Friday, December 18, 2015

ඔව් සින්හලේ තමයි....

ඔව් සින්හලේ තමයි....
මේ රට අස්සේ ඉන්න හැම එකාටම තියෙන්නේ ඒක තමයි....
තොපේ අම්මලා කැලෑ වලට පැනලා සින්හයෝ එක්ක නිදි වැදිලා තොපිව වදපු නිසා නෙමෙයි...
තොපි ඔක්කොම මේ රටේ උන් වෙච්ච නිසයි සින්හලේ වෙන්නේ....
මේ රට ඉස්සරහට ගෙනියන්න හිතන..
මේ රටට වැඩක් කරන්න හිතන..
හැම එකාටම තියෙන්නේ සිංහ ලේ...

අනිත් එකා වෙනුවෙන් ඉස්සරහට එන...
කතා කරන..
සටන් කරන..
සහොදරකම් තියන..
යාලු කම් තියන අම්මට තාත්තට ගරු කරන
ගැහැනියට ගරු කරන්න දන්න
පිරිමියාට ගරු කරන්න දන්න
දරුවෙකුගේ දුක දන්න හැම එකාටම තියෙන්නෙ සින්හ ලේ...
ඒකට උබ සින්හලද
දෙමලද
මුස්ලිම්ද කියන එක අදාල නෑ....
එහෙම හිතන එහෙම කරන්න පුලුවන් මිනිස්සු කොටසක් විදිහට මේ පුන්චි දූපතේ ජීවත් වෙන්න පුලුවන් නම් තොපි ඔක්කොගෙම ඇගේ දුවන්නේ සින්හලේ තමයි.....
ඒ ඇරෙන්න අනිත් එකාව කපාගෙන මරාගෙන කුඩු කරගෙන සුන්නද්ධූලී කරගෙන යන්න හිතෙනවා නම් ලේ චෙක් කර ගනින්....
ජාතකේ කොහෙන් හරි බල්ලෙක් ගෑවිලා ඇති....
අන්තිමට කියන්නම්...
මනුස්සයෙක් දිහා මනුස්සයෙක් වගේ බලන්න පුලුවන් උබලා හැමෝටම තියෙන්නේ සිංහලේ තමයි....
ඒකට උබ සිංහලද...
දෙමලද....
මුස්ලිම්ද කියන එක වැදගත් නෑ.....
උබේ ක්‍රියාවයි වැදගත්.....
.
.
මේ පුංචි රටේ.....
සිංහල
දෙමල
මුස්ලිම් හැම එකාටම තියෙන්නේ සිංහලේ....

සටහන
-වාසනාවන්ත-


13 comments:

  1. හරියට හරි. ජන කොට්ඨාශයක් විදිහට සිංහලයන්ට ආදරේකින් නොව, තව තවත් ජාතිවාදය අවුස්සා බලය ලබා ගැනීමට තතනන අයට අහු නොවීමට මිනිසුන් ඥානවන්ත වියයුතුයි. සිහළුන්ට සිහල රට නොබෙදී ඉතිරිවන්නේ අන් ජාතීන් තලා පෙලීමෙන් නොව ඔවුන් හා සමගිව ජීවත්වීමෙන් බව දන්නා වුන් මෙසේ ජාතිවාදය පතුරනවා.

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ට විරුද්ද වෙන්න දන්නවා උනාට...විරුද්ද වෙන කලාව දන්නේ නෑ .......එකයි මේ ගොඩක් ප්‍රශ්නවලට මුල....

      Delete
  2. ++++++++++++++

    හැමෝගෙම සිංහ ලේ

    ReplyDelete
    Replies
    1. අපේ ඉන්න වෙන්න රැඩිකල් සෙට් එකත් එක්කනේ බේරන්නම බැරි....

      Delete
  3. වාසනාවන්තයා ඔව් උඹ වාසනාවන්තයෙක්..! ඔහොම හිතන්න පුළුවන්කම තියෙන නිසා :) පට්ට! :)

    ReplyDelete
    Replies
    1. හැමෝම හිතනවා පාර හරියට පෙන්නුවා නම්

      Delete
  4. Hats off lucky man.. Talk of the day..!! Respect...!!

    ReplyDelete
  5. Ela!Godak Un gawa Thiyenne Boru Deshapremayak. Singha le Kiyala gahagaththata hema ekatama singha le ne.mekath kiyanna ona mm Aiyage post kiyawanna gatthe tharunaya eke gihipu post ekak dekala. Aiyage post maru . digatama liyanna.good luck.

    ReplyDelete
    Replies
    1. උන්ට තේරෙන්නෙත් නෑ බන් උන්ගේ දේශපාලනේ....

      Delete
  6. හි හි.. අනික් ජාතීන් ඔය දේශපාලනය තේරුම් අරන් තමයි ඕවා කරන්නෙ..විල්පත්තු කොටන්නෙ, වෙනම කෑල්ලක් ඉල්ලන්නෙ.. උඹලා තේරුම් අරන් වැඩිවෙලා ඒ දේශපාලනේ.. අනේ බං..

    ReplyDelete
  7. නියම සිතුවිලි මිත්‍රයා... හැකිනම් ගෝරා කියවන්න.. තාගෝර් තුමා කිව්වෙත් ඔය ටික තමයි.. ජය..

    ReplyDelete