බං ඔය පන්තිය තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ඇයි යන්නද
      නිටම්බුවේ

      Delete
    2. මේක ගම්පහ පොට් එකක් බන්...අන්න ඌ ගෙදර ආව ඌට ඉන්න බෑ කියලා......

      Delete
  3. හිනාවෙලා මැරයි යකෝ..
    වට් ටෙකන් මෙනි පයින් ව්ටිස් දිස් වටා පිටා බුයුටි පුල් මෙනි ටෙකන් කටබරිස් දොර විදුරැ වින්ස්ක්රින්

    ReplyDelete
    Replies
    1. මොකද්ද මෙන්ඩෝ ඒ කිව්වේ? :O

      Delete
    2. "මයෙ චාජරේ ආපහු දෙන්ඩ. හදිස්සියක් ‍යකෝ..!" කියල කියන්නෙ එහෙමයි.

      Delete
    3. මෙන්ඩත් ඉගන ගත්තේ එහෙම පොට් එකකින්ද මන්ඩා....
      අමුතු වදන් දෙන්නෙ...

      Delete
  4. ඔය කඳවුර එච්චරටම අවුල්ද බං? මාත් අහලා තියෙනවා..ඔය වගේ හින්දි කඳවුරු දෙමළ කඳවුරුත් දායිද දන්නෙ නෑ නේ? :P

    ReplyDelete
    Replies
    1. කන්න බොන්නත් හරියකට නැහැලු...
      නාන්න වතුරත් නැහැලු...
      ගිය එකා තමා කිව්වේ.....

      Delete
  5. හිනාවුණා ඇති වෙන්න. නියම පහරක් ! ලකුණු 6ක්!!!

    ReplyDelete
    Replies
    1. හප්පේ මොනා උනත් හිනා වෙලා ඉන්න ඕනෑ....

      Delete
  6. මම දන්නවා බං ඔය පොට් එක, නිට්ටබුවේ පොලිසිය පහුවෙලා ටික දුරක් යනකොට වම් පැත්තේ තියෙන්නේ, අපි ගියොත්නම් ආපහු එනු නෑ., ඇයි ඉතිං ඉංගිරිස් කථා කරන්ඩ පුළුවන් වෙනකම් ඉන්ඩ එපැයි.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. කොහෙ එන්නද බොල...එහෙන්ම පොඩි ඉඩම් කෑල්ලක් අරන් පදින්චි වෙන්න තියෙන්නේ...ඉන්ග්‍රීසිත් බැරි කෙල්ලෙක් හොය ගන්නත් පුලුවන් වෙයි කදවුරෙන්ම

      Delete
  7. කාලෙකට කලිං "වෙස්ට් ප්ලස් විස්ඩොං" කියල එකක් තිබ්බ ඔය වගේම. ඒකට ගියපු කෙල්ලෙක් දවසක් වැඩ්ඩ වගේ අපිත් එක්ක කියෝනව ඒකෙ ලකේ. එතෙන්ට ගිය කෙනෙක්ට ඕනෙම මාතෘකාවක් අනුව කතා කරන්ඩ පුළුවං පෞරුෂයක් ඇති වෙනවලු. අපේ එකෙක් (මට මතක හැටියට වරුණ) කිව්ව, "එහෙනං කතා කරන්න මේ ගැන. අපේ අම්මගෙයි තාත්තගෙයි අතර පවතින ලිංගික විසංවාදී තත්ත්වය"...

    කෙල්ල නොකවුට්...

    ReplyDelete
    Replies
    1. ඈ බොල...තෝ මේ අහලා තියන එක ගැන සින්හලෙන්වත් කතා කරන්න ඇහැක්ද බොල....

      Delete
    2. මට නං බලුකිස්ථාන් වලිනුත් පුළුවං... හැක්!

      Delete
  8. හැක හැක හැක....

    ReplyDelete
  9. මේ අවිස්සාවෙල්ලේ තියෙන කඳවුර ද වකා?

    ReplyDelete
    Replies
    1. නෑ කසුවා මේ ගම්පහ පොට් එකක්...
      උබත් යන්නැයි හදන්නේ....

      Delete
  10. ලුණු ඇඹුල් සහිත කතාවකි.

    sudukukula.blogspot.com

    ReplyDelete
  11. My chajar giv කියල කියපන් කියුවේ නැද්ද.. සක්.. උඹට අර ඉංගිරිස් ඇනෝ ගෙන්වත් අහල කොල්ලට කියල දෙන්න තිබ්බේ..

    ReplyDelete