Thursday, October 01, 2015

බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත (...ලෝක ළමා දිනයට පවුලේ බාලයන්ට.....)

පවුලේ බාලයා වීම තරම් බොක සීන් එකක් නම් තවත් නැත...
අක්කගෙන් බැනුම් අහන්නට ඕනෑය....
අයියාගෙන් ටොකු කන්නට ඕනෑය...අම්මට කඩේ යන්නට ඕනෑය...අත්තම්මාට බුලත් කොටන්නට ඕනෑය....
සීයාට පත්තර ගේන්නට ඕනෑය....
සෝට් ඇන්ඩ් සුවිට් කියනවා නම් ගෙදර අප්පු ජොබ් එක කොරන්නට ඕනෑය....
අනිත් බොකම සින් එක අක්කා සහ අයියා කොරන දේවල් වලට මම බැනුම් අහන්නට ඕනෑ එකය......
ගිය මාසේ අක්කාට ප්රොමොසන් එකක් සෙන්ටි මෙන්ටල් වෙලාය....
ඒකට බැනුම් ඇහුවේ මම ය.....
අක්කාට නම් අහවල් පෝස්ට් එකක් තියනවාය...තොට තාමත් විභාගේ පාස් වෙන්නට බැරිය...
තෝ නම් මැට්ටෙක්ය ආදී ලෙස මගේ චරිතාපදානයම අම්මා කුස්සියේ ඉදන් ගායනා කරයි.....

පහු ගිය සතියේ අයියා මොකක්දෝ ජිල් ටෝන් විභාගයක් ලියලා පාස් වෙලාය....
ඒකටත් බැනුම් ඇහුවේ මමය.....
අයියා නම් පාස් වෙනවාය...තොට නම් තාමත් බැරිය...අපතයා වගේ ගිල ගිල හිටපිය...බ්ලා...බ්ලා.....
අම්මා ආයෙත් මගේ චරිතාපදානය කැසට් එක ප්ලේ කරනවාය....
අකුරක්වත් අඩු නැතුව ඒ සැට් එක ඒ විදිහටම ඕක ඩේලි අහන නිසාම මට ඕක කට පාඩන්ය....
බාලයා වීමේ අනිත් සීන් එක නම් ගමේ උන් විභාග පාස් උනාම බැනුම් අහන්න ඕනෙත් මම ය....
උඩහා ගෙදර මැගිලින් ඇන්ටිගේ දුව කැම්පස් සිලෙක්ට් උන දවසේ එක දිගට වරු තුනක් පිරිත් අහන්නාසේ බැනුම් ඇහුවෙමි....

අපරාදේ කියන්නට බැරිය වේල් පිරිතක් වගේය....
මොන මල හත් ඉලව්වක් උනත් මට බනින්නේ නැතුව ගෙදර උන්ට ලල් එකක් නැතිය.....
දවසකට එක පාරක්වත් බැනුම් ඇහුවේ නැත්තම් මටත් නිකන් පාලුයි පාලුයි වගේය.....
පවුලේ බාලයා වීම එච්චරටම බොක සීන් එකක්ය....
මම හෙනම අප් සැට් එකේ පහල වෙල දිහාට මංගැච්චුවෙමි....
වෙල අයිනේ දොබ ගහ යට සෙන්ටි මෙන්ටල් වෙන්නටය.....
අනේ දෙයියෙක්ටවත් මේ දුක පේන්නේ නැති හැටියක්.....????

මම නිකමට ස්ටේටස් අප් ඩේට් කලෙමි....
සර බරස් හඩින් දොබ ගහේ අතු දෙකක් මැදින් කවුදෝ මන්දා බිමට පත බෑවුනි....
මල හත් ඉල්ලවට ගහපු කලාබරේ කිව්වලු..මම ගහ පිටිපස්සට පැන්නෙමි.....
සේප් එකේ රබර් ඇහැකරකවා බැලුවෙමි....
අයි.එස්.අයි.එස් කාරයෙක්වත් ද දන්නේ නැත....
කොන්ද අත ගගා නැගිට්ට බුවා සේප් එකේ වට පිට බලා මට ඩයල් කරේය.....

"දරුව..."

" මම ද අයියේ..."
මම සේප් එකේ ඇසුවෙමි....
.
"ඔව්...ඔබ තමා දරුව...මම මේ වෘක්ශ්යේ වෘක්ශ දේවතාව වෙමි...ඔබේ දුක දැක මෙහි පැමිනියෙමි...."

අම්මට හුටු රුක් දෙයියෙක්...මූ මගේ දුක දැකලා ආවා කිව්වට මූ පත බෑවිච්ච හැටියට මටත් දුක හිතුනේ...
වැරදි තැනක් එහෙම වැදුනනන්ම් රුක් දෙයියාට මෙතනම වඩ දිය බෑවෙනවාය

"මගේ දුක කිව්වේ අයියේ...නෑ මේ මම කිව්වේ දෙයියෝ....???"

"ඔබේ පවුලේ අය ඔබට ඉතා පහත් ලෙස සලකනවා නේද.....??
මට නුබට උදව් කල හැකී...ඔබට මම වරයක් ලබා දෙන්නම්...කැමති දෙයක් ඇත් නම් ඉල්ලව....."

අම්මටහුඩු....මූ නම් දෙයියෙක් නෙමෙයි දේවලයක්...දෙන්න හිතෙනවා උම්මා පෝලිමක්....
මොකක්ද ඉල්ලන්නේ....???
හෙනම බොක සීන් එකක් නේ දෙයියොත් ඇවිල්ලා දැම්මේ....
සල්ලි ඉල්ලනවද....
ජනාධිපති කම ගත්තොත් නරකද...
ඉල්ලනව නම් ජාති අසූ හාරදාහකුයි තව හතරකුයි තියනවාය...
ඒ උනාට බුවාට දෙන්න පුලුවන් එකයි නේ.....

ඒ අස්සේ ගහ උඩින් සද්දයක් ඇහෙනවාය....චූටි පුතා...චූටි පුතා....කෝ මේකා...
කවදාවත් දේව සභාවට වෙලාවට යන්න එන්නේ නෑ...අක්කලා අයියලා දිහා බලලවත් හැදෙන්නේ නෑ මේ පුබ් බූරුවා...කෝ මේකා....

මම සේප් එකේ රුක් දෙයියාට රබර් ඇහැ දැම්මෙමි.....

ඌ හෙනම අප්සැට් එකේය...මම කිසි දෙයක් නෑහුන ගානට උන්නෙමි....

"මාව තමයි ඕයි හොයන්නේ...අපේ පවුලෙත් බාලයා මම..එපා වෙලා ඉන්නෙ ඕයි...දේව ලෝකෙ කියලත් වෙනසක් නෑ ඕයි...මෙහෙ උන් ම නේ එහෙ ඉන්නෙ....."

අම්මට හුදු මෙච්චර වෙලා දරුවා කියපු බුවා දැන් මට ඕයි කියනවාය...

ඇයි බන් දෙයියනේ උබට බැරිද බන් උබේ පවර් එකෙන් මුකුත් කරන්න....

මොනා කියලා කරන්නද කරන්නද ඕයි.....
අපිට වර දෙන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි නේ.....කවුරු හරි මිනිහෙක් ඉතින් හිත උනු වෙලා දීපු වරයකට මාව පවුලේ වැඩිමලා කරන්න කියලා ඉල්ලුවොත් ඉතින් තමයි....
නැත්තන් ඉතින් සදා දුකේ තමා....

මට බුවා ගැන හෙනට අප්සැට් හිතුනි.....
හරි මම වරයට ඉල්ලන්නේ ඔහේ පවුලේ වැඩිමලා කරන්න කියලා....
මම හෙන සිරා මූනක් අරන් කිව්වේමි....

මල්ලි මාර හිත හොද කොල්ලෙක් නේ මල්ලි....
මම මල්ලිට කොහොම ස්තූති කරන්නද දන්නේ නෑ ඕයි...මට ඉස්තූති කියන්න දෙයක් නෑ.....
රුක් දෙයියා හෙනම සෙන්ටි මෙන්ටල් විදිහට කදුලු පුරවන් බලන් ඉන්නවාය.....
මමත් හෙනම ගැම්මෙන් දෙයියාට ෆේස් කරනවාය
දෙයියෝ බේරිලා හිටින්කො කියලා කට ගන්න හම්බුනේ නැතිය......
හෙනම සීතල වතුර පාරක් උඩින් පත බෑවුනි....

නොදකින් පස්ස පැත්තට එලිය වැටෙනකම් බුදියනවා මී හරකා.....නැගිටලා පොතක් බලා ගන්නවා...ඊට කලින් අර මිදුලේ තියන පොල් ටික ලෙලි ගහනවා....බ්ලා...බ්ලා......

අම්මාගේ කැසට් එක කුස්සියෙන් ඇහෙනවාය....
කෝ රුක් දෙයියා...
මම වටපිට සර්ච් පාරක් දැම්මෙමි.....
එහෙම එකෙක් නැතිය...
අපිට ඉතින් එහෙම උන් එන්නෙ හීනෙන් විතරය....
කාමරෙන් එලියට එද්දි ටෙලිවිසොන් එකේ නිවුස් යනවාය....

"සිරස්තල"
සමාන්ය පෙල ප්රතිඵල අද නිකුත් කෙරේ......

මල හත් ඉලව්වට ගහපු කලාබරේ කිව්වලු....
වසලා හමාරය....අදත් ඉතින් කන් පිරෙන්න අහගන්නට හැකිය......
අනේ හීනෙන් ආපු රුක් දෙයියෝ....
ඇත්තටම වරෙන්කො......
මාව බේරපන්කො....

සටහන
-වාසනාවන්ත-


34 comments:

  1. ශහ් මේක නම් නියමයි. වෙල් ඩන්

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතී ඉයන්....

      Delete
  2. සුපිරිනේ මලයෝ... මාත් පතනවා පවුලේ වැඩිමලෙක් වෙයෝ කියලා හූ...

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තී කිව්වා මුලින්ම නලීන් අයියට....
      පවුලේ බාලයාම නෙමෙයි...හැබැයි පවුලේ බාලයා කෙල්ලෙක් උනොත් ඊට උඩින් ඉන්න කොල්ල බැනුම් අහන්න එපැයි...මම ඒ බෝට්ටුවේ

      Delete
  3. හැබැයි ඉතින් බාලයන්ට වැඩි ආදරේ ලැබෙන තැනුත් තියෙනවා
    ජයවේ මලි!

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම තැනුත් අතරින් පතර තියනවා....
      වැඩි හරියක් ඉතිං බාල්දි තමා ලෝඩ් වෙන්නෙ....

      Delete
  4. මචෝ හැම ගෙදරකම ඔය තැටිය තියනවනේ.මම හිතුවෙ අපේ ගෙදර විතරයි මෙක තියෙන්නේ කියලා.
    මෙ පැත්තට විසිටි එකක් දාලා වරෙන්කෝ වෙලාවක් ලැබුනම.
    http://manomandira.blogspot.com/2015/09/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. කොයි ගෙදරත් එකම තැටිය තමා දුවන්නේ.....
      හිටින් ඔය පැත්තට එන්ට...

      Delete
  5. දාන්න පහක් :D මමත් බාලයෙක් පොඩි කාලේ නම් හෙනම අප්සට් මොනවා කලත් මම තමා බැනුම් ඇහුවෙ.හැබැයි දැන්නම් එහෙම නෑ මගේ වාසනාවට අය්යට වඩා මට විභාග ලකුණු තියනවා ඒ නිසා බනිද්දි බනින්නේ " අර බලන්න නංගි විභාග පාස් වෙනව අය්ය තාම එකම ඩිග්‍රිය අල්ලගෙන ඉන්නවා "කියල.ඉඳල ඉඳල අය්ය හෙන අපත වැඩක් කලොත් ඉතිං අය්යටත් බැනල මටත් බනිනවා එහෙම නැත්නම් එයා නැතිවෙලවට ඒ බැනුම් අහන්නත් වෙන්නේ මට. ඒ ඇර ඔච්චරම අවුල් නෑ වාසනාවන්ත අය්යෙක් ලැබුන නිසා බාලය වීමේ ප්‍රීතිය සමරනවා ;)

    ReplyDelete
    Replies
    1. හංසි හෙන ලකී නේ....අපිට කොයින්ද පුසෝ මාලු අපි යනවද මූදු....

      Delete
  6. උඹ නම් බාලයා. මං පවුලෙ එකම එකා වෙච්චි. හිතහං කොහොමද සැප කියලා....

    ReplyDelete
    Replies
    1. සැප නම් වැඩී තමා ඒත් ඉතින් සහෝදර සමාගමයත් වෙලාවකට ආතල්....

      Delete
  7. හිලෑරියස්යැ.

    උඹ කියන දෙයි සත්‍ය අසත්‍යතාවය කියන්න බැරි මම පවුලේ වැඩිමලා වූ නිසාය. ඒකෙත් උඹ හිතන තරම ආතල් එකක් නැත.

    ReplyDelete
    Replies
    1. බාලයා වෙලාම බලන් ඕනේ ආතල් එක....

      Delete
  8. මමත් බාලයා නොවුනත් බාලයා මෙන් පට්ටම ආතල් එකේ බාලයාගේ ආතල් එකත් අරගෙන සිටියෙමි. බාලයන්ට ඔයතරන්ම අවුල්ද අෆ්ෆා.

    ReplyDelete
    Replies
    1. ඒකට කසුවෝ බාලයා වෙලාම බලන්ට ඕනේ.....

      Delete
  9. ඔය බනින්නේ ආදරේට........ වා. කාලකන්නියෝ.......

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අන්තිමට ඔහොම හිතලා තමා බොලන් හිත හදා ගන්නේ...... :D

      Delete
  10. මංනං ආසයි මට අක්කෙක්වත් හිටියනං අඩුගානේ මස්සිනා එක්ක ඩීල් එකක්වත් දාලා වත හොයාගන්න තිබ්බ..සැක්!

    ReplyDelete
    Replies
    1. මම දන්න් පොඩි කොලෙක් ඉන්නවා....උගේ ජොබ් එක අක්කට කොල්ලන්ගෙ ලියුම් ගෙනිහින් දීලා කොල්ලොන්ගෙන් සල්ලි එකතු කරන එක.....
      හැක් හැක.....
      බොලත් එහෙම වැඩක් ගැන නෙහ් කියන්නේ

      Delete
  11. පවුලෙ බාලය වීමත් මහ ඇණයක් තමයි මාත් අපේ ඔහොම ාල විච්ච යාළුවො ඉන්න එකෙක් නෙ
    හැක් උං ගැන පව් කියලත් හිතෙනව
    හැබැයි එකක් දාගන්න තරමක් කුණු බාල්දි පෙරලගන්නෙත් ඔය බාල ඈයො තමයි හැක්

    ReplyDelete
    Replies
    1. ඔය නම් බාල්යා එක්ක තියන තරහකට කීව කතාවක්...ඔව්...
      අහින්සක අපිටමයි ඔක්කොම....

      Delete
  12. අප්පේ.. මට නම් උඹව පෙන්නේ අර කිව්ව රුක් දෙය්යා වගේනේ අප්පා...

    පවුලේ බාලයා වීමේ ආදීනව වලට කියාපුවා ඔක්කොම මටත් තිබ්බ, එකක් ඇර . විභාග ලකුණු. එතැනදී මම තමයි පොර. ඒ උනාට කවදාවත් "අර බලාපන් චුටි නංගි , කොච්චර හොඳට විභාග පාස්කොරනවද කියල.. හුහ්" කියල දෙබසක් උපන්තේකට අහල නැහැනේ අප්පා...

    කාගේත් නාට්ටාමි වැඩ, ඉතුරු ඇඳුම්, පරණ සෙරෙප්පු, පාවිච්චි කරපු පොත්... අම්මප මගේ ලිස්ට් එක මතක් වෙනකොටත් පපුව පත්තු වෙනවා... හය්යෝ... එහෙම දුකක්.

    පවුලේ කිවෙනිය උනත් ඒ ඒ ස්ථානවලට ආවේනික අවුල් කොටස් තියෙනවා ( අන්න එහෙමයි බොලව් හිත හදාගන්නේ)

    අපේ පවුලේ නම් කිවෙනිය උනත් කොල්ලෙක් නම් ආය නෑ රජ සැප! ( ඔන්න දැන් ඉතින් මගේ ඇඟේ මාළු ගඟේ නටනවා) දෙය්යෝ වත් බලන්නේ නැහැ හලෝ අපේ මුණ දිහා.. ඉහි ඉහි බ්රුස්.... ( හොටු හුරන සද්දේ)

    ReplyDelete
    Replies
    1. උයා ඕවල අඩන්න එපා....ඔව්....
      උයාගේ ඔය සස්සන මූන දැකලා දෙයියො උයා දිහා බැලුවා...ඕ යෑස් මේ දැන් බැලුවා.... ( මම රුක් දෙයියා වගේලු නේ )
      උයා එන්න අපි දෙන්නා මේ දුෂ්ඨ ලෝකෙන් පලා යමු...ඔව්.... හැක හැක.....

      වෙල් කං කිව්වා බොගට...මේ පැත්තේ ආව පල්වෙනි වතාව වෙන්ට ඕනේ මේ.....

      Delete
    2. පලවෙනි වතාවේම කොමෙන්ටුවක් කෙටුව මගේ හිතේ පත්තු උන ගින්දරට...

      දුෂ්ඨ ලෝකෙන් පලා යන්ට කිව්වා? කාත් එක්කද? උඹත් එක්කද? අඩේ... දෙය්යෙක්ම තමයි... රවියා මට කියලා තියෙන්නේ කොයි වෙලේක හරි මගේ ඉරණම් කාරයා ඇවිත් දෙකක් කියයි කියල. මම බැලුවේ බස්වල සිට් යට , අල්මාරියේ ලාච්චුවල, බේරේ වැවේ බන්ට් එක වටේ වගේ සාමාන්‍ය තැන්වල විතරයිනේ. දැන් බලනකොට මෙන්න මෙතැන!

      වාකා... මේ...... කාටවත් කියන්ට එපා හරිද? ගොඩින් අක්කර කීයද ?

      Delete
    3. අන්න ඒක තමා පුස්නේ....
      සියඹලා ආණ්ඩුවේ පොඩි ඉඩං කෑල්ලක් තියනවා...
      අපි ඒකේ පුංචි පැල් කොටය්ක් අටෝගෙන ඉම්මු සුදූ...
      මේ කුරිරු ලෝකෙන් පලා යමු...ඔව්....
      මේ නපුරු ඉස්සව්වෙන් මක බෑ වෙමු....
      එන්න මගෙ තුඩූ...

      Delete
  13. පස්ට පොස්ට් එක..දැන් කාලේ බාලයින්ට තියන සැප කොහෙද බන් වැඩිමලුන්ට ..ඒත් ඉතින් මේ ලෝකේ තියන පොදු ධර්මතාවය තමයි ලොකු එකා විසින් පොඩි එකා ගිලීම ... අවාසනාවට පවුල් සංස්ථාව ඇතුලේ පොඩි එකාව පොඩි කාලේ ගිලින ලොකු එකා අවසානයේ පොඩි එකා විසින් ගිලදානවා බන්..

    ReplyDelete
    Replies
    1. පොඩි අපිවමයි කන්න හදන්නේ බන්....

      Delete
  14. මේකනං සුපිරි........... ඒ උණාට ඉතිං ඔක්කොගේම ආදරේ වැඩිපුර හම්බෙන්නෙත් බාලයාටම තමා..............

    ReplyDelete
    Replies
    1. මේක හරි යන්නේ නෑ....අනිත් හැම තැනම බාලයාට හැමෝම ආදරෙයිනේ බොලං....

      Delete
    2. කෝ.. කෝ.. කොහෙද කොහෙද? එහෙම ආදරෙයි ලු! කොටියම කන්ට මට නම් දැනිල නැහැ නොවැ... ඔය කියන උන් ඔක්කොම වැඩිමල්ලු වෙන්ට ඇති. නසරානි වෙන්ටත් ඇති. නසරානි වෙලත් ඔක්කොම හොරෙන් නොකරන්ට ඇති. නැත්තම් මට කලින් පුරුකේ එකක් නසරානියෙක් වෙලා, අනිකි ලාචෝරු උනා නම් ඉතින් මම තමයි. හය්යු..... මතක් වෙනකොටත් නිවාඩුවක් දාල ගිහින් කොට්ටේ බදාගෙන අඬන්න හිතෙනවා..... ඉයාව්...

      Delete
    3. මේ ආරියාගේ බොරු..... ඔව්...උයා අඩන්න එපා තුඩූ...
      මටත් ඇඩෙනව.....ඔව්...

      Delete
  15. ලත්තන කටාව.

    ReplyDelete
    Replies
    1. බොහොම ඉත්තූතී කීවා ඕන්....වෙල්කං බොගට.....මේ පලවෙනි වතාව මයේ හිතේ....

      Delete