Monday, December 14, 2015

අනේ මහතුනේ මගේ මේ දුක බලලා -02


අම්බානකට පොඩ්ඩක් වැඩෙයෙන් පුහුනුවීම් කටයුතු කිරීමෙන් අනතුරුව අපි හිගා කෑමේ ජොබ් එකට යන්නට සැට් උනෙමු....
අනුරයා අපේ හිගන කෲ එකේ මැනේජර්ය...එතකොට බෙලෙක්කයා සිගර්ය...මම කනවැල අල්ලන් යන එකාය....
අපි සැට් එකම පෝය දවසේ උදේ පාන්දරම අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් දුර පන්සලක් ගාවට සෙට් උනෙමු....
අම්මට උඩු...
පිස්සු හැදිලා ආයේ හැදෙනවාය...
සුරංගනාවියන් වගේ සස්සනම සස්සන දැරිවියෝ පන්සල වටේමය....
අඩෝ අපි අද හිගා නොකා ඉම්මු බන්...
මොකක් ද බන්...ලැජ්ජයි වගේ...
බෙලෙක්කයා ආයේ චුරු චුරු ගානවාය...
අපේ මැනේජරයා නොහොත් අනුරයා ඒවාට සැලෙඩර් නැති....
අඩො මේ මගෙන් ගුටි නොකා කවි කියන්න පටන් ගනින්....
කෝ ගනින් මේකප් බඩු සෙට් එක....
මම මෙච්චර වෙලා කරේ එල්ලන් උන්නු පෙරිය සයිස් මල්ල ලිහලා බඩු සැට් එක එලියට ගත්තා...

බොරු කොන්ඩ සැට් එකයි...පරන වලන් අල්ලපු කමිස පඩංගු දෙක තුනකුයි තව බෙලෙක්කයාට කලු කන්නාඩි දෙකකුයි තව තව බඩු සැස් එකකුයි එලියට අරන් ඩබල් එකේ මේකප් පාර සෙන්ටි මෙන්ටල් කරන්න ගත්තා...
ඔක්කොම වැඩ අහවර උනාට පස්සේ වැදූ මා පිය දෙපලටත් හොයා ගන්න බැරි ගානටම හිගල ලුක් එක ඇවිලාය...
හරි දැන් උබලත මතකනේ කොරන්න ඕන ටික.....
අනුරයා අන්තිම පයිනල් වතාවටත් උපදෙස් ටික රිපීට් කොරනවාය....
බෙලෙක්කයා උබ පිච් එකට කවි කියන්න ඕනේ...
එතකොට කොකා උබ මූව ඔය සල්ලි තියන පෙනුම තියන එවුන් ගාවට ගෙනියන්න යන්න ඕනේ...
එතකොට මම උබලගේ පස්සෙන් සේප් එකේ ඇවිලා වැඩේ බලන් ඉන්නවා...උබලට උස්සන් ඉන්න බැරි බත් පැකට් එහෙම තියනවා නම් මට දියන් මම තියා ගන්නම්...
අනුරයා ප්ලෑන් එක ආයෙත් එක හුස්මට කියලා දැම්මා...
කට්ටියම ඉතින් තිස් තුන් කෝටියක් දෙවි දේවතවන් සිහි කරන් දකුනු පය පෙරට තියලා වම් පය ඊට ඉස්සරහින් තියලා වැඩේට එන්ටර් උනා...
බෙලෙක්කයා හයි පිච් එකෙන් කවි සෙට් එකට පටත් ගත්තේය.....
මම පරන සැමන් ටින් කබලක් අරන් පොඩි ගල් කැට කෑලි සුට්ටක් දාන් හොල්ල හොල්ල....
අනේ නෝනා...අනේ මහත්තයා....
පිනට යමක්...මේ ඇස් නොපෙනෙන හිගන්නට....
කිය කිය බෙලෙක්කයාගේ අතින් අල්ලන් ගාටනවාය....
අපේ දුක දැකලා අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් දුක් වෙන කස්ටිය අපිට අත දිගැරලා හිගමන් දෙනවාය...
ලොකු ලොකු නෝනලා මහත්තුරු ආච්චිලා සීයලා නැන්දලා මාමලා.....
හම්මේ සමහරක් අය අපිට බත් පාර්සලුත් දෙනවාය...
අනුරයා සේප් එක ඇවිත් ඒවා එකතු කරන් යනවාය...
හිගන ජොබ් එකත් හෙනම ප්‍රොපිට් එකක් සැට් වෙන ජොබ් එකක්ය...
අපි සැට් එකම දැන් හෙනම මොරාල් එකෙන් හිගා කනවාය...
ටින්  එක හොල්ලන පරක්කුවට පුල් වෙනවාය...
පැය දෙක තුනක් කවි කියල පස්සේ පොඩි සෝට් බ්‍රේක් එකක් ගන්නට අපි සැට් එක කාටවත් නොපෙනෙන තැනකට සෙට් උනෙමු....
ලොකු මෙගා බෝතලෙකුත් එක්ක පොඩි බිස්කට් පැකට එකකුත් අරන් අපි අපේ ලාබය මෙව්වා කොර බැලුවෙමු...
ගනන් කර කර ඉන්න අස්සේ කවුදෝ මන්දා බුවෙක් අඩි හයේ සරම අඩියට උස්සන් අපි දිහාට කෙල ගෙන එනවා දුටුවෙමු....
මම සේප් එක අනුරයාට ඇගිල්ලෙන් ඇන ඌව පෙන්නුවෙමි..
අඩෝ කවුද බන් අර එන්නෙ...
අම්මට හුඩු....
වර්නයා ඔය ඔක්කොමක උස්ස ගනින්...දුවපන් කියාගෙන් අනුරයා දුවන්නට පටන් ගත්තේ...
මමත් සල්ලි ටින් එකත් උස්සන් මෙගා බෝතලෙත් කිහිල්ලට උසේන් බෝල්ට් ගේ රෙකෝඩ් එක පේලියට කඩාගෙන දුවන්න ගත්තෙමි....
අනුරයා මගේ ගාවින්ම දුවනවාය....
අඩෝ කවුද බන් මේ හිප පොටේමස් වගේ අපේ පස්සේ පන්නන්නේ...මම හති දාන ගමන් ඇහුවෙමි...
මේ මේ...හිගන මුදලාලි කෙනෙක් බන්...
බුවා තමයි මේ ඒරියා එකේ හිගන්නන්ගේ මුදලාලී...කවුරු හරී ඌට කෝල් කරලා අලුත් හිගන්නො සැට් එකක් බැහැලා බිස්නස් කඩනවා කියා...
අහු උනොත් අම්බානක් නෙලයි...පන බේරන් දුවපන්.....
අම්මේ...අපි හිගා කන්න ගියත් හෙන හුරෙක් ඉන්නවා...
කකුල් දෙකට වැදලා මමයි අනුරයයි ආයේ රන් එක දෙන්න පටන් ගත්තා
ගත්තෙමි.....
අනේ මහතුනේ මගේ මේ දුක බලලා....ගහන්න එපා බුදු මුදලාලි මාමේ.......
මම පිටි පස්ස බැලුවෙමි...
මුදලාලි බෙලෙක්කයාගෙ බෙල්ලෙන් අල්ලගෙනය...
කොරන්නට දෙයක් නැතිය...උබව බේරන්න ගොහින් මටත් අම්මබනක බෙදා ගන්නට බැරිය....
මම ලෑල්ලටම පාගලා රන් එක දුන්නෙමි....

සටහන
වාසනාවන්ත

පලි
සමාවෙන්ට ඕනේ පොඩ්ඩක් ප්‍රමාද උනාට බොග පැත්තෙ එන්ට


12 comments:

  1. ඇයි බං? ඕකම උනාලුනෙ ප්‍රොෆෙසර් රත්නපාලට දවටගහ පල්ලිය ඉස්සරහදි...

    ReplyDelete
  2. මේකේ මේ 02 කියලා තියෙන්නේ... 01 තියන තැනත් කියපන්කෝ සත්තලං.............

    ReplyDelete
    Replies
    1. ඉදින් යටින් දාන්නම්

      Delete
  3. හැබැයි කැචයි කරපු වැඩේ,
    තමන්ගේ එකාට ගහන කොට මාරු වෙන එක.

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් අපි පන බීර ගන්න එපාය බන්....

      Delete
  4. පට්ටයි මචන් මේකේ 1 මින්ට හම්බුවෙලත් නෑ. මට හම්බු වුනෙත් නෑ...ඒක කෝ වාසනාවන්ත

    ReplyDelete
  5. කෝ බං මේකේ එක. කලින් එකේ ලින්ක් එකත් එක්ක දාන්න එපැයි මෙහෙම කාලෙකින් පෝස්ට් එක දාද්දී. මොකෝ අපිත් ඇවිත් සති දෙකේ සෙට් එකේ මිනිස්සුනේ බං. හෙහ් හෙහ්.

    ReplyDelete
    Replies
    1. හම්මේ සමාවෙයල්ලා දාන්නම් දාන්නම්....සෑහෙන කාලෙකින් බොගට ගොඩ වැදුනෙ

      Delete
  6. එකට කලින් දෙක බැලුවා. පට්ට පට පට.

    ReplyDelete
    Replies
    1. ඒක තමා ඉට්ටයිල් එක අලුත්ම.....

      Delete