Thursday, October 08, 2015

...ටිටී ගර්ල් උස්සලා...

අපේ "බෝක්කුව උඩ සැට් එක" හැන්දෑවේ හතර වෙනකොට බෝක්කුව උඩට වාර්තා කොරන වග මම ඉන්තේරුවෙන්ම දන්නා සීන් කෝන් එකකි.මමත් හැමදාම හැන්දෑවේ තුනයි හතලිස් එකේ ඉදන් හොර ගල් අහුලන්නේ බෝක්කුව උඩට සෙන්ටි මෙන්ටල් වෙන්නටය...
කොහොමෙන් කොහොම හරි මා පිය දෑස් වලට වැලි පාරක් මෙව්වා වෙලා කේලමා වගේ ගේ වටේම මීටර් කරන අත්තම්මගෙනුත් මෙව්වා වෙලා බෝක්කුව උඩට පනින එක හෙනම ජිල් ටෝන් මෙහෙයුමක්ය.අති සාර්ථක මෙහෙයුමක් මෙව්වා කරන් බෝක්කුව ගාවට සෙන්ටි මෙන්ටල් වෙනකොට කස්ටියම අහස පොලොව එකට කොරලා රිවට් ගහන තමටම කල්පනා කොරනවාය....
අඩෝ...මොකක්ද සීන් එක.......
මම බෙලෙක්කයාට ඩයල් පාරක් දැම්මෙමි....

වර්ණයාගේ ටිටී ගර්ල් උස්සලා....
ටිටී ගර්ල් කිව්වේ....ගෙදර බෝඩ් වෙලා ඉන්න කෙල්ලද.....
නෑ නෑ ගස් හිවලෝ...
අර බූල් බැල්ලි....
අම්මට සිරි වර්ණයාගේ බලු ප්රේමයට කෙල වෙලාද....
වර්ණයා තරම් ආදරනිය බලු පෙම්වතෙක් මේ අහල ගම් හතකවත් නැත....
ටිටී ගර්ල් වඩාගෙන ඌට වර්නය උම්මා දෙනවාය...
කිති කවනවාය...
නලවනවාය......
වෙන එකක් තියා නින්ද යන්නේ නැත්තන් දරු නැලවිලිද කියනවාය.....
වර්ණයා හෙනම අන්දොස් මූඩ් එකෙන් අස්සයා මැරිච්ච් කව් බෝයි වගේ උඩ බලන් ඉන්නවාය....
දැන් මක්කෙයි කොරන්න ඉන්නෙ....
අපි යනවා පේනයක් අහන්න.....
හැහ්...ඒ කොහෙද......
පහල වත්තේ ඉන්නවා සාත්තර කියන බුවෙක්...බුවා වැඩ්ඩා...
අපේ නැන්දා කිව්වේ....
අහස බලා වහිනවද කියනවලු...
ලිද බලලා වතුර තියනවද කියනවලු....
බිල බලලා ලයිට් කපනවද කියනවලු...
වෙන එකක් තියා රන් රේට් එක බලලා මැච් එක පරාද වෙනවාද නැද්ද කියලත් කියනවලු....
මාර මෙව්වයිලු ඕයි......
උබ එනකන් හිටියේ යන්න...වරෙන් වරෙන් යන්න...දෙයියෙ ශාප් 7.30 වෙනකොට දේවාලෙට සෙන්ටි මෙන්ටල් වෙනවා....
ඉක්මනට වරෙන් යන්න...
අම්මටහුඩු.... පේනයක් බලන්න....ඒකත් හෙන ආතල් වැඩක්..
එහෙනම් වරෙන් යන්න පරක්කු නොවී..කස්ටියම ඩබල් එකේ දේවාලෙට සෙන්ටි මෙන්ටල් උනා...
දේවාල ඒරියා එකේ බල්ලෙක්වත් නැතිය......
අයිනකට වෙන්න සරං කොටයක් ගහ ගත්ත බුවෙක් කම්මුලේ අත තියාන කල්පනා කොරනවාය...... ඔටුවා මැරිච්ච සුල්තාන් වගේ බුවා හෙනම කල්පනාවකය.....
අපි සේප් එකේ බුවාට ගාවට මෙව්වා උනේමු...
මාමේ...අද දෙයියෝ ඩේ ඕෆ් ද......නැත්තන් හාෆ් ඩේ ද.... බෙලෙක්කයා සේප් එකේ ඩයල් පාරක් දැම්මේය
මොකක්ද බොල ඇහුවේ.....බුවා යක්ස මූඩ් එකට ට්රාන්ස්ෆෝම් උනේය...
නෑ නෑ මේ මාමේ දේවාලේ වහලද....
ඔව් ඕයි...
අද වහලා...
කපු මාමා හම්බෙන්න බැරි වෙයිද....
මම තමා ඕයි කපුවා....
මේ මාමේ අපිට මේ නැති වෙච්ච පපියෙක් ගැන මෙව්වා කොර ගන්න......
වර්ණයා හෙනම සෙන්ටි මෙන්ටල් මූඩ් එකකින් ස්ටේටස් එක දැම්මේය.... ඇස් වල කදුළු පිරිලාය....
පපියෙක්.....
තමුසෙලා පපියෙක් ගැන කියෝනවා...
කොහෙද යන හීනප්පාලි කෑ දැත්තෙක් දේවාලෙට පැනලා අදුන උස්සලා ඕයි...
කපුවා වර්ණයාට වඩා සෝකෙන්ය....බුවාටත් අම්බානකට ඇඩිලාය.....
මම මේ ඒක හොයා ගන්න හැටි කල්පනා කරන්නේ....
කපුවා හෙන හයියෙන් අඩනවාය.... වර්ණයා ඊට හයියෙන් අඩනවාය.....
අපිත් මැදින් මැදින් අඩනවාය….
දෙන්නා බදාගෙන අම්බානකට අඩනවාය....
මොනා උනත් මට වර්ණයා ගැන දුක හිතුනි....
ඊටත් වඩා පීරිසියට කෙල වෙච්ච කපුවා ගැන දුක හිතුනි....
.
.
( 2016 / ඔක්තෝබර් / 8 කොකාගේ කොලම )

සටහන
-වාසනාවන්ත-

දිගටම කියවන්න කැමති අය එන්න අපේ මූනු පොතේ පිටුවට...
කොකාගේ කෝලමට...
ඇවිත් ලයික් එකක් දාලා ගියාට තරහා වෙන්නේ නෑ හොදේ.....

https://www.facebook.com/Kokage-kola...9481/timeline/


30 comments:

  1. Replies
    1. නලීන් අයියා ගොඩ කාලෙකින්

      Delete
  2. අපේ කොල්ලොත් දවසක් බඩගින්නට කෑම ගන්න සල්ලි නැතිව දේවාලේ ගැටගහලා තිබුන පඩුරැ ලිහාගෙන ගිහින් කඩෙන් බනිස් ගෙනත් කෑවා.දෙයියෝ දැක්කේ නැනේ කොල්ලෝ පඩුරැ ගලවලා බනිස් ගෙනත් කෑවා කියලවත්.

    ReplyDelete
    Replies
    1. දෙයියෝ හෙන බිසී බන් මේ දවස් වල...
      :V

      Delete
    2. සමහර දෙවිවරුන්ගේ පොන් නමිබර් එහෙමත් මාරැකරලා බං.හදිස්සියකටවත් පනිවිඩයක් දෙන්න විදියක් නැ.

      Delete
    3. බිල් ගෙවලා නෑ.....ලයින් කපලා බන්....

      Delete
  3. මචං නියමයි. අර සෙන්ටිමෙන්ටල් වචනෙ පාවිච්චිය අඩුකරපන්. ඔය සෙන්ටි මීටර් වගේ වචනයක්වත් හොයාගනින් වෙන එකක් නැත්නම් :)

    ReplyDelete
    Replies
    1. හරි ඉයන් බෝම ඉත්තූතී උපදෙසට....
      අපි ඊලට දවසේ වෙනස් කොරමු
      ...

      Delete
  4. Replies
    1. බොහොම ඉතූතී කිව්වා ඕන්...

      Delete
  5. නියමයි වාසනාවන්තයෝ.

    ReplyDelete
  6. ඉත්තූතී කසුවෝ....

    ReplyDelete
  7. අම්මප උඹෙ කට නම්... එල බං.. ඔය වර්ණයා කිවුවෙ අපෙ වර්ණයා එහෙම නෙවෙයි නේ..?

    ReplyDelete
  8. නෑ නෑ....
    වෙන එකෙක්....උබලට බලා ගන්න මම දවසක ඔය සැට් එකම ඉන්න පුටෝ කෑල්ලක් දාන්නම්කො...

    ReplyDelete
  9. මාත් හිතුවෙ අපේ වර්ණ කියල :D පපිය තාම හම්බුනේ නැතැයි ?

    ReplyDelete
    Replies
    1. නෑ බන්...බල්ලා තබා බලු මයිලක්වත් අහු උනේ නෑ බන්....

      Delete
  10. ප්‍රශ්නයක්-කොකාගෙයි,වාසනාවන්තයාගෙයි සම්බන්දෙ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මලියෝ...
      මම ඉස් ඉස්සලාම සයිබරයේ ලියන්ට ආවේ අන්තිම පේලියට...මම ඒකේ ලියපු නම තමා අමුතු බණ්ඩාර කියන එක...
      කාලයක් යද්දි බුකියට එද්දි නම වෙනස් උනා වාසනාවන්ත කාලකණ්නියා කියලා...
      අදටත් මම ලියවිල්ලකට දාන්ට ආසා වාසනාවන්ත කාලකන්නියා කියන නම තමා...පස්සෙන් පහු මේ කෝලං කතාව ලියන්න හිතුනයින් මම කොකා කියන චරිතේ ඒ කතා වල ප්‍රදාන චරිතේ කරා...මොකද වාසනාවන්තව එතැනට නොගැලපෙන හින්දා...
      ඒ හින්දා බුකියේ වෙනම පේජ් එකක් හදලා කොකාව එතැන තිව්වා...වාසනාවන්තව වෙනම ම තිව්වා...
      දෙන්නම මම ම තමා...ඒත් දෙන්නා ලියන්නේ දෙපැත්තක් ගැන...
      ඕක තමා කෙටියෙන්ම කතාව...
      ඒත් ඉති බොග තියෙන්නේ වාසනාවන්තගේ නමට....ඒ හින්දා කතාව බොගට එද්දි වාසනාවන්ත විදිහට වෙනස් වෙනවා....
      ගොඩක් අය දන්නේ නෑ කොකා සහ වාසනාවන්ත කියන්නේ එකම එක්කෙනෙක් කියලා...ඔන්න ඕකයි කතාව....

      Delete
    2. ආ..හරි හරි..(මං පොඩ්ඩක් නිවී හැනහිල්ලේ තේරුම් ගන්නම්කො)

      Delete
  11. දැං ඔය අදුනට කියන්න බැරි වෙලාද හොරෙක් ඇවිත් අදුන උස්සනව කියල
    හපොයි
    මාරය් නේ මෙයා
    හැක්

    ReplyDelete
    Replies
    1. ඒම බැරිය කියලා තක්කඩියා...නෑ මේ මං කිව්වේ කට්ටඩියමයි කිව්වේ....

      Delete
  12. එල ද බ්‍රා
    බුරිය උල් වෙන්න හිනා වුනා

    ReplyDelete
    Replies
    1. එහෙනං එච්චරයි බ්‍රා....
      බුකියෙනුත් ඇවිත් සැට් වෙයන් කොකා එක්කලා.....

      Delete
    2. මම වැඩිය බුකියට එන්නෙ නෑ බං..රික්වෙස්ට් එකක් දානම්..

      Delete
  13. අර කලුපාට පසුබිමේ රතු අැකුරින් ලියූ පික්චර් ටිකක් දාමුකෝ.................. ඒව්වා සුපිරියි හරිය...

    ReplyDelete
    Replies
    1. හරි හරි...වෝල් පේපර් කොලෙක්සමකුත් ඇන්න එන්නං...

      Delete
  14. /අහස බලා වහිනවද කියනවලු...
    ලිද බලලා වතුර තියනවද කියනවලු....
    බිල බලලා ලයිට් කපනවද කියනවලු...
    වෙන එකක් තියා රන් රේට් එක බලලා මැච් එක පරාද වෙනවාද නැද්ද කියලත් කියනවලු....
    මාර මෙව්වයිලු ඕයි....../

    මේක පට්ටයි ඕයි...

    ඒක නෙවෙයි, මේක ලියල තියෙන්නෙ ලබන අවුරුද්දෙ නේද?

    ReplyDelete
    Replies
    1. ඒ කොහොමද බොල ඩ්‍රැකියෝ ලබන අවුරුද්දේ ඒවා මේ අවුරුද්දේ බොගට දාන්නේ....

      Delete
  15. ඕක මොකක්ද. බස් එකේ එල්ලිලා එහා දේවාලෙට ගිහින් එතන අඳුනෙන් බැලුවා නම් හරිනේ. ඩිස්කවුන්ට් එකකුත් හම්බවෙයි.

    ReplyDelete
    Replies
    1. හැබෑට ඒක අමතක උනා කියහන්කො....

      Delete