Tuesday, March 15, 2016

අලුත් නැගලා යන එකක් කියපන්කො....

මේ දවස් වල යකා කට ඇරලා වගේ..අම්බානකට පොඩ්ඩ්ක වැඩි වෙන්න රස්නෙය...ඒ හින්දාම මේ දවස් වල උදේ හිටං හැන්දෑ වෙනකම් ඉහින් කනින් ගලනවාය.මේ රස්නේ අස්සේ අම්බානකට පොඩ්ඩක් වැඩියෙන් පිස්සු බප්ම් වෙන ජාතියේ වැඩකට අපි සෙට් වෙන්නට යනවාය...
අපි සැට් එක බෝක්කුව උඩටම වෙලා ඉන්නට බැරි හන්දා අපි සැට් එක අලුත් වැඩකට සෙන්ටි මෙන්ටල් වෙන්න හිතුවෙමු...
අපි සැට් එක එක්තු වෙලා බෑන්ඩ් එකක් දාන්නයි යන්නේ...
අයිඩියා එක වර්ණ්පාලයාගෙනි.ඒ ඉතරක් නෙමේය...
බෑන්ඩ් එකේ ප්‍රධාන ගායකයාත් ඌමය.එතකොට බෙලෙක්ක ජෝතියා ඩ්‍රම් ගහනවාය...

අනුරයා තාලම්පට ගහන අතර මම තාලෙට අප්පුඩි ගහන්න හිතන් ඉන්නෙමි...
ඒ උනාට වර්ණපාලයා නම් කිව්වේ මට ගිටාර් එක ගහන්න වෙනවා කියලාය....
මේ හැන්දෑවේ බෝක්කුව උඩට සැට් උන අපි එහෙන් මෙහෙන් හොයා ගත්ත පොඩි පොඩි තසිම් කෑලි හතරක් පහක් එක්ක පහල වෙලේ විසුක් කරලා දාල තිබ්බ පරන බූලියකුත් හොයාගෙන අපේ පලවෙනි ප්‍රැක්ටිස් සෙසන් එකට සෙට් උනෙමු....
මමත් පරන සැමන් ටින් කෑල්ලකට බකට් කම්බි දෙක තුනක් අටවන් තාලෙට සැට් වෙන්න බෝක්කු කැටේ උඩට සැට් උනෙමි...
අපි ඔක්කොම රෙඩි කර ගත්තට වර්ණපාලයා තාම සිංදුවක් සිලෙක්ට් කරලා නැතිය...
අඩෝ...වත්තට යන්නම් මලක් කඩන්නම්...ඒකෙන් පටට්න් ගනින්...
ඒ අයිඩියා එක බෙලෙක්කයාගෙනි...
නොදකින් කෑ දැත්තා....
වර්නයාගෙන් බැනුමක් අහන්නේ නැතුව බෙලෙක්කයාට නම් ඉන්නම බැරිය...
මේ...අල්ලපන්කො බන් මිල්ටන් මල්ලවාරච්චිගෙ නම්බර් එකක්....
රික්වෙස්ට් එක අනුරයාගෙන්ය....
නෑ...නෑ.....අලුත් නැගලා යන එකක් කියපන්කො....
මමත් මැද්දෙන් කොක්කක් ගැහුවෙමි...
වර්ණයා හෙනම බැරෑරුම් විදිහට කල්පනා කොරන ගමන් සින්දුවක් මීටර් එකට දා ගන්න හදනවාය...
දීපන් සී ශාප් එකක්...
සී ශාප්...මම පුල් අන්දොස් ය..
ඒ අනුරයා එලු පීටරගෙ කඩෙන් මේ මූ කියන එක අරන් වරෙන් හෙට සල්ලි දෙන්නම කියලා....
නෙදකින් බූරුවා කොහෙද ඉත්8ඉන් සංගීතේ කොරපු  උන්ද...මට දීපන් සී ශාප් කෝර්ඩ් එක...
වර්නයා මට කෑ ගනවාය...
මම එහෙම එකක් ගත්තේ නෑ යකෝ තොට දෙන්න...ඇයි යකෝ අනේ....
හරි හරි...
බෙලෙක්කයා...
අල්ලපන් තාලයක්....
කොහෙද ඉතින් තොපි දන්න සංගීතේ...
බලලා ඉගන ගනින්...
වර්නයා සේප් එකේ අත පය එහෙම වනයා සිංදුවකට හෙනම මාන්දමික විදිහකට දැහැන් ගත විය.....
වර්නයා...සිංදුවක් කියනවාය....
ආ....ආ......ආ.......//
අම්මලා ආසයිලු....
අපි ශර්ට් අදිනවට...
කොන්ඩෙත් කොටට කපා...
පැත්තෙන් බෙදනවට....
ඉරි තුන හොදට මැදලා කලිසම් අදිනවට....
ආ......ආ……අ...ආ.......
අම්මට හුඩු මූ හයි පිච් යනවා යෑමක් ශ්‍රියා ගෝශාල් කැලේය...
යකඩො...
මූ හෙන වැඩ්ඩෙක් නේ....
මම එහෙම හිතුව ඉතරය...
වර්නයා එක පාර පපුව අල්ලගෙන් බිම වැටුනේය...
හුස්ම ගන්න බෑ වගේ.....
හුස්ම හිර උනා....
වරන්යා කෙදිරි ගානවාය...
මල කෙලියයි...
මදැයි හයි පිච් ගියා...
වර්නයාවත් උස්සන් බූලී තසිම් පෙරලගෙන අපි හන්දියේ ඩිස්පැන්සරියර්ට දිව්වෙමු...
දුවන අස්සේ කල්පනා කොරේ ඩොකාට කොහොමෙයි කටක් ඇරලා කියන්නේ සිංදුවක් කියන්න ගිහින් පපුවේ අමාරුව  හැදුනා කියලා....
හතර විලි ලැජ්ජාවයි....

12 comments:

  1. සිංදුව නම් උත්කෘශ්ඨයි, සම්භාව්‍යයි.

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද ඒ හරිය නම් බොලන්....

      Delete
  2. ඇත්ත කියහං. තෝ ගත්ත නේද අරූගෙ සී ෂෘප් එක. තෝම තමා ඒ කැත වැඩේ කරන්ඩැත්තෙ... දීපිය දීපිය ඕකා පපුව හිරවෙලා මැරෙන්ඩ කලිං.

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බන්....මම නෙමෙයි ඕන් ගත්තේ හිටං

      Delete
  3. කොමෙන්ට් නොකලත් උඹේ පොස්ට් හැම එකම බලනවා. නියමයි මචං.
    සින්දුව නං පුල් මාවලස්. දැන් එවුන් ඔහොම රචනා තමා කියවන්නේ සින්දු කියල. ඉස්සර සිංහ එෆ් එම් ද මොකේද යනවා හවසට සින්දු සෙට් එකක්. පට්ට පජාතයි. දැන් නම් කොහොමද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ටැන්කූ වෙවා රොටියා බබා...
      මෙදා පාර කොහොම හරි සයිබර් බක් මහ උලෙලට එන්න බලන්නම් කො ටොපි ඔක්කොම බලලා යන්ට....

      Delete
  4. යකෝ උඹ ගත්ත අර මොකද්ද අට මගල දිය කරල වත් පෙව්ව නං ඔය පස්නයක් වෙන්නෑ එහෙනං ඩොක්ල ඕනත් නෑ සල්ලිත් ඉතුරුයි නෙ හැක් හැක්

    ReplyDelete
    Replies
    1. ඔව් බොලන්...හම්බෙච්ච එලාවක ඌකට ඒක ගිල්ලවන්න ඕනෑ බොලන්

      Delete
  5. පට්ට පටපට....

    ReplyDelete
  6. හෙහ්, ඩොකාලා කැමති වෙයි හැමදාම සිංදු කියලා අමාරු වෙලා එනවනම්.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....
      ඩොකාට කල්ල මරේ නේ

      Delete
  7. CFB Picks Against The Spread | NCAAB Predictions - CBS bet365 bet365 jeetwin jeetwin 960Epl Asianbookie Login and Registration Website - Legit.bet

    ReplyDelete