Tuesday, October 06, 2015

ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් ඇති විය....

අද ගෙදර එකම යුද්ධයකි....
මාස හයක් කුකරි කෝස් එකකට රෙජිස්ටර් වෙච්ච අපේ ලොකු අක්කා අද රෑට කන්න ලන්ච් එක රෙඩී කොරනවාය...උපන්තේකට කුස්සියට පය නොතියපු අක්කා අද කුස්සිය එකම එක යුද පිටියක් කරලාය....
හිටපු ගමන් අම්මාට "කෝ අම්මේ ලුනු බෝතලේ " යැයි මහා හඩින් කෑ ගසයි.....
"කවද්ද මෙහෙ ලුනු බෝතල් වල තිබ්බෙ....දර ලිප ගාව පොල් කට්ටෙ ඇති" කියමින් අම්මා අනිත් අතට බෝම්බ ප්‍රහාරයක් රිටන් කරයි..
අස්සෙන් අස්සෙන් කුස්සියට රබර් ඇහැ දාන අත්තම්මත් මොකක්ද මේ වෙන විනැහ්හිය කියමින් කාටදෝ මන්දා තනියම කුටු කුටු ගාමින් බැන වදිනවාය....
මේ කිසි දෙයක් තඹයකට මායිම් නොකරන ලොකු අක්කා කුකරි පොත බලමින් මොකක්දෝ කෑමක් හදන්න ට්‍රයි කරනවාය.....
මම ගෙදර වැඩිමල්ම බාලයා වශයෙන් ලොකු අක්කාගේ ඉටි කිරිස් කුකරි පංතියේ ජිරි බිරිස් කෑම වේල හදන්නට උදව්වක් දෙන එක මගේ යුතුකමය....
පවුලේ බාලයා වශයෙන් ඒ උතුම් සිතුවිල්ලෙන් මම කුස්සියට රිංගා ගතිමි....

මල්ලි ඔය පෙපර් පවුඩර් එක දෙන්න....
පෙපර්...ඒ මොන අල බෝලයක් ද....මම සේප් එකේ වට පිට බැලුවෙමි...
ඔය එහා පැත්තෙ තියන ගම්මිරිස් බෝතලේ දෙනවා මෙහාට බූරුවෝ....හෙනම කර්ණ රසායන විදිහට අක්කා ඉල්ලනකොට නොදී කොහොමද....
ඔය තියන එලවලු වොශ් කරලා ස්ටීම් කරලා මෙව්වා කරලා මෙව්වා කරලා මෙව්වා කරලා දෙනවා මෙහාට ඉක්මනට.....
මට ෆේස් කරන්නට උනේ වදින්න ගිය ගහෙන් වැටිලා දේවාලේ හිටිය ගොනා ඇන්නා වගේ ඉන්සිඩන්ස් එකකටය....
අක්ක කියපු ඒවගෙන් මම දන්නේ යන්තන් වොශ් කොර ගන්නට පමනි.....
අනික්වා ඇහුවෙත් අදය...
අනේ අම්මා කෑම ඉව්වා නම් පොල් ටිකක් ගාලා දීලා පොල් වතුර ටිකත් බීලා සේප්මන්ට එකක් දාගන්න තිබුනාය....දැන් කෙලවී හමාරය...ඒ නිසා මමත් කට පියාන එලවලු වොශ් කරාය...
උයන අස්සේ ලොකු අක්කාගේ වෙන්න හස්බන්ගෙන් කෝලුත් එනවාය...
ඔව් අනේ...
මම ඔයාට වෙජිටබල ස්ටීම් කරලා ෆ්‍රයි කරලා තව චිකන් කරියක් ඇබුල් තියලුත් දාලා තියෙන්නේ...
ඔයා අද එන්නම ඕන මෙහෙන් රෑට කාල යන්න.....
අක්කා මෙච්චර පදිරි කෑම වේලක මෙව්වා කරන හේතුව මට දැන් ක්ලික් විය...
කොහොම උනත් මගේ ලොකු මස්සිනා පව් ය...
ඉස්සරහට මේ මම කරන වැඩ කොරන්න වෙන්නේ ලොකු මස්සිනා කාරයාටය..අහෝ කෙතරම් සෝචනීයද......
කරපු පවක් තියනවා නම් ගෙවන්ටම ඕනෑ කියා බුදු බනෙත් තියනවා කියා අපේ අප්පොච්චා ඉද හිට අම්මා දිහා බලමින් කියන්නේ ඒ නිසා වෙන්න ඇති බව මට නිකමට සිතුනි....
කෑම ජාති හැට හුටහාමාරකුත් තව දෙකකුත් හැදූ ලොකු අක්කා...
ඩෙසර්ට් එකට කැමරල් දෝ මොනාදෝ කියා පුඩිමක්ද සෙන්ටිමෙන්ටල් කරාය....
ඒක කන්න බැරි අයට පට්ට පදිරි ස්ටෝබෙරි ජෙලි එකක් ද මෙව්වා කරාය...
මම නම් ඉතින් ඔය දෙකම සම බරව සෙන්ටි මෙන්ටල් එකේ ගිල දානවාය...මොකද ජිම් එකේ අයියා කියලා තියෙන්නේ බඩ හිස් කරන්නට එපා කියලාය....අපේ ගෙදර කෑම මේසයක් තිබුනාට ඕකේ කෑම කන්නේ අපි ඉද හිටය....කොහේ හරි යන ග්‍රහයෙක් අපේ ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන දාකට විතරමය...
අක්කාගේ අනාගත හබියා එන නිසා අද අපි හෙනම පිලිවල කෑම කන්නට මෙව්වා වෙලාය...
අත්තම්මා නම් හෙනම අප්සැට්ය..
වෙනදට ඇස් කටේ දාගෙන ටෙලිවිසොන් එක දිහා බලාන දෙසා බාන අත්තම්මාට අද මේසයට වෙලා කන එක හෙනම් අවුලක්ය...ඊටත් වඩා අවුල ස්වප්නාගේ නැන්දම්මා අද මොනා කොරයිද කියන එකය...
ඒක කොහොම වෙතත ඉශී අම්මා පටන් ගන්න කලින් කෑම කවලා බෑනව ගෙදරින් තොලොංචි නොකරොත් අත්තම්මා අඩව්වක් අල්ලන වග කල් තියාම ලොකු අක්කාව කියලාය....
පට්ට පදිරි ගේමක් දීලා සෙන්ටි මෙන්ටල් කරපු ඩිනර් එක මේසෙට මෙව්වා කරපු ලොකු අක්කා හබියාගේ අතේ එල්ලි කෑම මෙසය ලගට එක්කන් ආවාය....
අක්කාගේ පදිරි කෑම වලින් ලොකුම ලොකු කුකුල් අන්ඩක් බෙදා ගන්නට අත්තම්මා ට්‍රයි කොරනකොටම මැද්දට පැන්න ලොකු අක්කා ඔයාට මෙවා හොද නෑ කියමින් තම්බපු එලවලු කිලෝවක් විතර පිගානට අතෑරියාය...
අත්තම්මා පුල් අන්දොස් ය....
අනිත් කස්ටියම අක්කාගේ ටුඩේ ඉස්පෙසල් ගිලින්න යන දිහා අත්තම්මා මුන හපුටු කොරාන බලන් ඉන්නවාය...
ලොකු අයියා පිගානට වඩා බත් තොගයක් බෙදාගෙන ලක්ශපාන වේල්ල ඇරියා සේ හොදිද බෙදා ගත්තේය.
අයියා අද නම් ඒ.බී.සී.ඩී ඩිවීලියස් ටුවෙන්ටි ගහනවා වගේ ගේමක් ගහන්න යන බව මගේ ටිකිරි මොලේට ක්ලික් විය..පලවෙනි කට කනවත් එක්කම අයියාගේ ෆේසල් එක්ස්ප්‍රෙශන්ස් මෙව්වා වී ගියේය....
හෙනම මාන්දමික ස්වරූපයකින් බත් කට ගිල්ල අයියා මාවන් අතපත්තු ටෙස් මැච් එකක් ගහන ගානට බත් ගිලින්නට විය....
මම ලොකු මස්සිනා දෙස රබර් ඇහැ කැරකුවෙමි...
අක්කා උඩ පැන පැන හොදි බෙදනවාය...
හබක්කෙට අහු වෙච්ච මී මින්නා සේ ලොකු මස්සිනාගේ මූනද අසරනය...
අප්පච්චී අම්මාගේ මූන දිහා බලන් ඉන්නේ විස්කි කඩේ පුසා වගේය....
මේ මගේ වාරයයි...මම ද බයියන් බෙදා ගතිමි...මොකටත් සුට්ටක් වෙන්න දා ගතිමි....
පලවෙනි බත් කටින් මගේ සුවාසූ දහසක් වූ සංවේදන ඉන්ද්‍රියන් දෙරිකුඥ්ඥන් වෙන බව දැනුනි.....
අමාශය අග්න්‍යාශය පිත්තාශ බල්ටි ගහනවා වගේය.....
මහ බඩ වැල සහ කුඩා බඩ වැලද ටොයින් වී ඇත...
පවුලේ සියලු දෙනාගේම මුහුනු සහ වෙන්න බෑනා ගේ මුහුනේ යම් කිසි කින්ඩි සොබාවක් ඇති බව නිරීක්සනය කොරමින් අත්තම්මා තම්බපු බෝංචි කරලක් හපයි....
අක්කාගේ නම්බුව ගැන මෙව්වා කර අපි බයියන් කෑවෙමු.....
හෙනම ගේමක් දී මාරන්තික කෑම වේල අවසන් කලෙමු...
සේප් එකේ නැගිටින්න හදද්දී අක්ක කැරමල් සහ ජෙලි කෝප්ප වලට දාගෙන උස්සන් ආවාය.....
ලොකු මස්සිනා නම් කිව්වේ කාපු කෑමට බඩේ හතර කොන් පිරී බුරිය උල් වී ඇති නිසා කැරමල් නම් කන්න බෑ කියාය....
සීනි අමාරුව නිසා අක්කා විසින් අත්තම්මා කලින්ම නොකවුට් කරලාය...............
බත් කන්න බැරි එකේ මේකවත් කන්න හිතාන හැන්ද අතට ගතිමි....
ඉතා සෝචනීයය .....
කැරමල් පුඩිමට ඇන්න ගමන් හැන්ද නැවී ඇබරී හොකර වී ගියේය.....
අපේ අක්කා ජොබ් එකක් නැතුව ගෙදර ඉන්නේ අපරාදේ කියා මට සිතුනි....
කැරමල් කොන්ක්‍රීට දාන අපේ අක්කා මාර්ග සංවර්ධන අධිකාරියේ වැඩය යැවිය යුතුය....
.
.
මගේ ලොකු මස්සිනා ගැන මට ගෙනම දුකක් සහ ආදරයක් ඇති විය....


සටහන
-කොකා-

ප.ලි :
මෙන්න කොකාගේ පේජ් එකකුත් හැදුවලු ඈ...මූනු පොතේ ඉන්න ඈයෝ ඇවිල්ලා ලයික් එකක් දාලා ගියා කියලා තරහා වෙන්නේ නෑ....
තව තව වැඩියෙන් ලියනවා මිසක්ක.....

https://www.facebook.com/Kokage-kolan-1480819362219481/timeline/

25 comments:

  1. මරු !! වෙන්ඩ මොකාද එකා තාම යනව එනවද?

    ReplyDelete
    Replies
    1. එනවා එනවා....තව තව ඒවා ඉස්සරහට දාන්නම්කො...වරෙල්ලා පේජ් එක පැත්තටත්....

      Delete
  2. ඔය ලිංක් එක ඔබන්න පුලුවං විදියට දාහං මචං. අපි වගේ ෆෝන් කටු වලිං එන උංට ඔව කොපි කර කර යන්න හෙනම මාන්දමිකයි.

    කස්ටියම හැපි එකේ හිටිය නං ඉතිං හෙනම රහට තියෙන්නපඇති නෙ.
    අනික හැන්ද හොකරි බරි වුණා කියන්නෙ අර කැරමල් එකට ඔබද්දි ඒක මොන තරං සතුටක්ද ඈ.
    උඹල ගැන සෑහෙන්න හිතල අක්ක කොන්කිරිට් මික්ස් එකක් හදල තියෙන්නෙ
    බලපං ඕක කෑව නං උඹට අලුත් බඩක් දාගන්න තිබ්බ නෙ හැක්

    ReplyDelete
    Replies
    1. ඔන්න ලින්ක් එක හරි ගැස්සුවා....
      මමත් ඉති එකම වැඩේ දෙතුන් පාරක් ආයෙ ආයේ කොරන්න තියා ගන්නවාමනේ....

      Delete
  3. ඒ මගුලත් එතනින් අහවරයිද මචෝ...?
    අම්මපා උඹෙ කටනම්....

    ReplyDelete
    Replies
    1. මොන පිස්සුද මචන්...දැන් නේ මගුල පටන් ගත්තේ....
      හොද හොද සෙල්ලන් එලි වෙන ජාමෙටලු නෙ.....

      Delete
  4. ලොකු අක්කා එහෙමවත් කොළා මදැයි බං....
    වැරදි වැරදිනේ හරියන්නේ
    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. වැරදි වැරදි හරි ගියත් බන් දැන් හරි යන්න හොදටම කල් ඇති....

      Delete
  5. මං මේ කම්පනා කරන්නේ "කොකා" කියන්නෙ මොන *කාද කියලා...අයියාගෙ කලින් පෝස්ට් වල තිබුනෙ වාසනාවන්තයා කියලනේ.

    ReplyDelete
    Replies
    1. නම මාරු කරන්න අමතක උනා කියහන්කො....

      Delete
  6. මරේ මරැ ලියවිල්ල.මට මැවිලා පේනව සිද්ධිය.

    ..//ඊටත් වඩා අවුල ස්වප්නාගේ නැන්දම්මා අද මොනා කොරයිද කියන එකය//..

    අපේ අත්තම්මාත් ඊට දෙවනි නැ මචං.අර මහගෙදර තිබුන දවස්වල ඒ විගඩම බලනව ආත්තම්මා.ඒ වෙලාවක මගේ අතින් ඇන්ටනාව ටිකක් කැරකිලා කතාව පෙන්නේ නැතිව ගියා කියලා අපේ අත්තම්මා සතර සතිපට්ඨානයම කියලා දුන්නනේ මට.

    ReplyDelete
    Replies
    1. නයෙක් ඉන්නවා.බලන්න වරෙන්.ඔය යට ඉන්නේ
      නයා

      Delete
    2. අත්තම්මලා නැන්දම්මලා ඔක්කොම එකම අච්චුවේ බඩු තමා....දැනුත් ඔය ඇස් කටේ දාගෙන මොකක්ද බලනවා....
      ඉදින් ඔය පැත්තට නයා බලන්න එන්න...

      Delete
  7. අපරාදේ මල්ලියෙක් හිටියනම් හොඳයි ඉව්වට පස්සෙ කවල අත්හදා බලල මුණ ඇඹරිලා ඇඹුල් වෙලා වගේ නැත්නම් ශේප් එකේ කෑම අනෙක් අයට දෙන්ට පුළුවනි :V වාසනාවකට හරි අවාසනාවකට හරි මං හදන කෑමක් ගෙදර හැමෝටම බෑ නොකිය කන්න වෙන වෙලාවල් තියනවා.කෑම හැදුව රහද කියල බලන්නෙ ඉතිරි කරන බත් ප්‍රමාණෙන් අතිශයම ඛේදනීය නැහැ ඉතිං කට්ටිය කනවා හැබැයි මස් මාළු කන අයට නම් මම උයන දවසට නිර්මාංශ වෙන්න වෙනවා අන්න ඒ අයගේ නම් මූන පොඩ්ඩක් විතර අප්සට් :D

    ReplyDelete
    Replies
    1. මල්ලිලා ව බොලාලට ඕනේ හදන්න බැරි අට මගලවල් හදලා අපිට ගිල්ලවලා බලන්න නෙහ්...අනේ ඉතින් නොදෝමකින්...

      Delete
  8. උඹේ ලොකු මස්සිනාගේ ජාතියේ පවුකාර එවුන් එමටයි බන් අද කාලේ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් පවක් තියනාව නම් ගෙවන්නම ඕනෑනේ...

      Delete
  9. මේකනං පට්ට......... කෑස පට්ටෙටම තියෙන්න ඇති කියලා හිතෙනව කස්ටිය කාපු විදියෙන්.................. ලොකු මස්සිනා පව් තමා...........

    ReplyDelete
    Replies
    1. පවක් තියේ නම් ගෙවන්නම ඕනෑලුනේ බන්...

      Delete
  10. මල් හතයි. එලටම ලියලා තියෙන්නේ.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතී කීවා ඕන්...

      Delete
  11. හපොයි. මාත් ඔතන මේසෙට වාඩි වෙලා හිටියා තරම් අප්ප්පිරියාවක් දැනුනා.

    ඔය සමාන්‍ය කෑම වේලක් උයන එක මලම ඇනයක් කියලා හිතන කාන්තාවෝ, ඔය සුකුරුත්තං කෑම වේලක් හදන්න දවසෙන් බාගයක් වැය කරනවා කිසිම ගේමක් නැතුව.

    ReplyDelete
  12. තවම අක්කා රෑට කන්න ලන්ච් හදනවද කොල්ලෝ..........

    ReplyDelete
    Replies
    1. අක්කා වෙඩින් එකක් කසාද බැන්දනේ.....ඊට පස්සේ ගෙඩරින් ගිය දා ඉදන් තාම නම් මෙහේ ඇවිත් ඉව්වේ නෑ....

      Delete