Monday, May 23, 2016

"මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....."

"මාව දාලා යන්නේ නැහැ නේද කවදාවත්....."
.
.
උබ ඒක අහපු වගට සාක්කියට ඉන්නේ විහාරමහා දේවියේ ගස් කොලන් පමනි.ඇත්තටම උබව දමා කොහේ යන්නදැයි මා අදටත් නොදනිමි.
උබව දාලා මම කොහේ යන්නද සුදු හාමිනේ....ඒ හැමදාමත් මම බදින වග උත්තරයි....
අප්පච්චි අම්මට හරි ආදරෙන් හාමිනේ කියනවා..
කවදාහරි මගේ කෙල්ලත් මට හාමිනේ....
මම දන්න කාලෙක ඉදන් මම හිතන් උන්නේ එහෙමය...
ඉදින් මගේ හාමිනේ දාලා මම කොහෙ යන්නද...?
මට එච්චරට දිගට උත්තර බදින්නට ඉස්පාසුවක් නැතිය..
උබේ හිස මගේ පපුව මත තබා ඇගිලි අතර හිස් තැන් මගේ අතැගිලිවලින් පුරවන් අනිත් අතින් නුබේ හිස පිරිමදිමින් සිටියෙමි.

මට හැමදාම මෙහෙම ඉන්නෙ ඕනේ සුදු මහත්තයෝ...
මටත් එහෙම ඉන්න ඇවැසි වග මගේ හිතත් මොර ගසයි...
සුදු හාමිනේ...
යන්න පරක්කු වෙනවා....
අපි දවසක මෙහෙම ඉම්මු...
අපි දෙන්නා විතරක්...
මම හෙමින් හෙමින් මම ආසා කරන හීනයක් අකුරු වලට පෙරලුයෙමි....
මට යන්න බෑ...
මගේ හාමිනේ තරම් මුරන්ඩු එකියක් තවත් නැතිය...
ඒ උනාට අපි යන්න ඕනේ සුදු නෝනේ....
හැමදාමත් වගේ උබ නැගිටින්නේ ඇස් වල වැටෙන්නට ඔන්න මෙන්න හිරවූ කදුලු ගුලි දෙකක් හිර කරගෙනය....
ඒ තරම් ආදරයක් මම දැක්කේ නුබෙන්ම පමනි...
වින්දේ ද නුබෙන්ම පමනි...
තත්පරයක් තත්පරක් පාසා ගිනි ඇවිලෙන්නට ඒ තරම් තෙත් වූ ප්‍රමයක් වියලුනේ කෙසේද යන්න අදටත් මම නොදනිමි....
මම එදා සිට පිලිතුරු නොදැනසිටි තවත් දෙයක් විය...
ඒ මම නුබට මේ තරම් පෙම් කරන්නට ගත්තේ කවදා ද යන්නය....
මම මුලින් සිතා උනේ ඒ නුබ මුලින් කතා කල දින කියාය....
.
.
.
නමුත් දැන් මා ඒ දිනය හරියාකාරව දනිමි...
ඒ නුබ මා හැර ගිය දිනයයයි...

No comments:

Post a Comment