Friday, February 12, 2016

ගොතේ හොදයි... හැබැයි පොඩි පරහක් තියනවලු

පහු ගිය ටික දොහේම ගෙදරින් එලි පහලියට බහින්ටවත් හරි හැටියටකට වෙලාවක් හම්බුනේ නැතිය.අපේ ලොකු අක්කගේ වෙන්න මස්සිනාගේ ගෙදරින් අක්කා බලන්නට එනවා කියලා පනිවිඩයක් එවලාය..ඒ හන්දා මුලු ගෙදරම පොඩි පේන්ට් පාරක් දාන්න සැට් උනේ මටය.කොහොමත් අපේ ගෙදර තියන පඩත්තර තුප්පහි ජොබ් එකෙම්ම සැට් වෙන්නේ මටය...
අම්බානක මහන්සියෙන් අනතුරව මුලු ගෙදරම යන්තන් පේන්ට් කර ගන්නට පුලුවන් විය...යාලුවෝ හිටියා කියලත් ඉතින් මේ වගේ වැඩකට කතා කරාම ඉතින් එකෙක්වත් හොයා ගන්න නම් නැතිය.

කොහොමෙන් කොහොම හරි අම්බානකට පොඩ්ඩක් වැඩෙයින් කට්ට කාලා වැඩේ අහවර කොරාලා තීන්ත බාල්දි පින්සල් ඔක්කොම ලග හතර ගාතෙන් බිම දැපුවේ තිබ්බ මහසිය ඔක්කොම යන්න කියලා...
විනාඩියක් ඉන්න හම්බුනේ නෑ කොහෙදෝ ඉදලා අතීසාර යාලුවෝ සැට් එක නොහොත් වර්ණයා අනුරයා ලැන්ටියා කඩා පහත් උනේය...
හම්මේ ඉතින් දැනෙන සනීපේ....
මහසියට පොඩ්ඩක් ඇල වෙන්නවත් නැති හැටියක් මුන් එක්ක....
වර්ණයා අපු ගමන් ගේ වටේ පොඩි නිරීක්ශ චාරිකාවක් දියත් කරලාය....
අඩෝ මේ බිත්තියේ අතනට තීන්ත වැදිලා නෑ...
මේ මෙතන පොඩ්ඩක් අඩුයි...අර අතනත් ගාලා නෑ...
අපෝ වැඩේ බාගෙට කරලා තියෙන්නෙ...වර්නයගෙන් පුල් රිපොට් එකක් ලැබුනි...
අපිට කිව්ව නම් අපි එනව නේ...
ඒ ලැන්ටියාය...
ඈ බොල හීනප්පාලි කෑ දැත්තො...මම ඊයේ පෙරේදා දවස් දෙකම තොපිට කතා කරා නේද...
එකෙක් ආවද...දැන් ඇවිල්ලා වැරදි හොයනවා...
අපි ඊයේ පොඩි වඩකට ගියා නේ...
හැහ්...
මාව දාල තොපි කොහෙද ගියේ....
අපි ගියානේ බන් අර දේව බලෙන් ලෙඩ හොද කරන එකෙක් ගාවට...
හැහ්...තොපිට මොකක්ද බන් තිබුන අසනීපේ...
අපිට නෙමෙයි බන්...
අපේ නිර්මලා නැන්දගේ ලොකු අක්කගේ නැන්දගේ අල්ලපු ගෙදර ඇන්ටිගේ යාලුවාගේ ගෙදරට එහා ගෙදර ඇන්ටි ඉන්නවා නේ...අන්න එයාගේ පුතාගේ පොඩි ගොතයක් තිබ්බා...අන්න ඒක හොද කරන්න.....
අම්මට හුඩු නෑදෑ කමේ දිග බන්...
ඒක නෙමෙයි ලේඩෙ හොද කරාද බන්...
අම්මට හුඩු..
උබට කියන්න් බන් පීනස හැදිච්ච උන
ඉරුවාරදේ හැදිච්ච උන්...
එතකොට කම්මුල් ගාය..වාතය උලුක්කුව අන්ඩ වාතේ ඔය ඔක්කොම හැදිච්ච උන් ඇවිල්ලා හිටියා බන්...
හැහ්....එච්චරම වැඩෙක්ද බන් බුවා.....
ඔව් ඔව්...හෙන වැඩ්ඩෙක් කියලා තමා කිව්වේ
ඒක නෙමෙයි උබලා අර ගිය එකාට මොකද උනේ.....
අහ්...අපි ඌව අරන් ගියා බුවා ගාවට...
ඌ කෙලින්ම දෙයියන කිව්වා...
මෙහෙමයි දෙයියො...මේ ලෙඩාට ගොතයක් තියනවා කියලා...
අපේ ලෙඩත් එතකොට කිව්වා...
ඔ...ඔ...ඔ....ඔව් ගො...ගො...ගොතයක් ති....ති.....තියනවා කියලා,,,,,
ඊට පස්සේ...
අම්මට සිරි ඊට පාසේ වෙදාට දෙයියෝ ආවේස උනා...
ඔලුව වැනුවා...
හතර මුල්ල පැන්නලා නටන්න ගත්තා...
කොන්ඩේ වන වන නටලා අල්ල ගත්තා අපේ ගොත බුවාගේ බොටුවෙන් දෙකට නමලා....
හෑ...
ඔව්...අල්ලලා නමාගෙන දිඩි දිඩි ගාලා කෙලියා බන් පිට මැඩට කදුලු පනින්න....
ගහන ගමන් අහනවා.....
ආයේ තෝ ගොද ගහනවද...
න්..න්...න්....නෑ.......
ගොත ගහනවද....
න්.....න්.....නෑ....
ආයෙ දුන්නා දෑත් බදලා කදුලු පනින්න එකක්....
ගොත ගහනවද.....
නෑ...නෑ.....බුදු අම්මේ නෑ....
අම්මටහුඩු....පාරවල් තුනයි ගොතේ හොද උනා....
යකෝ මරු නේ...ඉතින් ඉතින්...
අරුට කදුලු පැනලා...
අපි එලියට එනකොට ආයේ එකෙකෙ ආවා ඇතුලට....මම හිතන්නේ ඌටත් සද බර නෙල්ලන් ඇති...
ඊට පස්සේ මේ අද උදේ ආයෙත් මට අපේ ගුටි කාපු බුවා හම්බුනා....
හා ඉතින්.... දැන් මිනිහට හොදටම හොදද....මොකො කියන්නේ
උගේ දැන් ගොතේ හොදයි... හැබැයි පොඩි පරහක් තියනවලු
හැහ්.... ඒ මොකක්ද....
ගුටි කාපු කෑමට කොන්දේ පොට ගිහිල්ලා...
දැන් පත්තු බදිනවලු...

27 comments:

  1. බැලුව ම කොයිකත් එකයි නේ බං.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා රටේ වෙද්දු ඉන්නේ.....

      Delete
  2. Replies
    1. නලින් අයියත් ගොඩ බැහැලා නෙව ගොඩ කාලෙකින්......

      Delete
    2. ලොකු සර්ව දැක්ක කල්

      Delete
  3. මද සරු භාවයට කොහෙට ගහයිද මන්දා?

    ReplyDelete
    Replies
    1. අම්මටහුදු.....මද සරු බාවයට මු ගහයි පිම්පොන් බෝල්ස් කටින් ජම්පින් වෙන්න.....

      Delete
  4. අක්කා ගේ වෙන්ඩ මස්සිනා නොව වෙන්ඩ මිනිහා විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. නෑකම් වල පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් ඔව්....

      Delete
  5. හුකැස්
    ඔය වගේ වෙද්දු තමා ඉන්නෙ හැබෑවටම හැක්

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා.....දේව සබාවෙන් ඒම්.බී.බී. එස් ගහපු උන් ඉන්නේ....

      Delete
  6. හීනප්පාලි කෑ දැත්තො කියන්නෙ මොකාද බං

    ReplyDelete
    Replies
    1. හීනප්පාලියා කියන්නේ කලපු අවට ඉන්න කොක්කු විශේෂයක්...ඔය ධීවරයෝ දාපු නම් තමයි...හීනප්පාලියා , පෙරකදෝරුවා වගෙ නම්...එතකොට ඔය පොඩි කකුලු පැටවුන්ට එහෙම කියන්නේ සීන්නක් කාලි කියලා..
      වැඩක් කරන්න ගියාම නිතරම වැඩේ අනා ගන්න එකාට ගොඩක් වෙලාවට ධීවරයෝ දෝස් මුර තියන්න ගන්නේ හීනප්පාලී කියලා...මොකද ඔය කොක්කු ජාතිය එක පාර ගොදුරක් අහු වෙන්නේ හරි කලාතුරකින්....ඒකත් අනා ගන්නවා...

      Delete
    2. අටමාගේ දැන ගැනීම පිනිස ඔන්න විස්තරේම කිව්වා

      Delete
    3. මේ පැහැදිලි කිරීම පෝස්ට් එකට වාඩා මරු

      Delete
  7. ලෙඩා මළත් බඩ සුද්දයි කියන්නෙ ඔය වගේ වෙදකම් වලට වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ලෙදා මලත් බද සුද්දයි කිව්වලු

      Delete
  8. යාලුවෝනම් ඔහොම තමයි. හොරවෙදෙක්.

    ReplyDelete
    Replies
    1. ඔහොම යාලුවෝ තමා ඉන්නේ අපිට

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ඒ කියන්නේ අරූ ගොත ගහල තියෙන්නේ බොරුවට. පත්තු බැඳත් මොකද ගොතේ සනීපනං.

    ReplyDelete
    Replies
    1. එක නම් මන්දා....අදත් ගිය පත්තුව අලුත් කොරන් එන්න...

      Delete
  11. ලෙඩා මලත් බඩසුද්ද වෙලානෙ කිව්වලු.

    ReplyDelete
  12. උඹ නං මල් මසුරං බං...

    ReplyDelete