Thursday, October 22, 2015

මූ හදන්නේ ආයෙත් බෙදා ගන්නද කොහෙද....

බෝක්කුව උඩ අපේ සැට් එක වාර්ශිකව සංවිදානය කොරනු ලබන අපේ මහා ට්රිප් එකට ඔක්කොම රෙඩීය....
මේ පාර අපි යන්න ඕනේ පොලොන්නරුවට...
ඔන්න නෑ කියන්න බෑ....
බෑ කියන්න බෑ....
හූ කියන්න බෑ කෑ ගහන්න බෑ හරිද....
රික්වෙස්ට් එක බෙලෙක්ක ජෝතියාගෙන්ය
ඈනුමක් ඇරියට කමක් නැද්ද වර්නපාලයා අයිනෙන් කොක්කක් දැම්මා....

කමක් නෑ...සද්ද නොකර ඇරපන්...ගස් හිවලා.....
ජෝතියට මලේ මලය....
එතකොට අපි යන්නේ ජෝතියාගේ බට්ටා ලොරියේය....
කෑම බීම වර්ණයා බලා ගන්නවාය....
මී හරක් අං පිටින් ගිලින පුතයලාට කෑම බීම සප්ලයි කොරන එකත් හෙනම ජල්තරස් සීන් එකක් ය.....
ඔක්කොම හරි....
පුටෝ කෑල්ලක් අල්ල ගන්න කැමරාවක් තමා නැත්තේ..... ජෝතියා හෙනම සෝක මූඩ් ස්ටේටස් එකක අප්ඩේට් කරනවාය....
කැමරාවක්.....

ඒකත් හෙනම දැවෙන ගැටලුවක්ය.....
මේ හදිස්සියේ කැමරාවක් හොයන්නේ කොහෙන්ද.....
කස්ටියම උඩ බලන් අහස පොලව කොම්ප්රෙස් වෙන තරමටම කල්පනා කොරනවාය.....
තව පොඩ්ඩෙන් අමතක වෙනවා...
අපේ සීයාට රට ඉන්න වඳ පුංචි අම්මගේ ලොකු දූ කැමරාවක් එවලාය....සීයට හෙමින් කොක්කක් ගැහුව නම් කැමරාව ඉලා ගන්නට පුලුවන් ය...

එතකොට ඒ කේස් එකත් සෙන්ටි මෙන්ටල්ය්. සාමකාමිය....
මම වරිග සභාවට අයිඩියා එක දෙසා බෑවෙමි.....
සීයා අපිට ඕක දෙයිද.....????
වර්නයා අමුතු බැල්මට් එකක් ෆෝකස් කරේය.....
අපේ පෙර වැරදි තියනව නේ බන්....
ඒකත් එහෙම තමයි ය....
හොල්ලන්න ඕනෙලු මිල්ක් ශේක් හැදෙන්න කියලා අර කවුද මන්දා එකෙක් සිදත් සගරාවේ අන්තිම පිටේ පෑනකින් කුරුටු ගාලා තිබුනා මතකය....
ඒ නිසා සැට් එකම සීයා ගාවට ගොහින් අභියාචනා පාරක් මෙව්වා කලෙමු...

සීයා අපි දිහා හෙනම අන්දොස් බැල්මට් එකක් මෙව්වා කරනවාය....
බෑ...බෑ තොපිට ඒක දෙන්න බෑ...ඒක හෙන වටින එකක්...තොපි දන්නේ නැති ඒවා කොරන්න ගිහින් ඒක කඩයි....ඒක ඔන්න ඔහේ මගේ පෙට්ටගමේ තියෙද්දෙන්.....
සියාගෙ ෆයිනස් ඩිසිසොන් එක හෙනම සෝක ජනකය...කුරිරුය...ඒත් ගේම අතාරින්නේ අපි නෙමේය...අනේ අනේ සීයේ.....
දැන් බෑ කිව්වනේ එක පාරක්...පලව් මෙනනින් ගුටි නොකා.....
අපි ඕක අල්ලන්නෙවත් නැතුව පුටො ගහලා ගෙනත් දෙන්නම් වර්නයා හෙන සීරියස් මූඩ්ය.....
ඈ බොල ගස් හිවලො...කොහොමද බොල අල්ලන්නේ නැතුව පුටෝ ගහන්නේ.....
වර්නයා චක බ්ලාස්ට්ය.....

හරි තොපිට පුටෝ ගහන්න නේ ඕනේ...මාවත් ගමන එක්කන් පල...මම පුටෝ ගහලා දෙනවා...හැබැයි එකෙක්වත් කැමරාව අල්ලනවා නෙමෙයි.....
සීයා සාම සාකච්චවක් මෙව්වා කරේය....
කොරන්නට දෙයක් ඇත්තෙම නැත....පුටෝ එකක් ගහන්නට නම් සීයා උස්සගෙන යන්නටම ඕනෑය.....
කලාබර වදින්නෙත් මල හත්තිලව්වටමය....කමක් නැතිය....සියා අරන් යන්නට සබා තොමො එකග විය.....
ජෝතියාගේ බට්ටා ලොරියෙන් අපි උදේ පාන්දරම පොලොන්නරුවට සෙන්ටි මෙන්ට් විය.....
යන අතර මග වර්නයාත් ජෝතියාත් මොඩ්ලර්ස් ලා දෙන්නා වගේ එක එක ඈන්ගල් වලට පුටෝ ගන්නවාය. වෙලාවකට අල්ප දයන්න වගේය...වෙලාවකට අජීර්නයක් හැදිච්ච කටුස්සෙක් වගේය....
තව වෙලාවකට හත් දවසක් බඩ බුරුලට ගිය මී මින්නෙක් වගේය....සසර කලකිරෙනවාය...
අතර මගදීම බෙල්රක්කයා සීයාට පුල් කැමරා කෝස් එකක මෙව්වා කලේය….
සීයා දැන් හෙනම ප්රොපෙසනල්ය....
ඈන්ගල් බලනවාය....
ඉර එලිය බලනවාය....
එහෙන් මෙහෙන් නැමිලා ඇබරිලා පුටෝ අල්ලනවාය....
හෙනම මාන්දමිකය....
එහෙට මෙහෙට හැමතැනටම කැරකෙනවාය.....
සීයාගේ ටොයියා වැඩේ කරන්නේ බෙලෙක්කයාය...
ඔහොම බෑ සීයේ...මෙහෙම ගන්න...අරෙම ගන්න...
කැරකිලා බලන්න.....
ඔහොම බෑ....පොඩි සින්දු කෑල්ලකුත් කියන්න ඕනේ...එතකොටයි මිනිස්සු බලන්නේ....
බෙලෙක්කයාගෙන් උපදෙස් කෝටියකි......
දැන් සීයා අතරින් පතර සින්දු මුමුනනවාය....
අපි පුල් අන්දොස්ය.....
සීයා පොටො ගහනවා ගහනවා ඉවරයක් නැත..... සීයා අපේ පොටෝ ගහන එක පැතකින් තියලාය....
ගස් ගල් මල් පලතුරු එලවලු ඔක්කොම පොටෝ ගන්නවාය...
අපි ගැන වගේ වගක් නැත.....
සීයා පොටෝ ගහගෙනම ඈතට යනවාය....
ඒ පස්සෙන් අපිත් යනවාය....
එක පාරම හතරියන් බුවෙක් ලග දෙකට නැමුනු සීයා කැමරාව පොකස් කරන්නට විය....සීයාට හම්බුනේ හෙනම සෙන්ටි මෙන්ටල් විදිහට පෝකස් කරන්නට විතරය.....
සීයාගේ බෙල්ලෙන් අල්ලා ගත්ත බුවා බීපු කිරි මතක් වෙන්නට සීයට නෙලනවාය....
අතින් ගහනවාය....
පයින් අනිනවාය....
ඈතට දුවන් ඇවිත් උඩ පැනලත් ගහනවාය....
බෙලෙක්කයා මැදට පැන සීයා බේරන්නට හෙනම ට්රයි එකය....අර බුවා ඌටත් නෙලනවාය..... එන පොට හොද නැති නිසා අපි ගහකට මුවා වී ඇම්බුස් පාරක් විතරක් දැම්මෙමු....නැත්තන් අපිටත් බෙදා ගන්නට වෙනවාය
දෙන්නාටම වඩදිය බෑවෙන්නට නෙලපු බුවා නාකි හම්පඩයගෙ තරමට නෙමෙයි වැඩ කියා යන්නට ගියේය.....
බුවා ගියාට පස්සේ අපි සේප් එකේ ඩබල ගාවට වාර්තා කලෙමු....
මොකද සීයේ උනේ....
මූනේ හැඩතල වෙනස් වෙලාය....
කන් කඩා හැලිලාය...මුන අෂ්ඨතලයක් වෙලාය.....
බෙලෙක්කයා ගල් රෝලකට අහු උන පුවක් ලෙල්ලක් වගේය....බලන්නට දුකය සෝචනීයය.....
මුකුත් නෑ.....
සීයා කෙදිරි ගානවාය....
අපි කාටවත් කියන්නේ නෑ... මොකෑ උනේ....
අපි ආයෙත් සේප් ටෝක් එකක් මෙව්වා කරේය....
නෑ බන් කොල්ලො හම්මේ තුනටිය....
අර අත්ත උඩ හිටිය රිලවගේ පොටො එකක් ගහන්න ගියේ....
හෙමින් සැරේ පස්සෙන් පස්සට ආවා අම්මේ යටි බඩ....
මේන් මේකා කිව්වනේ පොඩි සින්දු කෑල්ලක් කියන්නත් ඕනේ කියලා පුටෝ අල්ලද්දි...
ඉතින් මම “මේ තරම් සියුමැලිද කලු ගල්”......කියල ඉතුරු ටික කියන්න හම්බුනේ නෑ අර ගෝරිල්ලා මට නෙලන්න ගත්තානේ මෙහෙ වර නාකි වනචරයා කියලා.....

ඒ මොකෑ සීන් එක..බෙලෙක්කයා මංඥ්ඥන්ය......
මම පොටො ගහපු රිලවට කෑම දි දී ඉන්නෙ උගෙ දෝනියන්දලා දෙන්නාලු....

අපි සේප් එකේ රබර් ඇහැ කරකවලා රිලවා ෆොකස් කලෙමු....
සීයා කියපු සින්දුවට මේ තරමටවත් බේරිලා තියෙන්නේ පෙර පිනකටය.....
අනේ....
ඒ දැරිවියෝ ගාව ඉන්න රිලවා වෙන්නට මට සිතුනි......
බෙලෙක්කයා සින්දුවක් මුමුනවාය....
“මේ තරම් සියුමැලිද කළු ගල්.......”

මූ හදන්නේ ආයෙත් බෙදා ගන්නද කොහෙද....
සීයත් මමත් වර්ණයත් ඩබල් එකේ එතනින් සේප් උනෙමු...


සටහන
-වාසනාවන්ත-

තාමත් කොකාගේ මූනු පොතේ පිටුවට ආපු නැති අය මේ පාරෙන් එන්න


27 comments:

  1. ඒ්ක නං සිරාම කුප්ප කතාවක් තමයි...
    සිය ඔ්ම වත් ෙබ්රුණ ඒක ෙනව ෙලාකුම ෙද්.. හැක්

    ReplyDelete
  2. වඳ පුංචි අම්මගේ ලොකු දූ කැමරාවක් එවලාය
    වඳ නම් ලමයි ලැබුනේ කොහොමද?
    කථාව නියම

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. පට්ටයි පට්ටයි............

    ReplyDelete
    Replies
    1. ටැන්කූ කීවා බොලාටත්

      Delete
  5. ඉවක් බවක් නැතුව වටේටම පොටෝ අල්ලන එවුන් ඉතින් බෙදන්න කලින් බෙදාගෙන කනවා බන්. මටත් මේ එකෙක් ඉන්නවා බෙදාගන්න විදිහක් නැතුවයි ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. බෙදන්න ඕනෑ එකාව එවපන්...මම සැට් කොරන්නම් ඇඩ්ඩස් නැති කෑමක්

      Delete
  6. අර "කාලෙකින් වඳුරෝ රංචුවක් දැක්කෙත් නෑ. හා යමංකො එහෙනම් බලන්ට," කියලා ‍ෆිල්ම් එක බලන්න ගියෙත් ඔය සීයමද?

    ReplyDelete
    Replies
    1. ඩූඩ්...ඒ අපේ සීයාගේ සීයා

      Delete
  7. එල සීයෙක් නෙව ඉන්නේ.....අපේ ආච්චිට සැට් කොරමුද?

    ReplyDelete
    Replies
    1. උබ හදන්නේ ආච්චිගෙන් කන්න පුතේ

      Delete
  8. උඹලා අර අහංසක සියට දෙසීයක්ම ඇන්නුවා නේද ?

    “මේ තරම් සියුමැලිද කළු ගල්.......”

    අපේ ක්ලාක් එකේ කලු කෙල්ලෙක් හිටියා.කලු වුනාට හරි හැඩයි.අපේ කොල්ලෙක් දවසක් ඒකිගේ පස්ස පැත්තේ කොල කෑල්ලක් එල්ලුවා.ඒකේ ගහලා තිබුනා.

    ...// කලු වුනාට දොදොල් රසයි//..

    ReplyDelete
  9. සීයව මතක් කොරා කියහන් ... හැක මරු ඕයි

    ReplyDelete
    Replies
    1. අමට සිරි ඉවානයා ඇවිල්ලා...
      ටැන්කූ ටැන්කූ
      බ්‍රා මෙන්ඩා කිව්වමයි මතක් උනේ කලින් පෝස්ටුවේ කොමෙන්ටු වලට රිප්ලයයි කොරේ නෑ නේද කියලා...

      Delete
  10. කලින් ආත්තම්මා දැන් සීයෙක් ......... හපොයි මෙහෙමත් වාසනාවන්ත මුණුබුරෙක් කියල කියනවා ඇති

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හොද වෙලාවට දෙන්නටම බ්ලොග් කියවන්න බෑ..නැත්තන් වසලා හමාරයි

      Delete
  11. පට්ට පට්ට බන්........... සුපිරි...............

    ReplyDelete
    Replies
    1. අවංකවම ටැන්කූ ආරියෝ

      Delete
  12. වත්තල වද පුංචි අම්මා
    එල ද බ්‍රා මචං

    ReplyDelete
  13. නෑ නෑ...මෙයා ඉන්නේ රට ඔව්....දුර රට එයා ගැන වෙනම ම කියන්නම්

    ReplyDelete