මේ දවස් වල අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් වරුසාව හින්දා අපි පුල් මාවලැස් ඉරිදා හැන්දෑවට සැට් වෙන්නේ වර්නපාලයාගේ කඩේය...
කඩයක් කිව්වට ඒක කොමිනිකේසන් එකක්ය....
කොමිනිකේසන් එකක් කිව්වට ඒකේ නැති මගුලක් නැතිය...
සිනී බොල ටොපි චොකැලට් විතරක් නෙමෙයි හාඩ්වෙයාර් වල තියා සිමෙන්ටි කොට්ට හිටන් තියනවාය...
කොයි වෙලෙත් වැටෙන චුරු චුරු වැස්ස නිසා මේ ඉරිදා හැන්දෑවත් අපි වර්නපාලයාගේ කොමිනිකේසන් හාඩ්වෙයාර් එකටම සෙන්ටිමෙන්ටල් උනෙමු....
කඩේට වෙලා පුල් ආතල් එකේ සීනි බෝලයක් සූප්පන ගමන් අපි ආ ගිය විස්තර කතා කොර කොර සිටියෙමු...
මේ වර්නයා...
උබ දැක්කට එළු පීටරයාගෙ සිල්ලර කඩේට එහා පැත්තේ තියන කුලී ගෙදරට අලුතෙන් පවුලක් ඇවිල්ලා ඉන්නවා...
අනුරයා අපේ ගමේ මේ දවස් වල කතා වෙන හොට්ම නිව්ස් එක කරලියට ගෙනාවේය...
ඔය කියන පවුලේ ලස්සන ලස්සන සුරංගනාවියක් වගේ කෙල්ලෙක් ඉන්නවා මමත් එහෙන් මෙහෙන් එළු පීටරයාගේ කඩේට යන ගමන් මීටර් කොර ඇත...
මට පේන්නේ අනුරයත් ඒකට රබර් ඇහැ පෝකස් කොරනවා වගේ.....
මම මුකුත් නොකියා දන්නේ නැති ගානට උන්නෙමි...
ඔව් ඔව්....
මම දැක්කා.....
හම්මේ....සූකිරි බෝලයක් වගේ නෙහ්....
මම දැක්කා දවස් දෙක තුනක් මේ පාරෙන් ගියා.....
වර්නයා නොදන්න ගානට කිව්වට මම හිතන්නේ ඕකා ඇස් දෙක කටේ දාගෙන බලන් ඉන්න ඇත්තේ කෙල්ල දිහා...
මම කෙල්ලෙක් දිහා බැලුවොත් ඉතින් හෙනහුරෝ අම්බානකුයි තවත් තුන් හතර දෙනකුයි නම් අනිවාර්යයෙන් ඉන්නවාය...
මක් කොරන්නද...ලබා උපන් හැටි වෙන්ට ඇති මම...
නොදන්න ගානට හිටියෙමි.....
හතර පස් දෙනාම කච බච ගගා බෙරිහන් දෙන සද්දේ එක පාරම මීයට පිම්බාක් වගේ නැති විය...
මොකද උනේ...එකෙක් මලාවත් ද...
මම සේප් එකේ අනිත් උන් දිහා බැලුවෙමි....
උනුත් කටවල් වහන් බලන් ඉන්නවාය...
මම කඩේ දොර දිහා බැලුවෙමි.....
කිරි අප්පට කොටදෙනියාවේ පොලීසියෙන් පැනපි.....කිව්වලු...
මෙන්න අර කෙලි පොඩ්ඩ කොමිනියට ඇවිල්ලා...
මෙච්චර වෙලා අර මොකුන්ද වගේ බෑගිරි තියපු අපි හෙනම ජෙන්ටල්මන්ස්ලා වගේ ඉන්නවාය...
කෙල්ල අපි සැට් එකම දවා අලු කරලන බැල්මට් එකක් පෝකස් කරේය....
මගේ පපුව මෙව්වා වෙලා මෙව්වා උනා වගේය.....
ඒ දැරිවි සේප් එකේ වර්නයාට කතා කොරේය...
අයියේ...
මේ පෝන් එකේ සද්දේ ඇහෙන්නේ නෑ...හදලා දෙන්න පුලුවන් ද.....???
වර්නයාගෙන් හාවක් හූවක් නැතිය...
මම ඇග පුරාම ඉතුරු වෙලා තිබ්බ පුරුශ දයිරිය එක තැනකට මෙව්වා කොරන් සිංහ සෙයියාවෙන් වර්නයා කට අරින්න කලින් ගේමට එන්ටර් උනෙමි....
කෝ දෙන්න නංගි මම හදලා දෙන්නම්...
වර්නයා කන්න වගේ මන් දිහා බලනවාය...අනුරයා ගේ මූන නිකන් එකදාස් නමසිය හැට හතරේ නිදහස ගන්න යුද්දෙට ගොහින් වෙඩි කාපු ඌරෙක් වගේය...
මම උන් එකෙක්වත් නොදැක්ක ගානට සේප් එකේ වැඩේ කොරගෙන ගියෙමි....
දැරිවිට පෝන් එක දෙන්න කලින් මගේ පෝන් එකට සේප් එකේ මිස් කෝල් පාරකුත් කොටා ගත්තෙමි....
අම්මේ ඉහේ මලක් පිපුනා වගේය...දෙන්නම් ජම්බු....
අරුන් දෙන්නාගේ මූනවල් අල පොප් කෝන් හදන්න පුලුවන් ගානට රත් වෙලාය...
කොරන්නට දෙයක් නැත...
මෙයා මගේ පරම පවිත්ර පූජනීය පස්ට් ලව් එකය.....
මේක නම් බොලාලට කොටාගෙන යන්නට නම් දෙන්නේම නැතිය....
දැරිවිගේ පෝන් එක හදලා දීලා ආයේ මොනා හරි ප්රශ්නයක් තියනවා නම් කියන්ටත් කියලා පිටත් කෙරුවෙමි....
පපුව පිච්චෙන තරමට හිනාවක් මෙව්වා කොරාපු කෙල්ල යන්නට ගියේය....
අරුන් දෙන්නා පුල්ම අන්දොස් මූඩ් එකේ මන් දිහා බලන් ඉන්නවාය...
ඔන්න බලපන් මම කෙල්ලව සැට් කොර ගන්න හැටි.....
මම මගේ පෝං එකෙන් මැසේජ් එකක් කෙටුවෙමි....
නංගි ඔයාගේ නම මොකක් ද....???
සල්ලි සල්ලි කියලා නොබලා සෙන්ඩ් කොරෙමි.....
අරුන් දෙන්නා ඉරිසියාවෙන් පුපුරනවාය...
මම උන්ට කින්ඩි හිනාව දාගෙන රිප්ලයි එකක් එනකන් උන්නෙමි....
විනාඩි පහක් ගියේ නැතිය...
කෙල්ල මල් මල් හිනාවක් එක්ක ආයෙත් කඩේ දොර ගාවය...
අම්මට හුඩු...එක මැසේජ් එකෙන් වැඩේ ගොඩද....
අරුන් දෙන්නත් පුල්ම අන්දොස්ය....
නංගි කියන්න....
මේ අයියේ මේ මොකක් ද එකක් ආවා පෝන් එකට....
කෝ බලන්න...
මම පෝන් එක ඉල්ල ගෙන සේප් එකේ බැලුවෙමි....
මගේ මැසේජ් එක දිලිසි ඩිලිසි පෝන් එකේ තියනවාය...ඕපන් කොරලාවත් නැතිය.....
මේ මේ....මැසේජ් එකක් නන්ගි...
අහ් එහෙමද....
මම ඒවා කියවන්න දන්නේ නෑ අයියේ...
මට ඒවා මකන හැටි කියලා දෙන්නකො....
නොදෝකින්...
ඉදලා ඉදලා කෙල්ලෙක හිත ගියොත් මොකාක් හරි කරුමයක් තියනවාමය...
අරුන් දෙන්නා දැන් දෙකොනෙන් හිනා වෙනවා ඇති...
මම යවපු මැස්සේජ් එක මම ම මකලා පෝන් එක කෙල්ලට දුන්නෙමි...
අරුන් දෙන්න කටවල් තද කොරන් ඉන්නවාය...
කෙල්ල ගිය ගමන් මට ඇති වන හතර විලි ලැජ්ජාවේ තරම මට හිතා ගන්නට බැරි තරමට ම ලොකුය...
අනේ මම පව් ය...

කිරි අප්පට කොටදෙනියාවේ පොලීසියෙන් පැනපි, niyamayi
ReplyDeleteකොට දෙනියාවෙන් බාර දෙන්න ඕනෑ කේස් එකක් නම් තමා බන් ඒක.... 😊
Deleteමේ ලගදි ඉසිතිරියාවක් මට ෆෝන් එකේ තියන උන්දැගෙ ෆොටෝ ඩිලිට් කරල දෙන්ඩ කියල දුන්නනේ බං , මතක් වෙනකොටත් ඇග හිරිවැටෙනව යකො
ReplyDeleteඅටමත් මනුස්සයෙක් වෙලා වගේ :D
Deleteයකඩෝ අටමටත් වෙන්නේ මාර වැඩ නේ...ඔක්කොම ඩිලීට් කොරැයි....
Deleteඑල ද බ්‍රා..
ReplyDeleteඋඔගේ ලියවිල්ලනම් ඉස්තරං
ටැන්කූ...ටැන්කූ...
Deleteහෙහ්.. චන්දනය ගෙ අඩුව පුරවන්න එකෙක් මඟ එන ගමන් කියල හිතෙනව.. බං... හෙහ් උන්දැ බොග අකුලෝගනම ගියානෙ. නැත්තං උඹට තව ක්‍රියේටිව් අයිඩියා ටිකක් ගන්න තිබ්බ හෙහ් හෙහ්..
ReplyDeleteමල් හතයිමචෝ... ජයවේවා
කවුද බොලේ චන්දනයා....අපේ සීනියර් කෙනෙක් වෙන්ටෑ....
Deleteමම දන්නේ නෑ....හොයන් ගිහින් බලන්න ඕනෑ...
ටැන්කූ මහේසයෝ....
අයියෝ...ඔයා පව් නේන්නං..ඒත් උත්සාහය අත අරින්න එපා " උත්සාහ වන්තයා නැති කඩුව කොස් කොටන්නද"මොකක්ද කියලා උපහැරණයක් තියෙනවා.
ReplyDeleteඇත්තටම මරු කතාව.ඔයා ලියන ශෛලිය තමයි මම කැමතිම.හැමදාම බලනවා අලුතින් මොනවා හරි ලියලාද කියලත්.
ටැන්කූ වෙවා....
Deleteවදින්න ගිය ගහ ඉහේ කඩන් වැටිලා දේවාලේ ඉන්න ගොනා ඇන්න ජාතියේ වැඩ නේ බොලන් අපිටත් වෙන්නේ...
මේ දවස් කීපය නම් පොඩ්ඩක් බොගට එන්න උනේ නෑ....අන්තර ජංජාලය කපල තිබ්බ නේ බිල් එක වැඩියෙන් ගෙවනවා කියලා....
කාලකණ්නි ලයින් එක රසවත් ලිවිල්ලෙන් තේරෙනව!!!
ReplyDeleteදැන් කාලේ හොඳ ලියන්නෝ කියන්නේ හොඳම කාලකණ්නියෝ
ටැන්කූ වේවා උගුඩුවෝ ....
Deleteමේ පැත්තේ ආව පලවෙනි වතාවද මන්දා....
හෙහ් හෙහ් පට්ටයි............ ඔයා හෙන පව් ම තමා................
ReplyDeleteපව් ඕයි මන්...
Deleteඅයියෝ සල්ලි... කෙල්ල බොට පානිය දාන පලවෙනි මැසේජ් එකම බොට කියලම ඩිලීට් කරගත්ත වගේ..
ReplyDeleteමාරම ලස්සන කෙල්ලෙක් බන්....
Deleteඇඩෙනවා මටහක් වෙද්දි...දුක තමා බලන්ගොඩයෝ...
This comment has been removed by the author.
ReplyDeleteමේ පොස්ට් එකට වැටුනු හොදම කමෙන්ට් එක නිරැත්තරාගෙන්..
Deleteඉංගිරිසි කියවගන්න අමාරැනම් මට කියපන්
කියවගන්න බෑ බෑ වගේ බන්....
Deleteඒක අපේ ලේ වල තියන එකක්...අපි සුද්දට එරෙහිව සටන් කොරාපු ජාතියනේ බොලව්...අන්න ඒකයි...
අයියෝ..මම පව් ....හී...
ReplyDeleteමාත් පව් නෙව...
Deleteදැං කෝල් කරහං. එතකොටත් එයිද බලහං කඩේට? එහෙම උනොත් කොහෙංහරි තණකොල ටිකක් හොයල දීපං.
ReplyDeleteපට්ටයි ඈ!
මගේ අභිමානය දැනටමත් කැඩිලා විරුවපට්ටන් ගැහිලා තීන්නේ...උබ කියන්නේ ආයෙත් ඉල්ලන් නා ගන්න කීලද....මම පව් නැද්ද යකෝ....
Deleteදැං කාලෙ කෙල්ලො හෙණ ඇඩ්වාන්ස් බං. ඕං ඔහොම තමා උං අරගල සමනය කරන්නෙ පටං ගන්න කළිං
ReplyDeleteඔන්න බලාපන් ඉතින් ඩ්‍රැකියත් කෙල්ලට සපෝර්ට් එක ඈ....කැතයි හොදේ....
Deleteනෑ බං. මං කිව්වෙ උංව දැලේ දාගන්ට නං අපි උංගෙ උපාය මාර්ග අධ්‍යයනය කරලා, ඒවට හැඩගැහෙන්න ඕනෙ. පරිසරයට අනුව වෙනස් වෙන සතා තමා ජාතිය බෝකරන්නෙ...
Deleteඋන්ව දැලේ දා ගන්න හෙනම අමාරුයි මයේ දෙයියෝ....
Deleteඑහෙනං "අත බාලෝ දුක්ඛං නිගච්ඡති" (බාලයා දුකසේ අත පාවිච්චි කළ යුතුයි) හෙහ් හෙහ්...
Deleteඔහොම ඉඳල බෑ ට්‍රයි කොරහං.