Wednesday, December 30, 2015

"ෆේල් වෙනවා කියන්නේ පාස් වෙන හැටි ඉගන ගන්න පටන් ගන්න එකට...."

උසස් පෙල ෆේල් වූවන් ද මනුශ්‍යයෝය
----------------------------------------------------

තාම ප්‍රතිඵල ඇවිත් නම් නැහැ....
ආවට පස්සේ ආයේ අමුතුවෙන් සුබ පතන්න ඕනෑ නැති නිසා
මුලින්ම සුබ පතනවා ඉහලින් සමත් උන හැමෝටම....මේ පෝස්ටුව ඒ අයට නම් නෙමෙයි...
ඊලගට ඉන්නේ විබාගය ඇන ගත්තු සෙට් එක ෆේල් උනා කියලා උබලා මැරිලා නෑ නේ...
මේ කතාවට උබලත් අදාලයි.......ඒ කට්ටියට කියන්න තියෙන්නේ...ආයෙ පාරක් කරන්න පටන් ගන්න...හැබැයි හරියට...කලින් කරපු මස්ත බාල්දු වැඩ නවත්තලා..
.
.
ඒ කන්ඩායම් දෙකම අතහැරියම යන්තම් ගොඩ ගිය සෙට් එකක් ඉන්නවා...
ඒ පිරිස තමයි වැඩි......
අන්න උන්ට තමා මේ කතාව විශේශයෙන්ම...
මොකද මමත් තොපේ බෝට්ටුවෙන්ම එගොඩට ආපු එකෙක්....
උබලා වපුරපු දේ වල අස්වැන්න දැන් උබලා අතේ තියනවා...
A තුනක්ම නොඋනත් F තුනකට වැඩි දෙයක් තියනවා...
උබලගෙ ජීවිත පටන් ගන්නෙ මෙතනින්...මීට සැහෙන කාලෙකට කලින් නම් කැම්පස් සිලෙක්ට් උනේ නෑ කියන්නේ වෙන යන්න තැනක් නෑ...කරන්නම දෙයක් නෑ...
ඒත් දැන් යන්න ඕනෙ තරම් පාරවල් තියනවා...
දැන් මගෙන් අහයි කෝ ඉතින් ප්‍රයිවට් යන්න සල්ලි කියලා...

යකුනේ..
 අවුරුදු දහතුනක් උබලගෙ අම්මලා තාත්තලා මහන්සි උනා...බැහැලා බලාපල්ලා පාරට....පුංචි ජොබ් කටු ඕනැ හැටි තියනවා පාර්ට් ටයිම් කරන්න...
පුන්චි ජොබ් එකක් එක්ක උපාදියක් ගන්න යන්න ආසා කරන පාරක් දැන්ම හිතපන්....
යන්න ඕන තරම් පාරවල් තියනවා
කට බලියන් නොයිද යන්න පාරක් කපා ගන්න පටන් ගනින්...
තවත් කල් යන කොට උපාදියක් නැතුව කඩේක තේ හදන්න ගන්නෙත් නැති තත්වයක් උදා වෙයි...දැනටත් හොදට ඇස් කන් ඇරලා බැලුවොත් ටික ටික බලා ගන්න පුලුවන්..
අම්මා තාත්තා උබලගේ අත පය නොකඩා මෙච්චර දුරක් ගෙනාවා...
දැන් උබ උබේ දෙපයින් ගමනක් පටන් ගන්න ඕනේ.....

මේ කතා බහ ඉවර කරන්න කලින් මම ෆේල් උන උන්ටත් වචනයක් කියන්නම්...පවුලේ උන් ගමේ උන් දැනටමත් උබලව හංවඩු ගහලා ඇති උපන්ගෙයි මැට්ටො විදිහට....
මම උබලට කතාවක් කියන්නම්...මේ මගෙ හොදම මිත්‍රයෙක් ගැන....
සාමාන්‍ය පෙල සමත් උනා...උසස් පෙල කරන්න ආවා...වැඩ තුනම අසමත්...දැන් ලංකාවෙ පිලිගත් ආයතනයක් මෘදුකාංග ඉන්ජිනේරුවෙක්...ඉලක්කම් පහක මුදලක් මාසෙකට හොයනවා මම දැනුවත්ව.ඊලග වසරේ මුලදි විදේශ ගත වෙන්න යන්නේ ස්තීර පදින්චියට..
උසස් පෙල කියන්නේ ජීවිතයම නෙමෙයි...ජීවිතේ පටන් ගන්නෙ මෙතනින්...පාරට බැහැල හැපිල වැටිලා නැගිටල පුරුදු වෙයන්...
අද උබට හිනා වෙන උන්ට දවසක උබ හිනා වෙයන්....
මම එහෙම එකෙක්...වරෙන්....
අපි නැගිටිමු...
හිට ගන්න හදන හැම වෙලේම අපි වැටුනා..රිදුනා කියලා නැගිට්ටෙ නැතුව හිටියා නම් අපි තාම දන ගානවා...
වරෙන් ඉතිං...
නැගිටිමු...
මතක තියා ගනින්...
ජීවිතේ ජීවත් කරන්නේ හීන....
එකක පිපුරුවොත් තව එකක් පටන් ගනින්...
.
.
"ෆේල් වෙනවා කියන්නේ පාස් වෙන හැටි ඉගන ගන්න පටන් ගන්න එකට...."

අප්පච්චි මගෙ රිසල්ට් ආව දවසේ මට කිව්වේ එහෙමයි

-වාසනාවන්ත-


13 comments:

  1. Replies
    1. මටත් අපේ අප්පච්චි කිව්ව කතාව තමයි මේ පොඩ්ඩක් වෙනස් කරලා ගත්තේ...
      වෙලාවට පේල් උනේ නම් නැහැ...කැම්පස් නම් නෑ.....

      Delete
  2. හොද උපදෙසක්, සුබ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා කිව්වා ඔන්න....

      Delete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා මිත්‍රයා...

    ReplyDelete
    Replies
    1. සුබ අලුත් අවුරුද්දක් වේවා....

      Delete
  4. මේ සුමානෙටම අහපු හොඳම කතාව! අදමයි මේ පැත්තට ආවෙ. නියමයි ආහ්!

    ReplyDelete
  5. උසස්පෙළ කියන්නේ ජීවිතේ ඉහල පහල තීරණය කරන ප්‍රභල සාදකයක් නෙවෙයි කියල අපේ දරු පරපුරට කියල දුන්නට උඹට පින්...

    ReplyDelete
    Replies
    1. සුභ නව වසරක් වේවා කිව්වා ඔන්න..

      Delete
    2. උසස් පෙළ පාස් උනා කියන්නේ ඌ හෙන වැඩ්ඩේක්වත් පේල් උනා කියන්නේ ඌ හෙන මැට්ටෙක්වත් කියන එක නෙමෙයි....
      එතනින් එහා කතාවයි උගේ ජිවිතේ තීරණය කරන්නේ...
      ඔය කොච්චර විභාග පාස් උන බුවාලත් විභාග පේල් උන උන්ගේ කොම්පැනිවල වැඩ කොරන්නේ........

      Delete
    3. සුබ නව වසක් වේවා...

      Delete
  6. හොද උපදෙසක් මචෝ...මොකද මමත් මේ පාර A/L කරේ...
    සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. A\L කියන්නේ ජිවිතේ නෙමෙයි බන්.....
      එතනින් එහාටයි සෙල්ලම තියෙන්නේ....

      Delete