Friday, February 26, 2016

හැබැයි වල්ල පට්ට නෙමෙයි.

වැලෙන් ටොයින් සැමරීමෙන් පස්සෙන් පහු වර්නයාගෙන් වැඩි සද්දයක් නැතිය.බත් පිගානකින් ඔලුව මැද්දට වැදිච්ච පාර හින්දා ඌට් හිටි ගමන් තාමත් කල්පනාව මදිය.ඉස්සර ඉදන්ම ඌට කොහොමත් ඔල්මොරොන්දන් හන්දා අපිට නම් ඒක දැන් වැඩිය ගානක් නැතිය.කරන්නට එච්චරම වැදගත් වැඩක් නැති හන්දාත් වැඩක් තිබ්බත් කොරන්නේත් නැති හන්දාත් මේ හැන්දැවෙත් අපි බෝක්කුව උඩට සැට් උනෙමු.
අනුරයා නම් හැම්දාමත් වගේම මොකාක් හරි මාස්ටර් පැලෑනක් ඔලුවේ තියාන එනවාය...මෙදා පොටෙත් ඌ මොකක් හරි අටමගලයක් අටවන් ඇවිල්ලා වගේය....
ආපු වෙලේ හිටන් ඌ ඔලුව කසනවාය....
කන් පාත් වෙලාය...මූන රතු වෙලාය....
කියා ගන්න කම් ඉන්න බැරි ගානය...
මම සේප් ඒකේ අරුනයාට කිට්ටු කෙරුවෙමි...
මචන් මොකක්ද සීන් එක....??
මේ පාර මරු වැඩක් තියනවා කරන්න...

මොකක්ද...???
මගේ ලග මරු බඩුවක් තියනවා...විකුනන්න තමයි තියෙන්නේ...
අම්මට සිරි...මොකක්ද මැනිකක් ද...
වර්නයා මැදින් පැන්නේය...මූ නම් ගුටි කාලත් හැදිලා නෑ..
මැනික් නම් මොනාද බන්...මේක ඊට වඩා හෙන වටින දෙයක් බන්....
ආයේ ලොවෙත් හොයන්න නැති අයිටම් එකක්...
අම්මට හුඩු වල්ල පට්ට කෑල්ලක්වත් ද..... ඒ පාර මැද්දෙන් පැන්නේ ලැන්ටියාය....
ඔයා ලගටම ආවා....හැබැයි වල්ල පට්ට නෙමෙයි....
අනුරයා ඇබරි ඇබරි කියනවාය...
අනේ අගේ නොකර කියහන්කො බන්....
අපි ඔක්කොම අනුරයාට කන්කෙදිරි ගානවාය...
හරි හරි...
ඉදින් පෙන්නන්න...
අනුරයා මෙච්චර වෙලා සාක්කුවෙ හන්ගන් උන්නු ජෑම් බෝතලයක් එලියට ගත්තේය...
මෙන්න තියනව භාන්ඩේ....
ඉදකින් හිස් ජෑම් බෝතලයක් නේ...
වර්නයා කින්ඩියක් දැම්මේය....
හිස්....හොදට ඇස් ඇරලා බලාපිය ඇතුල....
අම්මට හුඩු...මොකෙක්ද බන් මේ ඉන්නේ...
හා පුලුවන් නම් කියපන් බලන්න මොකෙක්ද මේ කියලා...
දන්නේ නෑ බන්...
යකෝ...මේ කිබුල් හූනෙක්...උබ දනවද මේ සතා කෝටි ගානක් වටිනවා...
වර්නයා ඇස් ලොකු කරන් ඉන්නවාහ්...
සිරාවට....??
ඔව්..අපි මේකව විකුනලා සල්ලි අරන් මෙදා සැරේ කෙලින්ම යමු ඉතාලි.....
අම්මට සිරි...මෙදා පාර හූනෙක් විකුනලාද ඉතාලි යන්නේ...
ආව් ඩඩා...ඩඩ්ඩ ඩඩා...///
වර්ණයා නට නට විස්තර කියනවාය....
මේකව විකුනලා...ටිකට අරන් කෙලින්ම ප්ලේන් එකෙම්ම යමු...
ආයේ බෝට්ටුවල ලැග ලැග ඉන්න ඕනේ නෑ නේ....
අපි කට ඇරන් උගේ ප්ලෑන අහන් ඉන්නවාය...
අනුරයා ජෑම් බෝතලය අතේ තියන් සෙල්ලන් දානවය....
ඒ අස්සේ අනුරයාගේ අතින් ලෙස්සිච්ච ජෑම් බෝතලේ බෝක්කුව උඩ දබෝරියන් විය.......
හතර අතේ විසි වෙච්ච කෑලි මැද්දෙන් අපේ ඉතාලී හීනයත් අරන් "කිබුල් හූනා" කෙලගෙන් දුවනවා දැක්කෙමි....

13 comments:

  1. බුහාහ්හාහාහාහාහා.....

    උඹ දන්නවද, මලිං? මං ඇත්තම කිඹුල් හූනෙක් දැක්ක දවසක් පදවියෙදි.

    ReplyDelete
    Replies
    1. කටුස්සා පදවියෙදි ඉන්නේ

      Delete
    2. මම දැක්කා ලයිව් @ 8 වලට පෙන්නනනකොට....
      :D

      Delete
    3. මෙන්ඩො,
      පහළකරඹෑවෙ උන්නෙ.

      Delete
  2. මාවත් කීයකට හරි දෙන්න පුලුවන්ද කියලා හොයලා බලපන්කො

    ReplyDelete
    Replies
    1. හිටපන් මම සයිබුනානා ගෙන් අහලා කියන්න ටෝව ගන්නවද කියලා....

      Delete
  3. ගිණුමක් හැදුවා.....
    බෝග කනෙක්ට් වෙන්නේ නැහැ නෙව....

    ReplyDelete
  4. කිබුල් හුණා, දුර්ලබ සතෙක්.

    ReplyDelete
    Replies
    1. ඔය කොරන්න පුළුවන් ඈ .....

      Delete
  5. අයියෝ මං හිතුවා මේ පාරවත් කට්ටිය ඉතාලියේ බෝක්කුවක් උඩ සෙට් වෙයි කියලා.

    ReplyDelete
    Replies
    1. හිටපියව්කෝ මම යනවා දවසක පීනලා හරි..ගොඩක් රිදෙයි බොලාට

      Delete
  6. මරු බන් හැක්.

    ReplyDelete