Tuesday, December 15, 2015

අනේ මහතුනේ මගේ මේ දුක බලලා 01

මේ දවස් වල "බෝක්කුව උඩ අපි" දරුණු ගනයේ ආර්ථික මෙව්වා එකකට පත් වෙලාය...
අතේ සතේ නැතිය...පුල් අන්දොස්ය.....
වර්ණයා.....
බෙලෙක්කයා...
අනුරයා....
සහ කොකා වන මම මේ වනවිට ආර්තික තත්වය ගොඩ දා ගන්නට පොටක් කල්පනා කොරන ගමන්ය.....
අඩෝ අපි පංසල් වත්තේ පොල් බාමු ද....?
වර්ණ්පාලයා එලකිරි සජෙසොන් එකක් සෙන්ටි මෙන්ටල් කොරා.....
හා...පෝ...පව්කාර වැඩ කොරන්න බෑ...
බෙලෙක්කයා එකෙන්ම ඔබ්ජෙක්සන් එක ලෝඩ් කොරාපු නිසා වර්ණපාලයා සේප් එකේ පැත්තට විය.
ඔහොම කිව්වට ගිය පාර කඨිනෙට පංසලට ගිහින් ගස් වල තිබ්බ තැඹිලි තප තප ගාලා උගුඩුවා වගේ කඩ කඩ බිව්ව හැටි මට නං අද වගේ මතකය....
එහෙනම් උබ කියපන් බලන්න වැඩක් මොකක් හරි....
වර්නයා බෙලෙක්කයාට බෝලයක් පාස් කොරා....
මේ...මේ.....මට තාම කල්පනා උනේ නෑ....ඒ උනාට පව් වැඩ කරන්න බෑ බං....
අනුරයා කියපන්කො බන් මූට......බෙලෙක්කයා අනුරයාගෙන් විදේශ ආධාරද ඉල්ලයි.....
හරි....මට තීනවා අයිඩියා එකක්.....

අනුරයා එලකිරි අයිඩියා උල්පතක්ය....
හා කියපන් බලන්න...
කට්ටියන කට බලියන් අනුරයාගේ මූන පෝකස් කොරන් ඉන්නවාය....
අපි හිගා කමු.....
චී...චී...ඒ මොන ලැජ්ජා නැති වැඩක්ද බන් ඒ.....
බෙලෙක්කයා එකෙන්ම ඒකටත් ඔබ්ජෙක්සන්ය....
මගෙත් ඒ හැටි මනාපයක් නැතිය ඒත් මොකටත් කට පියන් හිටියෙමි....
වර්නයාගේ මූනත් නිකන් කාලක් ගහපු හිකනලෙක්ගේ වගේ වෙලාය....
ගමේ මිනිස්සු දැනගත්තොත් ලැජ්ජයිනේ බන්....
ලැජ්ජයි කියන්නේ හතර විලි ලැජ්ජාවයිනේ....
බෙලෙක්කයා වේල් පිරිත් කියන්නා වගේ කියෝනවාය......
මේ මූකල්න් බස්සො...පොඩ්ඩක් හිටින්….
ඉස්සල්ලා අහපල්ලා...
මෙහෙමයි වෙන්නේ....
අපි යනවා දුර පලාතකට....
හැහ්......ඒ මොකටද...නිදන් හාරන්නද.....
බෙලෙක්කයා ආයෙත් මැදින් පැන්නා.....
නෑ තෝව මරලා හංගන්න...කට පියන් අහන් හිටු ගස් හිවලා.....අනුරයාට මල පැනලාය....
බෙලෙක්කයා කටපියන් පැත්තකට සෙන්ටිමෙන්ටල් විය...
දුර පලාතකට ගිහින් තමා වැඩේ කරන්නේ....
කවි කිය කිය...යන්න ඕනේ....
එතකොට තෝ…...තෝ තමා අන්දයා....
අනුරයා බෙලෙක්කයාට කැරැට්ටුවක් බාර දුන්නේය්......
මම...බෙලෙක්කයා පුල් හින්දුස්තාන්ය.....
ඔව් තෝ තමා පුබ් බූරුවෝ....තොට මම කලු කන්නඩි දෙකක් දෙනවා දා ගෙන යන්න තියෙන්නේ.....මම තොගෙ අතින් අල්ලන් යනවා...
තෝ කවි කිය කිය එන්න ඕනේ මාත් එක්ක....
පාඩම් කරන්න කම්මැලී බන් කොලේ බලං කියන්න බැරිද.....
ඈ බොල රිලා මොටෝ....
අන්දයා කොහොමද උගුඩුවෝ කොල බලන් කියවන්නේ....
මම තොට ලියලා දෙන්නම් ඉක්මනට පාඩං කොර ගනින්..... 
බෙලෙක්කයා වන්සොට් නොකවුට්ය...
මම සේප් එකේ අනුරයාට කිට්ටු කෙරුවෙමි...
මතං...
මේ මතං...
අපිට හිගා කාලා දියුනු වෙන්න පුළුවන්ද බන්.....???
ඇයි බන් බැරි...
දැන් නිකමට හිතලා බලපන්....
තුන් වේලම වියදමක් නැතුව කන්න පුලුවන්...
බස් එකේ නොමිලේ යන්න පුලුවන්....
කොච්චර නං පැසිලිටීස් නොමිලේ හම්බෙනවද බන්......
උබ දන්නවද මට මේ අයිඩියා එක ආවේ කොහොමද කියලා.....
නෑ...කොහොමද...
පහු ගිය පෝයට අපි අටමස්ථානේ වන්දනාවක් ගිය මතකද....
ඔව් ඔව්...
අන්න එදා මට අනුරාධ පුරේද අපේ ගමේ සෙඩ් එක කොරන මුදලාලියා හම්බුනා නේ බන්...
හැහ්....පන්සල් යන එකක් ද බන් ඌ. කොහෙන් හරි පොට්ට චෑන්ස් එකක් වදින්න ඇති පිනට යන්න......
මොනාද උබට කිව්වේ ඒකා.....
පන්සල් නෙමෙයි බන් ඇවිල්ලා හිටියේ....හිගා කන්න..හිගා කන්න.....
මිනිහා අන්දයා වගේ සින්දු කියනවා...
ගෑනි කන වැල අල්ලන් ඉන්නවා...
පොඩි එකා ටින් එක හොල්ලනවා....
අන්න බලපන් දියුනු වෙන පවුල්....
හෑහ්...දැන් ඒකා මේ සෙඩ් එක දාලා තියෙන්නේ හිගා කාලද...
මම පුල්ම හින්දුස්තාන් විය....
මේක විතරක් නෙමෙයි කොකෝ...
ඌට තව සෙඩ් හතරක් තියනවලු ලංකාවේ වටේම.....
යකෝ....!
බොරුවට නේ අපි මේ ලොකු ජොබ් හොයන්නේ....
අඩෝ බෙලෙක්කයා කවි පාඩම් කරන් හෙටම ලෑස්ති වෙයන් හිගා කන්න යන්න....
ආයේ නොකිව්වයි කියන්න එපා

11 comments:

  1. ඒ බං කොකෝ, මේකත් මරු ජෝක් එක ඕයි.... 02 ඉස්සල්ලා දාලා 01 පස්සේ දාන එක......

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්....අමුතු සීරීස් එකක් ගහන්න යන්නේ.....
      බලපන් ෆොන්ට් එකට මොකක්ද උනා නේ

      Delete
  2. තොගෙ ආච්චිට... මොකද් බොල මේ ස්ටැයිල් එක? ස්ටාවෝස් වගේ සීරීස් එකක් කරනන්ද යන්නෙ?

    ReplyDelete
    Replies
    1. බලපන්....දෙවෙනි එක දැම්මාම නී දැක්කේ පලවෙනි එක දාලා නා කියලා

      Delete
    2. ෆල ෆල ඩෝ යන්ඩ... (එහෙමත් වෙන්ඩ පුළුවං තමා)

      ඒ උනාට මේ ක්‍රමේ පොඩි ගතියකුත් තියෙනවා...

      Delete
  3. 2ඉස්සර වෙලා දානවයි කිව්වනම්...එක පණදාගෙන හොයන්නේ නෑනේ බන්....

    ReplyDelete
    Replies
    1. පොඩි මිස් ෆයර් එකක් බම....

      Delete
  4. යකෝ අම්මට කලින් ලමය ඉපදෙනව වගේ වැඩක්නෙ මේක. මං හිතුවෙ 1 කලින් දාල මට මගඇරිල කියලනෙ බං. අනිත් එවුන් වගේ 1 හෙව්වෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් අවුලක් නෑ ...දැන් අමුතුවෙන් පටන් අරන් කියෝපෑම්.....

      Delete
  5. 2 බලා 1 කියෙවුවා. මුං අපිට මඤ්ඤං කරනවනේ හිටං.

    ReplyDelete