Tuesday, January 26, 2016

ඌට දැන් පොඩ්ඩක් ඔල්මොරොන්දන්..

නිදානය ගොඩ දාන්න ගොහින් අම්බානක හෝතපාලු වෙච්ච බහිරවයාව නලවලා ආවයින් පස්සේ ඊලගට අපි කොරන්නේ මොකක්ද කියන එක ගැන අපේ එකෙක්ටවත් මෙලෝ අයිඩියාවක් නැතිය....
අනුරයාගේ රට යන ප්ලෑන් ඔක්කොම අල ගෝනි වීම හන්දාම අපි ඒ වැඩේ ටික දවසකට පෝස්පෝන්ඩ් කොරන්නට අපි සභාව ඒකමතිකව තීරනය කොලෙමු...
මේ වතාවේ "මක්ක කොරලාද ගොඩ යන්නේ" කියන එකට පැලෑන ගෙනාවේ වර්නපාලයාය...
මේ පාර අපි දෙන්නේ සිරාම වැඩක්....
බලන් ඉද්දි සල්ලි උනන වැඩක් කොරන්න යන්නේ බලපන්කො...වර්නයාගෙන් ලොරි ටෝක්ය....
දැන් මොකක්ද මේ පාර අපි කොරන්නේ....???

මමයි ලැන්ටියයි අනුරයයි වර්නයාගෙන් පලවෙනි ප්රශනය ඉදිරිපත් විය....
මේ වතාවේ අපි කොරන්නේ හෙනම සෙන්ටි මෙන්ටල් වැඩක්...
අපි මේ වතාවේ "සෙම්පොයි වාස්තු සාස්තරේ" කොරනවා....
සෙම්පොයි...ඒ මොන කෙහුරක් ද.....???
අනුරයා අඥ්ඥ කොරොස් වෙලාය....
ඒක මේමනේ....
ඒක මේ ලොකු ලොකු මිනිස්සු කරන හෙන ලොකු වැඩක්...
ඔය ගෙවල් හදන්න ඕනේ හැටි...එතකොට වහලේ උලු තියන හැටි...
තව මේ නාලා සබන් ගාන හැටි..
කාලා වතුර බොන හැටි වගේ හැම දේ ගැනම ඒකෙන් කියන්න පුලුවන්....
හැහ්...යකෝ මාර සාස්තරය්ක් නේ...
ඔව් ඔව්...වර්නපාලයා දිගටම කියවන් යනවාය...
උබට කියන්න අපේ අර දිය හොද ඇලේ ඉවුරේ ඉන්න ලීලී නැන්දගේ බාල කෙලී ඉන්නේ සුනේත්රා..අන්න ඒකී ගේ හැදුවේ සෙම්පොයි ගුරෙක් ගෙන් අහලා....
උබට කියන්න ඒකි උපන් වෙලාවේ හැටියට ශවර් එක හයි කොරන්න ඕනේ කුස්සියේ....එතකොට තමයි ගෙදරට ධන වාසනාව ලැබෙන්නේ...
ඉතින් ඒකිට දන වාසනාව ලැබුනද..
මම සේප් එකේ ඇසුවෙමි....
මේ මොනා අහනවද...හම්බුනානේ...
ඒ කොහොමද මම පුල් අන්දොස්ය...
ඒකිගේ මිනිහා කුස්සියේ වතුර ගොඩේ ලිස්සලා ඔලුව වැදිලා ඉන්ශූරන්ස් එකෙන් ලක්ශ විස්සක් හම්බුනා...ශවර් එක කුස්සියේ හයි කරපු හින්දා තමයි වාසනාව පෑදුනේ....
එතකොට දැන් මිනිහා...මම ආයෙත් ඇහුවෙමි...
ආ...ඌට දැන් පොඩ්ඩක් ඔල්මොරොන්දන්...
මම ඊයෙත් දැක්කා සරම කඩාගෙන ගේ වටේ දුවනවා....ඒ කොහොම උනත් ගෑනිට ධන වාසනාව ලැබුනනේ...ඒකනේ සාත්තරේ බලේ කියන්නේ..... යකෝ මිනිහා ඔල්මොරොන්දන් උනත් මොකො මුන්ට සල්ලි හම්බෙනවා නම්...
දැන් එතකොට අපි මොකද කරන්නේ සෙම්පොයි අපි දන්නේ නෑ නේ බන්...
ඒ පුරස්නය අනුරයාගෙන්ය...
යකෝ...ඔය සෙම්පොයි කිය කිය එන උනුත් එච්චර ඕක දන්නේ නෑ....අනිත් එක අපි ගාවට එන උනුත් ඕක වැඩියේ දන්නේ නෑ නේ...
අපි මෙහෙමයි කරන්නේ...
අපි ගෙවල් වලට ගිහිල්ලා ඔය දොරවල් එහෙම තියන තැන් වැරදි කියලා....
තව එත්කොට...අර අහවල් දිසාව බලාගෙන කන්න...එතකොට අහවල් දිසාව බලාගෙන නිදා ගන්න...
වගේ ටිකක් කියලා...
තව ඔය ඉස්සරහ දොර ගාව කැරපොත්තෙක් ගේ රූපයක් තියන්න...ටී.වී එක උඩ බෝදිලිමෙක් තියන්න...
කුස්සියේ ගෙම්බෙක් තියන්න වගේ උපදෙස් ටිකක් දීලා ගාන කඩාගෙන එනවා....
එච්චරයි.....
හෙන සිම්පල් ප්ලෑන් එකක්.... අම්මටහුඩු....
යකඩො...එච්චර ලේසීද බන් සිම්පොයි.....
මම පුල් හොල්මන්ය....
අනුරයා කට ඇරගෙන අහන් ඉන්නවාය ලැන්ටියාගෙන් ද මීක් සද්දයක් නැතිය....
වර්නයා දිගටෝම කියෝනවාය.....
දැන් උබලට කියන්න....අපේ සිල්ලර කඩේ එළු පීටරයාගේ රට ඉදලා ආව බාල කොලුවා උගේ ගේ හදන්න කලින් සිම්පොයි කාරයෙක් ගෙන්නලා බලවගෙන...
උගේ කේන්දරේ හැටියට උගේ ගෙදරට ඇතුල් වෙන තැන උලමෙක්ගේ පිලිමයක් තියන්න කියලා...
හැහ්...ඒ මක්කටද....
නැත්තන් ඒ ගෙදරට එන උන්ගෙන් ඌට ඇස් වහ වදිනවලු....ඔව්...
එළු පීටයරගේ බාල පුතා කියන එකා මම හොදට දන්නා බුවෙකි...
ඔය උලමෙක්ගේ රූපයක් තියන්න කියන්න නම් ඇත්තේ ගෙදරට එන උන්ට පීටරයාගේ පුතාගේ මූන බලන් ඉදලා ඇති උනාම බලාගෙන ඉන්න වෙන්න ඇති...
මොකද එලු පීටරයාගේ පොඩි එකාගේ මූන එච්චරටම සිරියාවන්තය....
හැන්දෑවේ 6.00 පස්සේ යන එකෙක්ට පේන්නේ උගේ දත් ටික ඉතරය.....
එහෙව් එකේ සෙම්පොයි කාරයාට හිතෙන්න ඇති උලමෙක්ගේ රූපයක් වත් ගැහුවා නම් මුගේ කැත වැහෙයි කියලා.....
අනේ ඉතින් සෙම්පොයි....


සටහන
වාසනාවන්ත

ඔන්න සමාවෙන්න ඕනෑ පහු ගිය දවස් වල මුකුත්ම පල නොකලට...
විභාග කටයුතු වලට හිර උනා බොලන්.....

13 comments:

  1. මේක නං සිරාවටම, වැදගත් පෝස්ටුවක්...

    ReplyDelete
  2. අන්නාරෙහෙ සජ්ජත් වනල තිබ්බ වාලංපුරි ගිහිං බල බල
    හැක්

    ReplyDelete
    Replies
    1. හප්පට සිරි...එමට් වෙලැද.....

      Delete
  3. ඔල්මොරොන්දන්....... කාලෙකින් ඔය වචනේ අැහුවේ......

    ReplyDelete
    Replies
    1. අපේ අම්ම නම් නිතර කියන වචනයක්....

      Delete
  4. වාසනාවන්තට ඔල්මොරොන්දන් පෙරේදත් පෝස්ට් එකක් දාලා තිබ්බා.කාලෙකින් පෝස්ට් එකක් දැම්මැයි කියන්නේ..

    ReplyDelete
    Replies
    1. පෙරේදා තමා අයෙ වැඩේට බැස්සේ.... :D

      Delete
  5. ඔය පෙන්සුයි මගුලේ ඉන්න බඩ ලොකු දෙයියගේ පිළිම 2009දි මම දැක්ක වියට්නාමේදී ගෙවල් වල, කඩවල, බිම පෙට්ටියක දාල පලතුරු තියල හදුන් කූරු ගහල අරක්කු විදුරුවකුත්(එහෙ කියන්නේ අරක්කු නෙවේ ෆුලේ කියල) තියනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ගොන් වාහෙලත් ඕනේ එකයි එපා එකයි ඔක්කොම කොරනවා නෙව.....එකනේ මේ හේනේ.....

      Delete
  6. මාත් මේ බැලුවෙ සෙම්පොයි ඉගෙන ගන්න ;)

    ReplyDelete