Friday, January 01, 2016

මම මොකටත් පෝස් කාර්ඩ් ටිකකුත් දා ගත්තා....

අලුත් අවුරුදු නත්තල් නිවාඩුවෙන් පහු බෝක්කුවේ උඩ අපේ සැට් එක ප්ලෑන් කොරන් උන්නු හැටියටම ඉතාලි ගමනට ලක ලෑස්ති උනා...
අපි සැට් එක ඉතරක් නම් කමක් නැතිය...කොහේදෝ ඉදන් ආතක් පාත්ක් නැතුව මේට්ට පත බෑ උන නත්තල් සීයාවත් උස්සාගෙන යන්නට වෙලාය...
කොහොමෙන් කොහොම හරි කතා කොර ගත්ත විදිහටම අපි පාස්පෝට් කන්තෝරුවට ගොහින් පාස් පොර්ට් හදා ගෙන වර්නපාලයාගේ අක්කාගේ මහත්තයාගේ මල්ලිගේ ලොකු පුතාගේ යාලුවෙක් අදුරන තව යාලුවෙක් ගාවට ගොහින් හොර වීසා පාරකුත් පාස් පෝර්ට් එකට කොටා ගත්තෙමු...
මට නම් අම්ම්බානකට පොඩ්ඩක් වැඩියෙන් මරන බය දැන් දැනෙනවාය..
මම සේප් එකේ වර්නයාට කතා කෙරුවෙමි...
මේ මතන්...මේ මතන්...
අපිට යන්න පුලුවන් නේද මතන්...
ඔව් ඔව්...බය වෙන්නේ නැතුව හිටපන්....මේවා මගේ මාස්ටර් ප්ලෑන් වල ට කරන වැඩ....
මම නොදන්න මුගේ මාස්ටර් ප්ලෑන්...
මම නඉත් උන දිහා බැලුවෙමි...
අනුරයාට නම් වගේ වගක් නැතිය...බෙලෙක්කයත් ඔහේ ඉන්නවාය...
නත්තල් සීයා නම් රැවුල අත ගගා කල්පනා කොරන්වාය....
කමක් නැතිය...වෙන ඕන මගුලක් වෙන්ටය කියා හිතන් මමත් බය නැතුව ඉන්න තීරනය කොලෙමි...
පැලෑන් කොරපු විදිහට ඔක්කොම සැට් කොරන් අපි ඇදුන් කැඩුන් ඔක්කොම ගේල් වලටත් හොරෙන් පොදි ගහන් මහා රැ දෙගොඩ හරියේ ගෙවල් වලට සමුදී බෝක්කුව අසලට සැට් උනෙමු...
වර්නපාලයා අම්බානකට අඩනවාය...
යන්න බෑ බන් මට දුකායි ඉහි....ඉහි...ඉහි......
ප්ලෑන් එකේ අයිතිකාරයා වෙච්ච අනුරයා නොසැලෙන පුරුස මෙව්වා එකෙන් බීරී සුගතන්ගේ තෙප්පමට බඩු පැක් කොරනවාය...
අඩන්නේ නැතුව හිටු...
අපි එහෙට ගිහින් ගෙදරට කතා කොරමු....
හා කතා කොරමු..
මගදිත් කතා කොරමු..මම මොකටත් රී ලෝඩ් එකක් දා ගෙනම ආවා....
වරනයා අඩ අඩ කියනවාය...
මුහුද මැද්දේ කොහෙද යකෝ සිග්නල්...ඊටත් මෙහෙ ඒවා එහෙ වැඩ නෑ කැස්බෑවෝ....
එහෙමද...
මම මොකටත් පෝස් කාර්ඩ් ටිකකුත් දා ගත්තා....
අපි ඒකක් වත් එවමු....
හම්මේ ඉතින් මුන්ගේ මොලේ තරම....
කොහොමෙන් කොහොම හරි අපි සැට් එකත් නත්තල් පප්පත් පටව ගත්ත බීරී සුගත්තන්ගේ තෙප්පම පිටත් විය...
අපි මාරුවෙන් මාරුවට හබ ගානවාය...
පැය ගානක් හබල් ගාලා ගාලා අපි ලොන්ත පෝල් වෙලාය...
අනුරයා අහස බලන් තරු වලින් දිසාව කියනවාය...
අහ්හ්...වමට කරන් යමන්...තව පොඩ්ඩෙන් ඉන්දියාව හම්බෙනවා...
අපිත් දාගෙන හබල් ගානවාය...
අම්බානක දුර පැදලා අපිට පට්ට මහන්සිය...
අනුරයෝ තව දුරද...
නෑ නෑ..තව ටිකයි...ඉන්දියාවට ගිහින් එහෙන් ම උදේට කමු....
අනුරයා ගේ පැලෑන එහෙමය...
තව ටික දුරක් හබල් ගෑවයි පස්සේ තෙප්පම පැයට හැටේ වේගෙන් කෙලගෙන යනවා දැනුනි..
අනුරයා මොකෝ බන් මේ...
මම දන්නේ නෑ...මොකටත් අහුවෙන තැනකින් අල්ල ගනින් කෝ කියා  කට ගන්න හම්බුනේ නැත තෙප්පම කොහෙටදො මන්දා කෙලගෙන ගියේය....
අම්බානකට පොඩ්ඩක් වැඩි වේගයෙන් ගිය තෙප්පම දෙරිකුඥ්ඥන් වී කැඩී ගියේය....
අපි ඔක්කොම හතර අතේය්....
එහෙන් මෙහෙන් අහු උන කෑලි බෑලි වල එල්ලී දන්න දන්න හැටියට පීනගෙන පන බේර ගත්තෙමු....
අම්මෝ..ඒ කොහෙද බන්...වර්නයා හති දානවාය...
අපි දැන් ඉන්නේ ඉන්දියාවේ බන් සුවර් එකටම..
ඒ පහු උනේ පෝක් සමුද්‍ර සන්දිය...ඔව් අනුරයා සුවර් එකෙන්ම කියනවාය...
ඌ කියනවා නම් එහෙම වෙන්න ඇති..
මොකද ඌ යමක් කමක් දන්න එකානේ.... ඒ කෝ බන් නත්තල් සීයා...
නත්තල් සීයත් කොන්ද අල්ලන් වෙරල කොනේ ඉන්නවාය...
සීයේ...සීයා මෙතනඉන් කෙලින්ම ඉස්සරහට ගියාම එවරස්ට් කන්ද තියනවා...එතනින් පිනි මුවෙක් එක්ක කරත්තයක් රෙන්ට් එකට අරන් ගෙදර යන්න..අපි මේ පැත්තෙන් යනවා....
අපි නත්තල් සීයාට සමු දී ඉතාලිය පැත්තට සේප් ඒකේ යන්න පටන් ගත්තෙමු...
අඩෝ අනුරයා...හිතුවට වඩා ඉන්දියාව ලගයි නේ බන්...
ඔව් බන් මේ ලගනේ බන් තියෙන්නේ...
මේ මේ එක නෙමෙයි බන්..අපි ඉතාලියට හෙන දුර යන්න ඕනේ නේ...
ඔව් ඔව්...එහෙට ටිකක් දුරයි..
අපි කයිය ගහන් හෙමි හෙමින් මහ පාරක් ගාවටම ආවේමු..
බලප්න් මෙහේ පාරල් වල සස්සන..අනුරයා හෙනම මූඩ් එකෙන් කියනවාය...
ඒ අස්සේ ඈතින් තොරනක් වගේ ලයිට් දාපු දිග වාහනයක් කෙලගෙන එනවා පෙනුනි..අන්න බලපන් බස් වල උනත් ලස්සන...
මොකටත් හැන්ගියන් අපි හොරෙන් නේ ආවේ පොලෝසියට කියන්න ඉඩ තියනවා.අපි සැට් එකම ලග තිබ්බ පදුරකට මුවා වී බස් එක යන හැටි බලන් උන්නෙමු..
බස් එක අපි ගාවින්ම නැවතුනි...
බස් එකේ උඩ පොල් ගෙඩි අකුරින් "කොලබ 04 හලාවත" කියලා ගහලාය...
අපි පුල් අන්දොස්ය..
එතකොට තාම අපි මෙහෙද...?
අපි හැමෝම අනුරයා දිහා බැලුවෙමු...
ඌ කටත් ඇරන් බස් එක දිහා බලාගෙනය....



16 comments:

  1. මං හිතුව බොලා ඔහොම මගුලක් කොරගනියි කියල. නත්තලෙයට මලපැන්නෙ නැතැයි?

    ReplyDelete
    Replies
    1. අලෙ මන්දා බන්...උට මක් උනාද කියලා....

      Delete
  2. අද කවදද බන්..අනිත් ඔක්කොමලා නව වසරට විෂ් කරලා පෝස්ට් දාලා.උබ විතරක් මොකෝ සුබ පතලා නැත්තේ..

    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. හැමෝම ඉතින් සුබ පැතුව එකේ උබලා මගේ බොට ඇවිල්ලා හිනා වෙලා යමල්ලා බන්....
      මම ලීවත් ඔය ටිකම නේ ලියන්න වෙන්නේ .....කොහොම උනත් සුබ අලුත් අවුරුද්දක්...

      Delete
  3. සුභ නව වසරක් වේවා සහෝ............

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා ...

      Delete
  4. හෙහ් හෙහ්, අනේ මන්දා ඉතින් මේවට මොනවා කියන්නද කියලා.

    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔන්න උබටත් එසේම වේවා

      Delete
  5. මං හිතුවෙඉන්දියාවෙත් කොළඹ හලාවත බස් යනවද මචං කියල අහයි කියල හිහි

    සුභ නව වසරක් වේවා

    ReplyDelete
  6. මෝරෙක් වත් තල්ලු කරාද දන්නේ නෑ වේගේ වැඩි වුනේ

    ReplyDelete
    Replies
    1. මෝය කටට අහු උන බෝලං.....

      Delete
  7. මෝරෙක් වත් තල්ලු කරාද දන්නේ නෑ වේගේ වැඩි වුනේ

    ReplyDelete
    Replies
    1. මෝය කටට අහු උන බෝලං.....

      Delete
  8. දැන් ඉතින් ඔය පෝස්ට් කාඩ් ටික ඉතාලියට යැව්වනම් .... අඩුම තරමේ අපි ගියේ නැතත් අපේ පෝස්ට් කාඩ් ඉතාලියේ කියන්න පුළුවන්නේ :D

    ReplyDelete
    Replies
    1. ඔව් බන්.....එහෙමවත් කොරන්න ඕනෑ

      Delete