Friday, October 30, 2015

මාතලී ලංකාවේ ආයේ කේස් එකක්

මාතලී....මාතලී....
උදේ පාන්දරම සක්කර දෙයියන්ගේ ගෝරනාඩුවක්.....
මේ එනවා දේවයන් වහන්ස....
බාගෙට බි බී උන්නු අමුර්තේ කෝප්පෙත් පැත්තකින් දාලා අඩිය යාරෙට තියලා දුවන් ආවේ මේ පාර මොකටද කෑ ගහන්නේ බලන්න...
දේවන්වහන්ස.....
මේ ඕයි මාතලී...
මම උබට කිව්වා නේද මගේ මේ පඩුපුල් ආසනේ සර්විස් එකට දාන්න කියලා....
උබ දැම්මද....
සක්කරයා මුන දෙක කොරගෙන මට දෝස් මුරයක් දැම්මා....
ඊයේ උදේම මම කොල්ලෙක් යවලා එකෙක් ගෙන්නලා සර්විස් කොරා දේවයන් වහන්ස.....

ඇයි මොකෑ සීන් එක...ආයේ පාරක් වයර් සෝට් වෙලා රත් වෙන්න පටන් අරන් ද....???
ඒක නේන්නන් මාතලී....
බලනව පොඩ්ඩක් වයර් ගැලවිලාද කියලා.....
මම ගිහිල්ලා අපේ "දේව කන්නලව්" මැප් එක බලලා එන්නම්...කවුරු හරි කරදරේ වැටිලද දන්නේ නෑ නේ බන්.....
මම ඉතින් මේක හදන්න දන්නවා නම් යකෝ වෙන එකෙක්ට එන්න කියන්නේ නෑ නේ...
නොදනි මේකා සක්කරයා උනාට වැටහෙන බුද්ධියක් විහිටලා නෑ.....
මම තනියම හිතුවා....
මැප් එක බලන්න ගිය සක්කරයා හැරෙන තැපෑලෙන් බෙරිහන් දෙනවා.....
මාතලී....මාතලී....
ඉක්මනට ඩිපෙන්ඩරේ ලෑස්ති කොරනවා.....
ලංකාවේ මොකක් හරි ලොකු සීන් කෝන් එකක්....
ඉක්මනට වර යන්න...
කවුරු හරි එකෙක් සියදිවි නසා ගන්න හදනවා....
හොදටෝම මිනිහා බෑගිරි දෙනවා මැරෙනවාමයි කියලා...
ඕක පස්සේ හදමු.....
මාවත් බෙල්ලෙන් ඇදගෙන සක්කරයා ගැරෙජ් එකට දිව්වා...
ඩිපෙන්ඩරේ ලෑල්ලට පාගලා අපි කෙලගෙන ලංකාවට ආවා...
මොකටත් කියලා දිව්ය ලෝකේ ඉදන් ජී.පී.ඇස් දාගෙන ආවේ...මොකද ලන්කාවේ උන් හිතෙන හිතෙන විදිහට පාරවල් වල නම් වෙනස් කොරනවා නෙව...ඒ මදිවට ලංකාවේ පොලෝසි වල ඉන්න පොලොස් කොට්ටෝරුවන්ගේ හරි අගේ ඇති රථවාහන සැලැස්මවලුත් තියනවා නෙව...ඔය ඔක්කොගෙන්ම බේරිලා යන්න ඕන පාරවල් ඉතින් දන්නේ දෙයියෝම තමා.......
කොහොමෙන් කොහොම හරි එහෙන් මෙහෙන් වෙට්ටු කපන් බල්ටි ගහන් අපි ලන්කාවට ගොඩ බැස්සා....සක්කර දෙයියෝ කියාපු මග සලකුනුත් එක්ක අනිම පයිනල් ඩෙස්ටිනේසොන් එකට ආවා...
අම්මට සිරි...සක්කර දෙයියන්ටවත් නැති තරං ලොකු මාලිගාවකට නේ බොලන් ඇවිල්ලා තියෙන්නේ....
මේකේ ඉන්න එකාට මොනවයි කියලා කරදරයක් වෙන්නද....
අර අහවල් කාරියකට ද දන්නේ නෑ මැරෙන්න හදන්නේ....
මමත් සක්කරයත් පුල් අන්දොස් මූඩ් එකෙන් වට පිට බැලුවා.....
පඩුපුල් ආසනේට සිගිනොල් එක ආවේ මෙතනින් කියලා දේවයන් වහන්සේට සුවර් ද...????
මම සේප් එකේ ඇහුවා....
ඔව් ඔව් මාතලි...මෙතැනින් තමා...වරෙන් යන්න අස්සට බලන්න...
මෙච්චර මාලිගාවක් අස්සේ ඉන්න එකාට තියන ප්රශ්නේ මොකක්ද කියලා....
අපි දෙන්නා සේප් එකේ ඒ විසා ගෙදරට රින්ගුවා...
මාතලී මොකටත් මගේ ලගින්ම හිටින් උබව අතරමං වෙයි ඈ.....
එහෙමයි දේවයන් වහන්ස...
අපි දෙන්නා සේප් එකේ ගේ ඇතුලට ගිහින් සුට්ටක් දුර යනකොට කවුදෝ මන්දා බෙරිහන් දෙනවා ඇහුනා....
"අනේ ගියා.......මට බැරියෝ.........."
ඒ අස්සෙන් ගිටාර් පාට් එකක් ඇහෙනවා....
ට්රෑන් ට්රෑන් ට්රෑට්රෑන්.........
හෑහ් මේ මොකක්ද මේ වෙන්නේ....
මමයි සක්කරයයි සේප් එකේ ඔලුව දාලා බැලුවා....
යකෝ....
මේක ගෙයක් නෙමෙයි...
සිංදු රැකෝඩ් කොරන ස්ටූඩියෝවක්...
කවුදෝ මන් දන්නෑ හිනාප්පාලි කා දැත්තෙක් වගේ එකෙක් සින්දුවක් කියනවා......
දේවයන් වහන්ස....
මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ.මම සේප් එකේ සක්කරයගෙන් ඇහුවා.....
මොනා වෙන්නද බොල....
මේ උලමා කියන දුක ඇහිලා තමා බොල පඩුපුල් ආසනේ රත් වෙලා තියෙන්නේ...
නොදෝකින් ඉතින්....
මුගේ සිංදුව......
මෙන්න මෙහෙ වර යන්න....
අපරාදේ ඩිපෙන්ඩරේට ගහපු පැට්ටෝල්.......

වාසනාවන්ත

අලුත් කතා කලින්ම කියවන්න මූනූ පොතේ පිටුවට ලයික් එකක් දාලා සැට් වෙන්න




16 comments:

  1. අපරාදේ ඩිෆෙන්ඩර් වලට ගහපු පැස්ටෝල් .. හැක

    ReplyDelete
    Replies
    1. එහෙත් පැස්ටෝල් ගනන් මයෙ හිතේ...

      Delete
  2. මට ෂුවර් නෑ. ඇහුනෙ වාසනාවන්තගෙ කටහඬ ද දන්නෙ නෑ :V :V

    ReplyDelete
    Replies
    1. හම්මේ සෑහෙන කාලෙකින් බොගට ආවේ.....
      මම සින්දු කිව්වොත් සක්කරයා විතරක් නෙමෙයි දේව මණ්ඩලේ ම එනවා.....

      Delete
  3. මෙහේ සමහර ගායකයෝ සිංදුවක් කියාගන්න ගියාම කෙදිරිගාන,තටමන විදිය දැක්කම සක්කරයටත් දුක හිතෙනව ඇති බං

    ReplyDelete
    Replies
    1. දුක හිතිලා ඉකි ගහ ගහ අඩන්වලු බන්

      Delete
  4. හෙහ් හෙහ් පට්ට බන්............

    ReplyDelete
  5. සක්කරයට නිවනක් තිබුන් නැ බං කවදාවත් , උගේ පුක හැමදාම දාච්ච ගමං

    ReplyDelete
  6. දැන් සිංදු කියන එවුන් දැක්කාම වුන්ගේ සිංදු ඇහැව්වාම අපිටත් දෙයියන්ගෙ පිහිටයි..

    ReplyDelete
    Replies
    1. හම්මේ ඉතින් මක්කට කියනවද

      Delete
  7. පඬුපුල් ආසනේ සෙන්සර් අවුල්, ‍ෆිල්ටර් අවුල්.
    ඩිෆෙන්ඩර් එකට එක්කෝ ඩීසල් එන්ජිමක් තියාපල්ලා නැතිනම් හයිබ්‍රිඩ් එකක් ගනිල්ලා.
    නිකං මේ ගායකයන්ට අපහාස නොකර...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....ඉක්මනට දිඉසල් එන්ජිමක් තියන්න ඕන

      Delete
  8. සිංහල සංගීත කලාවට ඉතින් සක්‍ර දෙවියන්ගේ පිහිටම තමා බන්..

    ReplyDelete
    Replies
    1. සක්කරයටවත් දැන් ගොඩ ගන්න බා බන්

      Delete