Sunday, January 31, 2016

අහසේ දෙවියෝ නෑ....අපි තමයි රියල් කැරි#....

අපේ විලේජ් එක පුල් මාවලස් සිටිසන්ස්ලා ජීවත් වෙන අරුම පුදුම පොට් එකක්ය.අපේ ගමේ ඉන්නේ මල්ටි ටැලන්ටඩ් පොරවල්ය...
කිසිම දේකින් නම් අඩුවක් පාඩුවක් තියන උන් අපේ ගමේ නැතිය.මම දැන ගත්තෙත් බුකියෙන්ය..
අපේ ගමේ ඉස්කෝලේ අයිති වෙන්නෙත් ඇමරිකාවේ "වර්ජිනියා ස්ටේට්" එකට කියලත් මම දැන ගත්තේ බුකියෙන්මය...
ඉස්සරහා ගෙදර කෙල්ල බුකියේ දාලා තිබ්බේ ඒකී ඉස්කෝලේ යන්නේ වර්ජිනියා ස්ටේට් එකට කියලාය.ඒ උනාට ඒ කෙල්ල යන්නෙ ගමේ ඉක්කොලෙටය..ඒක ඉතින් ඇමරිකන් කොලීජියක් කියලා දන්නවා නම් මමත් ඒකටම යනවා...අපරාදේ....
ඒවා මෙව්වා පරක කතාය...
මේ ඊයේ පෙරේදා ඉදන් අපේ ගමේ අලුත්ම සෙනාරියෝ එක "තග් ලයිෆ්" එකය...
තග් ලයිෆ් කියන්නේ තග් එකෙත් හොදම එකය.
අපේ ගමේ ඉස්සරම හිටිය පෙරිය රව්ඩි ඩයල් එකේ නම ගුනේ මාමාය.ගමේ උන් නම් කිව්වේ කිරිච්චි ගුනේ කියලාය..

අපිව උනත් පාරක තොටක දැක්කම කට පුරා හිනා වෙන ගුනේ මාමා කඩ පිලේදි මුන ගැහුනොත් හුලං විස්කෝතුවක් කිරි ටොපියක්වත් අරං දෙන්න නම් වරද්දන්නේ නැතිය...
ගමේ අසාදාරනයක් වෙන තැනට ඉස්සලාම එන්නෙත් ගුනේ මාමාය.වැඩේ ගොඩින් විසදුනේ නැත්තන් ගුනේ මාමා අතින් පයින් ප්‍රශ්නේ විසදනවාය.මට මතක හැටියට අපේ ගමේ ග්‍රාම සේවකයාත් ගං වතුර ආධාර මාටියා ගහලා ගුනේ මාමගෙන් අම්මා මුත්තා නැති වෙන්න ගුටි කෑවා මට මතකය...
දැන් ගුනේ මාමාට සෑහෙන්න වයසය...
දැන් අපේ ගමේ ඉන්නේ නිව් ජෙනරේශන් එකේ එලකිරි චන්ඩි ටිකක්ය...
උන් කලිසම අදින්නේ තට්ටම් දෙකෙනුත් බාගයක් පහලට වෙන්නය...ඇවිදින්නෙත් අතීසාරෙට හෙනම අමාරු වෙච්ච එකෙක්ට පොල්මුඩ්ඩකින් ඇබයක් ගහලා වගේ හොකර වෙලාය...අමුඩ ලේන්සුවක් වගේ එකක් ඔලුවේ බැදන් ඒකට උඩින් අමුතු ලෑලි කෑල්ලක් බට් කරා වගේ කැප් එකකුත් පොල්කට්ට නැමුවා වගේ දාගෙන ඉන්නවාය...
ඒ චන්ඩි සැට් එකේ ලොක්කා අපේ ගමේ මැම්බරයාගේ කොල්ලාය..
ඌ තාම එකොලහ වසරේය...
ඌ කියන විදිහට අහසේ දෙවියො නැතිය...
පොලොවේ ඉන්න රියල් මොකාද එකා ඌ ය...
තව මොකක්දෝ අට මගලයක් තියනවා ඒකට ගරු කොරාපන්ලු...නැත්තන් ඌ ගහනවලුය...
කොහොමත් දවසකට දහ දොලොස් වතාවක්ම ඌ ඔය ටික කියලා බුකියේ ඉට්ටේටස් දානවාය...
හිටි ගමන් සෙල්පි රැප් කියලා අමු සුද්ද සිංහල වචන් ගොඩක් එක දිගට කියාන යන වීඩියෝ කෑලි බුකියට දානවය...
උගේ සෙල්පි රැප් එකක් සී.ඩී එකකට ගහලා අපේ ලොකු අප්පොච්චගේ හේනේ රෑකට සද්දෙන් දාලා තිබ්බනම් අලි මුවෝ මීමින්නෙක් තියා වල් ඌරෙක්වත් එන්නෙ නැතිය...
කොච්චර වල් ඌරෙක් උනත් එච්චර වල් කතා නම් අහලා තියෙන්න විදිහක් නැතිය....
උගේ සහචරයො ගැන්සියත් ඒ සෑම්පලේමය...
මන්නෙන් කොටනවා කිව්වත් යෝ යෝ තද තද කියලා කියනවාය...පුල් මාවලස්ය....
මේ ඊයේ පෙරේදා මම පාන් ගේන්න එලු පීටරයාගේ කඩේට ගියාම අපේ ගමේ මැම්බරයාගේ කොල්ලාත්  කඩේට ඇවිල්ලාය...
ඌ එලු පීටරයාගෙන් සීනී 500ක් ගන්න ඇවිල්ලාය.
සීනී 500ය අරන් යන ගමන් ඌ හෙඩ් පෝන් එකක් කනේ ගහන් අත වන වන " යෝ යෝ තද තද" ගගා තනියම කියවනවාය...
පව්...හොදට හිටිය කොල්ලා පොඩ්ඩක් ඔලුව අප්සැට්ද කොහෙද...ඕකා පොඩි කාලේ තොටිල්ලෙන් වැටිලද මන්දා කියලා එලු පීටරයගේ ගෑනි කියනවා මට යන්තන් ඇහුනි...
නොකිව්වට මොකද මටත් ඔය ටිකම හිතුනි...
පානුත් අරන් ගෙදර යන අතරමගදි වර්ණ්පාලයාව අතරමග්දි මුන ගැසුනේය....
වර්නපාලයා කොහෙදො යන ගමන් වෙල ගාවදි සැට් විය..
අඩෝ උබ දන්නවද අලුත්ම සීන් එක...
ඒ මොකක්ද.....???
මැම්බරයගේ පුතා සද බර වෙන්න ගුටි කාලා බන්....
හැහ්..මේ දැන් නේ බන් කඩෙන් ඌ බඩු අරන් ගියේ....
ඔව් ඔව්...වෙන්න ඇති....
අන්න අර ඉස්සරහා හන්දියේදි මූට කාපිරියෙක් හම්බෙලා....
මුගෙන් ඌ කොහෙටදො යන්න පාරක් අහලා...
මේකා ගත් කටටම කියලා තියෙන්නෙ අහ්සේ දෙවියො නෑ නිග කියලා...
අරුට මුල් ටික නම් තේරිලා නෑ...
ඒ උනාට නිගා කිය කෑල්ල නම් තේරිලා...
මූට නෙලලා නෙලිල්ලක් බීපු කිරි මතක් වෙන්න...
එහ්...මොකක්ද බන් නිග කියන්නේ ඇත්තටම....??
මම සේප් එකේ ඇහුවෙමි...
කාපිරියන්ට කින්ඩියට කියන නමක් බන්....
අහසේ දෙවියෝ නෑ....
හිටියා නම් පොලොවේ ඉන්න රියල් කවුදෝ එකාට මෙහෙම ගුටි කන්න වෙන්නේ නෑ නේ...
පව්.....

16 comments:

  1. අපෙත් පොරක් ඉන්නවා මිනිහා A/L ෆේල් ඒත්, කොලඹ කැම්පස් එකේ.. ගමේ එලියටවත් බහින් නැති එවුන් බුකියේ රස්ත ඩයල්..

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්කේ.....ඕවා ඔහොම තමා බන්... :D

      Delete
  2. හිහි.මේ දවස් වල දෙය්යො කැලේ
    මොකද මුං දැක්කම බය හිතෙනවනෙ

    ReplyDelete
    Replies
    1. දෙයියන්ට ඇඩිලා ඉන්නේ පොළොවේ ඉන්න රියල් බුවාලා දැකලා....

      Delete
  3. ඔ්වා ඔහොම තමා මචං.............. නැට්ට පිටින් අලි මැරෙන්නේ......

    ReplyDelete
    Replies
    1. මුන් මරාගෙන මැරෙන උන් බන්....

      Delete
  4. කාලෙන් කාලෙට මොනවා හරි තියෙන්නත් එපැයි බං ඉතින්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....කාලෙකට රැල්ලක් එනවමනේ...අපිත් ගහන් යනවා

      Delete
  5. ඈස් යුසුවල් පස්ට කථාව.

    ReplyDelete
    Replies
    1. ටන්කු වේවා මගේ තුඩු බොලේ....ඕ යැස්....

      Delete
  6. වස්ස්...සප් බ්‍රෝ?

    ReplyDelete
  7. Replies
    1. අම්මේ තොටත් ගහයි කාපිරියෙක්.....දුවන්න වෙන්නේ....

      Delete
  8. යෝ යෝ අයි නෝ, හූ නෝ බකමූනෝ කිව්වලු.. සිරා කතාව මචන්..

    ReplyDelete
    Replies
    1. හුනෙත් නෑ බකමුනොත් නෑ බන් දැන්.... :D

      Delete