Friday, September 25, 2015

මේකේ මොනාද තියෙන්නේ හෝම්ස්...

මම ආතුරුප්පු වීදියේ අපේ නවාතැනට එනවිට හවස දෙත් පසු වී තිබුනා...මම එන විටත් හෝම්ස් තුම්මුලෙන් පොරෝගෙන බූරු ඇදේ හොදට දපලයි හිටියේ...
ඊයේ මධ්යම රාති වෙනකනුත් පරීකශන කටයුතු වල නියැලීම නිසා හෝම්ස් ඉතා තෙසෙට්ටුවට පත් වී ඇතැයි මා සිතුවා....
හෝම්ස්....නැගිටින්න.....
දැන් හොදටම දවල් වෙලා....
කට කන් දෙක ගාවට ඇදලා ඈනුම යවපු හෝම්ස් සරමේ ගැටේ අතින් තද කරන් බූරු ඇද උඩ ඉද ගත්තා.....
නිදි මරගාතෙන් බූරු ඇදේ බල්ටි ගහන පුරුද්දක් තියෙන නිසා උදේට හෝම්ස්ගේ කොන්ඩේ කොහොමත් වන්නියේ හේනක ගිනි නොතියපු බූටෑවක් ගානට පේන එක සාමාන් දෙයක්.....

Thursday, September 24, 2015

කොකාගේ කොලම....

අද ආවේ රස කතාවක් අරන් නම් නෙමෙයි...
රස ආරංචියක් උබලට කියලා යන්න...අපේ බෝක්කුව උඩ සැට් එකේ වීර ක්‍රියා දිනමිණ පත්තරේ දි-වයි අතිරේකයෙ හැම බ්‍රහස්පතිදම පලවෙනවා ඕන්....
එතකොට මේ කොකාගේ කේස් එක මොකක්ද....දැන් බොලා ලට ඊලගට තියන සෙන්ටිමෙන්ටල් කේස් එක ඕකනේ.....
කොලමේ නම තමා කොකාගේ කොලම....ඉතින් මේ තකහනියක් ආවේ මුදල් නොගෙවා ප්‍රචාරනයක් දිලා යන්ට....
බොලාලත් ගන්ට ඕනේ ඕන් හරිය....
මතකනේ...බ්‍රහස්පතින්දා දිනමිණ පත්තරේ....ලග පාතක පත්තර කඩයක් තියනවා අද එකත් අරන් බැලුවට මුකුත් කියන්නේ නෑ ඕන්.....

Wednesday, September 23, 2015

වස්සානය නැවත පැමින ඇත.....

හීන වලට හැඩයක් ඇති බව මට කීවේ ඔබමය....
ජීවිතයට තාලයක් ඇති බව මට කීවේ ඔබමය....
හැඩයක් තාලයක් රාමුවක් නැති ඔහේ පා උන මේ ජීවිතේ එක තැනකට ඇන ගැසුවේද ඔබමය...
ලගින් වාඩි වී හිද හීන පාට කරන්නට ජීවිතයට තාලයක් දමන්නට ද උත්සහා කරේ ඔබමය...
මා එයට දැඩි ලෙස ආලය කලෙමි....
සැහැල්ලුවෙන් පා වීම මහා බරක් ලෙස දැනෙනා තරමට ම මම එයට ආලය කලෙමි....
වැසි දිනයට ජනෙල් කවුලුවට මෙපිටින් නුබේ උරතලය මත හිස තබාන හීන ගනින්නට......

Sunday, September 20, 2015

ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....

ඉරිදා හැන්දාව යනු පුල් මාවලස් හැන්දෑවකි....වරිග සබාවටම එදාට නිවාඩුය....
බදු වත්තේ වෙල අයිනේ බෝක්කු කට උඩ සැට් වෙලා කතා බහ කොරන්නට අම්බානකට තව සුට්ටක් වැඩියෙන් දේවල් තියනවාය...පුල් මාවලස් එකේ කස්ටියත් එක්ක පොඩි චැට් එකක් මන්ද කොරන්න හිතාන මමත් බෝක්කුව දිහාට මංගැච්චුවෙමි...

Thursday, September 17, 2015

කසාද මන්ඩපේ සීන් කෝන් එක

උදේ පාන්දරිම රෝන්දයක් ගසා ගෙදරට සෙන්ටිමෙන්ටල් වෙන අල්ලපනල්ලේ ගේ පැත්තෙන් පොඩි වලියක සේයාවක් පෙනෙන්නට ඇත....
මව් යානය නම් වලි බර උනත් මෙච්චර උදේම බෝම්බ ගහන්නේ නැති බව මම ඉන්තේරුවෙන්ම දනිමි....
පියතුමා නම් කොහොමත් මම වගේම සොමි බර නිසා පිය තුමා මේකට සම්බන්ද නැති බවත් මම ඉදුරාම දනිමි....උදේ පාන්දරකට මේ වගේ බොක සීන් එකක් ගලපන්න අපේ ගෙදර සිටින්නේ අත්තම්මාය...සුවර් එකට හන්දියේ කඩේ ඩේමියා හපන්න බැරි සයිස් එකට ගල් ටික් වෙච්ච මඩ පුවක් ගෙඩි ටිකක් ආත්තම්මාට සෙන්ටි මෙන්ටල් කරලා ඇති.....

Wednesday, September 16, 2015

බොක වීමත් එක විදිහක් ආර්ට් එකක්ය....

හැම දාම හැම තැනම බොක වෙන්නට නම් ඒ ආර්ට් එකේ කෙල පැමිනිය යුතුය.මතක හිටින විදිහට මම ඉස් ඉස්සල්ලාම බොක උනේ සිප් එක කැඩු කලිසමක් ඇදන් බස් එකේ කොළඹටම ගිහින් ය...එදා ඉදන් අද වෙනක්ම් ම ගෙයින් එලියට බහින්න කලින් කලිසමේ සිප් එක දහ දොලොස් වතාවක්ම චෙක් කොරනවාය...පස්සෙන් පහු කලිසම් වලට සිප් නැතුව බොත්තන් ආවයින් ඒ බොක වීම එහෙම්මම අමතක වෙලා ගිය අතර තවමත් ඉද හිට අයියා ඒ බොක සීන් එක මතක් කරමින් පවුලේ සමාජිකයන් අතර මාව බොක කරයි...
අප්පච්චි කියන විදිහට නම් අපේ අම්මා වෙලාවකට හදන කෑම ජාති බොක වේ....ඒ උනත් අප්පච්චිගේ පිගානේ කරපිංචා නැට්ටක්වත් හොයා ගන්නට ඉතිරි නැත්තේ ඇයි කියන එක මට අදටහ් හෙනම මාන්දමික ගැටලුවකි....

Tuesday, September 15, 2015

අමතක නොවන "වැල"

පලවෙනි වැල වීඩියෝව බලපු දිනය නම් මට හරියටම මතක නැත....ඒත් ඒ හත වසර වගේ ඉන්න කාලෙදි වග නම් යන්තමට මතක ඇත...
ඒ කාලයේ දැන් වගේ වීඩියෝ ප්ලේ වෙන ජංගමයක් ඇත්තේ එහෙමත් එකෙක්ටය....අපේ පන්තියේ සිටි එකෙක් ට පමනක් එවන් දුරකතනය්ක් තිබුනු වග මතකය....
දුරකතයකට වඩා ජංගම වැලක් කීවොත් මම නිවැරදිය...

Monday, September 14, 2015

ඒ හින්දම මම ඕකව මරනවා...

උද්‍යානය පෙර තරම් සුන්දර නැති බවක් විටක මට සිතේ...
එදා අප හුන් ඒ ගස් යට අප නැති අඩුව පුරවන්නට වෙනත් අය ඕනෑ තරම් එන යන වග මා දුර සිට බලා හුන්නෙමි...
ඔවුන්ද අත් පටලා පෙම් බස් තෙපලමින් අප හුන් තැනම වාඩි වී අපි බලා හුන් ලෙසම ඈතින් ඈතින් පෙනෙන අහස දෙස බලා සිටින අයුරු මට පෙනේ...
අත් පටලා ගන්නට නුබ ලග නොමැති වුවත් නුබ නොමැති අතැගිලිවල හිඩැස පුරවන්නට දුම් වැටියක් වෙර දරමින් සිටී....

Sunday, September 13, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -03

එන යන ගමන් යන එන ගමන් ඇහුන දැකපු ඒව එකතු කරලා හදා ගත්තු තවත් වෝල් පේපර් කෑලි ටිකක් ඔන්න ආයෙත් අරන් ආවා.....
නිතර දෙවේලේම නැත්තත් ඉදලා හිටලා කතා කරලා බනින තාත්තා ගේ කටින් කියවුන බොක්ක පතුලේ පදිංචි වෙච්ච වචන මතක වෝල් පේපර් කෑලි වලට අමුතු ගතියක් තියනවා බොලන්......

Thursday, September 10, 2015

පදිරි

පදිරි වීම මුලිකවම දෙයාකාරයකට වෙන බව මගේ මිතුරන් බොහෝවිට පවසයි...
එනම අපි පදිරි වීම සහ අපිට පදිරි වීමයි....
අපේ පෙර පින් වල ආනුභාවයෙන් හැම විටකම පාහේ අපි පදිරි වෙන අතර ඉද හිට එහෙමත් දිනක කොහේ හරි නන්නත්තාරේ ගිය අප්පුහාමි කෙනෙක් වගේ එකක් අපිට පදිරි වෙනවාය...
ගිය සතියේ දිනක ඉන්ටව් එකක්කට ගිය අපේ අල්ලපු ගෙදර අයියා කඩ්ඩ වනා ගන්න බැරුව අම්බානට පදිරි උන බව හවස ගෙදර ඇවිත් ඌ කොල්ලන් සමග කී හැටි මට යන්තමට මතකය...රිසෙප්ශන් එකේ හිටංම අම්බානට කඩු පාරවල් කා ලේ ගලමින් මැනේජරයා අසලට ගිය හැටිත් ඌත් කිසිම හිතක් පපුවක් තැතුව තව තව දරුණු කඩු පාරවල් එල්ල කල හැටිත් අයියා පැවසුවේ හැඩූ කදුලිනි....

Tuesday, September 08, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු... -02

ගෙදර ඉන්න හැම වෙලේම කතා නොකරත් ඉද හිට කතා කරන හැම වෙලේකම හිතට වදින දෙයක් කියන එකම කෙනා අප්පච්චි....
ඒකියන දේ ඒ වෙලාවට මහා වද කාරි හැගීමක් ගෙනාවත් තනියම හිතලා බලද්දි අප්පච්චි කියලා තියෙන්නේ ඇත්ත....
අප්පච්චි කියපු...

Saturday, September 05, 2015

මචන් උබටත් වැඩිය බැරිද...

ශිෂ්‍යත්වයෙ ප්‍රතිඵල ඇවිත් සති තුන හතරක් ගෙවිලා ගියා....
මමත් රටක් රාජ්ජය්ක් තනියම ගිහින් අල්ල ගත්ත සෙම්පතියෙක් ගානට ගෙදර උන්නේ.ගමේ ඉස්කොලෙන් මම විතරක්ම නිස පාස් වෙලා උන්නේ තවත් ගැම්මක් හිතට ඇවිල්ල තිබ්බෙ...
කොහොමෙන් කොහොම හරි කාලය ගෙවිලා ගමේ ඉස්කෝලෙ අතෑරලා අලුත් ඉස්කෝලෙට යන්න දවස් ලං උනා....
අලුත් කලිසම් කමිස සපත්තු ඔක්කොම සුදානම් කරලා....
අලුත් පොත් අරන් කවර දාලා....
ඒ අස්සේ තාත්තා අලුත් ඉස්කෝලේ විස්තර කියනවා...
ඒක හරි විසාල ඉස්කෝලයක්...
ලමයි ගොඩක් ඉන්නවා....
ඉංග්‍රීසි එහෙම හොදට පුලුවන් එයාලට....
හුටා....
ඉංග්‍රීසි පුලුවන්....

Friday, September 04, 2015

සුද්දො සින්හලෙන් වෝල් පේපර් දාන්නද...වරෙන් අපි දාමු...

ජංජාලේ සැරි සරනකොට ඇහැ ගැටිච්ච...
සිංදු අහනකොට කන වැටිච්ච.....
තුන් සක රියේ.....
බස් එකේ...
කඩ පලේ මුන ගැහිච්ච.....
මට පෙනිච්ච දේවල් එක්ක....
මට හිතිච්ච විදිහට මම හදා ගන්න වෝල් පේපර්.....
සින්දු කෑලී....
ත්‍රීවිල් අයිලාගේ වචන කෑලී...

ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....

මතකයේ හැටියට ඒ 2004 වසරේ අවසන් කොටසය.
ශිෂ්‍යත්ව විභාගය අවසන් කර හිතේ හැටියට දුව පැන නටපු ඒ අපූරු දවස් අතර එක් වරම අසුබ ආරන්චියක් රැගෙන ආවේ ඉස්සරහ ගෙදර නැන්දා...
ඔන්න පුතේ අද ප්‍රතිඵල එනවලු....
හිතේ තිබ්බ ආතල් ඔක්කොම කුඩු සූදුරු කොට දාමා මල්ටි බැරල් එකසිය පනහක් එකපාර මාව ටාගට් කරා වගේ බයක් ආවා...
ප්‍රතිඵල....
මොනවයි මොනා වෙලාද දන්නේ නෑ.....
තාත්තගෙන් හොද්ට අහ ගන්න පුලුවන් මොනා හරි වෙලා තිබ්බොත්...
දවස පුරාම කාටුන් බැලුවට කන්න වෙයි නැති වෙන්න....

Thursday, September 03, 2015

උබ ආස කරපු අර තරුව කොහෙ ඇත් ද...

තරු පිරි අහස අතීත මතකයක් අවුස්සන චිත්‍රයක් වගේ.....
සීතල සුලග...
තරු වට කොට ගත් ලා සද එලිය...
මේ සියල්ල හරිම අපූරු සිත්තමක්....
අතේ බාගයක් ඉවර උන සිගරැට්ටුවේ දුම මැදින් වැටෙන හද එලිය ඒ පරන මතක අස්සට ඇදන් යන්නේ කිසිම හිතක් පපුවක් නැති ගානට.....

ආදරනීය අලුගෝසුවා වෙත ලියමි....

නුබෙන් ලද සොදුරු මරනයට තවමත් මා පෙම් කරමි....මැරුනාද ජීවත් වෙනවාද නොදැනෙන තරමටම ඒ මරනය රසවත්ය...
ආදරනීයය....
සියතින්ම ගෙල වැල ලා ගෙන නුබට අගුල් හරින්නට එපෑ යැයි මොර දුන්නත් පලක් නැති බව නුබ මා අවසන් හුස්ම හෙල්ලන්නට දගලන මොහොතේ යන්තම් කනට කර කී හැටි තවමත් දෝන්කාර දෙයි...
සැබවින්ම වරද නුබ අත නැත....
ම විසින්ම දෑස් වසා ගෙන....

අලුතින් සුරගනක් අසුනේ ඉද ගත්තේ......

සායේ කෙලවර උස්සා......
තාලෙට නලවා පස්සා.....
ඒ ලස්සන වසලිස්සා....
යනවා උස් අඩි ගස්සා....

කිටි කිටියේ තද උන කදු දෙක

අතරේ........
අයිෆල් කුලුන කැරකෙනවා මගෙ
මිතුරේ......
නෙතග කොනින් ඈ බැල්මන් දෙන
අතරේ......
දෙකනේ තෝඩු සමගයි මගෙ
කතන්දරේ......

රෝස පාට ගෑ නිය පෙල දිස්නෙ

දිදී....
රිදී පාට මුදුවක් ඇගේ  අතක

මේ විදින ලක්ශරි දුකට වඩා ඒ ජීවිතේ රහයි බං..

උදේ පාන්දරින්ම හොදට මැදපු අත් දිග කමිසයයි කලිසමයි එක්ක මූන පේන තරමටම දිස්නෙ දෙන්න පොලිශ් කරපු සපත්තු කුට්ටමත් ඇදගෙන පාරට එනකොට දැනෙන්නේ අමුතුම ගැම්මක්.ඉස්සරහ හම්බෙන හැම මනුස්සයාම කට පුරා හිනා වෙනවා....
ගෙවල් අහල පහල ඉන්න මිනිස්සුත් නොකියා බැරි කමට වගේ ගුඩ් මෝර්නින් කියලා කියනවා...
බස් හෝල්ට් එකට ආවම යන්තමට ඇහෙනවා ගැටිස්සියෝ කතා වෙන හඩ...
ඔය අර අහවල් පාරේ ඉන්න කෙනා නේ...
අර කොම්පැනියේ වැඩ කරන්නේ.....
ඇහුනත් නෑහුනා වගේ ඉන්නවා....
අදත් මේ  සිද්දි ඔක්කොම ඔය විදිහටම උනා....
තවත් පුංචි සිද්දියකුත් එක්ක....