Thursday, November 12, 2015

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි

අපේ ගමේ ඉන්නේ පුල් මාවලස් සිටිසන්ලාය...
අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පොස් කට්ටිය ය...
මම ඒක දැන ගත්තෙත් ඊයේ පෙරේදාය...
ඒක දැන ගත්තෙත් පේස් බුක් එකෙන්ය....
උඩහා ගෙදර මැගිලින් අත්තම්මාගේ මිනිබිරී එහෙම හෙනම පොස් පාටය...ඇස් වහක් කට වහක් නැතිය ආයේ ජැකොලින් පර්නැන්ඩස් ගේ පුන්චි අම්මාගේ දෝනියන්දා වගේය.....ඒ ඉතරක් නෙමේය...
මැගිලින් අත්තම්මාගේ මිනිබිරීගේ නම මම දන්නා හැටියට නදීශානීය...
ඒ උනාට පේස් බුක් එකේ දි "ප්රින්සස් නැන්ඩී" ය
මතක් වෙනකොටත් හද මල ටොයින් ගානවාය...

එතකොට හන්දියේ වින්කලේට එහා පැත්තේ කොමිනිකේසන් එක දාගෙන ඉන්න බුවත් හෙනම සල්ලි කාරෙක්ය...බුවාටත් රොම්බ සයිස් ටෑර් තීන පෙරිය සයිස් එකේ මොටෝ බයිසිකල් හත අටක්ම තියනවාය...
ගමේ හැමෝම බුවාට කතා කොරන්නේ නම් රුවින්ද මල්ලී කියාය...
ඒ උනාට පේස් බුක් එකේ "රුවී රොක්ස්" ද මොකක්ද එකක්ය.....
අම්මේ මතක් වෙනකොටත් බඩ පිරෙනවාය...
අලුතෙන් පේස් බුක් එකවුන්ට් එකක් හදන් සැන්ටි මෙන්ටල් වෙච්ච මම මේ දවස් වල ඉතින් ඉන්නේ හෙනම අන්දොස් මූඩ් එකේය...
මේ ඔක්කොම අස්සේ මම ඉතරක් අං කසුට්ටා වගේ ප්රොපෑයිල් පිච්චැර් එකක් දාගෙන ඉන්නවාය.....
අද බෝක්කුව උඩ සැට් එක සැට් වෙච්ච ගමන් මම මේ පොබ්බම් එක කීවෙමි...
වර්නයා මේ....අපේ මැගිලින් අත්තම්මාගේ දෝනියන්දාට කුමාරි කියලා කෑල්ලක් නමට තියනවා ද....??
නැහ්...ඇයි...
නෑ එයා පෙස් බුක් ඉන්නෙ ප්රින්සෑස් කීලා නේ බන්...එතකොට හන්දියේ රුවින්දයාටත් හෙන රොම්බ සයිස් එකේ මොටෝ බයිසිකල් ගොඩක් තියනවා නේ....
හැහ්...
තෝ බීලා ද...
රුවින්දයා අද උදෙන් මේ පුස් බයික් එකට හුලන් ගහා ගත්තේ අපේ ගෙදර පොම්පෙන් නේ බන්....
මොන රොම්බ බයික් ද....
උබ ඊයේ පෙරේ දා නේ පේස් බුක් එකට ගොඩ බැස්සේ .....
වර්න පාලයා හෙනම කින්ඩි විදිහට මම දිහා බලනවාය.... ඔව් ඔව්....ලැජ්ජාව පැත්තකින් තියලා මම ඇත්තම දෙසා බෑවෙමි....
ඕක ඔහොම තමයි බොල හීනාප්පාලි කෑ දැත්තෝ...
ඒක තමා ඉට්ටයි එක...
දැන් එතකොට උබ උබේ පේස් බුක් එකේ ඔක්කොම ඇත්ත විස්තරද දාලා තියෙන්නේ....
වර්නයා හෙනම මාන්දමික ඉට්ටයිල් එකෙන් ඇහුවා....
ඔව් ඉතින් ආය මක්කයි....
බොරු දාන්නේ...අපායේ යන්නද....
නොදෝකින් කැස් වටුවා...
අපිම කියලා දෙන්න ඕනේ...
ඉස්සල්ලාම දාපන් නමට එහා පැතෙන් රොක්ස් කීලා.....
ඊට පස්සේ තව ඔය දකින දකින බයික් එක උඩ නැගලා උබේ වගේ පුටෝ දාපන්...
ඉදලා හිටලාවත් ඔය රෙදි කඩේකට රින්ගලා ෆිටෝන් රූම් එකට රින්ගලා එතන තියන ඇදුම් දෙක තුනක් ඇදන් පොටෝ කෑලි දෙක තුනක් ගහන් වරෙන් ප්රොපැයිල් පිචැර් එකට දාන්න....
අම්මේ ඉතින් තව ඒවා තීනවා..ඒවා පස්සේ පුලුවන්...දැන් ඔය ටික කොරහන්කො.....
වර්නයා හෙනම සිරා මූනකින් මෙව්වා කොරන් කියනවාය......
හැහ්....හෙන වැඩ ගොඩක් තියනවා නේහ් බන් පේස් බුක් එකෙත්...
ඔව් ඔව්...තව තියනවා...ඔය පටන් ගත්තා විතරයි...වර්නයා හෙනම සිරා මූඩ් එකෙන්ය....
මේ ඒක නෙමෙයි වරෙන්කො එළු පීටරයාගේ සිල්ලර කඩේට පොඩ්ඩක් ගිහින් එන්න...අම්මා සීනි 500ක් ගේන්න කිව්වා තේ හදන්න...වරෙන්....
සීනි අරන් එන්න...
වර්නයා මාවත් ඇදන් එලු පීටරයාගේ කඩේ දිහාට බඩ ගෑවා...
මාත් පේස් බුක් කෙරුවාව ගැන කල්පනා කොර කොර කඩේ දිහාට වර්නයා එක්ක ගියා... අපි කඩේට යනකොට මැගිලින් අත්තම්මා ගේ මිනිබිරී කඩේට ඇවිල්ලාය....
පාන් රාත්තක් අරන් අපිටත් හිනාවක් දාගෙන එයා යන්නට ගියේය....
අපිත් සීනි අරන් වර්නයාගේ ගෙදර ගිහින් හොට් හොට් ඉගුරු ප්ලේන්ටියක් බොන ගමන් පේස් බුක් ගැන කතා කොරන්නට පටන් ගන්න හැදුවා විතරය.....
මට නොටිපිකේසන් එකක් ආවේය...
ප්රින්සන් නැන්ඩී හෙවත් මැගිලින් අත්තම්මාගේ මිනිබිරිය ඉට්ටේටස් දාලාය....
ඊටින් පීසා විත් මයි ග්රැනී ඇන්ඩ් පැමිලි...සෝ හොට්...ආව්සම්....
හැහ්...පීසා....
යකෝ මේකි මං ඉස්සරහම නේ පාන් අරන් ආවේ එළු පීටරයාගේ කඩෙන්....
ආයෙත් ටොයින් ටොයින් ගාලා සද්දයක් ආවේය...
වර්නයත් ඉට්ටේටස් දාලාය.....
ඩ්රින්කින් කොක්ටේල් විත් කොකා......ආව්සම් ටයිම් විත් බෙස්ට් ප්රෙන්ඩ්ස්...
හැහ්....
යකෝ දැන් ප්ලේන්ටි වලට කොක් ටේල් කීලද කියන්නේ......
යකෝ මම මොකටද සෙකන්ඩ් වෙන්නේ....
මමත් දානවා ඉට්ටේටස්...
ගුඩ් නයිට් ස්ලීපින් විත් වර්නය ඇන්ඩ් ෆෝටී නයින් අදර්ස්......

සටහන
-කොකා-


30 comments:

  1. ස්ලීපිං විත් ලැන්ටියා? ඒ මොකාද ඒ?

    ReplyDelete
    Replies
    1. මගේ අනිත් ගජයා.....උබලට හෙනම අවුල් නම් නම මාරු කොරමුකෝ.....

      Delete
  2. ඇත්තට මෙතන ලැංටිය ගැන මොනාත් නෑනෙ
    ඒ මොකාද ඒ..
    හැක්.. මරු කතාව බංහිහි

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න උබලට අවුල් නිසා වර්නයාවම ගත්තා ඕන් ......

      Delete
  3. ඇත්තටම කවුද අනේ ලැන්ටින්

    ReplyDelete
  4. ඇත්තටම කවුද අනේ ලැන්ටින්

    ReplyDelete
  5. After reading this feeling fucking awesome with Prince Lantis and 23 others.

    ReplyDelete
    Replies
    1. අම්මට හුදු ඩුඩ් ක්ද්දෙන්ම කොටලා.....

      Delete
    2. ඩූ
      මොකක්ද බං උඹ වාසනා කොලුවට ඉංග්‍රිසියෙන් කුනු හරුපෙන් බනින්නේ.

      Delete
    3. ඒකනේ බන් මනෝ...බලපන් ඉතින්....

      Delete
  6. නොදෝකින් කැස් වටුවා..

    ReplyDelete
    Replies
    1. කැස් වටුවා සෝයි සතා අනී

      Delete
  7. බ්ලොග් නොතිබුනා නම්..යම රඡ්ඡරැවෝ මම එනකන් බලාගෙන ඉන්නවා බුකියේ දාන බොරැවලට දඩුවම් දෙන්න..දැන් ඒ පැත්තේ යන්නෙ නෑනේ..
    ලියවිල්ල එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. හැක හැක.....බුකියත් එක විදිහ අපායක් තමා ගොයියෝ

      Delete
  8. ඇත්තටම මරු කතාව.මූණු පොතේ විතරක් නෙමේ...සමහරු ඉතින් හැබෑ ජීවතේදිත් බොරු ෂෝ එක පෙන්නගෙන තමා ඉන්න හදන්නේ.

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඉතින් ඒ ගැන නෙහ්....

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. බොරුව සහ මෝඩකම දෙකම එකවර ප්‍රදර්ශනය කරන එකම ස්ථානය.... ලෝකෙටම එකයි.. ලොවෙත් නෑ ... ලොවි ගහෙත් නෑ කියන්න ඔව්වට වෙන්ටෑ ...

    ReplyDelete
  12. ගාල්ලෙත් නෑ...ගාලු පොලෙත් නෑ අම්බලන්ගොඩයෝ.....

    ReplyDelete
  13. හෙහ් හෙහ් මේක පට්ට......... හිනාවෙලා මැරෙනවා...............
    //ස්ලීපින් විත් වර්නය ඇන්ඩ් ෆෝටී නයින් අදර්ස්......//
    එකපාරක් කෙල්ලෙකුත් දාල තිබ්බලු මේම.......... හෙන ගොඩක් එක්ක එකපාර නිදාගන්නවා කියලා.....................

    ReplyDelete
    Replies
    1. හැහ්...හැහ්...
      දැන් එව්වොන්ට බැරිකමකුත් නෑ වගේ....

      Delete
  14. ෆේක් නමි වලින් ඉන්න එවුන් එමටයි බං.කෙල්ලන්ගේ පොටෝ දාගෙන ඉන්න කොල්ලෝ හෙන සැට් එකක්ම ඉන්නවා ඕකේ...

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. අඩේ මෙන්න මට කිව්වට මූත් කඩ්ඩෙං කොටලා මොකක්ද හරුපයක් This comment has been removed by the author කියලා.

      Delete
    2. ඔක්කොම ඉන්නෙ කඩු කිනිසි කාරයෝ නෙව...

      Delete
    3. ඔහොම බනින්න කියලා කිව්වේ ආතර් අයියා .removed කියන්නේ අල්ලගෙන මකනවා කියන එක.

      Delete