Monday, January 25, 2016

අරක්කු බෝතලයක් වත් නෑ ඉල්ලුවොත් දෙන්න... නිධානය-02

අනුරයාගේ නිධානය ගොඩ දැමිමේ මිසන් එකට සබ්බ සකල මනාවම රෙඩී කොරාන අපි සැට් එක ඉරිදා හැන්දෑවේ කැලෑවට රින්ගුවෙමු...
තුත්තිරි රාත්තල් ගනන් සරම් වල පටලාගෙන නිදි කුම්බා කටු වලට අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වෙන්නට හිල් කරගෙන අපි කැලේ මැදින් අනුරයාගේ නිදන් වදුලේ තියන ඕෆ් ලයින් මැප් එක බලාන යනවාය...
අනුරයා මේ...
ලැන්ටියා උගේ විචක්ශන බුද්ධියෙන් ආයෙත් මැටි ප්‍රශ්නයක් ලෝඩ් කරගෙනය...
කියපන්....
මේ දැන් ඔය නිදානේ ඔක්කොම සල්ලි තිබ්බොත් හොදයි නේ බන්....
ඇයි...
නෑ ඉතින් චෙක් එකක් වගේ තිබ්බොත් ආයෙත් බැංකුවල රස්තියාදු වෙන්න එපැයි බන් ඕක මාරු කර ගන්න...ඒකයි...
නොදකින් මී හරක් මූකලන් බස්සා...
පඩත්තලයො.....
රජ කාලේ කොහෙද බොල චෙක් තිබ්බේ...නොදකින් උන හපුලුවා..
වැස්සකටවත් ඉස්කෝලේ ගිය එකක් ද......
ලැන්ටියා මූන හපුටු කොරාන මං දිහා බලනවාය...

මම මක් කොරන්නද....ඕකා ඇහැව්වොත් අහන්නේ ගොං ප්‍රශ්නයක්ම තමාය...
පැයක් හමාරක් කටු පදුරු තලාගෙන් අමාරුවෙන් බඩ ගෑමෙන් පස්සේ අපි අදාල් ස්පොත් එකට සෙන්ටිමෙන්ටල් උනෙමු...
නිදන් වදුලේ හැටියට නිදානේ තියෙන්නේ මෙන්න මේ ගල යට...
අනුරයා පතාර සයිස් කලු ගලක් පෙන්නා කීවේය....
කට්ටියම වරෙල්ලා සෙල්පියක් දාමු පේස් බුක්...
ඕසම් නයිට්...නිදන් ෆන් විත් බහිරව ඇන්ඩ් පෝටි ටූ අදර්ස් කීලා....
වර්නයා කැමරාව අරන් සෙල්පියක් ගහන්න රෙඩි වෙනවාය....
යකෝ...
තෝ හදන්නේ අපිව පොලෝසියට කුදලලා යවන්නද...ඕක දැකලා පොලෝසියෙන් ආවොත් මෙතනට...
ඊටත් අරක්කු බෝතලයක් වත් නෑ ඉල්ලුවොත් දෙන්න...මේ ගල උඩින් බිමට දාලා කියයි අපි බිමට පැන්නා කියලා...
ඔන්න ඕක පැත්තකට දාපිය හිකනලා...
අනුරයා වර්ණයාටත් අම්බානකට දෙහි කැපුවේය....
ගෙනාව අඩුම කුඩුම සැට් එක නිදානය තියන තැන සේප් එකේ පිලිවලට අඩුක් කිරීමෙන් අනතුරුව අපි නිදානය ගොඩ දාන ඊලග වැඩේට සෙට් උනෙමු... දැන් තියෙන්නේ මතුරන්න පටන් ගන්න...
එහෙම කියපු අනුරයා අපි ගෙනාපු බඩු මල්ලෙන් රතු පාට මේස් රෙද්දක් අරන් ඇග වටේ ඔතාගෙන බඩු මල්ල අස්සෙන් කැස්ට් රැකෝඩරයක්ද එලිය ගත්තේය...
රැකෝඩරය ඔන් කරාම බෙර ගහලා තාලෙට මන්තර මතුරගෙන යන්න පටන් ගත්තේය...
අනුරයා දුං කබල අරන් දුං ගහ ගහා නටනවාය...
අම්මටහුඩු..
අලුත් කැරමෙට නිදන් ගොඩ දාන එක හෙන සිම්පල් පැලෑනක් නේ...
ඒ උනාට බහිරවය කැමති වෙයිද දන්නේ නෑ සිම්පල් ප්ලෑන් එකට...
පැයක් විතර දුං අල්ලන් නටාගෙන යනකොට අමුතු සද්ද දාගෙන ගල් ගෙඩිය දෙදරන්න ගත්තේය....
මමයි වර්ණයයි ලැන්ටියයි වැදගෙන ඉන්නවාය...
දුං දාගෙන ගල දෙදරවාගෙන බුවාහහ් හහ්...,හහ්හහ්....ගාගෙන බහිරවයා සෙන්ටි මෙන්ටල් විය....
බුවහ් හහ් හහ්හා...උබලා අවේ මොකටද.....
අම්මට හුඩු...මූ මොනා ඉල්ලයිද දන්නේ නෑ බිල්ලට....
අනුරයා දුං කබල අල්ලන් බහිරවයා එක්ක සේප් එකේ චැට් එකට සෙට් විය...
අපි ආවේ නිදානේ ගන්න...
මොන නිදානේද...
බහිරවයා ඇස් පුංචි කොරාන අපෙන් අහනවාය...
මේ ගල යට තියන නිදානේ...
මේ ගල යට තියන නිදානේ දාපු රජ්ජුරුවොම ඒ දවස් වලම ගත්තා...
හැහ්...ඒ මොකටද...
මේ ලෝක බැංකුවෙන් ගත්ත ණයක් ගෙවන්න...
හැහ්...ඒ කාලෙත් ලෝක බැංක්වෙන් ණය අරන් ද අපි...???
ඔව් මේ වැවක් හදන්න අත මාරුවක් අරන් ඒක ගෙව්වා...
එතකොට මේ ගල අස්සේ මුකුත්ම නැද්ද...
අනුරය අඩන්න වගේය...
නෑ ඕයි දැන් එක පාරක් කිව්වේ...
අනුරයා හෙනම අප්සැට් එකේය...
එහෙනම් ඇයි යකෝ බහිරවයො උබ මෙතනට වෙලා ඉන්නේ...
මට යන්න තැනක් නැති හින්දා යකෝ මෙතනට වෙලා ඉන්නේ...
බහිරවයත් අඩන්න වගේය.හා හා නාඩ හිටින්...
අනුරයා බහිරවයව නලවනවාය...
අපි බුරියානියකුත් ගෙනාවා උබට දෙන්න....
අහ් මේක කාලා නාඩා ඉඩින්...
අපි නිදානයක් ගොඩ දාන්න ගියොත් බහිරවයො නලවලා තමා එන්න වෙන්නේ...
අපි එච්චරටම ලක්...
අපේ ලක් එකේ හිලක්....


16 comments:

  1. අඩොු් ඒක නං සිරාම ආතල් යකෝ..
    ලක් එකේ කෝමත් හිලක් තමයි හිහි

    ReplyDelete
    Replies
    1. අපේ ලක් එකේ එකක් දෙකක් නෙමෙයි හිල්ම අම්බානක්ය///

      Delete
  2. බොගෙ කථා පස්ට ෆන්ය. මට ඇති අවුල මෙච්චර ක්‍රියේටිව් විදියට ලියන ඔබට සාපේක්ෂව අඩු ප්‍රතිචාරයක් ලැබීම.

    ReplyDelete
    Replies
    1. අලෙ මන්දාය....බොලාට රස නම් ඒච්චරයි .....
      හැමදාම ඇවිත් යමු මේ පැත්තේ....පස්සෙන් පහු කට්ටිය ඒවී නෙව....

      Delete
  3. /ඕසම් නයිට්...නිදන් ෆන් විත් බහිරව ඇන්ඩ් පෝටි ටූ අදර්ස්/
    +++++++

    ReplyDelete
    Replies
    1. එහෙම නේ බලන් බුකියේ දාන්නේ .....හා නැද්ද හා

      Delete
  4. උඹ නං බං ගිය ආත්මෙ බහිරවයෙක්ම තමා.

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් කියනවා දෙපාරක් බත් බෙදා ගත්තම.....

      Delete
  5. ලක් එකේ හිල් ගොඩක්.
    සෝයි කතාවක් ඕයි...

    ReplyDelete
    Replies
    1. ලක් එකේ හිල් ගොඩයි බලන්....

      Delete
  6. පට්ට පට පට....... අනේ මට දුක බහිරවයා ගැන.

    ReplyDelete
  7. ඔය ඉන්නේ බහිරවයා යස අගේට..... :P

    ReplyDelete
  8. ජාති කතන්දරේ.. අපේ ලක් එකේ කොහොමත් හිලක්නේ??

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඒ හරිය බොලන්.....හිල් ගොඩයි.....

      Delete
  9. සිරා බං. අපේ ලක් එක ඉතින් කොහොමත් හිලක් තමයි අන්තිමේ බලද්දී.

    ReplyDelete
    Replies
    1. හිල් ගැන නම් කියලා නිම කොරන්නට බැරිය.....

      Delete