Sunday, October 11, 2015

දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද.....

කවුරු කොහොම මොනවා කීවත් ඉරිදා හැන්දෑ වරුව තරං පුල් මාවලස් හැන්දෑවක් සතියටම නැතිය....
මුලු සතියම පදිරි වෙලා පදිරි වෙලා කට බලියන බලන් ඉන්නේ කවදා ද ඉරිදා වෙන්නේ කියලාය....
බෝක්කුව උඩට සැට් වෙලා සතියකම වෙච්ච දේවල් වල සමාලෝචනයක් කරන්න...ගමේ අපි නැති දවස් වල වෙච්ච "කුනු" කේස් රහ කරන්න ඉරිදා හැන්දෑව තරන් මාවල හැන්දෑවක් තවත් තියනවද මං අහන්නේ....
මේ ඉරිදත් අත්තම්මගෙ දෑස් පියන් වලට කොලේ වහලා සේප් එකේ බෝක්කුව දිහාට ජම්ප් එකක් දැම්මේ මේ සතියේ මම නොදන්න මොනාද මේ හතර මායිමේ වෙලා තීන්නේ කීලා බලන්න...

මම යනකොටත් කස්ටිය බෝක්කුව උඩ සමිතිය පටාන් අරන්ය....
වර්නපාලයා පුරුදු විදිහට බෝක්කුවේ දකුනු අයිනෙ ලෑන්ඩ් කොරන් ඉන්නවාය...
අනුරයා වම් පැත්ත බදු අරන් ඉන්නවාය....
දෙන්නගෙම කටවල් දිහා මාරුවෙන් මාරුවට බල බල බෙලෙක්ක ජෝතියා මැද්දට වෙලා ඉන්නවාය...
මාත් සේප් එකේ අනුරයා ගාවින් සේප් එකේ සෙන්ටි මෙන්ටල් එකේ වාඩි වෙන්න හැදුවා විතරයි පාරෙන් උඩහා කැලේ දිහාවේ ඩෝං ගාලා සද්දයක් හෙන ගහන්නා වගේ ඇසුනි.....
හුටා....චාලට් ඇන්ටිගේ කඩේ බොයිලේරුව පිපිරුනාවත් ද.....
යකෝ කොටි ගහනවෝ...බුදු අම්මො.....කියාගෙන අනුරයා අඩි හයේ සරම අඩියට නවාගෙන රන් එකක් දෙන්න යනවා...
මම සුටුස් ගාලා බෙල්ලෙන් අල්ල ගත්තා....
හිවල් මොටෝ...කොටි නෙමෙයි බූරුවෝ...කෑ නොගහා හිටපන්....
ඒ උනාට අනුරයාට තාම සුවර් නැතිය....
වර්නපාලයාත් පුල්ම අන්දොස් මූඩ් එකෙන් බලන් ඉන්නවාය....
මොකක් ද බන් සද්දේ....
ගිහින් බලමුද.....????
අපෝ බෑ බන්...අයි.එස්.අයි.එස් කාරයෙක් වත් ද දන්නේ නෑ ඕයි...
බෙලෙක්කයා අනුරයාට හපන්ය.....
මෙහෙ කොහෙද කෑ දැත්තො අයි.එස් කාරයෝ.....
උන් ඉන්නේ පැපුවා නිව්ගිනියාවේ....වර්නපාලයා උගේ ඉටිකිරිස් මොලෙන් සුටුස් ගාලා හිතලා පුටුස් ගාලා කෙබරයක් කෙලියා...
මෙන්න මෙහෙ වරෙන් යන්න....මොකක්ද උනේ බලන්න.....
අනුරයාවයි බෙලෙක්කයාවයි බලෙන් මෙව්වා කොරගෙන අපි සේප් එකේ සද්දේ ආව පැත්තට මංගැච්චුවා.....
කැලේ මැදකට වගේ එනකොට අඩු කෝප්ප සැට් එකක පීරිසි කෑල්ලක් වගේ එකක් කැලේ මැද පත බෑවිලාය....
විකට ඇදුන් තරගෙකට යන්න ඇද ගත්ත එවුන් දෙන්නෙක් බිම ඇන තියන් ඉන්නවා....
අම්මට හුඩු....කුරුමිට්ටො දෙන්නෙකුයි පියාබ්න පීරිසියකුයි....
බුදු අම්මෝ...ඉතිපිසෝ භගවා....කියාගෙන අනුරයා ආයෙත් සරම් කරට අරන් රන් එක දෙන්න රෙඩි විය...
බෙලෙක්කයත් ඌට පිටි පස්සෙන් සැට් වෙලාය....
මගෙත් කකුල් දෙකට පොඩි මැඩ්ලින් පාරක් වදුනවා වදිනවා වගේය.....
වර්නයාගෙත් කට කන් දෙක ගාවට ඇරිලාය....
කුරුමිටි බුවාලා අපිව දැකලා අපිට කතා කොරා....
මල්ලි මල්ලි....
දුවන්න එපා...
අපි කරදර කරන්න නෙමෙයි ආවේ
අම්මට හුඩු...
කුරු මිට්ටො සිංහල කතා කරනවාය....
අපි බොරුවට නෙ ඉංගිරිස් ඉගන ගන්නෙ.....
පිට සක්වලත් සිංහල නෙව කතා කරන්නේ......
මල්ලි මේ ලංකාව නෙහ්.....
මම සේප් එකේ උත්තරයක් ගැලපුවෙමු
ඔව් අයියේ.....
අනුරයා සේප් එකේ මගේ පිටි පස්සෙන් පලවෙනි අදියරේ පලවෙනි කඩ ඉම් පුරස්න දෙක ඇහුවා……
මේ අයියලා කොහෙන්ද....
අපි මල්ලි මේ අගහරු ලෝකෙන් ආවේ...හදිසි වැඩකට...
හැහ්...
අගහරු ලෝකෙන් දැන් හදිසි වැඩ වලට මෙහෙට එනවද.....
ඔව් මල්ලි.....හෙනම සෙන්ටි මෙන්ටල් කේස් එහෙකට ආවේ...
හෑහ්...මොකක්ද සීන් එක....
කියන්න බැරි සයිස් එකක් ද.....???
මෙච්චර වෙලා සරම කරේ තියන දුවන්න ලැස්ති වෙච්ච අනුරයා දැන් කුන අවුස්සනවා...
ලංකාවේ උන් නං ඔහොම්මමයි....
කුරුමිට්ටා හෙනම අප්සැට් මූඩ් එකකය.....
මල්ලිලාට කිව්වම මොකද මල්ලි මේකයි කේස් එක...
අපේ එහේ සුනාමි ගම්මානෙක පොඩි එල දෙනක් උස්සලා...
අපේ පොලිසියේ අයට තාම හරක් හොරා හොයා ගන්න බෑ......
අප්පට සිරි.....
ඉතින් ඉතින්...
අපි මේ තකහනියේ මෙහෙ ආවේ මල්ලි කොටදෙනියාවේ පොලෝසියෙන් දෙන්නෙක් විතර අරං යන්න...
කේස් එක හොයන්න බාර දෙන්න
හැහ්....
අපි හතර දෙනාම පුල් අන්දොස්ය…… අඥ්ඥ කොරොස්ය.....
හතර දෙනාටම එකම එක දැවෙන පොබ්බම් එකකි....
.
.
යකෝ...
අපි අගහරු වලටත් නෝන්ඩි ද.....

සටහන
-වාසනාවන්ත-



තාමත් ආවේ නැති අයට මෙන්න පාර....
කොකාගේ කොලමට
ඇවිත් ලයිකුවක් දාලා සැට් වෙන්ට



19 comments:

  1. කොටදෙනියාව පොලිසියට ගිය කලක්. මෙහෙමත් පච වීමක්

    ReplyDelete
  2. උඹයි මමයි එකඟ නොවෙන තැන තමයි ඔය ෆුල් මාවලස් ඉරිදා හැන්දෑව කියන කතාව. මටනම් ඉරිදට එලි උන දවසේ හිටන් මස්තබාල්දුයි හෙට හෙවත් සඳුදට යන්න ඕන නේද කියල මතක් වෙන නිසා..

    ReplyDelete
    Replies
    1. හැක හැක.....කොහෙන් හරි අම්බලන් ගොඩයට ඔය පරහා එනවා නෙහ්....

      Delete
  3. ඔන්න තව ටික දවසකින් අපායෙනුත් එයි අපේ පොලොසි මහත්තැන්ලා හොයාගෙන.ඒ තරම් පොරසිද්දයි නොවැ.අපේ ලංකාවෙන් ගිය වුන් වගයක් අපායේ කට ඉඹූල හොරෙන් කපලා කුට්ටි කරනකොට අහුවුනා කියලා කියන්නේ.යම පල්ලෝ දෙතුන් දෙනෙකුත් වැඩේට හවුල් කරගෙනලු.යම රජ්ජුරැවෝ කීවලු ලංකාවේ එවුන්නම් ආයේ මෙහේ ගෙන්නගන්නේ නැ කියලා.මුන් මෙහේ ඉන්න ඈයෝ ඔක්කොම නරක් කොරනව.දැන් යම පල්ලොත් එක එක පක්ෂ වලට බෙදිලා,අපාය අස්ථාවර වීගෙන එන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල අපායේ හෙනම අවුල් ගොඩක් වෙලාලූ..ආරන්චි ගොඩක් ආවා...
      ඉස්සරහට ඒවත් කියන්නම්කො.....

      Delete
  4. එළදෙන නැති වෙලා නැතුව ඇති ඌ විසින්ම හැංගිලා ඇති.. අනිවා පොලෝසියෙ මහත්තුරු ටික ගිය ගමන් එළදෙන ඇවිත් පාපොච්චාරණය කරයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක කියන්නත් බෑ...අපේ මාමලා එච්චරටම වැඩ්ඩො සැට් එකක් නෙව....

      Delete
  5. මං ඊයෙ කියෙව්වෙ. කමෙන්ට් එකක් දැම්ම වගේ මතකයි. සමහර විට දැම්ම කියල හිතාගෙන වෙන කොහෙ හරි යන්න ඇති. ඒකත් කොටදෙණියාවෙ පෙලිසියට කියල හොයාගන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකියාට දැන් සෑහෙන්න අමතක වෙනවා වගේ

      Delete
  6. ඔය කට්ටියට උසස්වීම් දීලා වෙන පොලෝසි වලට මාරු කරන්න කාලේ හරි මේ සෞරග්‍රහ මණ්ඩලේටම නෝන්ඩි නොවී.

    ReplyDelete
    Replies
    1. තව ඉතින් නෝන්ඩි වෙන්න තරම් දෙයක් ඉතිරි වෙලත් නෑ නෙව

      Delete
  7. මේවා කියල සුදු වෑන් අවොත් අපි නම් නැහැ :P

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් එකක් ආවොත් මම කියනවා හංසි තමා ලියන්න කීවේ කියලා

      Delete
  8. වාකා....................... පට්ට කතාව මතං..... අපි ඉතින් වලස් පොලෝසියේ කස්ටියනේ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතී කීවා ඕන්

      Delete