Friday, March 11, 2016

පොඩි උන් මාර විදිහට දියුනුයි නෙව

මේ දවස් ටික නම් මහ පතෝල දවස් ටිකක්ය..මෙලෝ රහක් නැතිය.ඔහේ ගෙවෙනවාය.කිසිම හැපනින් ගතියක් එන්නට කිසි වැඩක් පලක් සැට් උනේ නැතිය..උදේ හිටං ගෙදරටම වෙලා ඉන්නා හන්දා අපේ ලොකු අක්කගේ පොඩි පුතාව ඉක්කොලේ ගෙනියන්නේ ජොබ් එක පන්ගරාත්තු උනේ මටය..
පොඩි එකා තාම යන්තන් එක වසරේය...
ඒ උනට උගේ වැඩ කිඩ නම් රොකට් සයන්ස් ඉගනගන්න උන්ටත් එහාය.
බුවාට දරුණුවටම බෙන් ටෙන් රෝගය තියනවාය...
මේ ඊයේ පෙරේදා දවසක ගස් ලබු බටයක් කඩාගෙන ඌ තන්ඩර් කැට් සෙල්ලං කොරලාය...
අපේ අප්පච්චි ඌට දගලන්න එපා කියල සද්දයක් දාලාය.
බුවාට මල පැනලා දෑත බදලා ගස් ලබු බටෙන් පිට හරහට වයිරං වැටෙන්නම අප්පච්චිට දීලා ඇදලා...
දැන් හැදෙන උන් අපි වගේ නෙමේය...අසාධාරනයට් එරෙහිව ගස් ලබු බටේකින් හරි පහරදෙන පරම්පරාවක් අපිට ඉන්නේ...

මේ වස වර්තියා ඉක්කෝලේ එක්කන් යන එකත් ලේසී පාසු නැතිය.
හොන්ඩර ගානක් බර පොත් මල්ලකුත් උස්සන් යන්නට ඕනෑය...
ඒ ඉතරක්ද....
බුවාට හදන්න දෙන අත් වැඩ මොනා හරිත් අරං යන්න ඕනෑය.
තව ඌට කන්න බොන්න ජාති වෙනම ගෙනියන්නත් ඕනෑය...
ඒ ඔක්කොම ඉතරක් නෙමෙයි හවසට ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නත් හොනම ලොකු මල්ලක් උස්සන් යන්න ඕනෑය.
ඒකෙන් විතරක් බේරෙන්න බැරිය...
ප්‍රැක්ටිස් අහවර උනායින් පස්සේ පොඩි එකාව ටියුශන් ගෙනියන්නත් ඕනෑය...
ටියුශන් අහවර වෙනකම් එතන වේලී වේලී ඉදලා ඊට පස්සේ ඌව ගෙදර එක්කන් එන්න ඕනැය..
පොඩි එකාට කෙසේ වෙතත් මට නම් මේ ඔක්කොම දැක්කම හිතෙන්නේ මම පොඩ්ඩක් කලින් ඉපදුන එක වාසනාවක් කියලාය...
ඒ උනාට මු මේ ඉගන ගන්න කලාවේ හැටියට මූ කොහෙන් නවතීද කියලා නම් මට හිතා ගන්න බැරිය...සමහර විට මූ නාසා එකට ගිහින් හදට රොකට් යවන්නත් ඉඩ තියනවාය.
මූ එක්ක උදේ හව කන කට්ට නිසාම මුගේ ෆියුචර් ඇම්බිසන් එක ගැන දැන් ගන්නට ආසාවක් මෙව්වා උනි..
ඒ හන්දාම බුවා එක්ක ඉක්කෝලේ යන ගමන් පොඩි චැට් එකකට සැට් උනෙමි...
පුතේ...
කියම්න මාමේ...
පුතා ලොකු වෙලා කවුරු වෙන්නද ආස...
මම ලොකු වෙලා අධ්‍යාපන ඇමති වෙනවා...
හැහ්...අර මොකටද...
මම එතකොට මේ ඔක්කොම ඉස්කෝල වල සෙල්ලන් කරන්න වෙනම වෙලාවක් දානවා...
නැත්තන් අපිට වගේම හැම ලමයටම මෙහෙම මුට්ට කර ගහන් ඉස්කෝලේ  යන්න එන්න විතරයි වෙන්නේ...
තව මේ ඔක්කොම විශන් ඉගන ගන්න දෙන එක නවත්තලා අපි ආස එක ඉතරක් ඉගන ගන්න හදනවා...
මගේ ලොකු ලොකු ප්ලෑන්ස් ගොඩක් තියනවා....
පොඩ්ඩක් ඉන්නකො මම අධ්‍යාපන ඇමති වෙනකම්....
පොඩි එකා මාව පුල් අන්දොස් වෙන ජාතියේ ආන්සර් එකක් දුනි....
පොඩි උන් මාර විදිහට දියුනුයි නෙව..කොකාට තනියම හිතුනි...

8 comments:

  1. පොඩි එකා දන්නව මහ වුන්ට වඩා.

    ReplyDelete
  2. අර අකිලට කියහං ඔය පොඩි එකාට දෙන්ඩ කියල ඇමතිකම

    ReplyDelete
    Replies
    1. අකිල නං පොඩි එකෙක්ට වඩා හපන් හෝත පාලුවෙක් අටමො....

      Delete
  3. //මම ලොකු වෙලා අධ්‍යාපන ඇමති වෙනවා..//
    ඒඩ්ස් වගේ රෝග බෝවෙන හැටි දැන්මම ඉගෙන ගන්න කියපන්...

    ReplyDelete
    Replies
    1. ඕකා ඊඩ්ස් වලට වඩා හපන් ඒවා දන්නවා බොලන්

      Delete
  4. ඊට හොඳයි ඌ ලොකු වෙලා ජනාධිපති උනානනං...

    ReplyDelete
    Replies
    1. ඔව් බන්....එහෙම උනානම් එකක්....

      Delete