Tuesday, May 23, 2017

....පෝටබල් කක්කුස්සි....

ලංකාව රටක් විදිහට හැඩයෙන් නම් සිරාවටම ලස්සනය... ඇරෙන්න ඒකේ ඇතුලේ ඉන්න උන්ගෙන් සෑහෙන ප්රමානයක් වස කැතය... වස කැත පෙනුමෙන් නොව හිතෙන්ය...කෙටියෙන්ම කියනවා නම් උන්ට තියෙන්නේ පෝටබල් කක්කුස්සි ඔලුය.බැතියෙන්,ප්රතිපත්ති පූජාවෙන් සිහිකලයුතු තෙමගුල නලා පිබලා බයිලා ගහලා කාවඩි නටලා මල මගුලක් කරපු එහෙව් උන්ගේ ඔලු කක්කුස්සි කියන එක කක්කුස්සියටත් රොම්බ අපාහසයක් විතරමය.තිලෝගුරු අමා මෑනි බුදු පියානන් වහන්සේගේ තෙමගුල සිහිපත් කර දින කීපයකට වඩා ගත වී නැත...තාමත් දන්සැල් දීපු දීපු තැන් වල බත් කොල කැන්ද කොල හතර අතේ පිරිලාය...නගරසභාවටත් අරන් අය්න්න පුලුවන් සිමාවක් නැතුවාම නොව.ඉදින් පිනක් කර ගන්න හැම වෙලේම කොහෙන් හෝ පවක් පුරව ගන්නේ නැති වන්නට නම් පිනක් උවත් පිලිවලට කල යුතුය....

සම්බුදු තෙමගුල ගැන කියන්නට හිතාගෙන ආවට ඊට වඩා රොම්බ සයිස් එකේ කේස් එකක් අතර මගදි හම්බුනේය...
මුලු බුකියම ගිනි තියාගෙන ලෝයර අක්කා කෙනෙක් ඇවිල්ලාය...👱👱👱
අක්කා ඉගා ගත්තේ බාර් එකක වැඩ කරලා ලුය....එයා බිකිනි අදිනවාලුය...එයා අනාචාරයේ හැසිරෙනවා ඇතිලුය... ඉතරක් නෙමෙයි ...ඒයා නිසා වුර්තියේ මෙව්වා එක මෙව්වා වෙනවාලුය....
අන්න එහෙම කියන අයියා කෙනෙක් පොලොවේ පස් කනවාය.මට නම් හිතෙන්නේ එකම එක දෙයකි..අක්කේ උබේ කරුමෙට උබ ලංකාවේ ඉපදුනේ..
මෙහේ උන් වුර්තිය මනින්නේ ගෙදරට අදින ඇදුමින්.පාලකයෝ මනින්නේ රැවුලෙන්...
කොටින්ම තමන්ගේ කසාද ගෑනිව උනත් ශුවර් නැති හාල් පාරු කෑදැත්තො ඉන්නේ....
නැත්තන් ඉතින්  බුකිය පුරාම ඇඩ් දාන්නේ නෑ නේ ඔබේ ආදරනීයන් ඉන්න තැන හොරෙන්ම හොයා ගන්න අහවල් සර්විස් එක ඇක්ටිවේට් කොර ගනින් කියලා...ඇයි තමන්ගේ ගෑනිට කෝල් එකක් දීලා අහන්න බැරුවද...👿👿👿
ලංකාවේ බොහෝමයක් පිරිමි ඔය සුදු ඇදන් හිටියට ඇතුලේ තියෙන්නේ මැටි....
උන් හිතන්නේ ලංකාවේ ගෑනුන්ට තියන එකම වැඩේ තමන් ගේ ස්වාමියා නැති වෙලාවේ වෙන උන් එක්ක නිදා ගන්න එක උත්සාහ කරන එක කියලා.නමුත් මේ ගොබ්බ මානසිකත්වයෙන් මිදුනු පිරිසකුක්ත් ඉන්නවා....හැබැයි අරුන්ගෙ දැක්මට අනුව උන් පට්ට මෝඩයි සහ උන්ගේ බිරින්දෑවරු පිට යනවා....
ඒවා හිතෙනකොට හිනා නොයන තැන් වලිනුත් හිනා යනවා...
ඔක්කොටම වඩා දුක ඉහ නිකට පැහුනු අපි උගත් බුද්ධිමත් කියලා හිතාගෙන ඉන්න උන් ඔය ගොබ්බ චින්තනේ ඉන්න එක....
කතාවට කියනවා කොච්චර කෝට් ඇන්දත් අපේ උන්ට උප්පත්තියෙන්ම පිහිටන්නේ සරම් ඔලුවක් කියලා...වෙලාවකට ඒක ඇත්තක් ඩෝ කියලා හිතෙනවා මේවා දැක්කම....
එව්වා මෙව්වා කොහොම උනත් මේ ලියමනට වැඩියෙන් අකුරු ගහලා එව්වොත් දමියා මේක එඩිට් කොරලා පත්තරේට නොදා ඉන්න ඉඩ තියනවා...
හින්දා අමතක වෙන්න කලින් කියන්නම් කියන්න තියන වැදගත්ම කතාව මේකයි...

අර වෙසක් දවසේ ගත්ත බම්බු නලාව ගෙදර නිකන් ඉද්දි පිබින්න එපා යකෝ..අහල පහල උන් නිදා ගන්න ඕනේ....

9 comments:

  1. //අර වෙසක් දවසේ ගත්ත බම්බු නලාව ගෙදර නිකන් ඉද්දි පිබින්න එපා යකෝ..අහල පහල උන් නිදා ගන්න ඕන//
    ඔය මඟුල තහනං කොරන්ඩ ඕනේ..... සද්දේ ඇහෙන කොට මැරෙන්ඩ හිතෙනවා.....

    ReplyDelete
  2. //කොච්චර කෝට් ඇන්දත් අපේ උන්ට උප්පත්තියෙන්ම පිහිටන්නේ සරම් ඔලුවක් //

    නියම කථාව. මම වෙන රටවල අයගේ සාමන්‍ය මට්ටමේ ඉන්න අයගේ ගෙවල් දැකලා තියෙනවා. ඒවා ටිකක් අවුල්. ඒවුණාට පාරවල් ඉතාම පිරිසිඳුයි. ලංකාවේ ඒකෙ අනික් පැත්ත. පාරවල් අපිරිසිඳුයි. ගෙවල් ඇතුල ක්ලීන්.

    ReplyDelete
  3. නියම කතාවක්

    ජය වේවා ..!!!!

    ReplyDelete
  4. එල ද බ්‍රා ..
    ආදරණිය අය ඉන්න තැන හොයාලා දෙන්න පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ කෙම්පනි කාරයන්ට ..
    උබේ ලියවිල්ලට මම කවදත් කැමති

    ReplyDelete
  5. අපේ මිනිස්සුංගෙ මොළ හදන්නනං ඉතිං පිටසක්වලින් සෙට් එකක් බස්සන්න වෙනව.

    ReplyDelete
  6. තවත් රසබර උපහාස ලියැවිල්ලක්.

    ReplyDelete
  7. හරිම රහ ලිපියක්.

    ReplyDelete
  8. පට්ට කතාව බං

    ReplyDelete
  9. ආදරේ කසාදෙන් කෙලවර වෙන වුන්ට බඩු ටික යන්නෙත් සැකේට....

    ReplyDelete