Monday, July 04, 2016

යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම්

අඩෝ කොකා..
මම අනුරයා...
හෙට උදේම පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉදපන් හරිද...
ඈ ඒ කොහෙද....
මෙ මේ පොඩි ගමනක්...
කෙල්ලෙක් බලන්න...
මේ තව එකක්...උබේ වෙන්න මස්සිනගේ කාර් එකත් පොඩක් ඉල්ලන් වරෙන්කො...
හෑ....උබ කෙල්ලෙක් බලන්න ද යන්නේ කෙල්ලෙක් එක්ක පැනලා යන්නද හදන්නේ...
උබ අරන් වරෙන්කො හොද එකා වගේ..මට ලයිසොන් නෑ..උබට තමා එන්න වෙන්නේ කාර් එක අරන්...ඔව්...
අහ් හරි හරි මම මොකක් හරි සෙන්ටි මෙන්ටල් පාරක් ලයින් කර ගන්නම්...
අක්කට ද දොලොස් පාරක් කන්නලව් කොරායින් පස්සේ වෙන්න මස්සිනාගෙන් පුල් ටෑන්ක් පෙට්‍රල් එක්ක කාර් එක මට මෙව්වා උනි...
වන්ඩියත් අරන් ලගදි හන්දියේ කඩෙන් ගෙවන්න ගත්ත තාම වාරික හතලිහක් විතර ගෙවන්න තියන පෝන් කට්ටත් අරම් කිට මරාගෙ කොල්ලා අනුරයාගේ කෑල්ල බලන්න සෙන්ටි මෙන්ටල් උනෙමි...

අනුරයත් එලකිරි කිටක් මරාගෙන ඉන්නවාය..
ඌවත් දාගෙන උගේ කෑල්ල බලන්න මෙව්වා උනෙමි...
අම්මට සිරි බම්බලපිටියෙන් පට්ට පට් පට ජිගි බිරිස් කෑල්ලක් වන්ඩියට ගොඩ විය....
මට නම් ඇඩ්‍රස් නැතිය...
අනුරයාගේ අතේ පිච්චියක් වත් ඉතුරු නැති එක ගැනම මට දැන් තේරෙනවාය...
මේ අට මගලේ මේන් ටේන් කොරන්න එසේ මෙසේ පුතයෙක්ට බැරිය...
කොහොමෙන් කොහොම හරි වැල්ල වත්ත බීච් එකට උන් ඩබලත් අරන් කිට්ටු කෙරුවෙමි...
අහ් බබා...
මේ වෙහිකල් එක මෙයාගේ...
අද මගේ එක කැඩිලා නේ...ඒකයි මෙයා එක්ක ආවේ....
අනුරයා ටෝක් දෙනවාය….
අම්මට සිරි මම දන්න විදිහට ඌටවත් මටටවත් හරි හමන් පුටාර් එකක් වත් නැතිය....
අහ්හ් ඇත්තද...
හරි හරි.....
මම සේප් එකේ හිනාවක් අප්ඩේට් කෙරුවෙමි...
වැල්ල වත්තේ නැවැත්තුවා විතරය...
හන්දියේ රී ලෝඩ් කඩේ එකාගෙන් කෝල් එකක්ය...
හලෝ කියන්න ප්‍රවීන් අයියේ...
මල්ලි අක්කාගේ රුපියල් පනහක් ඉතුරු සල්ලි තියනවා රීලෝඩ් එකක් දාලා යන්කොට කඩෙ ඉල්ලන් යන්න...
අම්මට සිරි රුපියල් පනහක්...පොට්ට චෑන්ස් එකක් වඩින්න යන්නේ...
අයියේ ඔය පනහා මගේ එකවුන්ට් එකට දාන්න....
අහ්හ් හරි මල්ලි....
සති ගනන් සල්ලි නැතුව වේලී වේලී හිටිය මට පොට්ට චෑන්ස් එකක්කින් රුපියල් පන්හක් සැට් වීම ගැන හෙනම ආශික්ය...
කෝල් එක කට් කොරලා මම හැරෙනකොට අනුරයා වෙන ගුලියක් අබරනවාය...
මෙයාට හරි බිස්නස් වැඩ අයියො...
ඔය දැනුත් ලක්ශ පනහක් මෙයගේ එකවුන්ට් එකට වැටුනා..
මම වගේම තමා හරි බිසී මෙයත්...
ඈ..ලක්ශ පනහක්...
මම රුපියල් පනහක් කියන්න හදන් කොටම අනුරයා මට අතින් එකක් ඇන රැව්වේය...
කොහොමෙන් කොහොම හරි අනුර්යාගේ ප්‍රියම්බිකාව එක්ක ටුවර් එක ඉවර වෙලා ගෙදරය ගොහින් වෙන්න මස්සිනාට කාර් එක බාර් දුන්නා විතරය...
මට නන්නාදුනන නම්බර් එකකින් කෝල් එකක් ය...
හලෝ...කවුද...
මම අනුර ගේ අරයා අයියෝ....
මම බ්‍රේක් උප් උනා අයියෝ...
එයා හරි යන්නේ නෑ අයියො...
ඔයා වගේ නෑ...
හැමදාම කාර් එක කැඩිලා...
සමහර් වෙලාවට සල්ලිත් නෑ අයියෝ...
මේ මේ...ඉතින් ඕක දැන් මට කියන්නේ...
නෑ අයියෝ...
මට ඔයා හරියට හිතට ඇල්ලුවා අයියෝ ඒකයි...
ඔයාට පුලුවන් නම් හෙට කාර් එක අරන් එන්න අපි කොහාට හරි ගිහින් කතා කරමු...
හෑ...
යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් මුන් වදුරන්ටත් ලව් කොරයි නේ යකෝ...


15 comments:

  1. /// සල්ලි ගස් වල හැදෙනවා නම් මුන් වදුරන්ටත් ලව් කොරයි නේ.////

    සල්ලිවලට ඇති ආදරයක් මිස වෙන මොකක්ද...
    යාලුවාට කේස් එක කියුවද...

    ReplyDelete
    Replies
    1. කොහොමෙයි බොලන් මූනක් බලන් ඕක කියන්නේ....

      Delete
    2. කියන්න වටින්නේ...

      Delete

    3. විලි ලැජ්ජයි බොලන්....

      Delete
  2. ඔන්නොහෙ මස්සිනාගෙන් කාර් එක ඉල්ලං රවුමක් ගහල වරෙන්.. අරූටත් කියහන් "උඹ බේරුනා" කියල. ඇණයක් වේගන එනකොට කියහන් කාර් එක මගේ නෙවෙයි කියල. ඔය වගේ එකියන්ට කොරන්න ඕන ඔහොමයි..

    ReplyDelete
    Replies
    1. හපොයි සජ්ජා.මට නම් එපෝ...ඔහොම චිංචිමාන්විකාවෝ හන්දා යසට ඉන්න කෙල්ලොත් කයි කතන්දර අහගන්නවා අනේවාරතේ....
      අහින්සක ගෑනු ලමයිත් නිස්කාරනේ බලු වෙනවා මේ ගෑනුන්ගේ වැඩ හන්දා....

      Delete
    2. හපොයි සජ්ජා.මට නම් එපෝ...ඔහොම චිංචිමාන්විකාවෝ හන්දා යසට ඉන්න කෙල්ලොත් කයි කතන්දර අහගන්නවා අනේවාරතේ....
      අහින්සක ගෑනු ලමයිත් නිස්කාරනේ බලු වෙනවා මේ ගෑනුන්ගේ වැඩ හන්දා....

      Delete
  3. හපොයි! මේක ඇත්තට වෙච්ච දෙයක්ද? විලිලජ්ජාවේ සන්තෝසේ බෑ..
    මම ගොඩක් ප්‍රශ්න වලදි ගැහැණු ළමයින්ගේ පැත්තට කතා කරන කෙනෙක්.. මේ වගේ එකක් දැක්කම ඔලුව හංගගන්න ඕන බිත්තර කට්ටක් ඇතුලෙ!
    අනේ මන්ද මේ ළමයින්ට මොනව වෙලාද කියල. ඒ වගේම මොන හේතුවක් නිසා මිනිස්සු මෙහෙම වෙනවද මන්ද..
    පාරේ වාහන වල යන්න ගියාම ගැහැණු ළමයින්ට නොයෙක් කරදර තියනවා තමයි, නමුත් ඒකට කාර් තියන කොල්ලෙක් හොයන්නේ නැතුව තමන්ට කාර් එකක් ගන්න පුළුවන් මට්ටමට යන්න හිතන්නේ නැත්තේ ඇයිද මන්ද..

    ReplyDelete
    Replies
    1. කලිනුත් කීවා වගේම හැම කෙල්ලම ඕම නෑ...
      ඉද හිට ඔහොම වහන්තරාවල් ඉන්නවා...කොල්ලන්ගෙත් ඔහොම උන් ඉන්නවා බොලන්....

      Delete
  4. හැක්.. හැක්.. උඹ එහෙනං අරූගෙ මගුලත් කැඩුව නේද ඉඳං.

    ReplyDelete
    Replies
    1. ඒක මගුලක් නෙමෙයි මල මගුලක් බොලන්...

      Delete
  5. //යකෝ සල්ලි ගස් වල හැදෙනවා නම් මුන් වදුරන්ටත් ලව් කොරයි නේ යකෝ...//
    pastayi...

    ReplyDelete
  6. ඔබේ නිර්මාණය වටින්නේ මෙවැනි පචයන් සෑහෙන්නට 'ලෝකෙන්ම උතුම් රටේ' සිටින නිසාය. මෙවැන්නන් අගනුවර බහුලව සිටිතැයි මගේ අදහසයි.
    sudukukula.blogspot.com

    ReplyDelete
  7. මෙන්න මේ ඉනෙත් ඒ වගේ අය තමා..
    http://gaslabba.blogspot.com/2015/12/blog-post_90.html
    ජයවේවා..!!

    ReplyDelete