Thursday, December 17, 2015

අපි ඉතාලි ගිහින් මිනිහට සල්ලි එවමු මෝටර් බෝට්ටුවක් ගන්න...

හිගා කන්නට ගොහින් අම්බානකට තව පොඩ්ඩක් වැඩි වෙන්න බෙදා ගත්තායින් පහු ආයෙත් වතාවක් හිගන්නෙක් දිහා ඇහැක් ඇරලා බලන්නටවත් හිතෙන්නෙ නැති ගානය.බෙලෙක්කයා යන්තන් ඉනේ ගහ ගත්ත සල්ලි ටික ඇරෙන්නට මෙලෝ අල බෝලයක් ඉතුරු වෙන්නේද නැතිය.හිගන කෝස් එක ඉවර උනායින් පස්සේ අපේ බෝක්කුව උඩ සැට් එක මංගල සබාවාරය අදය.
අතම්මාගෙ රීඩාර් එකෙන් බේරිලා බොහොම අමාරුවෙන් බෝක්කුව දිහාට සැන්ටි මෙන්ටල් උනෙමි....
මම එනකොටත් බෝක්කුව උඩ සබා තොමෝ රැස් වෙලාය...
කස්ටියගීම අතපය වල පුන්චි පුන්චී සීරීම පාරවල් තාමත් තියනවාය...දෙයන්ගේ පිහිටෙන් මගී නම් වැඩි අලාභහානිය නැතිය.මගේ නම් කකුලක් ඇමැට්ටි උනා ඉතරමය..
අම්මා හැන්දෑවට කන්න කියලා ඥානකතා වගයක් ගෙදර මේසේ උඩ තියලා තියනවා මම එන්න කලින් දැක්කෙමි..ඒකෙනුත් දෙකක් පත්තර කෑල්ලක ඔතාන ආවේ මොනා උනත් මගේ බොක්කෙ මිත්රයෝ ටික හින්දාමය..ඥානකතා කන ගමන් අපේ සැට් එක ඊලගට කොරන්නට යන දේ ගැන ඩිස්කස් එකක් මෙව්වා කොරන්නට පටන් ගත්තෙමු..
මචන් මේ පාර නම් හිගා කන්න බෑ....කවි කියන්නත් බෑ...
වර්නයා තැලුම් පාරවල් අත ගගා කියනවාය...

මමත් එකෙන්ම වර්නපාලයාගේ යෝජනාව සම්මත කලෙමි.
බෙලෙක්කයා නම් තාමත් තෝන්තුවාවෙන් වගේය...
අනුරයා සේප් එකේ ඥානකතාව කන ගමන් සබාව ඇමතුවේය...මේ පාර අපි හිගා කනවා වගී තුට්ටු දෙකේ වැඩ කොරන්නේ නෑ..මේ පාර පුල් ඉන්ටර් නැසනල් වැඩක් කොරන්න යන්නේ...
හැහ්...
ඒ මොකක් ද...
මේ පාර නම් සද බරටත් එහා කන්න වෙනවා වගේ...
මෙහෙමයි...
අපි ලංකාවේ හිටියා ඇති..මෙහෙ උන්ට අපි ගැන අගයක් නෑ...අපි රට යන්න ඕනේ..ඔව්
අම්මට හුඩු රට යන්න...
ඒක මරු මම නම් එකෙන්ම ඒ යෝජනවත් සම්මත කෙරුවෙමි....යමු යමු හැබැයි හෙට බෑ...හෙට අම්මා එක්ක පොලට යන්න තියනවා..අනිද්දා 10ට විතර යමු.වර්නපාලයා එක පෙලට දෙසා බෑවේය...යකෝ රිලා මොටෝ...
තෝ හිතුවද පරන සීසන් එකෙන් බස් එකේ හොරෙන් යනවා වගේ කියලා රට යන එක කියලා...
තොට පාස් පොර්ට් එකක් තියනවාද...
වර්නයා හෙනම අසරන "පූස් පාර්ට්" එකක් දාගෙන මන් දිහා බලන් ඉන්නවාය..
මටත් කොරන්නට දෙයක් නැතිය.වර්නයා හැමදාම නහින්නේ කට හින්දාමය.....
අනුරයා පැලෑන විස්තර කොරන්නට පටන් ගත්තේය....
මෙහෙමයි මේක හෙනම සීරියස් ප්ලෑන් එකක්...
ඉස්සල්ලාම අපි හෙට පාස් පොර්ට් එක හදනවා...
හෙට...??
හෙට ඉරිදානේ යකෝ....
මම මැදින් පැන්නෙමි....
හරි අනිද්දට හදන්නෙ...තොටත් ඕන්නේ නැති මගුලක් නෑ පුබ් බූරුවා...
හරි හරි...
ඊට පස්සේ ....
අපි මේක ගෙදර උන්ට කියන්න හොද නෑ.මොකද ගෙවල් වල උන් අප්සැට් යයි...ඇඩුවොත් එහෙම දුකට මේ වැඩේ කරන්න වෙන්නේ නෑ....
ඊට පස්සේ අපි හොරෙන්ම බඩු ඔක්කොම අකුලන් රෑට එනවා බෝක්කුව ගාවට..ඊට පස්සේ අපි පාස් පොර්ට් එකත් අරන් කෙලින්ම යන්නේ කොහාටද කියපන් බලන්න..
අනුරයා හෙනම සිරා මූනක් අරන් විසතර කියනවාය..අපි කට බලියන් අහන් ඉන්නවාය...
දන්නේ නෑ....
අපි සේප් එකේ කීවෙමු..කොහෙද ඉතින් වැස්සකටවත් ඉස්කෝලේ ගිය උන් ද...
අපි කෙලින්ම යන්නේ ඉන්දියාවට....
එතන ඉදන් ටික දුරක් බස් එකේ ගිහින් තවත් පොඩ්ඩ දුරක් වීල් එකක ගිහින් තව චූටීම චූටි දුරක් පයින් ගියාම මොකක්ද හම්බෙන්නෙ දනවා ද්...??
නැහ්...නොදකින් මූසල කොබෙයියො ටික...එතකොට හම්බෙන්නේ චීනේ...
චීනෙට ගිහින් එතනින් ගන්නවා කෝච්චියක් කෙලීන්ම චීනේ වම් කොනට යන්න...
ඇයි වමට යන්නේ...ආයෙත් වර්නයාගෙන් ඔබ්ජෙක්සන් එකක්...
තොට ඒවා ඕනේ නෑ....තෝ මගේ පස්සෙන් වරෙන් ඒ ඇති....
හරි හරි...
එහෙම කෙලින්ම ගියාම හම්බෙනවා සවුදි අරාබිය....අපිට එහෙ ඉන්න බෑ මොකද තොපේ චරිතේ හොද නෑ ගල් ගහන්න ඉඩ තියනවා...අපි දිගටම උඩහට යනවා...
එතකොට හම්බෙනවා අපිට පොඩි පොල්කට්ටක් වගේ මුහුදු කෑල්ලත් කෙලින්ම ඒකට පැනලා පීනලා අපි යනවා...හා කියපල්ලා කොහාටද කියලා....
අපි පුල් අන්දොස්ය...
කොහාටද බන්....
යකෝ ඉතාලියට ඉතාලියට...
එතකොට මෙහේ උන්ට ගොඩාක් රිදෙයි...
ආව් ඩඩා...ඩන්ක ඩඩා....
අනුරයාගේ මාස්ටර් ප්ලෑන් එක අහන් උන්නු වර්නයත් බෙලෙක්කයත් ඩාන්ස් කොරනවාය...මාත් පුල්ම මාවලස් එකේය...යකෝ අපි ඉතාලියේ...මාත් නටන්න පටන් ගත්තෙමි...හදිසියේ පොඩි ඩවුට් එකක් ආවේය...අපි ඉන්දියාවට යන හැටි මූ කිව්වේ නෑ නේ...
අඩෝ අනුරයා...
ඇයි...
අපි කොහොමද ඉනදියාවට යන්නේ...
ක්රමයක් තියනවා....
කොහොමද...
වරෙන්කො පෙන්නන්න...
අනුරයා මාවත් එක්කන් වෙල එහායි ගලන ගග ගාවට ගියේය...අර තියෙන්නේ භාන්ඩේ...
හැම ගගක්ම ගලන්නේ මුහුදටලුනේ බන්...
අම්මටහුඩු..යකෝ මේ අර බීරී සයිමා මාලු බාන්න යන තෙප්පම නේ...
හරි හරි...
අපි ඉතාලි ගිහින් මිනිහට සල්ලි එවමු මෝටර් බෝට්ටුවක් ගන්න...
මේ පාර නම් අපි මෝරු කාලා මැරෙන්නේ...
කමක් නෑ අනුරයා..අපි මේකත් කොරලා බලමුකො...
මමත් හිත හදාගෙන නටන්න පටන් ගත්තෙමි...
ආව් ඩඩා..ඩඩ්ඩ ඩඩා....

සටහන
වාසනාවන්ත

පිටුවටත් පොඩ්ඩක් ගොඩ වැදිලා පලයල්ලා වෙලාවක් තියේ නම්....


12 comments:

  1. මේක ඇත්ත කතාවක්ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තම ඇත්ත කතාවක නිර්මාණාත්මක ඉදිරපත් කිරීමක් බන්.....

      Delete
  2. හලි සෝක්

    ReplyDelete
  3. ලස්සනයි මචං.......

    ReplyDelete
    Replies
    1. බෝම ඉත්තුතී කීවා ඕන් .......බොගට සැහෙන කාලෙකින් ගොඩ වැදුනේ නේ

      Delete
  4. යන්න කලින් මටත් කියපං.මට හොඳට පීනන්නත් පුලුවන්.2017 අවුරුද්දෙම හා හා පුරා කියලා යමං

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන්.....උබත් එන එක හොදා....

      Delete
  5. පට්ට බන්...
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. බොග පාලුවට ගිහින් තිව්නේ.....ආයේ ගසා බසා දාලා ගන්න ඕනා....

      Delete
  6. Replies
    1. වරෙන් වරෙන් උබත් නැගලා ඉඩ තියන තැනක වාදී වෙයන්

      Delete