Friday, July 15, 2016

බැංකුවේ සීන් එක

කොකාට මේ දවස් වල නම් පුල්ම බිසී ඩේස් ය...
එහෙන් මෙහෙන් එන වතු උදලු ගාන කෝස් සිමෙන්ති අනන සෙනාරියෝ ඒ ඉතරක්ම නෙමෙයි ඉද හිට ඉස්සරහ ගෙදර අක්කාගේ බබා බලාගන්න වෙන කේසුත් එක්ක ජීවිතේම පුල් අන්දොස් වෙලාය...
තනිකරම සමාජ ආස්සරයෙන් කොන් වී සමාජ රෝගියෙක් මෙන් ගෙදරමය..
බෝක්කුව උඩ සැට් වෙන්නට වත් වෙලාවක් නැති තරම්ය...
දවස් තුන හතරකට පස්සේ ගෙදරින් එලිය පැන්නේ අදය...
බෝක්කුව උඩ සැට් වෙන්නට හිතාන මමත් බෝක්කුව දිහාට සෙන්ටි මෙන්ටල් උනෙමි...
මම යනකොටත් සභාවාරය පටාන් අරගෙනය...
උන් ආගිය තොරතුරු කියව කියවා ඉන්නවාය.,....
මේ දවස් වල රටේ ලෝකේ තියන දැවෙන ප්‍රශන මොනාදැයි දැන ගන්නට උවමනා නිසාම මම සේප් එකේ අයිනක් අල්ලන් කතා බහ අහන් උන්නෙමි...
අනුරයා කියන හැටියට මේ දවස් වල ලංකාවේ තියන පෙරිය කශ්ටම් එක මොකක්දෝ බැංකුවක හුට්ටප්පරයක්ලුය...

ඊට පස්සේ තියන සීන් එක නාග කන්‍යාවක් කොල්ලෙක් එක්ක මොකක්දෝ ටොයියා ටොයියා පාරකට සැට් වෙලා ඉන්න එකක්ලුය...
එතකොට කිසිම විදිහකට අපිට අදාල නැති ප්‍රශ්න විදිහට අනුරයා නම් පෙන්නලා දෙන්නේ වැට් වැඩි වීම එතකොට ඔය විශ්ව විද්‍යාල ප්‍රශ්න එහෙම අදාලම නැතිය...
එතකොට බන් දැන් ඔය බැංකුවේ සීන් එක උබට බලපාන්නේ කොහොමද...
මම සේප් එකේ අනුරයාගෙන්ම ඇහුවෙමි...
අන්න උබ වැදගත් තැනකට මේ සාකච්චාව මෙව්වා කොරා.... මේක මට විතරක් නෙමෙයි මුලු රටටම බලපාන මෙව්වා එකක්...
අනුරයා හෙනම බර සාර විදිහට උගුර පාදලා අතේ තිබ්බ අඹ ගැටෙන් කෑල්ලක් කඩාගෙන කන ගමන් හෙනම විද්‍යානූකූලව ප්‍රශනය විසදන්න ගත්තා...
දැන් මෙහෙම නේ...
ඔය බැංකුවේ සීන් එක හොයන්න අපි එක එකාට කෝල් කරලා අහනවා...
මචං මොකක්ද මේ බැංකුවේ සීන් එක...
උබ දන්නවද කියලා....
ඔහොම දහ පාලොස් දෙනෙක්ට කතා කරාම ඔන්න උන්ගෙන් එකෙක් වගේ තමයි මේ සීන් එක දන්නේ...
එතකොට අර ඉතුරු දා හතරටම කතා කරපු සල්ලි අපරාදේ...නිස්කාරනේ රජයට බදු ගෙවනවා..එතකොට දැන් ඔය දන්න එකා අපිට ඊට පස්සේ ඕකේ ලින්ක් එකක් එවනවා...
අපි ඒක බලන්න ගියාම අපේ ඩේටා කැපෙනවා...ඉතින් එතකොට අපේ සල්ලි ආයේ නිස්කාරනේ රජයට බදු විදිහට ගෙවනවා...
ඊට පස්සේ අපි ඕක එක පාරක් නෙමෙයි හත් අට පාර බලලා තව එවුන් හොයාගෙන උන් එක්කත් බලලා අපේ කාලය නාස්ති කරද්දි දන්නේ නැතුව අපේ කැම්පස් වල ඇසෙයින්මන්ට් ඩෙඩ් ලයින් එනවා....
එතකොට මොකද වෙන්නේ අපිට ඒ අසාදාරනයට විරුද්දව පාරට බහින්න වෙනවා...
පිකටින් කරන්න වෙනවා...
පාර්වල් අවහිර කරන්න වෙනවා...
දැන් බලහන් ඉතිං...
එතකොට දැන් උබට තේරෙනවා නේද මේ බැංකුවේ සීන් එක තමයි ලංකාවේ දැනට තියන දරුනුම ප්‍රශනය.... අනුරයා උගේ විද්වත් මෙව්වා එකෙන් බැංකුවේ සීන් එක ඇන්ලයිස් කොරාන ගියේය...
මට අසූහාරදාහයි තව පොඩ්ඩකුයි මල පැන්නේය….
නොදකින් හීනප්පාලි කෑදැත්තා... තුහ්...විතරක්....
තෝ ඉතින් එක එකාට කතා කොර කොර අනුන්ගේ ලබ්බවල් හොයන්නේ නැතුව තොගේ පඩුවේ වැඩක් කොරන් හිටුකෝ...
එතකොට මේ රටේ ප්‍රශ්න වලින් බාගයක්ම ඉවරනේ...
තොපි වගේ අනුන්ගේ මගුල් හොයන නරි හින්දා යකෝ මේ රටේ මෙච්චර ප්‍රශන තියෙන්නේ....

7 comments:

  1. හැබෑටම මොකක්ද බං ඔය බැංකුවේ සීන් එක.

    ReplyDelete
  2. ලින්ක් එක දියන්කෝ! :D :D

    ReplyDelete
  3. මචං මොකක්ද මේ බැංකුවේ සීන් එක...
    උබ දන්නවද....

    ලින්ක් නං එවන්න එපා හිටං

    ReplyDelete
  4. අන්න ඒකනේ මූලිකම ප්‍රශ්නය සිරිසේන :D

    ReplyDelete