Monday, January 25, 2016

මම බැලුවේ බුරියානියක් වගේ දෙන්න... නිධානය -01


මේ දවස් වල නම් අම්බානකට පොඩ්ඩක් වැඩි වෙන්න ගිරීස්මේ තද කොරලාය.අතේ තිවුන අන්තිම පිච්චියත් වියදම් කොරන් ඉතාලී යන්න දැගලුවට අන්තිමට යන්තන් පන කෙන්ද ඉතරක් බේරන් ආවෙත් අමාරුවෙන්ය...ඒ හින්දා කොරන අට මගලයක් මෙහෙ ඉදන් කොරන්නට තීරනය කොරෙමු...
මෙ වන්ගියේ ඔක්කොටම එහා ගිය පට්ට පට පට සුපිරි ගේමකට සැට් වෙන්න යන්නෙ කියා අනුරයා බෝක්කුව ගාව සභාව ආරම්බ කොරමින් කියා සිටියේය...
අම්මට හුඩු මේ පාර මොකක්ද සීන් එක....
මමයි වර්නයයි ලැන්ටියයි කට ඇරන් වැඩේ දිහා බලන් උන්නෙමු....
අපි ආයෙ රට යන්න ඕනේ....
හැබැයි ඊට කලින් සල්ලි ටිකක් හොයා ගන්න ඕනේ....
හපොයි මෙච්ච්cඅර දෙයක් වෙලත් මුගේ ලැජ්ජා නැති කම ගිහින් නෑ නෙව...මම තනියම හිතුවෙමි....
දැන් මේ වතාවේ මක්කද කරන්න යන්නේ...

මේ වතාවේ අපි දෙන්න යන්නේ ලංකාවම හෙල්ලෙන ගේමක්...
ඇයි භූමි කම්පාවක්වත් කරන්නද යන්නේ...ලැන්ටියා උදැල්ලක් ලෝඩ් කරේය...
මේ කෑදැත්තො...මගෙන් කුනු හබ්බ නාහ හිටින්....
ලැන්ටියා කට වහන් පැත්තකට උනේය....
මෙහෙමයි....
මේ පාර අපි යනවා නිධානයක් ගොඩ දාන්න...
අම්මට හුඩු..මේ පාර බහිරව පෝරියල් එකක් කන්න ද කොහෙද හදන්නේ...
මචන් මේ...
භයානක වැඩී වගේ නැද්ද බන්...
මම සේප් එකේ අනුරයගෙන් ඇහුවෙමි...
පිස්සුද බන්...
අපේ කිරි අත්තා හැම වෙලේම කියනවා " නෝ පේන් නෝ ගේන් " කියලා...
උබ බය නැතුව හිටපන්...
මේ පාර ඇල් වතුරට උල් පිහියෙන් ඇන්නා වගේ ගේම මම සෙට් කරලා තියෙන්නේ....
උබ කලිනුත් ඔහොම නේ කිව්වේ...
හරි හරි....මේ පාර බලපන්කො වැඩේ.... මම ඔක්කොම විස්තර හොයන් නූලට වැඩේ සැට් කොරලා තියෙන්නේ...
අපේ කිරි අත්තගෙන් මම නිධන් වදුලකුත් ඉස්සුවා..
එතකොට නිධානෙට යන පාර ගෙනියන්න ඕනේ බඩු ඔක්කොම ලෑස්ති කරලා වියරයි...
කොටින්ම කියනව නම් මම තව දවස් දෙකකින් ඇතෙක් බරට වස්තුව අපිට හම්බෙනවා....
අපි ඒ වස්තුඒ අරන් කෙලින්ම ඒ ටික විකුනනව ටවුමේ නානා ට....
ඊට පස්සේ මම අදුර තැනක් හොයා ගත්තා....
අපි කෙලින්ම යනවා ඉතාලියට...
ලබන සතියේ අපි ඉන්නේ කොහෙද එතකොට...
කියපන් බලන්න...
පෙර පිනක් තිබ්බොත් හිරේ...නැත්තන් බහිරවයගේ බඩේ...වර්නපාලය හෙමින් කොදුරනවා මට ඇසුනි....
ලබන සතියේ අපි ඉතාලියේ....
කොහොමද ප්ලෑන....ඈ
මේ මචන් අනුරයා...ලැන්ටියා ආයේ මැද්දෙන් පැන්නේය...
ඇයි කියපන්...
අපිට ඇතෙක් නෑ නේ බන් වස්තුව අරන් එන්න.....
මේ මූසල ලිහිනියෝ....
තෝ ආයේ මැද්දෙන් පැන්නොත් තෝව තමයි බහිරවයට බිල්ලට දෙන්නේ මී හරකා....
අම්මට සිරි...
මේ ඇත්තටම බහිරවයෙකුත් ඕකේ ඇති නේ බන්....
ඔව් ඔව් ඉන්නවා...
ඌට මොනද බන් දෙන්නේ...
තාම නම් හිතුවේ නෑ....
මම බැලුවේ බුරියානියක් වගේ දෙන්න...
බහිරවයා උනත් ආස ඇති නේ නේ බන්....
හැහ්...බහිරවයන්ට බුරියානී...
කවුද බන් උබට බහිරවයෝ බුරියානි කනවා කිව්වේ හෑ....
කවුරුත් කිව්වේ නෑ බන් මට හිතුනා.....
මෙදා පොටේ අපිට සැට් වෙන්නේ බහිරවයට බිලිවෙලා නවතින්න තමා....
මොකටත් අම්මට කියලා තව සුරයක් මතුරල දා ගන්න ඕනේ...

3 comments:

  1. පට්ට යකෝ. මට පළීඟු මැණිකෙ මතක් උනා.

    ReplyDelete
  2. පලිගු මැණිකේගේ මොකක්ද සින් එක....

    ReplyDelete
  3. ඒකෙ බං අර සූරසේන කඩේ මුදලාලිත් අල්ලගෙන නිධානෙයක් ගන්ඩ යන්නෙ... :-)

    ReplyDelete