Thursday, October 15, 2015

ගොක් කොල තොරන් පේන අය ඉන්නවද..???

නිවාඩු පාඩුවේ ඉන්න නම් ගෙදර තරම් පුල් මාවලස් තැනක් වෙන කොහේවත් නැතිය....
දෙයියනේ කියලා බඩේ හතර කොන් දිගෑරෙන්න කාලා....
සපාන් එකේ ගේ ඉස්සරහා තියන හාන්සි පුටුවේ දපලා ඉන්න තරම් සැපක ආයේ තව්තිසාවට ගියත් ගන්නට බැරිය.....
ඒත් ඉතිං කොහේ හරි යන මූකලං බස්සෙක් නිවාඩු දවසකට ගෙදරට එන්න වරදන්නේම නැත...
අදත් හාන්සි පුටුවේ පුල් ආතල් ඇලට් එකක් මෙව්වා කොරන් ඉන්නකොට කොහේදෝ යන හීනප්පාලී කෑ දැත්තෙක් අපේ ගේල් පැත්තට ලයින් කොරනවා දුටුවෙමි....
ටයි පොල්ලකුත් බැදන් ලොකු බීප් කේස් එකක් උස්සන් ජැන්ඩියට ඇද ගත්ත නොන්ඩි කබරයෙක් වගේ එකෙක්ය....

ගේ ඉස්සරහා පඩිය උඩ බුලත් කොට කොට හිටිය අත්තම්මත් සේප් එකේ රබර් ඇහැ දාං බුවා මොනාද කියන්නේ කියලා ඩයල් කොරනාවාය....
ගුඩ් මෝර්නින් සෑර්...
අම්මට හුඩු...මම ද සෑර්...
අහ්....ඔව් ඔව් ගුඩ් මෝනින්...
සර් මම මේ සුන්දර උදෑසන සෑර් ව හොයන් ආවේ ජීවිතයටම එක් වරක් පමනක් ලැබෙන අනගි දීමනාවක් ගැන කියන්ට....
ආයේ ඉතින් ලොවෙත් නැති දීමනාවක්...
සෑර්ට කියන්න සෑර් මේක ගත්තා කියන්නේ ආය ඉතින් ලයිප් එකම පුල් මාවලැස් වෙනවා...ඔව්.....
මොකක්ද අයියේ සීන් එක...ලොතැරයියක් වත් ද....
සල්ලි නං නෑ අයියේ ගන්න...මම ගොඩින් ඇග බේර ගන්න පානියක් සේප් එකේ මෙව්වා කලෙමි......
නෑ නෑ මල්ලී...
මේක ටිකට් එකක් නෙමෙයි.....
මේක ලයිප් ඉන්සූරන්ස් එකක්...මල්ලිට මේට බැදුනොත් බෙනිපිට් ගොඩයි....
මේකෙන් මල්ලිට බැරි බැරියාව....
ගොනෝරියාව, අන්ඩ වාතය ,බරවා , චිකන් ගුන්යා , කැලෑ උණ ,පාචනය ,මල බද්දය...
බඩ බුරුලට යෑම, අතීසාරය වගේ මාරාන්තික රෝග අසූ හාර දාහකට පුල් කවර් එකක් හම්බෙනවා...
ඊට අමතරව....
කොල්ලෙක් ගෙ නං කොටහලු මගුලට ලක්සයක් දෙනවා...
කෙල්ලෙක්ගෙ නං ඉස් ඉස්සල්ලාම රැවුල කපන දාට ලක්සයක් දෙනවා...
තව වෙඩින් එකක් කසාද බදින දවසට අපේ ගානේ වටිනා මල් බොකියක් තෑගි කොරනවා...
ඊට අමතරව හදිසි රෝහල් ගත වීම වලට ත්රී වීල් එකක් හයර් එකට දෙනවා.....
හදිසියේවත් වල කජ්ජට දෙහි ගැහුවොත් අපේ සමාගමෙන් ලස්සන මිනී පෙට්ටියක් එක්ක හත් දවසම අඩන්න හොද කට සැර අම්මන්ඩිලා දෙන්නෙක් එවනවා...
මල්ලිට කියන්න මල්ලි අපේ තියනවා සුපිරි මිනී පෙට්ටි කලෙක්සොන් එකක්....
මල්ලිට ඉන්සූරන්ස් එක ගද්දිම කැමති එකක් සිලෙක්ට කරන්න පුලුවන්....
මල්ලි මැරිච්ච හූනෙක්ටවත් බය වෙන්න දෙයක් නෑ අපේ කොම්පැනියෙන් ඔය ඔක්කොම කවර් කොරනවා....
ඊට අමතරව මල්ලිට කියන්න මල්ලි හදිසි ජීවිතයක් නති වීමකදි අපි ලක්ස සීයක වන්දියක් දෙනවා....
හැහ්.....ලස්ස සීයක්...
මම පුල් අන්දොස්ය.....
ඔව් ඔව්...
ලස්ස සීයක් හැබැයි ඒකට මැරිච්ච එක්කෙනා දෙමාපියොත් එක්ක දින හතක් ඇතුලත අපේ හෙඩ් ඔපීසියට එන්න ඕනේ.....
ඈ හිටගෙනද.....
හිටගෙන ආවොත් ගොඩක් හොදයි මොකද අස්සන් තුනක් විතර ගහන්න තියනවා...ඒකයි....
මල්ලි බය වෙන්න එපා....මල්ලි ඉන්සූරන්ස් එක මෙව්වා කලොත් මම එල කිරි වගේ ක්ලේම් එක අරන් දෙන්නම්කො....
මොනවද මේ කතා.....
මේකනේ අයියේ සීන් එක...මට තාම මැරෙන්න තරං වයසක් නෑ නේ...
මම බුවාගෙන් සේප් වෙන්න වෙන පොටක් ඇබරුවෙමි...
මල්ලිට කියන්න මල්ලි අපේ තව ප්ලෑන් එකක් තීනවා...මෙහෙමයි ලගදි මැරෙන්න ඉන්න කවුරු හරි පවුලේ ඉන්නවා නම් එයාට පුල් කවර් එකක් දාමු....
දාලා එයා කජ්ජ ගැහුවා සල්ලි ටික ගන්න පුලුවන්...
මල්ලිගේ පවුලේ එහෙම කවුරුත් නැද්ද ගොක් කොල තොරං පේන වයසේ කෙනෙක්....
මෙතන ඉන්න හිටිය අත්තම්මට එකක් දාමු....කියලා බුවාට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ ඉලපතකින් ඉස් මුදුනටම පතබෑවුනා....
අත්තම්මා ඉලපතක් අරන් බුවාට පන්න පන්න බෙදනවා....
ඈ බොල ගස් හිවලෝ...
තොට මාව මැරෙන්න ඉන්න එකෙක් වගේද පේන්නේ...
තව එහෙම්මම වයස...
නෑ නෑ අත්තම්මේ ...නෑ නැන්දේ නෙමෙයි අක්කේ...මම නිකන්මට කිව්වේ කිය කිය බුවා වැද වැද දුවනවා....
බුවාට ලයිප් ඉන්සූරන්ස් එකක් තියනවද දන්නෙත් නෑ....
පව්.....

-වාසනාවන්ත-



මෙන්න පාර කොකාගේ මූනු පොතේ පිටුවට
ලයිකුවක් දාලා සැට් වෙන්න


30 comments:

  1. නියමයි. ඔය ලයිෆ් ඉන්සුවරන්ස් විකුණන් එකෙක් එක්ක කථා කරල ඔහොම බේරුණා මදැයි

    ReplyDelete
    Replies
    1. හප්පේ ඉතින් මොකට කියනවද ඒ හරිය....
      බේරෙන්ටම බෑ....

      Delete
  2. ඔහොම එකෙක්ගෙන් මම ඇහුවා ඔයාට ඉන්සුරන්ස් තියනවද කියලා..... මූ කියනවා හොඳ තැනක් බලලා එකක් දා ගන්නවලු.

    ReplyDelete
    Replies
    1. අත්තම්මගෙන් ගුටි කෑ එකාම ද මන්දා බන්ඩාටත් සැට් වෙලා තියෙන්නේ....

      Delete
  3. ඇති ඔයින් ගියා..

    ReplyDelete
    Replies
    1. බුවා ලයිප් ඉන්සූරන්ස් එකක් දා ගන්න ඇති මයෙ හිතේ....

      Delete
  4. පට්ට........ හිනාවෙලා මැරෙනවා.............

    ReplyDelete
    Replies
    1. හැක...හැක.....හිනා වෙලා මැරෙන එක කොච්චර දෙයක්ද බොලන්....

      Delete
    2. හිනා ගිහින් මැරුනොත් ඉන්ෂුවරනස් එක කීයක් ලැබෙනවද කියලා අහලා බලපං අර පොර ආව වෙලොවක...

      Delete
    3. පොර ආපු වෙලේක මම අහලා කියන්නම්...හැබැයි ආයේ එයිද කියන එක තමා ශුවර් නැත්තේ....

      Delete
  5. ඉන්ශුවරන්ස් අය්යලා ටික බොට ලඟදිම මග රැකලා නොමිලේ කෑමක් දෙනවා ඇත... අම්මපා..

    ReplyDelete
    Replies
    1. අයියේ කෝ කැමරා කට. න්කං පාලුයි පාලුයි වගේ

      Delete
  6. ඔව් ඔව්...ඒක සුවර් නෑ....කොට දෙනියාවෙනුත් හොයනවා කලින් පෝස්ටුව හින්දා....

    ReplyDelete
  7. මම බයම පොලිසියටයි ඉන්සුවරන්ස් දාන අයටයි.දොගොල්ලන්ගෙන්ම බේරෙන එක හරි අමාරුයි.

    උඹේ පේජ් එකට තවම යන්න බැරිවුනා ලයික් එකක් දාලා එන්න.

    ReplyDelete
  8. අපේ පැත්තට නම් ඔය ඉන්ෂුවරන්ස් කාරයාව එවන්න එපා. මැක්සා බං.
    ජයවේවා....!

    ReplyDelete
    Replies
    1. එන්නත් ඌ ඉතුරු වෙලාද දන්නේ නෑ....

      Delete
  9. සුරංගගේ අාච්චම්මගේ නංගී ද කොහෙද....

    ReplyDelete
  10. දවසක් ඔය විදියට කියාගෙන යන පොරකට මමකීව ඉන්සුවරන්ස් එකක් දාලා තියෙන්නේ අහවල් කොම්පැණියේ කියල වෙලාවට ඌත් ඒ කොම්පැණියේ...
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  11. ඌ එදාම ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඇති.

    ReplyDelete
  12. කෑල්ලක හරි ඉතුරු උනා නම් දා ගන්න ඇති....

    ReplyDelete
  13. මේල් ඇඩ්‍රස් එක දෙනවද මචෝ..?

    ReplyDelete
  14. මමත් දැක්කාම ඈත තියා මග අරින කට්ටියක් තමයි ඔය. මරු බං ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කීවා ඕන්...

      Delete
  15. අඩෝ මේක පට්ට..! :D :D

    ReplyDelete
    Replies
    1. හැක....හැක.....බොලාට පට්ට නම් එච්චරයි.

      Delete
  16. ආත්තම්මගෙන් කෑවට පස්සෙ ඉන්ෂුවරන්ස් බුවාගේ "ලයිප් එක පුල් මාවලැස්" :V

    'පුල් මාවලස්' , 'සෙන්ටි මෙන්ටල්'
    මේ විදිහට දිගටම පෝස්ටු කියවන් ගියොත් තව මොන මොන වචන පුරුදු වෙයිද දන්නේ නැහැ :D ....මේ නිකන් ඉන්න වෙලාවට ආත්තම්මටත් බ්ලොගේ කියවන්න දෙන්නකෝ ..නෑ එක්කෝ ඊට කලින් වාසනාවන්තය සුබ මොහොතින් ලයිෆ් ඉන්ෂුවරන් එකක් අරගෙනම හිටියනම් හොඳයි :P

    ReplyDelete
    Replies
    1. මම අහන්න හෙන ආසවෙන් හිටිය එකක් හංසියෝ බොලා ඔය කිව්වේ....
      මගේ පෝස්ටුවක් හින්දා කටට වචනය්ක් හුරු උනා කියන එක....
      ඒ කියන්නේ බොලාට ඒ ලිවිල්ල දැනෙනවා කියන එක නොවෑ....
      මට පොඩි ආඩම්බරයක් ආවා මන් ගැන...

      Delete