Friday, March 25, 2016

හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ... 01

උදේ පාන්දරම ඇහැරුනේ වර්ණපාලයාගේ ගෝරනාඩුවටය....
උදේ පාන්දර නමයට විතර වර්ණපාලයා මොකක්දෝ පත්තර කොලයක් කිහිල්ලේ ගහාන අපේ ගෙදරට ගොඩ වෙලාය.
අඩෝ කොකා බලපන් නිව්ස් එක...පස්ට් ජොබ් එකක් තියනවා...
අම්මට හුඩු ජොබක්....
කට දෙපැත්තෙ තිබ්බ පැනි පාරවල් අතින් පිහ දදා ඇද උඩ ඉද ගත්තේ මේ දවස් වල තියන ජිල්  ටෝන් ආර්ථිකයට පුල්ස් ටොප් එකක් තියන්න පොටක්ද බලන්නය....
මොකක්ද බන් සීන් කෝන් එක...

මම සේප් එකේ ඇස් පොඩි කර කර වර්ණයාගෙන් ඇහුවෙමි...
මේකයි සීන් එක.....
හෙනම සෙන්ටිමෙන්ටල් පොට් එකක තමා ජොබ් එක තීන්නේ...
හෑ...ඒ කොහෙද බන් එච්චරම සැන්ටිමෙන්ටල් පොට් එක බන්...
අර අර පොල් ගහ යට කොටියා ඉන්නේ...අන්න ඒකේ.....
කොහෙද බොල පොල් ගහ යට කොටියා ඉන්නේ....
සත්තු වත්තෙද....
මම හෙනම අන්දොස්ය...
නෑ නෑ යකෝ....
රාජ්‍ය කචල් පැන්ටා සංස්ථාවේ...
අම්මට හුඩු කචල් පැන්ටා සංස්ථාවේද....
මරු නේ යකෝ....
මොකක්ද බොල පෝස්ට් එක...
රස පරීක්ෂකද...
නෑ නෑ...
ට්‍රේනින් රිසර්ච් ඔපිසර්....
ඒ කිව්වේ...
ඒ කිව්වේ හරකෝ පුහුනු වෙන මේ මේ පරීක්ෂන නිලධාරී තනතුර....
තිස්දාහකට එහා පඩි තියනවා...
ඒ විතරක් නෙමෙයි...කෑම බීම ,ඉදුම් හිටුම් එහෙමත් තියනවා...
අම්මට හුඩු යකො....
ඔච්චර ජාති එක්ක දෙන්න ජොබ් එකට මොනෑයි අපෙන් ඉල්ලන්නේ...
මුකුත් ඕනැන්නේ නෑ...
යන්න ඉතරයි තියෙන්නේ...
හෑ.....
උබට සුවර ද...
ඔව් ඔව්...
හොදටම සුවර්...
මේ බලපන් ඇඩ් එක....
ඒ උනාට මට නම් හෙනම හිතට අවුල්ය....
මොකද මීට කලින් වතාවකත් වර්ණයා ඔහොම ජොබක් ගැන කිව්වා මතකය...
කැනේඩියන් කොම්පැනියක කලමනාකාර පුහුනුවක් ගැන...
ඌයි මායි කලමනාකාර වර් වෙන්ට හිතාන ට්‍රේනින් එකට ඉන්ටව් ගිය හැටි අද වගේ මතකය...
අයියගේ අලුත්ම සපත්තු කුට්ටමත් ණයට ඉල්ලන් ගිය හැටි අයියා තාම මතක් කොරනවාය..
අපි ඉන්ටව් එකට ගිහින් ඉන්ටව් එක පාස් උනෙමු...
පාස් උන දාම අපිව ට්‍රේනින් එකට මෙව්වා කලේය...
ට්‍රේනින් එක පාර අයිනේ මදුරු රැකට් විකුනනටය...
එතකොට මේ ඇඩ් එකේ තිබ්බේ මැනේජ්මන්ට් ට්‍රේනින් එකක් කියලනේ සෑර්...
මම හෙමින් සැරේ මාව ඉන්ටව් කරපු එකාගෙන් ඇහුවෙමි.....
අහ් ඔව්...
ඔයාලා දැන් ඉදන් මැනේජර් ලා...
ඔයාලා දෙන්නා මෙහෙ ඒරියා මැනේජර්ලා...ඔය රැකට් ටික විකුනලා එන්නකො ...
වැඩ හොද නම් ප්‍රොවින්ශියල් මැනේජර් කරන්නත් පුලුවන්...
එහෙම මැනෙජර් පොස්ට් එකකට ට්‍රේනින් ගිය අපිට රිසර්ච් ඔපිසර් පෝස්ට් එක ගැන බය ඇති වීම සදාරනය..
ඒත් කමක් නැතිය...
ගිහිල්ලම බලනවාය...
මම හිත දැඩි කොර ගත්තෙමි...

මතු සම්බන්දයි....

5 comments:

  1. හහ් හහ් හා....
    ඉතුරු කොටහ එනකං ඉන්නත් එපැයි තිං

    ReplyDelete
  2. ඉතුරු ටිකත් ඉක්මනට සෙන්ටිමෙන්ටල් කරපං,
    පත්තරේ ලියන කොලම මොකක්ද?

    ReplyDelete
  3. ඒ... අරුං මැනේජර්ලද බං? පට්ට ජොබ නෙ.

    ReplyDelete
  4. පට්ට

    ReplyDelete