Monday, December 28, 2015

බ්රා එකෙන් ඇදී කෑලී කැපෙන මේ රාත්රියේ....//

නත්තල් දවස් හින්දාම පිට කොටුව පුරාම අම්බානක සේල් කාරයෝය...
ටවුමේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැතිය...ඉඩ තියන තැන්වලට ඇගිලි ගහන්නට හිතෙන්නෙත් නැතිය...
අම්මාගේ බර බරේ හින්දාම අම්මා සහා අක්කා එක්ක අවුරුද්දට බඩු ගන්නට යන්නට වෙලාය...
ඔක්කොමත් හරිය...අම්මලත් එක්ක බඩු ගන්න තරම් මල කරුමයක් නැතිය...
ඒ උනත් නොගිහින් උන්නොත් අම්මාගෙ ඊලග නත්තල වෙනකම් කනක් ඇහිලා ඉන්නට වෙන්නේ නැතිය..
පැමිනි දුක් කද පැනි රසක් කියලා බෝසතුනුත් හිතුවාලුනේ...ඒ හන්දාම මාත් වෙන හැම අට මන්ගල්ලේම සිරාවටම ඉවසන්නට පුරුදු වෙනවාය...
කවදා උනත් කසාදයක් කාරිය කොර ගත්ත දාට මට කොහොමත් මේ සන්තෑසිය ඩේලී විදින්නට වෙනවා කියලා මම සුවර් ඇන් සොට් දන්නවාය...
වෙනදට නම් පිට කොටුව යන බස් එකේ බලු බල්ලෙක් නැතිය...අද නම් මුලු ගමම බස් එකේ නැගලාද කොහේදය....
විරුව පට්ටන් ගහන් ඩබල් ඩෙකර් සයිස් පස්ස පැත්තවල් වලට හැප්පිලා පොඩි පට්ටන් වෙලා කොහොමෙන් කොහොම හරි  කොටුව ආවෙමු...

හම්මේ......
හැම තැනම එක එක ජාතියේ කඩය...
පාට පාට බ්ලුබ් වැල් දිලිසි දිලිසි පත්තු වෙනවාය...
බලන්නට ලස්සනය...
අම්මයි අක්කයි එක එක කඩේට ගිහින් බඩු මුට්ටු ගන්නවාය...
මාත් ඒ පස්සෙන් බඩ ගගා ඉන්නවාය...
වෙනදට යන්න පාරේ අයිනේ අද ඉඩ තිබ්බට අද නම් යන්න ඉඩ නැතිය...
පේමන්ට් එක පුරාම අමුතු අමුතු ගැජමැටිස් පිරිලාය..
ගන්න ගන්න ඔරලෝසූ...
ලොට් සෑල්....ලොට් සෑල්..... එක තැනක බුවෙක් ගිරිය පුප්පන් මොර දෙනවාය...
පිට නෑ...පිට නෑ...බ්රෑන්ඩ් නිව් අත් දිග ශර්ට්...
තව එකෙක් අනිත් පැත්තෙන් බෙරිහන් දෙනවාය....
මල්ලි ගන්න ගන්න...මේ මාර සුවද සැන්ට් එකක්...සමහර උන් පස්සෙන් එලවන් එනවාය....
හැමෝගෙන්ම බේරිලා පිට කොටුවේ ඇවිද එකත් සෙල්ලන් වැඩක් නෙමේය...
ඒ ඔක්කොමත් හරිය...
අතරින් පතර ඉන්න අපේ අත්තම්මගේ වයසේ නගර සෝභිනියෝ එහෙන් මෙහෙන් ඇස් කරකෝලා බලන්කොට ඊයේ පෙරද පලමුදා කාපුවත් ඔක්කාරෙට එනවාය....
ඔක්කොම අස්සෙන් බේරි බේරි යන අස්සේ එක පොට් එකක අම්බානක සෙනග පොර කනවාය...
අම්මට හුඩු...
මොකක්ද සීන් එක...
සේප් එකේ ඔලුව ඔබලා බැලුවෙමි....
බුවෙක් ඇදුම් තොගය උඩ බල්ටි ගහා ගහා කෑ ගහනවාය...
“ගන්න ගන්න....
එන්රිකී බ්රා....
එන්රිකී බ්රා...
ඇගට පහසුයි...ලේසී සරලයි...
ගන්න ගන්න...හැම දාම නෑ හැම තැනම නෑ.....
බ්රා එකෙන් ඇදී කෑලී කැපෙන මේ රාත්රියේ....//
එන්න එන්න....තොග සීමිතයි....”
බුවා රෙදි ගොඩේ බල්ටි ගහනවාය
අම්මට හුඩු...
යකෝ එන් රිකියා දැක්කා නම් බ්රා එකකින් බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නේ යකෝ....
සික් විලි ලැජ්ජාවේ සන්ටෝසේ බෑ.....
හොද වෙලාවට ඌ හැරෙන තැපෑලෙන් මෙහෙන් ගියේ...
මම සේප් එකේ යන්න හැරුනෙමි...
ඒ අස්සේ රැවුල කොන්ඩේ වවා ගත්ත බුවෙක් බ්රා එන් රිකි බ්රා දුසින් දෙකක් අරූගෙන් සල්ලි දීලා අරගත්තේය...
යකඩෝ දුසින් දෙක්ක මූට මක් කොරන්නද...??
මම සේප් එකේ බුවා දිහාට රබර් ඇහැ දැම්මෙමි...
ඌ කට කන් දෙක ගාවටම ඇද කට පුරාම හිනාවක් මෙව්වා කොරේය...
මාත් සේප් එකේ බුවාට ඩයල් කෙරුවෙමි...
අයියා විකුනන්නද මේ ගත්තේ...
අහ්හ් නෑ මල්ලි...
මේ ගෙදර ගෙනියන්න....
අයියා මෙහෙ නෙමේද...
අහ්හ්...නෑ මල්ලි මම ටිකක් දුර....
අයියා කොයි පලාතෙද...
බුවා සේප් එකේ මම දිහාට නැමුනේය...
කාටවත් කියන්න එපා මල්ලි...
මම කාෂ්යප බන්...
සීගිරියේ ඉදන් ආවේ හදිස්සියේම මේවා අරන් යන්න බන් මල්ලි...
හෑ...
ඒ මොකටද....
ඇයි අහන්නේ යකො...
ලන්කාවේ දැන් ලොකුම ප්රශ්නේ බ්රා එක යකෝ...
අර මගේ බලකොටුවේ ඉන්න කෑලී දෙකට බ්රා දෙකක් අන්දලා ඉතුරු බ්රා ටික ගෙනිහින් එල්ලනවා බන් විල්පත්තුව බෝඩ් එකේ...
එහෙම කරලත් මුන්ට තේරෙන්නේ නැත්තන් මඩු වලිග අරන් තොපි තොපිටම ගහ ගනින්ලා...

සටහන
-කොකා-

17 comments:

  1. සුපිරියි මචෝ....
    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඉවසල හිටින නව වසට කලින් ආයේ එනවා සෙම් ටු යෝ බ්‍රෝ ......

      Delete
  2. Replies
    1. අම්මට සිලි ඉයන් ගොඩ කාලෙකින් ද මන්ද....ටන්කු ටන්කු...

      Delete
  3. සිරාවට, අපිටම තමයි ගහ ගන්න වෙන්නේ.

    ReplyDelete
  4. බුහැක් මල් හතයි යකූ

    ReplyDelete
  5. අපිටම ගහගම්මු බං විල්පත්තු බෝඩ් එක දිහා බලං...

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....
      අපි අපිටම ගහ ගම්මු බන්....

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. දෙපාර දෙපාර ගහගන්න ඕනෙද බං?

      Delete
  6. //ඉතුරු බ්රා ටික ගෙනිහින් එල්ලනවා බන් විල්පත්තුව බෝඩ් එකේ.//
    පට්ට පොස්ට් එක.
    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. හම්මේ කට්ටිය දැක්ක කල්...සුබ නව වසරක් වේවා එහෙනම්...

      Delete
  7. මම කාලෙකින් ආවේ ..ඇවිත් හිනාවෙලා ලේ ටිකක් පිරිසිදු කරගත්ත :D

    ReplyDelete
    Replies
    1. හම්මේ හන්සියෝ...ලේ පිරිසිදු උනාද....

      Delete
  8. බලහන් බ්‍රා එකටත් මොකක් හරි ගිරහයෙක් මාරුවෙලාද කොහේ..එක රැයින් ජනප්‍රිය වෙච්චි හැටි කොහොමෙයි..

    ReplyDelete
    Replies
    1. බ්‍රා එක ට හරි....ඊලගත ජෝකට කෙල වෙන්නේ ....

      Delete