Tuesday, February 16, 2016

වැලන්ටයින් තෑග්ග

අවුරුද්දේ මාස 12න් පුල් අන්දොස් වෙල රිම් එකෙන් යන්න වෙන් මාසය පෙබරවාරිය...මොකද වැලෙන් ටොයින් එක තියෙන්නේ ඒ මාසයේ හින්දාය.මට නම ඔය වැලන් ටොයින් වලට කිසි අවුලක් නොවුනට අපේ වර්න පාලයාට නම වැලෙන් ටොයින් සමරන්නම වෙන්වාහ...මොකද උගේ පරම පවිත්‍ර පූජනීය අවංක අකලන්ක ආදරයක් තියනවාය...
මීට කලින් වතාවක ඌ පිය්ම්බිකාවට අරන් දුන්නේ ඇස් කරකන හෙන රොම්බ සයිස් වලස් පතයෙකි...
පෙම්වතියගෙන් හම්බුනේ උම්ම්මා එකකි...
ඊට පස්සේ වතාවේ රත්තරන් මාලයකි...
පියම්බිකාව ඌට දුන්නේ උම්මා එකක්ස්....
පහු ගිය වතාවේ අලුත්ම අලුත් ස්මාර්ට් පෝං එකකි....ඒ පාරත් ඌට නම් ලැබුනේ උම්මා එකක්ම පමනි.

මේ පාරත් ඌ මොනවා දුන්නත් ඌට හම්බෙන්නේ උම්මා එකම කියන එක අපි කොච්චර කිව්වත් ඌ පිලි ගන්නේ ම නැතිය....
ඒ නිසා බෝක්කුව උඩ තනිකඩ නමුත් පෙම්වතුන්ට උපදෙස් දීමේ ප්‍රවීනයන් වන අපි යෝජනා කරේ මේ පාර උබත් උම්මා එකක්ම ඩීපම් කියලාය...ඒත් ඌට් එහෙම බැරිලුය...කෙල්ල ස්ප්‍රයිස් වෙලා යන්න ගිෆ්ට් එකක් දෙන්න ඕනෑලුය....
අපෙ සැට් එකම අපේ ශ්‍රී නුවන මෙහෙයවමින් වර්ණපාලයාට් ගැල්පෙන තෑගි මතක් කරනවාය....
අපි අරන් දෙමු සවරින් බාර් දිග සබන් කෑල්ලක්...ගෙදර දොරේ වැඩටත් හොදයි නේ...
අම්මා උනත් බෑනට කැමති වෙයි නේ නේද බන්...අදහස අනුරයාගෙන්ය....
ඌ කිව්වොත් කියන්නේ ඔහොම ගස් පාතු බජට් ප්ලෑන් එකක්ය...
නොදකින් හිකනලා....
කෙල්ලෙක්ට් දෙන්න තෑග්ගකො බොල ඔය කිව්වේ....
අනුරයා සේප් එකේ කට පියන් පැත්තකට් විය...
අපි කෙල්ලග අරන් දෙමු අලුත් ස්කූටරයක්....
ඔය ටවුමේ තියනවා ඕනෑ තරම් ගෙවන්න දාලා...අපි පලවෙනි වාරිකේ ගෙවලා අරන් දෙමු ගෙවාගෙන යන්න...
මොකද උබ කියන්නේ...
අයිඩියා එක ලැන්ටියාගෙන්ය...
යකො ගං කබරයෝ...තෑග්ගක් දෙන්න ඇහුවේ...
තොපිට කෙල්ලො නැති එක අහන්නත් දෙයක්ද....???
වර්නයාගෙන් දෝස් මුර් කෝටියකි...
හරි අයිඩියා එකක් තියනවා...
ආයෙත් අනුරහා මැදින් පැන්නේය...
අපේ අයියා අදුරන කඩයක් තියනවා ටවුමේ..අර අලුතෙන් දැම්ම හෝටලේ අන්න ඒක...
උබ ඒකේ ඩිනර එකක් රෑට කන්න ඔය කෙල්ලව එක්කන් යමන්....
හෙන ගනන් ඇති නේ බන්...
උබ බය වෙන්න එපා...
මම අයියට කියලා ඒක කරලා දෙන්නම්....
උබ බය නැතුව ගිහින් වරෙන්....
අනුරයා එලකිරි අයිඩියා එකක් දුන්නේය...
හම්මේ ඉතින් වැලෙන් ටොයින් එක දා මනමාලයා වගේ කිට මරාගෙන මගේ පරන නයින්ටියේ ටවුන් එකට වර්නයා කෙලගෙන ගියේය...
අපිට නැත්තත් ඌට හරි වැලන්ටොයින් තියන එක ගැන අපි බොක්කෙන්ම සතුටුය....
ඌ ඩිනර් එක රෑට කාලා ඉතුරු ටිකක් ඔතාගෙන හරි එයි කියලා හිතන් අපි බෝක්කුව ගාවට වී ඌ එනකම් බලන් ඉන්නවාය..
පැය දෙක තුනකට පස්සේ බුවා මගේ පුරු පුට්ටුන් එකෙන් බෝක්කුව දිහාට ආවේය...
උගෙ ඇස් වල කදුළු පිරිලාය..
ආපු ගමන් අනුරයා බදා ගත් වරනයා අඩන්නට විය....
මචං....ඉහි...ඉහි....//
ඒක හෙන දුක් හිතෙන සීන් එකක්ය....
අනුරයත් අඩනවාය...උබ අඩන්න එපා බන්...යාලුකමට මොනාද බන් කොරන්න බැරි...
කොහොමද  කෙල්ල පුල් සැටිස් වෙලා සප්‍රයිස් උනා නේ.....
කෙල්ල විතරක් නෙමෙයි....
මාත් සප්‍රයිස් උනා බන්...ඉහි...ඉහි...
වරනයා අමබානකට අඩනවාය...
ඇපි පුල් අන්දොස්ය....
ඒ ඇයි බන්....
ඇයි බන් උබලා කවුරුත් මට කිව්වේ නැත්තේ අරකිගේ තාත්තා ඒකේ වේටර් කෙනෙක් කියලා.....
මේ බලපන්....
කෑම පිගානෙන් බන් මගෙ ඔලුවට පත බෑවේ....ඉහි....ඉහි....
ඔලුව ගෙඩි ගැහිලා බන්...
ඇගේ හැම තැනම තාම නූඩ්ල්ස් කැරට් කෑලී...ඉහි...ඉහි......
ඇයි බන් සප්‍රයිස් කරනවා කියලා ඔහොම සප්‍රයිස් කරන්නේ......ඉහි...ඉහි....//
වරනයා දිගටම් අනුරයා බදාගෙන අඩනවාය....
මදැයි සප්‍රයිස් ගිෆ්ට් දුන්නා....


16 comments:

  1. ලෝබ කමක් නැතිව උදේ පාන්දරම හිනි උනා බං හැක් හැක්
    පව් ඩෝ වර්ණය උඹ ඌටමයි අලකලංචි පෙරලන්නෙ නේහ්...

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි අපේ බෝගවල් හදන්නේ....

      Delete
  2. කෙලී දන්නේ නැද්ද යකෝ තාත්තා වේටරයා බව...
    මරු මචන්.. මේ දවස්වල හිනායන කතාමයි.

    ReplyDelete
    Replies
    1. අලෙ මන්දා බන්....කොහොමත් ලව් කරද්දී ගුටි කන්නත් වෙනෝ නේ බන්

      Delete
  3. හ්ම්............

    ReplyDelete
  4. suprise පාට් එක හරිගියානෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....සප්‍රයිස් කෑල්ල හරි ගිය...පර්ටිය අල උනා....කොල්ල බොක උනා....

      Delete
  5. පට්ට යකෝ... හැබැයි කලිං එව්ව වගේ එච්චර සමාජ විවරණයක් නෑ. ඒත් කමක් නෑ බං. පට්ට...!

    ReplyDelete
    Replies
    1. මේකෙන් සමාජයේ ආදර්නීය පෙම්වතුන්ට මාමණ්ඩිය විසින් එල්ල කරන කුරිරු මෙව්වා එක ගැන තමා කියා වෙන්නේ...... :D

      Delete
  6. මං හිතුවේ සතුටට අඩනවා කියල. හිකිස්.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් සතුටට තමා....හැක හැක....

      Delete
  7. කාලෙකින් මේ පැත්තේ ආවෙ. ඒත් මේ පාර කතාවට නම් එච්චර හිනායන්නේ නැතිය!

    ReplyDelete
    Replies
    1. හපොයි මෙතුවෝ.....සමාව භාජනයකට දාන්න....//
      ඊලග වතාවේ මම ට්‍රයි කොරන්නම් ....

      Delete
  8. සප්ප්‍රයිස් ගිෆ්ට් එකේ තරමට මේ පාර උම්මා එකත් නෑ එතකොට.

    ReplyDelete
    Replies
    1. උම්මා කොයින්ද බොලන් සුම්ම වෙන්න ගුටි කෑවට පස්සේ....

      Delete