Saturday, December 19, 2015

ඊලග සතියේ අපි එක්කම යමු සීයේ


පලවෙනි කොටසට පාර....


අද එතන ඉදන්.....
.
.
.
අනුරයාගේ ඉතාලී පැනීමේ පැලෑනත් එක්ක මේ දවස්වල රෑට හීනෙන් පෙනෙන්නේත් මෝරුන්වය...ඒ ඉතරක් නම් කමක් නැතිය...
ඉද හිට සෝමාලියන් මුහුදු මන්කොල්ල කාරයෝත් පෙනවාය....
පහු ගිය දවස් දෙක තුනේම රෑ ඔයාකාර හින දැකලා හීනෙන් බෙරිහන් දීලා පැදුරෙනුත් වැටිලා ඔලුව ගෙඩි ගැහිලාය..
අද නිවාඩු දවස හින්දාම උදේ පානදරම එලි බැස්සේ කම්මැලි කම නැති කර ගන්නටත් එක්ක පහල වෙල දිහාට යන්න හිතානය.වරිග සබාවේ අනිත් උනුත් තව ටිකකින් ඒ පැත්තට එන්න ඉඩ ඇත...ඒ හන්දා අත්තමාගේ විසච්චන සීලී දෑසට වැලි ගසා මම සේප් එකේ වෙල දිහාට සෙන්ටි මෙන්ටල් උනෙමි.
යන හර මගදීම කොහේදෝ මල උලව්වක රින්ගන්න යන වර්නපාලයත් සැට් විය...
කොහෙද බන් යන්නේ...
මම මේ යනවා බන් ටවුමට....

ඒ මොකෑ මේ හදිස්සියේම...
නත්තල්නේ බන්...ටවුමේ නත්තල් සේල් තියනවා බන්...දැන් ඊලග සතියේ ඉතාලි යන්න අලුත් ඇදුමක් එහෙමත් ගන්න එපෑය...ඒකයි...
අම්මට හුඩු....
උබ එකෙන්ම ඉතාලි ගමනට රෙඩි වෙනවා වගේ....
නැතුව නැතුව බන්...
උබ මේ කොහෙද යන්නේ...
මම මේ පහල වෙල පැත්තට යනවා බන්...
කම්මැලිකමට වගේ දන්නැද්ද්ද ඉතින්....ටවුමට යන්න මාත් එන්නම් වරෙන් වෙල පැත්ටට ගිහින් එමු...
මම දැක්කා වෙල ලග කැලේ ගොරකා ගහේ ගෙඩිත් තියනවා...
වරෙන් ගොරකා ගෙඩියක් එහෙම කාලා එමු...
වර්නපාලයාට කන්න මොනා හරි තියනවා නම් අපායට යන්න හරි එනවා කියන එක අපේ සැට් එකේ හැමෝම දන්න සීන් එකක් උනාට ඌ නම් කියන්නේ කෑම වේලකට ආත්මේ පාවා දෙන ගතියක් ඌට නෑ කියලා...
වෙලට පොඩ්ඩක් එහයි තියන ගොරකා ගහ ගාවට සැට් වෙච්ච අපි දෙන්නා ඉටි කිරිස් වෙන්න ඉදිච්ච ගොරකා ගෙඩියක් අතට අරන් සෙට් උනා විතරයි කැලේ පැත්තෙන් කෙදිරි ගාන සද්දයක් එනවා...
අම්මේ....අම්මේ....////
අඩෝ වර්නයා...
කවුද කෙදිරි ගානවා නේහ්...
සතෙක් වෙන්න ඇති බන්...වර්නයා පැයට හැටේ වේගෙන් ගොරකා මද ගිලිනවා...
ඈ බොල පොලොස් කොට්ටොරුවො...
සත්තු කොහෙද බොල අම්මේ ගාන්නේ...
නොදකින් කෑ දැත්තා.... මෙහෙ වරෙන් යන්න...
කවුද කියලා බලන්න...
අපෝ මට බෑ ගිය පාරත් මතකනේ අම්බානකට නෝන්ඩි වෙලා ආවා අර පිටසක්වල බටු ඇට ටිකට....
උබ හිටියේ නැත්තන් එදා මම ගහනවා ගැහිල්ලක් බීපු කිරි මතක් වෙන්න...
ඔය කිව්වට සරම පුරාම ඌ සුලු දිය හලා ගත්ත හැටි කාටවත් කියන්න එපාය කියලා ඌ අපි හැමෝටම එලු පීටරයාගෙ කඩෙන් අයිස්ක්රීම් අරන් දුන්නු හැටි මට තාම මතකය...
වදෙන් පොරෙන් වර්නයාවත් ඇදගෙන කැලේ ගියාට සෙන්ටිමෙන්ටල් උනෙමි...
ටිකක් දුර යනකොට මූන පුරාම රැවුල වවා ගත්ත අවුරුදු 80 විතර නාකි බුවෙක් කොන්ද අත ගගා ඉන්නවාය...රතු පාට කලිසමක් ඇදන් ඉන්න බුවා නිකන් හරිය තොයිලයක් නටන්න ගිහින් කෙල වෙච්ච කපුවෙක් වගේය...
අඩෝ කවුද බන් මේ...
මම සේප් එකේ වර්නයාගෙන් ඇහුවෙමි...
මම කොහොමද දන්නේ...බුවාගෙන්ම අහපන්...
ඌ තාම ගොරකා කෙලිනවාය...
මේ අයියේ මාමේ නෑ මම කිව්වේ මේ සීයේ.....
මොකද උනේ....
බුවා අඩන්න වගේය...
බලන්නකො පුතේ...මගේ කරත්තෙ කඩන් වැටුනනේ....
කරත්තේ අරන් පියාබන්න ගියේ අහවල් එහෙකටද බිමින් යන්නේ නැතුව....වර්නයා ගොරකා කන ගමන් ඇඩ් දානවාය....
මම නත්තල් සීයානේ...මම කොහොමත් උඩින් තමයි යන්නේ...
අම්මටහුඩු...නත්තල් සීයා...
වර්නයාට ඉස්බොල්ලෙත් ගිහිල්ලාය....
මේ මේ සීයේ....
මොකද උනේ...
පොඩි හදිස්සියකට මම කොලඹ කොටුවෙ පොඩ්ඩක් කරත්තේ පාක් කොරා...
ආපහු ඇවිලා උඩින් යනකොටයි තේරුනේ මුන් මගේ කරත්තේ කෑලි ගලවලා...
මුන් කිව්වේ...
මුන් කිව්වේ කොටුවේ ඉන්න වාහන පාට්ස් කාරයො....
ඉහි ඉහි....හි....
සීයා අම්බානකට අඩනවාය...
බලන් ඉන්නට දුකය...
වර්නයා අපි මොකද බන් කොරන්නේ....
මේ සීයේ දැන් නාඩා ඉන්න...
අපි යමු අපේ ගෙදර....
මම කොහොමද දැන් ගෙදර යන්නේ...
සීයා ආයෙත් අඩනවාය...
නාඩා ඉන්න...
අපි ඊලග සතියේ ඉතාලි යනවා..එතකොට අපි එක්කම ඉතාලි යමු..එතනින් ගෙදරට පොඩ්ඩ දුරනේ...වීල් එහෙක යන්න පුලුවන් නේ...
නාඩ ඉන්න....
අම්මටහුඩු....
ඉතාලි යන්න හිටියේ අපි විතරය...
දැන් නත්තල් සීයවත් අරන්ද යන්න වෙන්නේ...
මෙදා පාර නම් කන්න වෙන්නේ මොන ජාතියේ පරිප්පුවක් ද කියන එක නම් මට හිතා ගන්නට බැරිය....

සටහන
වාසනාවන්ත


6 comments:

  1. ලංකාවේ බුවාලා වැඩක් කලොත් ඉතින් ආයේ කෑලිත් නෑ.

    ReplyDelete
    Replies
    1. හයිය්යෝ....අපිට ඒම කීන්න එපා පීස්.....

      Delete
  2. කොළඹ කොටුවෙ නෙමේ, නත්තලෙය පාක් කරන්න ඇත්තෙ පංචිකාවත්තෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කොහේ හරි මල දානෙක තමා නවත්තන්න ඇත්තේ...
      මේ දවස් වල ඉතාලි මානසිකත්වෙන් ඉන්නේ ඩ්‍රකියෝ ....

      Delete
    2. යන්ඩ කලිං “මිල්ලෙ සොයා“ බලල පලයං. මිනිස් ජාවාරංකාරයන්ට නං පුතෝ අහුවෙන්ඩ එපා.

      Delete
  3. අනේ පව් නත්තල් සීයා !

    ReplyDelete